පතිණි දේවතාවිය

පතිණි දේවතාවිය 

දමා ගිය කෝවලන් 

සොයා ගිය කන්නගී

සිහි සුන්ව ඇද වැටුණි 

රති කෙළිය අරුම දැක

දුක් ගැහැට ඉවසමින්

අන් පිරිමි නොපතමින්

රැක්කේ පතිනි දම්

දේවතාවියක ලෙස

වරද කෙතරම් වුවත්

නැවත ඔහු පැමිණි පසු

පතුල් සිඹ පිළිගත්තේ 

ස්නේහයේ අරුමෙකිද

පා සලඹ සොරා ගත් 

වරදකරුවෙකු විලස 

ගියත් ඔහු මරුමුවට  

ඇගේ බල මහිමයෙන්

පතිවෘතා ධර්මයෙන්

වම් පියයුර පුදා

කෝවලන් නිදොස් කොට 

උත්තරීතර හදෙන්

ලෝසතන් පිදුම් ලැබු

ඇයයි....

පතිණි දේවතාවිය....




1 Comments

Post a Comment

Previous Post Next Post