කෝට්ටේ යුගයේ සාහිත්‍ය
ලංකා ඉතිහාස දෙස මනාව අවධානය යොමුකරන විටදී එක් එක් පාලකයින් ගේ පාලන සමයන්වලදී මෙරට ආගමික සංස්කෘතික ආර්ථික හා දේශපාලනික වශයෙන් දියුණු වූ අයුරු දැකිය හැකි ය. ඒ අනුව සිංහල සාහිත්‍යය ඉතා විශාලතම දියුණුවක් ලැබු පාලන සමය ලෙස කෝට්ටේ රාජධානි යුගය යැයි විද්වත්හු නම් කරති.මේ ආකාරයට ඉතා විශාල දියුණුවක් ලැබීමට හේතුව ලෙස එවකට පාලකයා වූ සයවැනි පරාක‍්‍රමබාහු රජුගෙන් ලද නොමඳ රාජ්‍ය අනුග‍්‍රහය මනා පිටිවහලක් විය. ඒ සමගම වනවාසි හා ග‍්‍රාමවාසි නිකාය භික්ෂුන් අතර පැවතියාවූ සාහිත්‍ය තරගය හේතුකොට ඉතා විශාල වශයෙන් ග‍්‍රන්ථ නිර්මාණකරණ සිදුවිය. මේ යුගය තුළ මහා කාව්‍ය, චණ්ඩ කාව්‍ය සංදේශ කාව්‍ය හා නිගණ්ඩු වශයෙන් චතුර් විධ කාව්‍ය බිහි විය.
ගුරු සිත නොරිදවා
වේලාව නොවරදවා
බැති පෙම් උපදවා
අකුරු උගනී කුමරු සොදවා
මේ පද්‍ය කාව්‍යශේඛරයෙන් උපුටා ගත්තකි. තොටගමුවේ ශී‍්‍ර රාහුල හිමියන්ගේ නිර්මාණයකි. කෝට්ටේ යුගයේ රචනා වූ මෙය අදටත් අපට ඇසිය හැකි පද්‍යයක් වේ. මේ ආකාරයට කාව්‍යශේඛරය නිර්මාණය වන විටදී අනෙක් පසින් වීදාගම හිමියෝ බුදුගුණාලංකාරය රචනා කරති.
දත් මැදලා දමන
දැහැටි දඬු මෙන් දිනදින
මෙහෙ ගෙන දනන් ගෙන
ඉවත නොදමනු නොදත් තන් මෙන
මුලින් සඳහන් කළ පරිදි භික්ෂුන් අතර පැවැති සාහිත්‍ය තරගයට නිදසුනකි මෙය.
එහෙත් ගුත්තිල කාව්‍ය රචනා කොට ඇත්තේ ගුත්තිල ජාතකය යොදා ගෙන ය. ගුත්තිල පඬිතුමාගෙන් වීණා වාදනය ඉගන ගන්නා මූසිල ඉගනීම අවසානයේ තමා ගුරුවරයාට වඩා දක්ෂ බව පවසනු ඇත. මේ නිසා ගුත්තිල පඬිතුමා හා මූූසිල අතර වීණා වාදන තරඟයක් පැවැත්වීමට අදහස් කර ගුත්තිල පඬිතුමා තමා මහළු වයසේ පසුවන නිසාත් ශිෂ්‍යයා තරුණ නිසාත් වීණා වාදන තරගයට අකමැත්ත ප‍්‍රකාශ කරයි. පසුව දෙවියෝ පැමිණ කිසියම් ගුලි තුනක් දී එක ගුලියක් උඩ දමා වීණාවේ තත් කඩන ලෙස උපදෙස් දෙයි. කෙසේ හෝ මේ වීණා වාදන තරගයෙන් ජයගනු ඇත්තේ ගුත්තිල පඬිතුමා ය. මූසිලට අවසාන ඉතා ඛේදනීය ඉරණමක් හිමි වේ. මෙය ගුත්තිල කාව්‍යයෙන් උපුටා ගත්තකි.
රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළ දිදී විදුලිය පබා
රන් රසේ එක් වන ලෙසේ වෙණ නා ද නු පා තබ තබා
කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතගින් සබා
මම් කෙසේ පවසම් එසේ වර සුර ලඳුන් දුන් රඟ සුබා
මීට අමතරව විදාගම මෛතී‍්‍ර හිමියන්ගේ ලෝවැඩ සඟරාව ද කෝට්ටේ යුගයට අයත් වූවකි. ආගමික වශයෙන් පාඨකයාට මේ පද්‍ය තුළින් හැම විටම ධාර්මික වූ පණිවිඩයක් ලබාදීම සිදු වී ඇත.
අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙසද හෙට මරු නේති සිතන්නේ
කිකලද මහසෙන් මරු ඇප වන්නේ
කුමටද කුසලට කම්මැලි වන්නේ
කෝට්ටේ යුගයේ රචනා කර ඇති නිර්මාණ අතරින් සංදේශ කාව්‍යවලට ප‍්‍රමුඛ තැන හිමි වේ. තෙල් අඩු වූ පහනකට තෙල් දැමුවා සේ ආලෝකයක් කෝට්ටේ යුගය තුළ ඇතිවීමට ප‍්‍රබල සාධකයක් ලෙස පංච මහා සංදේශ කාව්‍ය බිහිවීම හේතුවක් විය. පරෙවි, කෝකිල , ගිරා හංස සහ සැලළිහිණි සංදේශ කාව්‍ය කෝට්ටේ යුගය ආලෝකවත් කළ මිණි පහන් බඳු ය. පරෙවි සංදේශය තොටගමුවේ රාහුල හිමි ලියන ලද්දේ පරාක‍්‍රමබාහු රජුගේ සොයුරිය වන චන්ද්‍රවතියට සුදුසු සැමියකු ලබා දීමේ පරමාර්ථයෙනි. යාපා පටුනේ සටන් වදින සපුමල් කුමරුට දේවාශීර්වාද පතා තිලක පරිවේනාධිපති හිමියෝ කෝකිල සංදේශය රචනා කළෝ ය. ප‍්‍රතිභාපූර්ණ කාව්‍ය නිර්මාණ කරුවකු වු ෂඩ් භාෂා පරමේෂ්වර තොටගමුවේ රාහුල හිමියන්ගේ ගුණ වර්ණනා කරමින් එතුමාගේ ශිෂ්‍ය හිමිනමක් ගිරා සංදේශය රචනා කොට ඇත.
ඉඳුනිල් කොළතුරා එපැහැ පුරායා
විළිකුන් අඹවුරා තුඩ ගිනිරායා
එන රස උර උරා ලොබ නොහැරායා
නරඹ දෙන මිරා පෙළ ඉඳුරායා
ලක්දිව සහ සයවැනි පැරකුම් රජු ආරක්‍ෂා කර දෙන මෙන් ඉල්ලා කෑරගල වනරතන හිමියෝ වෙත යැවූ හංස සංදේශය වීදාගම මහා මෛතී‍්‍ර හිමියෝ රචනා කළෝ ය. සංදේශ කාව්‍ය අතරින් සුන්දරතම දියකෙළි වර්ණනය දැකිය හැක්කේ හංස සංදේශය තුළයි.
ගඟෙහි ගැඹුරු තැනේ විමසා තැන තැනේ
ගොසින් කිමිදගෙනේ සුරතින් වැලි ගෙනේ
යළි ගෙන කෙළිමිනේ පාමින් කෙළිමිනේ
දුටුවන් සිත සිනේ වඩවති වෙසෙසිනේ
සයවැනි පැරකුම්බා රජුගේ දියණිය උලකුඩය දේවියට රාජ්‍ය පාලනය සඳහා පුතකු ලබා දෙන මෙන් ඉල්ලා කැලණියේ විභීීෂණ දෙවියන් වෙත යැවූ සංදේශය සැළලිහිණි සංදේශයයි. එය තොටගමුවේ හිමියන්ගේ නිර්මාණයකි.
පැහැ සරණිය මිණි පැමිණිය කොත් අගට
බඳ කිකිණිය දද ගිගිණිය විමන් විට
නොව පැරණිය වන රමණිය විටින් විට
සැළලිහිණිය වදු කැළණිය පුරවරට
කෝට්ටේ යුගය තුළ ප‍්‍රතිහාපුර්ණ කවියකු වු තොටගමුවේ රාහුල හිමියෝ සතු කවිත්වය මනා වේ. උන්වහන්සේගේ ගුරුවරයා සතු ඉතා බලගතු තෙල් වර්ගයකින් බිංදු කිහිපයක් රාහුල හිමියන්ගේ දිවේ ගෑමෙන් පසු එතුමාට කවිත්වය ඇති වී යැයි ජනප‍්‍රවාදයේ සඳහන් වේ. ඒ කෙසේ වෙතත් තොටගමුවේ රාහුල හිමි, වීදාගම මෛතී‍්‍ර හිමි සහ වෑත්තෑවේ හිමි යන කවියෝ කෝට්ටේ යුගයේ සාහිත්‍යකරණයේ දී කැපී පෙනෙන චරිත වේ. මේ හිමිවරුන්ගෙන් සාහිත්‍යකරණයෙන් අපට ලබාදුන් රසය ඉතා විශාල ය. අගනේ ය.
❤️👍
ReplyDeleteBest 👍👍👌
ReplyDeleteGood information.. Nice work.. 👍👍👍
ReplyDelete👍👍👍👍
ReplyDelete👍👍👍👍👍
ReplyDelete👌👌👌
ReplyDeletePost a Comment