භීෂණයක් නොවිය යුතු භාෂණය
අන්තර් ජාතික මානව හිමිකම් නීතිය සෑම තැනැත්තෙකුටම භාෂණයේ නිදහසට හා ප්‍රකාශනය ඇතුළුව අදහස් පළ කිරීමේ නිදහසට හා සාමකාමිව රැස්විමේ නිදහස හා සමාගමයේ නිදහසට ඇති අයිතිය සහතික කරයි. මෙම අයිතිවාසිකම් 1948 එක්සත් ජාතීන් ගේ මහා මණ්ඩලය විසින් සම්මත කළ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ පැහැදිලිව දක්වා ඇති අතර, 1980 දී ශ්‍රී ලංකාව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර් ජාතික ප්‍රඥාාප්තිය පිළි ගත් නිසාත් මෙම ගිවිසුම්වලින් දක්වා ඇති අයිතීන් සහතික කිරිමේ නිතී්‍යානුකූල බැඳිමක් හා වගකිමක් ශ්‍රී ලංකාරජය සතුවෙය. පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් වශයෙන් ද ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානවඅයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශණය සම්පුර්ණයෙන් ම ක්‍රියාත්මක කිරිමට බැඳී සිටියි.
19 මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 19 වන වගන්තියට අනුව ( මෙම පරිවර්තනයෙහි අන්තර්ජාතික මානව අයිතිවාසිකම් පනතෙහි වගන්ති උපුටා ගැනීම, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 50 වැනි සංවත්සරය ( 1945-1998) නිමිත්තෙන් කොළඔ එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්තිකේන්දාය විසින් ප්‍රකාශයට පත් කරන ලද අන්තර්ජාතික මානව අයිතිවාසිකම් පනත නම් වු ප්‍රකාශණයෙනී.) “තම නිදහස් මතය දැරිමට හා ප්‍රකාශ කිරිමට සෑම පුද්ගලයකුටම අයිතිය ඇත.”මෙම අයිතියට “අනුන්ගේ බාධාවක් නොමැතිව තම මත දැරිමටත් දේශ සීමා නොසලකා කවරමාධ්‍යයකින් හෝ තොරතුරු ලැබිමට හා දීමටත් ඇති අයිතිය” ද ඇතුලත්ය. තොරතුරු හා අදහස් ලබා ගැනීමටත්, සිය මතය ප්‍රකාශ කිරිමට හා සංනිවේදනය කිරිමටත් ඇති අයිතිය, භාෂණයේ නිදහසට ඇති අයිතිය යන්නෙන අදහස් කරයි.
2003 දී වැඩිම මාධ්‍ය නිදහස සහිත රටවල් වූයේ ෆින්ලන්තය, අයිස්ලන්තය, නෙදර්ලන්තය සහ නෝවේය. 2004 දී මෙම රටවලට අමතරව ඩෙන්මාර්කය, අයර්ලන්තය, ස්ලොවැකියාව, ස්විට්සර්ලන්තය, නවසීලන්තය සහ ලැට්වියාව ඉහළ තැන්වල රැදුණි. මාධ්‍ය නිදහස අවම රටවල් ලෙස උතුරු කොරියාව, බුරුමය, ටර්ක්ටෙයිස්තානය , මහජන චින සමූහාණ්ඩුව, වියට්නාමය, නේපාලනය , සවුදි අරාබිය සහ ඉරාකය හඳුනාගෙන ඇත.
Reporter without boders සංවිධානයට අනුව ලොව ජනගහනයෙන් 1/3 ක් වැඩි පිරිසක් ජීවත් වන්නේ මාධ්‍ය නිදහස නොමැති රටවල්වලය. එසේම මෙම බොහෝ රටවල ප්‍රජාතන්ත්‍රවාදය හෝ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන්ද දක්නට නොලැබේ. ප්‍රජාතන්ත්‍රවාදී නොවන රාජ්‍යයන්ගේ පැවැත්ම, පාලනය සහ ආරක්ෂාව සදහා තොරතුරු පාලනය අත්‍යවශ්‍යය බැවින් මෙවැනි රටවල මාධ්‍ය නිදහස ගැටලු සහගත තත්වයකට පත්ව ඇත. මේ නිසා මෙවන් රටවල වත්මන් දේශපාලන බලය රදවා ගැනීමට සහ එයට අභියෝග කිරීම වැළැක්වීමට රාජ්‍ය මාධ්‍ය යොදාගැනේ. මෙවනි රටක වෙනස් අදහසක් පළකරන මාධ්‍යවේදීන්ට තර්ජන, මරණ තර්ජන පැහැරගැනීම වදහින්සා මෙන්ම ඝාතනයට ද ලක්වීමට ද සිදුවී ඇත.
අදහස් හුවමාරු කර ගැනීමට අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතුය. රජයට නිරාකරණය කිරීම පණිිස ප‍්‍රශ්නයක් ඇති විට දී ඒ සඳහා එක් මතයකට වඩා තිබිය හැක. එබැවින් සියලු අදහස් විමසීම ඉතාමත් සුදුුසුය. පුවත්පතක් යනු නොයෙක් වර්ගයේ අදහස් හුවමාරු කරගැනීමේ වැදගත් මාධ්‍යයක් නම් දායකයෙක් පුවත්පතකට ලබාදෙන විශේෂිත කරුණක් පුුවත්පතෙහි සම්පුර්ණ තහනමක් පවිතිද්දී ඉදිරිපත් කරන්නේ කෙසේද? පුවත්පතක් තහනම් කළ විට එම පුවත්පතේ ක‍්‍රමවත් පාඨකයෙක් කරුණු රැස්කරගන්නේ හා සහ අදහස් ගොඩනගා ගන්නේ කෙසේද? එබැවින් පුවත්පත් නිදහසින් පමණක් සියලු කරුණු සම්බන්ධයෙන් මහජනතාවට වැදගත් නානාවිධ අදහස් සංකල්ප ව්‍යාප්ත කරම්න් නීතියේ නිර්දිෂ්ඨ සීමාවන් තුළ සාධාරණ සාකච්චාවේදී පැවැත්විය හැක. මහජන සාකච්චාව ඒක පාක්‍ෂික කටයුත්තක් නොවේ. සෑම රජයේ අංශයක් මගින්ම මහජන සාකච්චාවට යමක් තත්ත්වාකාරයෙන් දැනගැනීම සහ හඳුනාගැනීමේ ගෞරවය සහ ප‍්‍රගතිය ලබාදිය යුතුවා මෙන්ම පුද්ගලයාගේ මෙන්ම තොරතුර ලබන්නාගේ ද අයිතිය ආරක්‍ෂා කළ යුතු වේ. එසේ නොවුණහොත් කතා කිරීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසෙහි අගය බොහොමයක් අඩු වනු ඇත.
Graet idea
ReplyDeleteBe proud of your hard work and achievement✌
ReplyDeletenice work💐
ReplyDeleteSuperb
ReplyDeleteGrate. Keep it on. Good luck..!
ReplyDeleteGood luck 👍
ReplyDeleteGood luck 💛❤️
ReplyDelete👍👍👍
ReplyDelete👌👍
ReplyDelete💛👌
ReplyDeleteKeep it up❤
ReplyDelete🤘👌
ReplyDeleteFreedom
ReplyDeleteGood👍
ReplyDelete👍👍
ReplyDelete👍👍
ReplyDelete🔥❤️
ReplyDeleteNiyamai..
ReplyDelete👌👍 Good
ReplyDelete👍👍👍👍👍👍
ReplyDeleteවටිනා අදහසක්
ReplyDeleteඅද වන විට භාෂන ප්‍රකාශන නිදහස තිබේද යන්න ගැටලුවක් පවතී..
ReplyDeleteභාෂණ ප්‍රකාශනය ගැන හොද විවරණයක්
ReplyDeleteGreat idea..
ReplyDeleteදිගටම ලියන්න
ReplyDeleteWadagath article akak
ReplyDeleteUseful article
ReplyDeleteNiyamai
ReplyDeleteGood luck
ReplyDeletePost a Comment