අභිමානවත් 73 වන ජාතික නිදහස් දිනය අදයි...


අභිමානවත් 73 වන ජාතික නිදහස් දිනය අදයි...  




 වර්ෂ 153ක කාලයක් බටහිර යටත්විජිතකරණයට නතුව යුරෝපීය ජාතීන්ගේ පාලනයේ සිරවී සිටි ශ්‍රී ලාංකික ජනතාව වර්ෂ 1948 පෙබරවාරි මස 04 වනදා යටත්විජිතකරණයෙන් නිදහස ලබාගත්හ.  මෙවර නිදහස් දින සැමරුමේ සුවිශේෂීත්වය වන්නේ කොවිඩ්-19 වසංගත අභියෝගය හමුවේ සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සැමරුම් උත්සවය පැවැත්වීමයි. 

        සුරක්ෂිත දේශයක්- සෞභාග්‍යවත් රටක් තේමාව කරගනිමින් මෙවර නිදහස් දිනය අතිඋත්කර්ෂවත් අයුරින් සංවිධාන කර තිබුණි.

        මෙවර නිදහස් සමරු උළෙල වසර 15කට පසු නිදහස් චතුරශ්‍රයේ පැවැත්වීම විශේෂත්වකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැළයක් සිටුවා නිදහස් දින උළෙල අරුථවත් කෙරිණි. මෙවරත් නිදහස් දින සැමරුම ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකාය එක්ව පවත්වන විචිත්‍රාංගයන්ගෙන් සමන්විත විණි.

18 Comments

Post a Comment

Previous Post Next Post