ශ්‍රී ලංකාවේ නිවාස ප්‍රශ්නය

 ශ්‍රී  ලංකාවේ නිවාස ප්‍රශ්නය  




        ජනතාවට ප්‍රමාණවත් තරම් වාස්ථාන නොමැති වීම නිවාස ප්‍රශ්නය යනුවෙන් හදුන්වනු ලැබේ. ශ්‍රී ලංකාවේ ජනගහනය ඉතා සීග්රයෙන් වර්ධනය වුවද නිවාස තැනීම එතරම්  වේගයෙන් වර්ධනය වන්නේ නැත. ජීවන තත්වය මදක් උසස් වීම නිසා ද නවීන ජීවන රටාව පැතිරී යාම නිසා ද ගම්වලින් නගරවලට රක්ෂා සොයා සංසංක්‍රමණය  නිසා ද අලුතින් නිවාස තැනීම වැඩියෙන් අවශ්‍ය  වේ. එහෙත් තම වාසය සදහා ඉඩක් මිළදී ගෙන නිවාස තැනීමේ ශක්තිය ඇත්තේ ශ්‍රී  ලංකාවේ ජනගහනයෙන් අල්ප කොටසකට පමණි. ජීවන වියදම උග්‍ර  ලෙස ඉහළ ගොස් තිබීම ද ගොඩනැගිලි තැනීමට අවශ්‍ය  භාණ්ඩවල මිළ අධික වීමද මිළ ඉහළ යාමද ආදායම් ප්‍රමාණවත් නොවීම  ද මෙයට මූලික වශ්යෙන් හේතු වී තිබේ.



            ධනෝපායන මාර්ගයක් වශයෙන්  ගෙවල් තනා කුලියට දීමට ලංකාවේ ධනවතුන් බියක් දක්වතී. 1966 අංක 36 දරන ජාතික නිවාස [ සංශෝදන ] පනතට අනුව වර්ග අඩි 1000අඩු නිවාස සදහා දශ වාර්ශික බදු සහනයක්ද වර්ග අඩි 2000 අඩු නිවාස සදහා සත් වාර්ශික බදු සහනයක් ද ගෙවල් කුලියට දෙන්නන්ට ලැබෙන්නෙත් ඔවුන් විසින් අය කළ යුතු අංක 1961 අංක 10 දරන ගෙවල් කුලී පනත මගින් සීමා වීම මෙයට හේතු වී ඇත. දුප්පතුන්ට කුලියට දෙන කුඩා ගෙවල් වල කුලිය මේ පනතින් පාලනය වුවත් පොහොසතුන්ට කුලියට දෙනු ලබන විශාල සුඛෝපභෝගී  නිවාස වල කුලිය සීමා කෙරෙන්නේ නැත. ඒ නිසා විශාල ගෙවල් පමණක් තැනීමට මේ ව්‍යාපාරිකයෝ වග බලා ගනිති. මෙහි ප්‍රතිඵල  වශයෙන් සිදු වී ඇත්තේ දුප්පතුන්න්ට කුලියට ගත හැකි නිවාසවල සංඛ්‍යා ඉතා අඩු වීමයි. ඒ නිසා විශාල ගෙවල් පමණක් තැනීමට මේ ව්‍යාපාරිකයෝ වග බලා ගනිති. මෙහි ප්‍රතිඵල  වශයෙන් සිදු වී ඇත්තේ දුප්පතුන්න්ට කුලියට ගත හැකි නිවාසවල සංඛ්‍යාව  ඉතා අඩු වීමයි. 


           කුලී ගෙවල් සදහා ඇති ඉල්ලුම වැඩි ව්ම ගෙවල් සදහා පදිංචිකරුවන් විසින් ගෙවන කුලිය ඉතා අසාධාරණ ලෙස ඉහළ යාමට ද ගෙයක් කුලියට ගැනීමට පෙර ගෙවීමට සිදුවන මුදල ඉසිළිය නොහැකි තරම් වැඩි වීමට ද හේතු වී ඇත. මේ අපහසුකම් මැද වුවත් දුප්පතෙකුට කොළඹ නගරයෙන් ගෙයක් කුලියට සොයා ගැනීම කළුනික සෙවීම වැනි කටයුත්තක් බවට පත්ව ඇත. මෙහි ප්රතිඵලයක් වශයෙන් ශරීරයට හානිදායක වාසස්ථාන වන මුඩුක්කු සහ පැල්පත් දිනෙන් දින කොළඹ නගරය තුළ ද අවට වර්ධනය වෙමින් පවති.


               ශ්‍රී  ලංකාවේ ජනගහනයෙන් ප්‍රමාණවත් තරම් ඉඩකඩ සහිත සෞඛ්‍ය  සම්පන්න නිවාස ඇති අයගේ   සංඛ්‍යාව  හෝ නැති අයගේ  සංඛ්‍යාව  කිසිවිටෙකත් ඇස්තමේන්තු කර නොමැති නමුත් නිවාස හිඟය පිළිබඳ සංඛ්‍යාව  කිහිපයක් ලබා ගැනීම්ට පුළුවන.   ඒ  සඳහා   යොදවා ගත හැකි ශ්රමයද භාණ්ඩ ආයෝජනය කළ යුතු මුදල ද ශ්රී ලංකාවේ ම ලබා ගැනීමට  අපහසුකමක්  නොමැත.


               අවශ්‍යතා සපුරාලන තරම් වාසස්ථාන ගොඩ නැංවීම මගින් නිවාස ප්‍රශ්නය  මුළුමනින්ම විසඳාලීම කෙසේ වෙතත් නිවාස තනන සංඛ්‍යාව  වැඩි කිරීම සඳහාත් ගත් හැකි පහසු ක්‍රියාමාර්ග  කිහිපයක් ඇත. මේවා කොටස් වශයෙන් වෙන්කර විස්තර කිරීම වඩාත් පහසුය.

 

            නිවාස ගොඩනැංවීම දැනට ප්රමුඛතාවයක් සංවර්ධන කටයුත්තක් හැටියට  සලකනු  නොලැබේ. කරකර්මාන්තශාලාවලටත්  සහ සංචාරක ව්‍යාපාරයට රජයෙන් දෙනු ලබන පහසුකම් ඒ නිසා නිවාස තැනීම්ට දෙනු නොලැබේ. බදු සහන උපකාර මුදල් ණය  මුදල් වැනි පහසුකම් නිවාස තැනීමට ලැබෙන්නේ අල්ප වශයෙන් පමණි. මේ ආකල්පය වෙනස් කර රජය විසින් නිවාස තැනීම් ද  අත්‍යාවශ්‍ය  කටයුත්තක් ලෙස සලකා පහසුකම් වැඩි කරන්නෙහි නම් නිවාස ගොඩනැංවෙන සංඛ්‍යාව  බෙහෙවින් වැඩි වෙයි . රජයේ මෙහෙයවවීමක් නොමැතිව වුවත් පුද්ගලික අංශය එවිවිට මේ ප්‍රශ්නය  විසඳනු ඇත.


                නිවාස තැනීම ද කාර්මික කළ යුතුය. යාන්ත්‍රික  ක්‍රමවලට  නිවාස තැනීම ද කලින් තැනූ කොටස් එකලස් කිරීම ද වඩාත් ලාභදායි බවක් පෙනි ගොස් ඇත. සම්මත ආකෘති වලට අනුකූලව මධ්‍ය  සංවිධානයක් මගින් එය ක්රියාත්මක කිරීම් මිල තවදුරටත්  අඩු වීමට හේතුවෙයි. මෙය නිවාස  තනන සංඛ්යාව වැඩි වීමට හේතු වෙයි.


              නිවාස තැනීමට ගන්නා භාණ්ඩ පිළිබද ව දැනට මිල පාලනයක් නොමැත. මෙවැන්නක් ඇති කිරීම නිවාස තැනීම වැඩිවීමට පැහැදිලි වශයෙන් ම හේතු වෙයි. සම්මත භාණ්ඩම නොමැති නම් ඒ සදහා ඇති ආදේශකයන් වත් සුලභ කල යුතුය. එමන්ම පාලන මිලකට සැපයිය යුතුය. එවිට නිවාස ගොඩ නැංවෙන සංඛ්යාව වැඩි වෙයි. 


             ණය පහසුව වැඩි කිරීම මගින් ද නිවාස තැනීමට රට වැසියන් උනන්දු කල හැකිය. දැනටනම් බැංකුවකින් නිවාස ණයක් ලබා ගැනීම ඉතා අපහසු කටයුත්තකි. මේ අපහසුකම් නැති කර ණය දෙන ප්රමාණය වැඩි කල යුතුය.


              ඉඩම් මිලට ගෙන නිවාස තනා මහජනයාට විකිණීමට ව්යාපාරිකයන්ට පහසුකම් ඇති කිරීම මගින් ද වෙනත් රටවල නිව්ස්ස තනන සංඛ්යාව වැඩිකර ඇත. සිංගප්පූරුව, බොම්බාය, හොංකොං වැනි ස්ථානවල තට්ටු නිවාස තනා එක් එක් කොටස විකිණීම්ට අවසර ඇත.

 

                  වෙනත් කටයුත්තක් සඳහා යොදවා නොමැති ඉඩම් රජය මගින් මහජනයාට ලබාදීම මගින් ද නිවාස හිඟයට සෑහෙන පිළියමක් කළ හැකිය. දැනට පවතින නීතිවල හැටියට නිවාසයක් තැනීම සඳහා පර්චස් 10කට   නොඅඩු ඩමක් අවශ්ය ය. ඒත් පර්චස් 5කට හෝ හයක් වූ ඉඩම් තුල වුවද නිවාසයක් තගැනීමට පතැනීමට පුළුවන්කම තිබෙන හෙයින් මේ නීතිය සංශෝධනය කිරීමෙන් ද විශාල සේවයක් සිදුවෙයි. ඉඩම්වල මිල  පිළිබඳව   ක්රියාවට නැගෙන පාලනයක් ඇති කිරීම මේ සමගම කළ යුතු වෙයි.

  


               නිවාස ප්රශ්නය තවමත් ශ්රි  ලංකාවේ ප්‍රධාන පාලන ප්‍රශ්නයක් බවට පත් වී නොමැති අතර මෙතෙක් පැවති කිසිම ආණ්ඩුවක්වක්ට  නිවාස ප්රති ප්රතිපත්තියක් තිබී  නොමැත මෙයට හේතුව මේ දුප්පත් මිනිසුන්ගේ ්රශ්නයක් වීම විය හැකියි.

 කාර් මෙන් නොව නිවාස හජනයාගේ මූලික අවශ්යතාවයකි. සෞඛ්ය පවත්වා ගැනීම සඳහා ද මානුෂීය වශ්යතා සඳහාද මිනිසුන්ට වාසස්ථානයක් අවශ්ය ය.

 1969 නොවැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්රහයයෙන් ිවාස ප්රශ්නය පිළිබඳ සම්මේලනයක් කොළඹදී පැවැත්විණි. මෙරටෙහි නිවාස හිඟය පිළිබඳව  රජයට   මතක්  කරදීමට විදේශිකයන්ටත්  පැමිණීම්ට සිදු වූ අයුරු මෙයින් පැහැදිලිව  පෙනෙයි.

2 Comments

Post a Comment

Previous Post Next Post