භාෂාවේ කාර්යය භාරය

 භාෂාවේ කාර්යය භාරය

            භාෂාවෙන් කෙරෙන කාර්ය භාරය ඉතා විශාල වූවකි. එය සීමා කොට දැක්වීම පහසු කාර්යයක් නොවේ. එසේ වුව ද ප්‍රධාන වශයෙන් භාෂාවෙන් කෙරෙන කාර්යයන් ලෙස,

මිනිසාගේ  විවිධ අවශ්‍යතා පූර්ණ කර ගැනීම

සංකීර්ණ මානසික හැඟීම් ප්‍රකාශ කිරීම

පෞද්ගලික අත්දැකීම් පොදු තත්ත්වයකට පත් කිරීම

අන්‍යෝන්‍ය වශයෙන් අදහස් උදහස් හුවමාරු කර ගැනීම

ඔවුනොවුන් අතර සම්බන්ධතා ගොඩනැඟීම හා පවත්වා ගැනීම

සමාජ සම්බන්ධතා ගොඩනැගීමයි.

සන්නිවේදනය

සංස්කෘතික ප්‍රවාහය හා කලාත්මක නිර්මාණ ඉදිරිපත් කිරීම 

ආදි වැදගත් කාර්යය භාරයක් භාෂාවෙන් ඉටු කෙරෙයි.

            මිනිසාගේ  විවිධ අවශ්‍යතා පූර්ණ කර ගැනීම භාෂාවෙන් සිදු වන ඉමහත් වූ මෙහෙවරකි. මිනිසුන් තුළ පොදු බව හා අන්‍යෝන්‍ය අවබෝධය ඇති කරන්නේ භාෂාව මඟිනි. අපේ ජාතික අනන්‍යතාව ඔප්පු කිරීමට ඇති හොඳම සාධකය වන්නේ ද භාෂාව යි. මන්ද සිංහල, දෙමළ, ඉංග්‍රීසි ආදී විවිධ භාෂාවන් කතා කිරීම ඔස්සේ සිය ජාතිය නිසැක වශයෙන් ම හෙළිදරව් වේ. මිනිසුන් තුළ ජනිත වන අදහස් සිතුවිලි ප්‍රකාශ කිරීමේ ප්‍රධාන උපකරණය වන්නේ ද භාෂාව යි. අපට පහළ වන හැඟීම් සමුදාය ප්‍රමාණය මෙතෙකැයි දැක්වීම කළ නොහැකි ය. සමාජයේ ජීවත් වන සැම පුද්ගලයෙක් ම පෞද්ගලික අත්දැකීම් රාශියකින් පෝෂණය වී සිටිති. එකිනෙකා ගේ ඒ අත්දැකීම් සමාජ මට්ටම අනුව වෙනස් විය හැකිය. එසේ වුව ද තමා ලබා ගත් ඒ අත්දැකීම් රාශිය පොදු තත්ත්වයට පත් කරන්නේ, අන්‍යයන්ට බෙදා දෙන්නේ භාෂාව මාධ්‍ය වශයෙන් තබා ගෙනයි.

                එසේම අපගේ අවශ්‍යතාවන් සපුරා ගැනීමට ද අප යොදා ගන්නේ භාෂාවයි. කිසි යම් අවශ්‍යතාවක් අනුව හෝ සිදුවීමක් අනුව හෝ මතුවන ක්‍රියා, ප්‍රතික්‍රියා ආශ්‍රයෙන් භාෂා ව්‍යවහාරය ඇති වෙයි. සන්නිවේදන කාර්යයේ දී වඩාත් වැදගත් අංගය වන්නේ භාෂාවයි. සන්නිවේදනය සාර්ථක ව ඉදිරිපත් කිරීමට නම් ප්‍රධාන වශයෙන් අංග තුනක් තිබිය යුතු ය. සන්නිවේදකයා, පණිවිඩය හා ලබන්නා යන අංග තුනයි. යම් පණිවිඩයක් ලබා දීමේ දී ඒ සඳහා සුදුසු වූ භාෂාවක් යොදා ගැනීම මෙන්ම භාෂාව තෝරා ගැනීමේ දී අවධාරණය කිරීමට අපේක්ෂිත කාරණය, එයින් ධ්වනිත වන අදහස හා පණිවුඩය ලබන්නා යන කරුණු පිළිබඳව අවධානය යොමු කොට සකස් කර ගැනීම අත්‍යවශ්‍ය වේ. 

                විද්‍යුත් උපකරණ භාවිතා කිරීමෙන් කෙරෙන සන්නිවේදනයේ දී අසා තේරුම් ගැනීමට උචිත භාෂාවක් යොදා ගනියි. ගුවන් විදුලි මාධ්‍ය ශ්‍රව්‍ය ගෝචර වන අතර රූපවාහිනිය, සිනමාව වැනි මාධ්‍යයන් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ගෝචර වේ. එහිදී ඊට අනුරූපව භාෂාව භාවිත කිරීම කළ යුතු ය. ගුවන් විදුලිය හා රූපවාහිනිය ප්‍රවෘත්ති වාර්තා ඉදිරිපත් කිරීමේ දී බෙහෙවින් ලේඛන ව්‍යවහාරයට අනුකූල භාෂා ස්වරූපයක් උපයෝගී කර ගනී. දැන්වීම්හි දී වාර්තාමය භාෂා ලක්ෂණ දක්නට ලැැබේ. මෙයින් පැහැදිලි වන්නේ සන්නිවේදනයේ දී භාෂාවෙන් කෙරෙන කාර්ය භාරය අතිවිශාල වන බවයි.

                ඇතැම් භාෂාවක භාෂණය හා ලේඛනය අතර පරතරයක් දැකිය හැකි වේ. සිංහල භාෂාව ද එවැන්නකි. අවස්ථානුකූල ව සුදුසු පරිදි භාෂාව යොදා ගැනීම සන්නිවේදකයා සතු වගකීමයි. භාෂාවේ වඩාත් ම වැදගත් අංගය වන අර්ථය කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. ඇතැම් වචනවල අර්ථය බොහෝ දුරට තෝරා ගත් අර්ථයන්ට පමණක් සීමා වේ. වාර්තා කථනයේ දී බෙහෙවින් උපයෝගි කර ගන්නේ සීමික අර්ථයන් ගෙන් යුක්ත වචන පමණි. ඇතැම් වචන වල ව්‍යංගාර්ථයක් ගැබ් වී ඇත. මෙයින් පැහැදිලි වන්නේ සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් භාෂාව ඉතා ප්‍රබල අවියක් වන බවයි. 

            භාෂාවෙන් සිදු කරන තවත් වැදගත් කාර්යය භාරයක් නම් සමාජ සම්බන්ධතා ගොඩනැගීමයි. සමාජීය වශයෙන් මිනිසා ඒකරාශි කිරීමේ දී වැදගත් ම උපකරණය වන්නේ භාෂාවයි. ඒ මඟින් මිනිස්සු එක්රොක් වෙති. ආයුබෝවන් කොහොම ද සැප සනීප ආදී මේ කියමන්වල පරමාර්ථය හුදෙක් සුහදත්වය ජනිත කරවීමයි.

                මිනිසාට තනි ව ජීවත් විය නොහැකිය. ඔහුට තනිව ඉටු කර ගත නො හැකි කාර්යයන් සඳහා අන්‍යයන්ගේ සහාය ලබා ගැනීමට භාෂාව භාවිතා කරයි. මෙය ජීවිතයේ ප්‍රාථමික අවස්ථාවේ සිට ම දක්නට ලැබෙයි. තති ව ජීවත් වීමට කැමැත්තක් නො දක්වයි. අනෙක් සාමාජිකයන් සමඟ ගතින් මෙන් ම සිතින් ද ළංවීමට මිනිසා ආශා කරයි.  මේ ආශාව නිසාම පුද්ගලයන් අතර සජීවී සම්බන්ධතාවක් ගොඩ නැඟේ. මෙහි ප්‍රතිඵලය වූයේ මනුෂ්‍ය වර්ගයා ගේ ශිෂ්ටාචාරය ද ගොඩනැඟීමයි. මිනිස් ජීවිතයට ඉතාමත් අවශ්‍ය කරන ප්‍රේමය. ආදරය, ලිංගික ආශාවන්, විනෝදාස්වාදය කලාත්මක වින්දනය වැනි නොයෙක් දෑ මිනිසා තෘප්තිමත් කිරීමට අත්‍යවශ්‍ය වේ. මේ සියල්ල සපුරා ගැනීමේ දී මිනිසාට පිටුවහල් වන්නේ භාෂාවයි.

            භාෂාව සංස්කෘතිය අතර ඇත්තේ ඉතා දැඩි සම්බන්ධයකි. මිනිසාගේ සිතුම් පැතුම් ආදී සියල්ල ම ප්‍රකාශ කෙරෙන්නේ භාෂාවෙනි. මිනිසුන් ගේ සිතුම් පැතුම් මෙන් ම ඔවුන් ගේ සියලු ම සොයා ගැනීම්, ආකල්ප, සිරිත් විරිත්, ඇදහිලි ක්‍රම හා කලාත්මක නිර්මාණ සියල්ල ම සංස්කෘතියට අයත් වේ. සංස්කෘතික ලක්ෂණ රඳා පවතින්නේ ද භාෂාව මඟිනි. 

            සමාජ සංවිධාන ගොඩනැගීමට ද භාෂාව අවශ්‍ය වේ. භාෂාව නොමැතිව දේශපාලන  කටයුතු ආර්ථික සමාජ හා ආගමික කටයුතු ද සිදු කළ නොහැකි ය. භාෂාවක් නොමැතිව ආචාර ධර්ම මෙන්ම, විද්‍යා, ගණිත, සාහිත්‍ය, ක්‍රීඩා, සංගීත යනාදී කිසිවක් බිහි නොවන බව සමාජ විද්‍යාඥයන් ගේ මතයයි. අතීත පරම්පරාවගේ ඥාන සම්භාරය වර්තමාන අනාගත පරම්පරාවන්ට ප්‍රදානය කරන්නේ ද භාෂාව පදනම් කර ගෙනයි. 

            මේ සියල්ලන් පැහැදිලි වන්නේ භාෂාවෙන් අතිවිශාල කාර්ය භාරයක් සිද කෙරෙන අතර භාෂාව පෞද්ගලික මෙන් ම සමාජ සංසිද්ධියක් ද වන බවයි.

            භාෂාව සම්බන්ධයෙන් මුල් අවධියේ දී ඉදිරිපත් වූ සරල නිර්වචන ගණනාවකි. “භාෂාව නම් හැඟීම් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයකි”, “භාෂාව නම් අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයකි”, “භාෂාව නම් මිනිසුන් අදහස් හුවමාරු කර ගන්නා මාර්ගයකි”, “භාෂාව නම් මිනිසුන් සන්නිවේදනය සඳහා යොදා ගන්නා මාර්ගයකි” යනාදිය ඒ අතර වැදගත් වේ. මේ සියල්ල නිවැරදි වන නමුදු සම්පූර්ණ අර්ථනිරූපණයන් වශයෙන් හඳුනා ගැනීම උගහට ය. භාෂාවක මනෝමූලික පාර්ශවය මෙන් ම ආකෘතිකමය පාර්ශවය ද භාෂාව අරභයා වන නිර්වචනයක අත්‍යවශ්‍යයෙන් ම ඇතුළත් විය යුතු ය.

ජී.එල්.ටේ‍රගර් විසින් 1942 දී “භාෂාව” යන තේමාව යටතේ සපයා ඇති නිබන්ධනයේ ඇතුළත් නිර්වචනය බොහොමයක් වාග්වේදීන් භාෂාව විස්තර කිරීම සඳහා යොදා ගනු ලබති. 

“භාෂාව විධිමත් සැලැස්මකින් යුක්ත ය. එහි ඇත්තේ සංකේතය. සංකේත සෑදී ඇත්තේ ශබ්ද වලිනි. එසේම සංකේත බිහිවී ඇත්තේ සම්මුතියෙන් ය. භාෂාවේ අරමුණ සමාජයේ යහතින් පවත්වාගෙන යාමයි.” 

            මෙම විද්‍යාඥයාගේ අදහසට අනුව පැහැදිලි වන්නේ භාෂාව විධිමත් වූ සැලැස්මක් සහිතව ක්‍රියාත්මක වන බවයි. එසේම භාෂාව ගොඩනැගී ඇත්තේ සමාජ සම්මුතීන් අනුවයි. භාෂාවේ කාර්යය වන්නේ සමාජය යභාෂාවේ කාර්යය භාරය

        මෙම විද්‍යාඥයාගේ අදහසට අනුව පැහැදිලි වන්නේ භාෂාව විධිමත් වූ සැලැස්මක් සහිතව ක්‍රියාත්මක වන බවයි. එසේම භාෂාව ගොඩනැගී ඇත්තේ සමාජ සම්මුතීන් අනුවයි. භාෂාවේ කාර්යය වන්නේ සමාජය යහතින් පවත්වාගෙන යාමයි. සමාජයක් යහතින්  පවත්වාගෙන යාමට මානවයා අතර සුහදත්වයක් තිබිය යුතු ය.

මානව භාෂාව විවිධ කාර්යයන් සදහා යොදා ගන්නා අතර එය කලින් කලට වෙනස් වෙමින් අලුත් වෙමින් විශ්ව පරිණාමයට අනුව ගලායන ගංගාවක් වැනි ය.

4 Comments

Post a Comment

Previous Post Next Post