අශෝක හඳගම සහ අක්ෂරය (A LETTER OF FIRE)

 

   අශෝක හඳගම සහ අක්ෂරය  

(A LETTER OF FIRE)

    අශෝක හඳගම යනු මෙරට සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරයෙක් පමණක්ම නොවෙයි. ඔහු කලා ලෝකයට එක්වන්නේ කවියෙක් වශයෙනි. අසූව දශකයේ අග තම කවිකමින් මනාව ප‍්‍රයෝජනයට ගත් හඳගම තම ආත්මීය ප‍්‍රකාශනයන් ඒ හරහා පිටතට දැමීය. අනතුරුව ඔහු සිය ප‍්‍රකාශන මාධ්‍ය වශයෙන් වේදිකාව තෝරාගන්නේය. ‘භූමිකා’, ‘හෙණ’, ‘මාඝාත’ වැනි සමාජ සංසිද්ධීන් රූපණය කරනා වේදිකා නාට්‍ය රැසක් ඔහු නිෂ්පාදනය කරයි. අනතුරුව 1992 වර්ෂයේදී ‘දුන්හිඳ අද්දර’ ටෙලිවෘතාන්තය හරහා ඔහු පුංචි තිරයට පැමිණෙයි. ‘දුන්හිඳ අද්දර’, ‘දියකැටපහන’, ‘සින්තටික් සිහිනය’, ‘මේ පාරෙන් යන්න’, ‘නැගෙනහිර වෙරළෙන් ඇසෙන හඬ’ යන ටෙලි නිර්මාණ අධ්‍යක්ෂණය කරන්නේය. අශෝක හඳගමගේ සිනමා දිවිය ඇරඹෙන්නේ, 1996 ‘චන්ද කින්නරී’ හරහාය. අනතුරුව ‘සඳ දඩයම’ (1996), ‘මේ මගේ සඳයි’ (2000), ‘තනි තටුවෙන් පියාඹන්න’ (2002) ‘අක්ෂරය’(2005) ‘විදු’ (2010) සහ ‘ඉනි අවන්’ (2012) ඇගේ ඇස අග, අසන්ධිමිත්තා යන නිර්මාණයන් කරන්නේ ‘හඳගම’ සිය අනන්‍යතාව තහවුරු කරගනිමිනි.


 අක්ෂරය චිත්‍රපටය 





       2005 වර්ෂයේ අශෝක හදගමයන් විසින් අධ්‍යක්ෂණය කර නිර්මාණය  කරන ලද අක්ෂරය චිත්‍රපටය මනෝවිශ්ලේෂණවාදයේ ඇතුළත් ඊඩිපස් සංකීර්ණය මූලික කර ගනිමින් යටිපෙළ අර්ථය නිරූපණය කර ඇත. ඊඩිපස් සංකීර්ණය යනු කුමක්දැයි ගැඹුරු ලෙස විග්‍රහ කිරීමට ප්‍රථම ඉතා සරල උදාහරණයක් අප හමුවේ තිබේ. ඒ ඊඩිපස් නම් වූ ග්‍රීක නාට්‍යයි. එහි තේමාව මෙම ගැටළුව වටා ගොඩනැගී තිබේ.  මවක් හා දරුවෙකු අතර තිබෙන සබඳතාව කෙබඳුද යන්න එමගින් කියවෙයි. 

   අක්ෂරය සිනමා කෘතිය මගින් අවිඥානිකව මිනිස් මනස තුළ පවතින ආශාවන් නිරූපණය කර ඇති අතර එය චිත්‍රපටයේ පියාගේ හා දුවගේ සම්බන්ධයෙනුත් මව ගේ හා පුතාගේ සම්බන්ධයෙනුත් පැහැදිලි වෙයි. සිනමා කෘතියේ පූර්ව ඊඩිපස්  අවස්ථාව නිරූපණය කරමින් කුඩා පිරිමි දරුවාගේ හා මහේස්ත්‍රාත්වරියගේ චරිතය  නිර්මාණය වී ඇත. කුඩා අවදියේ මවගේ පියයුරු හා තිබූ සම්බන්ධය කුඩා පිරිමි දරුවා වෙතින් ඉවත් කිරීමට පියා අපොහොසත් වීම නිසා ඔහු වැඩෙන විටත් ඔහුට තම මව තමාගේ එකම ආදර වස්තුව වූ සංකල්පයෙන් මිදීමට නොහැකි වී ඇත.

        මහෙස්ත්‍රාත්වරියගේ චරිතය මගින් කුඩා ගැහැනු දරුවකු ලිංගික ස්වභාවයෙන් ම තම පියා කෙරෙහි ආකර්ෂණය වීමේ  අවිඥානික ආශාව අවරෝධනය කර ගැනීමට නොහැකි වූ අවස්ථාවේ එය පියා සමග එක්වීම මගින් ඉටු කරගනු ලබයි.අනතුරුව සිය පියා තමාගේ පියා මෙන්ම ස්වාමි පුරුෂයා යන භූමිකාවන් ද්විත්වය ම රඟ දක්වනු ලබයි.නමුත් මනෝ මනෝ විශ්ලේෂණවාදයේ ෆ්‍රොයිඩ් සඳහන් කරන ආකාරයට කුඩා ගැහැනු ළමයා සිය පියා කෙරෙහි ආශාවෙන් ඉවත් වන්නේ  දරුවකු ප්‍රසූත කිරීමෙන් පසුව යන සංකල්පය තහවුරු කරමින් මහේස්ත්‍රාත්වරිය සිය කුඩා පිරිමි දරුවා ලැබීමෙන් පසුව තම එකම ආදර වස්තුව පුතා වීමත් පියා නැතහොත් ස්වාමියා කෙරෙන් ඉවත් වීමත් සිදුවේ. 

කතාවේ සාරාංශය මෙසේය.
ඇනා නිකෝල් කිඞ්මන් අවුරුදු 10ක වැන්දඔුවකි. ඇය අනාගතේ ගැන සිතා යළිත් විවහා වීමට යයි. ඒ ෙක්‍ා්සප් සමග ආරවුල් ඇති කරගනී. ඔහු ක්‍ෂතීයස මග සමග පොරබදයි. එය සවිඥානික කර ගනියි. එහු ගමන් කරන්නේ සංකේතයටයි. එකී ක‍්‍රියාදාමයම අක්‍ෂරය තුළ දැකගන හැකිය.
අක්‍ෂරය චිත‍්‍රපටයේ ක්‍ෂතීය අවස්ථා 
කෞතුකාගාරයේ ආරක්‍ෂකයාට නඩුකාරවරියගේ  ප‍්‍රබන්ධය ක්‍ෂතීයකි. එහු එම ක්‍ෂතිය සමග පොරබදී ඔහු ඒ තුළින් සවිඥානයට පිවිසෙයි. සංකේතයට පිවිසෙයි. අක්‍ෂරය ෆැන්ටසියකි. අක්‍ෂරය තුළ ෆැන්ටසි කරන්නේ කුමක්ද
නඩුකාරිය හා ඇයගේ ස්වාමියා අතර ලිංගික සංසර්ගයක් සිදුනොවේ.
වැඩිහිටි ස්ත‍්‍රයක හා පිරිමි ළමයෙකු එකට නෑම ක්‍ෂතියක් නොවේ වැඩිහිටි ස්ත‍්‍රිය කුඩා පිරිමි ළමයෙක්ට සිප ගැනීම ක්‍ෂතියක් නොවී ලංකාවේ එවැනි දේ ඇත්ත ලෝකයේ ඕනෑ තරම් සිදු වි සිදුවෙමින් සිදුවීමට ඉඩතිබිය දීත් මායාමය සිනමා කෘතියක් තුළ එවැනි දර්ශනයක් දැකීමෙන් වික්‍ෂිප්තශාවයටත් සංත‍්‍රාසයටත් සහසිකත්වයටත් පත් හදගම මිනිසුන්ගේ චරිතයන්හි මනෝභාව මාර්ගයෙන් මානසික ප‍්‍රවණතාවන් පෙන්නුම් කිරීම සදහා උත්සහ ගනියි. ඔහුගේ අක්ෂරය සිනමා නිර්මාණයෙන් ප්‍රොයිඩියානු ඊඩිපස් සංකීර්ණය  දැකිය හැකිය. අක්‍ෂරය චිත‍්‍රපටය ග‍්‍රීක ඛේදාන්ත නාට්‍යයක හැඩරුව අත්‍යන්තයෙන් ම වැළදගත් නිර්මාණයකි.මෙම චිත්‍රපටියෙහි වැදගත් කම වනුයේ  මනෝවිශ්ලේෂණවාදී කියවීම සිනමාව හදාරන ශිෂ්‍යයන්ට මිනිස් සන්තානයෙහි පවතින ගූඪ  චෛතසිකයන් සමාජයට වඩාත් ප්‍රබල බලපෑමක් සිදුකරන බැවිනි.  

24 Comments

  1. වැදගත් ලිපියක්👍

    ReplyDelete
  2. Ashoka Hadagamayan gena godak karunu thiyanawa. Thank you... 😘

    ReplyDelete
  3. aksharaya ❤️❤️❤️❤️

    ReplyDelete
  4. ආසම සිනමාකරුවෙක්...

    ReplyDelete
  5. හොද කරුණු ටිකක් ගොණු කරල තියෙනව

    ReplyDelete
  6. වාරණය වූ චිත්‍රපටයක්....

    ReplyDelete
  7. ❤👍👍👍👍👍👍👍👍👍

    ReplyDelete

Post a Comment

Previous Post Next Post