ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවය

 


ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවය 


         ඉතාලි ජාතික ගුග්ලිමෝ මාර්කෝනි විසින් 1897 දී ගුවන් විදුලි සංඥා සමාගම එංගලන්තයේ දී ආරම්භ කරන ලදී. 1906 වනවිට සැතපුම් සියයක් දුරට ගුවන්විදුලි පණිවිඩ යැවිය හැකි විය. 1908 වන විට ගුවන් විදුලිය ජන මාධ්‍යයක් බවට පත් වීම ඇරඹී තිබිණි. 1920 වන විට ගුවන් විදුලිය ගෘහස්ථ සන්නිවේදන මෙවලමක් බවට පත්විය. ඇමරිකාවේ මාර්කෝනි ගුවන්විදුලි සමාගම 1919 වන විට ගුවනවිදුලිය මහජනයා අතර ජනප්‍රිය කිරීමට මහඟු මෙහෙවරක් කළේය. විධිමත් ගුවන්විදුලි වැඩසටහනක් මුල්වරට ඉදිරිපත් කර ඇත්තේ 1920 දී රුසියාවේ පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයේදී ය. 1923 අවසානය වන විට ඇමරිකාවේ හයසීයකට අධික ගුවන්විදුලි සේවා පැවතුණි.

     ශ්‍රී ලංකාවේ ගුවන් ගුවන් විදුලිය ආරම්භ වන්නේ බිතාන්‍ය අවශ්‍යතාවයක් වශයෙනි. 

  • ලංකාවේ ගුවන්විදුලි සේවය කරුණු කිහිපයක් හේතුවෙන් විශේෂ වේ.
  • ගුවන්විදුලි ප්‍රචාරක කටයුතු ආරම්භ කළ ප්‍රථම යටත් විජිතය වීම.
  • බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය තුළ ස්ථාපිත කෙරුණු ප්‍රථම රජයේ ගුවන් රජයේ ගුවන්විදුලි මධ්‍යස්ථානය වීම.
  • උසස් තත්වයේ වැඩසටහන් විසුරුවා හරින ලද පෙරදිග ප්‍රථම ගුවන් විදුලි ප්‍රචාරණ මධ්‍යස්ථානය වීම.
  • ආසියාවේ ප්‍රථම ගුවන් විදුලි ප්‍රචාරණ මධ්‍යස්ථානය වීම.

                ලංකාවේ ගුවන් ගුවන්විදුලි ප්‍රචාරය  ඇරඹුණේ කෙදිනද යන්න නිශ්චිතවම කිව නොහැකි බව ඩී. එම්. කොළඹගේ මහතා "ගුවන්විදුලිය වංශය" කෘතිය තුළ දක්වා තිබේ.නමුත් එසේ  පැවසුව ද ඇතැමෙක් ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ආරම්භය සිදුවී ඇත්තේ වර්ෂ 1922 ජුනි 24 යන්නත් ඒ ශ්‍රී  ලංකා වයර්ලස් සමාගම ආරම්භ වීමත් සමඟ බව දක්වා ඇත. මේ කාර්යයේ ආරම්භකයා වූයේ ප්‍රධාන විදුලි ඉංජිනේරු වරයා වන එඩ්වඩ් හාපර් මහතා ය. 1922 පිහිටුවාගත් ශ්‍රී ලංකා ශ්‍රී ලංකා wireless සමාජය 1923 දී  නව ලංකා ආධුනික ගුවන් විදුලි සංගමය ලෙස නම් කර තිබේ. 1923 දී තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරුවරයා වූ හාපර් මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන්විදුලි ගුවන්විදුලි ප්‍රචාර ගැන පරීක්ෂණ ඇරඹිනි. මේ සඳහා කොළඹ තැපැල් හා විදුලි සංදේශ කාර්යාලයේ මැදිරියක් යොදා ගන්නා ලදී. ප්‍රථම ලෝක යුද යුද සමයේ දී අල්ලාගත් ජර්මන් සබ්මැරීනයක විද්‍යා තරංග මීටරයක් සහ තවත් උපකරණ භාවිතයෙන් හාපර් මහතා ට්‍රාන්ස්මීටරයක් නිපදවා තිබේ.

             1924 ජූලි 1 දා සිට ගුවන්විදුලි වැඩසටහන් ප්‍රචාරය කිරීම ආරම්භ කෙරිණි. ආරම්භයේ දී තැපැල් පුවත්වෙලාව දැන්වීම්කාලගුණ තත්ත්වය ආදිය ප්‍රචාරය කර ඇත. 1924 වර්ෂය  ගුවන් විදුලියට වැදගත් වර්ෂයකි. ඒ ගුවන් ගුවන්විදුලිය ඇරඹීමට කමිටුවක් පත් කිරීමයි. 1925 වනවිට වැඩිදිය දියුණු කළ සම්ප්‍රේෂණාගාරයක් ආරම්භ කරන ලදී. ඒ වන විට ශ්‍රී ලංකාවේ බලපත්‍ර සහිත ශ්‍රාවක සංඛ්‍යාව 53ක් බව සඳහන් වෙයි. ඒත් ඇත1925 දෙසැම්බර් 16 දින බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් හියු ක්ලිෆර්ඩ් මෙම සම්ප්‍රේශනාගාරය විවෘත කර ඇත. වැලිකඩ පිහිට වූ මධ්‍යම තරංග සම්ප්‍රේෂණයක් ඔස්සේ එම කටයුතු ආරම්භ වී තිබේ. එම වසරේම දෙසැම්බර් වන විට බලපත් සහිත ගුවන් විදුලි ශ්‍රාවකයන් සංඛ්‍යාව 176 දක්වා වර්ධනය විය 1925 ප්‍රචාරය කළ වැඩ සටහන් 456 ක් වූ අතර ගුවන් කාලය 415 කි. ක්‍රමවත් ලෙස වැඩසටහන් විකාශය කිරීම අවශ්‍ය වූ නිසා 1927 මැදිරි හා පාලන මධ්‍යස්ථාන භූමියක් ලෙස ටොරින්ටන් චතුරස්‍ර භූමියට මාරුවිය. ඉන්පසුව ගුවන්විදුලි බලපත්‍ර ලාභීන් සංඛ්‍යාව 924 දක්වා වර්ධනය විය. කෙසෙල් 628 සම සේ 28 අප්‍රේල් 29 පැලෑනේ වජිරඥාන හිමි කළ කළ ධර්ම දේශනයක් ගුවන්විදුලියේ ප්‍රචාරණය විය. ගුවන්විදුලි සඳහා 1929දී සිංහල සංගීතය සඳහා පෙරදිග වාදක මණ්ඩලයක් පිහිටුවීම අවශ්‍යතාවයක් ද ඇතිවිය. 1934 වන තුරුම භූගෝලීය විෂමතා හේතුවෙන් ගුවන් විදුලියට සවන් දීමට හැකි වූයේ  ගුවන් විදුලි මධ්‍යස්ථානයේ සිට සැතපුම් 40 ක දුර සිටින ශ්‍රාවකයන්ට පමණි. එහිදී කෙටි තරංග මීටර සවි  කිරීමෙන් අනතුරුව ලංකාව පුරාම ගුවන්විදුලිය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලදී. 

 ඉන් අනතුරු ව ගුවන් විදුලි සේවයේ සංවර්ධනය  උදෙසා  කොමිෂන් සභා ආරම්භ කරන ලදී. එ නම් ,

  • කන්දයියා වෛද්‍යනාදන් කොමිසම
  • වීරසූරිය කොමිසම
  • හුලුගල්ල කොමිසම

        මේවායේ විවිධ නිර්දේශ මත තව තවත් ගුවන්විදුලිය සංවර්ධනය වීම සිදුවිය.1966 මැයි 21 වන දින ගුවන් විදුලි ගුවන්විදුලි සංස්ථාව පිහිටුවීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ අතර 1966 නොවැම්බර් 15 දින අංක 37 දරණ ගුවන් විදුලි සංස්ථා පනත යටතේ පාර්ලිමේන්තුවේදී සම්මත විය.ඒ අනුව 1967 ජනවාරි 05 වන දින මෙතෙක් කල් ලංකා ගුවන්විදුලි රාජ්‍ය දෙපාර්තමේන්තුවක් ලෙස පැවතීම අතහැර එය ස්වාධීන සංස්ථාවක් බවට පත්විය.  එනම් මෙදින සිට ලංකා ගුවන්විදුලි සංස්ථාව ලෙස හඳුන්වන ලදි. 

                අද වන විට ලංකාවේ භාෂා ත්‍රිත්වයෙන් ම ගුවන්විදුලි නාලිකා 37 ක් ක්‍රියාත්මක වේ.  මෙම ගුවන්විදුලි නාලිකා ලාංකික ගුවන්විදුලියේ හැඩයඅන්තර්ගතයආකෘතිය වෙනස් කෙරිණ.

               පුද්ගලික ගුවන්විදුලි නාලිකා පැමිණීමත් සමඟ මෙතෙක් කල් ගුවන්විදුලි සේවාවන් විකාශනය වූ කාලය වෙනුවට පැය 24 ක් පුරාවට තම විකාශන කටයුතු පවත්වාගෙන ගියේය.  සරල බස්වහර ගුවන්විදුලියට හඳුන්වා දුන් අතර එලෙසම සරල බස්වහරට අමතරව දුරකථනය ඔස්සේ ශ්‍රාවකයාත්නිවේදකයාත් අතර ඇති සීමාව අවම කර ගැණින.  මේ හේතුව නිසා නැවත දේශීය ශ්‍රාවකයා තුළ ලංකා ගුවන්විදුලිය ජනප්‍රිය වූ අතර එයින් ගොඩනැඟුණු සමාජ අර්බුද ද බොහෝ විය.

                2004 වසරෙන් පසු අපගේ ගුවන්විදුලි සේවා බහුතරයක් අන්තර්ජාලය හා සම්බන්ධිත වූ අතර වර්තමානයේ අන්තර්ජාලය ඔස්සේ අවකාශය ජයගනිමින් තමන්ගේ සන්නිවේදන කටයුතු ලාංකික සමාජයේ බොහෝ ගුවන්විදුලි සේවා පවත්වාගෙන යයි.  එලෙසම ජාතික මට්ටමේ ගුවන්විදුලි නාලිකාප්‍රාදේශීය ගුවන්විදුලි නාලිකා මෙන්ව “විදුල” වැනි මහජන සේවා ද හඳුනා ගත හැකිය.

 

Add caption






තවදුරටත්....
http://www.slbc.lk/si/index.php/about-slbc

 


13 Comments

Post a Comment

Previous Post Next Post