චීන (හොවැංහෝ) ශිෂ්ටාචාරයේ සැගවුණු රහස්..

 චීන (හොවැංහෝ) ශිෂ්ටාචාරය 


    චීන (හොවැංහෝ) ශිෂ්ටාචාරය වසර 4000කට ඉහතදී චීනයේ හොවැහෝ ගංගා මිටියාවතේ දියුණු ශිෂ්ටාචාරයක් දක්නට ලැබුණි. ලෝකයට දායාද රැසක් ලබාදුන් චීන ජාතිකයෝ ක්‍රි.පූ 1700 දී පමණ ඉතා දියුණු ශිෂ්ටාචාරයකට හිමිකම් කීවෝය. මද්‍යම ආසියාවෙන් සංක්‍රමණය වූවන්ගෙන් මෙම ශිෂ්ටාචාරය ආරම්භ විය.  චීන ජාතිකයන් ශිෂ්ට බවට පත්වූයේ කෙසේද? යන්න කියන අපූරු කතාවක් චීන ජාතිකයන් අතර ප්‍රචලිතය. එම කතාව අනුව ශේෂ්ඨ රජවරුන් තිදෙනෙකු සිටි බවත්,ඉන් පළමු රජතුමා වූ පූසි රජතුමා පවුලක ජීවිතය පිළිබදව කියමින් එය නොකැඩිය යුතු පවිත්‍ර එකක් බව ඉගැන්වූ අතර , දෙවන රජතුමා වූ ශැන්කුං නගුල නිර්මාණය කොට ඉන් බිම සීසා ගොවිතැන් කරන ආකාරය ඉගැන්විය. තුන්වෙනි රජතුමා වූ හුවං ටී ලෝහවලින් ගතහැකි ප්‍රයෝජන ඉගැන්විය. මෙම කාන්තාරයෙන් චීන ශිෂ්ටාචාරය පිළිබද ඉගියක් ලැබේ. දැනට යටත් පිරිසෙ‍යින් වසර 500,000කට ඉහතදී '' ප්ලෙස් ටෝසීන '' යුගයේ ජීවත් වූ පිකිං මානවයා පිලිබදව 1928 වසරේදි තොරතුරු අනාවරණය වීමත් සමග චීන ඉතිහාසය නව අවස්ථාවකට එළබුණි. ''සිනැන්ත්‍රෝපස් පීකිනෙන්සිස් '' නමින්  හැදින්වෙන ජාවා මානවයාට සමකාලීන වූ බව පෙනේ. චීනයේ විවිධ ප්‍රදේශවලින් නව ශිලා යුගයේ ශේෂ හමුවී තිබේ. පරම්පරාගත චීන ඉතිහාසය ආරම්භ වන්නේ  ක්‍රි.පූ 2697දී ය.

    එම වසරේ දී හ්විංටි අධිාජයා සිංහනාරූඨ වූ බව සිතනු ලැබේ. ලෝකඩ සමයේ දී උතුරු හෝනෑන් පළාතේ නෂ්ටාවශේෂයන් ගෙන් සහ කැනීම්වලදී හමු වූ තිරිඟු, මිලට් වැනි කෘෂි භෝලයන්ලෙන් අණාවරණය වූූයේ වගාවන් සහ සතුන් ඇති කිරීම පදනම් කරගත් සමාජයක් තිබූූ බවයි.  

    පළමු ලේඛණ දක්නට ලැබෙන්නේ ක්‍රිස්තු පූර්ව 1200 පමණය. චෞ රාජවංශය ක්‍රි.පූ  1027 සිට ක්‍රි.පූ 250 දක්වා පැවතුණි.

     චෞ රාජ වංශයේ මුල් භූමිය ද හොවැංහෝ නිම්නයයි. පැරණි චීනයෙහි ''දිව්‍ය පුත්‍රයකු'' වශයෙන් සැලකූ අධිරාජ්‍යයට රටේ සම්පූර්ණ පාලන බලය හිමි ව තිබූ අතර මධ්‍යම රාජ්‍ය දුබල වූ විට ප්‍රාදේශීය නායකයන් විසින් බලය ලබා ගැනීමේ වෙනත් රාජ්‍යයන්ට මෙන්ම චීනයට ද පොදු විය. ක්‍රි.පූ 221 දී ෂිහුවාංටී  චීනය එක්සත් කළේය.  චීන මහා ප්‍රාකාරය ඉදිකිරීම සහ වැඩවසම් ක්‍රමය වෙනුවට රාජ්‍ය ඒකාධිපතිත්වයක් ඇති කොට කෘෂි කර්මාන්තය දියුණු කිරීමට කටයුතු කළ බව පෙනේ.

     චීන ශිෂ්ටාචාරයේ ආරම්භය හොවැංහෝ ගංගාවේ අතු ගංගාවක් වූ වෙයි හෝ ගංගා නිම්නයේ වූ බවට සාධක පවතී ඈත අතීතයේ මෙම ගංගා නිම්නයේ තැනින් තැන මිනිස් වර්ගයක් චීන සම භූමියේ ව්‍යාප්ත වී ගියේය. මෙම මානව වර්ගයාට වසර දහස් ගානක් තිස්සේ වරින් වර මධ්‍යම ආසියාවේ එඬේර ජාතිකයන්ගෙන් තර්ජන එල්ලවිය. අශ්වාරෝහක කණ්ඩායම් වශයෙන් පැමිණි මොවුන් ගම්බිම්  ආක්‍රමණය කොට දේපල පැහැරගෙන ගියා පමණක් නොව දරුවන් වහලුන් වශයෙන් අල්ලා ගෙන ගිය බව පෙනේ. ෂිහුවංටී රජු 300,3000 ලක්ෂයකින් සමන්විත හමුදාවක් සමග මධෙම ආසියාවට ගමන්කොට දිගුකලක් තිස්සේ චීන ජාතිකයන්ට තර්ජනයක්ව සිටි එඩේර ගෝත්‍රිකයන්ගේ බලය මර්දනය කොට සැතපුම් 1860 දිගැති ලොව පුදුම හතෙන් එකක් වූ චීන මහා ප්‍රාකාරය ඉදිකොට මුලින් සදහන් කල පරිදි නිරන්තර ප්‍රහාරකයන්ගෙන් චීනය ආරක්ෂා කිරීමට කටයුතු කළේය.  හොවැංහෝ නිම්නයේ දියුණු ශිෂ්ටාචාර‍යේ මිනිස්සූ ගොවිතැන් කිරීමටත් සතුන් ඇති කිරීමටත් දක්ෂයෝ වූහ. ඔවුහු ගල් නගුල් වලින් සීසා ධාන්‍ය වගාකිරීමේ ක්‍රම දැන සිටි අතර , ලී තලයක් උපයෝගී කොටගෙන පස් සකස් කර ගැනීමටද දැන සිටියහ. ශෂ්‍යමාරු ක්‍රමය දැන සිටි මොවුන් ධාන්‍ය කපා ගැනීම සදහා නූතන දෑකැත්තට සමාන වූ දෑකැත්තක් භාවිතා කල බවට සාධක පවතී.  හත් වන සියවස වන විට චීන ශිෂ්ටාචාරය ඉතා දියුණු ත්ත්වයකට පැමිණ තිබුණි. මොංගෝලියාව , මැන්චුරියාව, ටීබැටය සහ තූර්කිස්ථානයද චීන අදිරාජෙයාට අයත්ව තිබුණි. ප්‍රථමයෙන්ම මුදල් නෝට්ටු භාවිතා කළේද, වෙඩි බෙහෙත් සොයා ගත්තේද, මුඩ්‍රන ශිල්පය ලොවට ලොවට හදුන්වා දුන්නේද චීන ජාතිකයන් බව අපි දනිමු. සේද කර්මාන්තයද , රෙදි විවීම සහ පිගන් මැටි භාණ්ඩ මෙන්ම ලෝහ උපකරණද චීන ශිෂ්ටාචාරයෙහි විශිෂ්ටත්ත්වය පෙන්වා දෙයි. මාලිමාව නිපදවන ලද්දේද චීන ජාතිකයන් විසිනි. 

    දහතුන්වැනි සියවසේ ටාටර්වරුන්ද, දහසයවැනි සියවසේ මැන්චුවරුන්ද, චීනයෙහි පාලන බලය ලබාගත්තද ඔවුන් චීන ජාතිකයන් පමණක් නොව චීන අනන්‍යතව බිදකිනුදු වෙනස් කිරීමට සමත්වූයේ නැත. කල්ගතවීමේදී සිදුවූයේ ආක්‍රමණිකයන්ද චීන ජාතිය සමග මිශ්‍රවීමයි. මේ තත්වය ඇති වූයේ ආදි ශිශ්ටාචාරය විසින් චීන ජාතියට දායාද කල ධර්මතාවන් නිසා යැයි සිතිය හැකිය.  

    චීන ශිශ්ටාචාරයේ ජාත්‍යන්තර සබදතාවලට වැදගත් තැනක් හිමිවේ. මුහුදු මාර්ග වලින් මෙන්ම ගොඩබිමින්ද චීනය බොහෝ රටවල් සමග විවිධ සබදතා පැවැත්විනි. මධ්‍යධරණි කලාපයෙහි අදහස් මෙන්ම ඉන්දීය බලපෑම් චීනයට පිවිසියද කල්යාමේදී ඒවා චින ලක්ශණ බවට පත්විය. ක්‍රි.ව. 618- 906 දක්වා පැවැති ටාං රාජ්‍යෙ යුගයේදී චීන බහු ජාය්ජියට යුනෑන් සහ ග්වෝජෝ පළාත්වල මිනිසුන් එක්විය. එම යුගයේදී ඇතැම් සංචාරක ගෝත්‍රිකයන්ද චීන ජනතාවට එකතු විය.

    ක්‍රි.පූ සියවන සියවසේ බුදුරදුන්ට සමකාලීනව චීනයේ කොන්පියුසස් (ක්‍රි.පූ 551- 4790) තුමාගේ කාලයේදී වනාන්තරවලින් ගහන වූ යැන්සි මිටියාවතටද චීන ජාතිකයෝ සංක්‍රමනය වූහ. මිනිසා එකිනෙකා කෙරෙහි දක්වන කරුණාව මත මානවයාගේත් පරිසරයෙත් අභිවෘද්ධිය රදා පවතින බව ඉගැන්වූ කොන්පියුසස් අනෙකුත් සතුන්ගේන් මිනිසා වෙන්කොට දක්වන්නේ කරුණාවෙන්  බව ඉගැන්විය.

16 Comments

  1. හොවැංහෝ ශිෂ්ටාචාරය neniweeyama genath liyanna. niyamai...!

    ReplyDelete
  2. වැදගත් ලිපියක් ❤

    ReplyDelete

Post a Comment

Previous Post Next Post