Covid - 19 වාර්තාකරණය පිළිබඳ මාර්ගෝපදේශ කොතෙක් දුරට ආරක්ෂා කරනවා ද යන්න සහ කඩකරනවා ද යන්න පිළිබඳව විමසීම

Covid - 19 වාර්තාකරණය පිළිබඳ මාර්ගෝපදේශ කොතෙක් දුරට ආරක්ෂා කරනවා ද යන්න සහ කඩකරනවා ද යන්න පිළිබඳව විමසීම 

(දෙරණ, හිරු, ස්වාධීීන රූපවාහිනී නාලිකාවන්ට විශේෂිතව)





                නව කොරෝනා වෛරසය අසාධිත වූවන් සහ ඉන් මියගිය පුද්ගලයන් පිළිබඳ තොරතුරු වර්තා කිරීමේදී ජාතිවාදී හැඟීම් උත්සන්න වන පරිදි ආගම සහ ජාතිය අනුව වර්ගීකරණය කරමින් තොරතුරු වර්තා කරනු දක්නට ලැබේ. මේ තත්වය තුළ ප්‍රමාද වී හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මාධ්‍ය වෙත කොරෝනා වෛරසය ආසාධිතයන් හා මියගිය අය පිළිබඳ තොරතුරු වර්තා කිරීමේදී පිළිපැදිය යුතු නිර්ණායක ගණනාවක් නිර්දේශ කොට තිබුණි. ඒවා පහත පරිදි දැක්විය හැකි ය.

1. ජදඩසා-19 සම්බන්ධව වාර්තා කිරීම සඳහා සත්‍යය සහ තහවුරු කරන ලද මූලාශ්‍ර පමණක් භාවිතා කරන්න.

2. නිරෝධායනයට ලක් කරන පුද්ගලයින්/ රෝගීන් සහ මරණ වාර්තාකරණයේ දී කිසි විටකත් ජාතිය හා ආගම සඳහන් නොකරන්න.

3. වෛරසය ආසාදිත  පුද්ගලයින් රෝගීන් මිස අනෙක් අයට රෝගය පතුරුවන පුද්ගලයින් ලෙස හැඳින්වීමෙන් වළකින්න.

4. අවදානමේ ප්‍රමාණය තාක්ෂණික සහ විද්‍යාත්මක කරුණු මත පමණක් පදනම් කර වාර්තා කරන්න. විවිධ පුද්ගලයින්ගේ පෞද්ගලික මත සමාජගත කිරීමෙන් වළකින්න.

5. නිරෝධායනයට ලක් වන පුද්ගලයින් සහ රෝගීන් ගේ ඡායාරූප/වීඩියෝ පට ඔවුන්ගේ අවසරයකින් තොරව ප්‍රදර්ශනය කිරීමෙන් වළකින්න.

6. මිය ගිය අයගේ අවසන් කටයුතු පිළිබඳ සංවේදී ඡායාරූප හෝ වීඩියෝ පට ප්‍රදර්ශනය කිරීමේ දී එම දර්ශන බොඳ කොට භාවිතය වඩාත් යෝග්‍ය වේ.

7. ජනතාව තුළ වෛරය ඇති වන ලෙස තොරතුරු වාර්තා කිරීමෙන් වළකින්න.

8. මෙම covid - 19 තත්ත්වය ජන මනසට ආතතිය සහ ඉච්ඡාභංගත්වය ඇතිවන ලෙස නොව අනාගතය සම්බන්ධයෙන් ධනාත්මක බලාපොරොත්තු සහ එකිනෙකා අතර සහයෝගය ඇති වන ලෙස ප්‍රවෘත්ති සහ දැනුවත් කිරීම් ලබා දෙන්න.


ඉහත සඳහන් නිර්දේශයන්ගෙන් පරිබාහිරව වාර්තාකරණය කිරීම තුළින් තුළින් සිදුවන බරපතලම අගතිය වන්නේ රෝගියා හෝ ආසාදිත පුද්ගලයින් කොන් වීමට ඇති බිය නිසා නිසි වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර නොගෙන සැඟවී සිටීමට උත්සාහ කිරීමයි. එය වඩාත් බරපතල ප්‍රතිඵල උදා කර දෙයි. කොරෝනා වෛරස අසාධිතයා කුමන ජාතියකට හෝ ආගමකට අයත් වුවත් ඔවුන් විසින් ස්ව කැමැත්තෙන් හා උවමනාවෙන් රෝගයට ගොදුරු නොවෙති. නිරෝධායන කටයුතු රෝගය යම් ප්‍රමාණයකට ව්‍යාප්ත වන තෙක් ආරම්භ නොකිරීමෙන් මේ වන විට වෛරසය පැතිරී ඇති අතර, එය ජාතිය, ආගම අනුව නොව ඕනෑම අයෙකු ගොදුරු කරගන්නා ලෝක පරිමාණව ව්‍යාප්ත වී ඇති වෛරසයක් බව අප සියලූ දෙනා විසින් හොදින් දන්නා කරුණකි.


අනිල් ජාසිංහ මහතා විසින් නිර්දේශ කළ පිළිපැදිය යුතු නිර්ණායක අතර පළමුවැන්න ලෙස covid -19 සම්බන්ධව වාර්තා කිරීම සඳහා සත්‍යය සහ තහවුරු කරන ලද මූලාශ්‍ර පමණක් භාවිතා කරන්න යනුවෙන් හඳුන්වා තිබේ. සාවද්‍ය වූ පුවත් ප්‍රචාරය කිරීම නිසා අසත්‍ය තොරතුරු පැතිරීමෙන් මුලු මහත් සමාජයම නොමඟ යාමක් සිදු වේ. මෙවන් වූ සාවද්‍ය පුවතක් ලංකාදීප කතුවරයා වාර්තා කර තිබුණේ මේ ආකාරයට ය.    

ලංකාදීප පුවත්පත මගින් 2020 අප්‍රේල් මස 18 වන සෙනසුරාදා ”කොරෝනා අවදානම ඉවරයි” යනුවෙන් සාවද්‍ය සිරස්තලයක් මුල් පිටුවේ ම පළ කර තිබූ  අතර එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාව සඳහන් කළ දෙයක් යැයි උපුටා දක්වමින් පළ කර තිබුණි. නමුත් එම පුවතේ අන්තර්ගතයේ සඳහන් වූයේ නවකොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ සමාජය තුළ පැතිර යෑමේ තත්ත්වයක් නොමැති බවත්, ශ්‍රී ලංකාව වෛරසයේ අවදානම් කාලසීමාව පසුකරමින් සිටින බවත් පමණි. මෙය පාඨකයා නොමග යවන සුළු ආකාරයේ සාවද්‍ය සිරස්තලයක් බවත්, එය මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනයක් බවත් මෙහිදී සඳහන් කළයුතු ය.


මෙසේ පළවූ වාර්තාව පිළිබඳව දෙරණ අරුණ වැඩසටහන විසින් 2020 අප්‍රේල් 18 දින විශේෂ අවධානයක් ඒ  සඳහා යොමු කර තිබුණි. එහිදී සිදු වූ වැදගත්ම සිදුවීමක් නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාව සජීවීව සම්බන්ධ කරගනිමින් ඔහු සිදු කළ ප්‍රකාශය පිළිබඳව විමසීමක් සිදු කරන ලදි. එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ තමා එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවත් එම ප්‍රකාශය මු`ඵමනින් ම අසත්‍ය වන බවත් ය.  

නමුත් පසුව එම සාවද්‍ය පුවත නැවත නිවරදි කර ඉදිරිපත් කිරීමට ලංකාදීප පුවත්පත නිහතමානී වී ඇත. 


කොවිඩ් 19 වාර්තාකරණයේදී අනිල් ජාසිංහ මහතා විසින් නිර්දේශ කළ දෙවැනි නිර්දේශය නම් නිරෝධායනයට ලක් කරන පුද්ගලයින්/ රෝගීන් සහ මරණ වාර්තාකරණයේ දී කිසි විටකත් ජාතිය හා ආගම සඳහන් නොකරන්න. යන්නයි. 

කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සහ නිරෝධායනයට ලක් වන පුද්ගලයන්ගේ ජාතිය ඉස්මතු වන අයුරින් ප්‍රවෘත්ති පල කරන්නන්ට දැඩි සමාජ විරෝධයක් එල්ලවෙමින් තිබියදී කොවිඩ් 19 පිළිබඳ වාර්තාකරණයේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශන්හි ද ඇතුළත් කර ඇත්තේ නිරෝධායනයට ලක් කරන පුද්ගලයන්, රෝගීන් සහ මරණ වාර්තාකරණයේදී කිසිවිටකත් ජාතිය සහ ආගම සඳහන් නොකරන ලෙසයි. නමුත් මෙම නිර්දේශය ද සමහර රූපවාහිනී නාලිකාවන් කඩ කරනු දක්නට ලැබේ. 

කෝවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද අකුරණ ප්‍රදේශයෙන් සහ පුත්තලමෙන් සොයා ගන්නා ලද රෝගීන් දෙදෙනකු ජාතිය සඳහන් කරමින් හඳුන්වා දෙනු අද දෙරණ 2020.03.29 දින 12.30 රූපවාහිනි ප්‍රවෘත්ති විකාශය තුළින් විකාශනය කරන ලදී. 

                        එමෙන්ම තවත් මෙවැනිම වූ සිදුවීමක් ලෙස චතුර අල්විස් සහ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ජාතිවාදය පැතිරවීමට උත්සාහ දරා ඇති අයුරු දෙරණ රූපවාහිනියේ විකාශය කෙරෙන දේශපාලන වැඩසටහනක් ඔස්සේ වාර්තා විය.

කොරෝනා ව්‍යසනය  පරාජය කරන්නේ කෙසේද යන්න තේමා කර ගනිමින් 2020.03.31 දින පැවති දෙරණ වාද වාදපිටිය වැඩසටහනේදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරන්නේ එදින ලංකාවෙන් වාර්තා වූ නව කොරෝනා කොරෝනා වෛරස් ආසාදිතයන් 20 දෙනාගෙන් 19ක්ම මුස්ලිම් බැතිමතුන් බවයි.

අමාත්‍යවරයාගේ එම සඳහන ජාතිවාදය ඇවිස්සීමක් ලෙස තමන්ට අවබෝධයක් ඇති බව චතුර අල්විස් නිවේදකයා එළිපිට සඳහන් කරන්නේ.. එහෙම නම් සඳහන් කළාම ජාතියක් විදියට මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා පීඩාවක් තියෙනවා තියනවා ඒ අය කණ්ඩායමක් විදිහට ඒ අයගේ නම සඳහන් කරන්නේ ඇයි? යනුවෙන් විමසමිනි. අමාත්‍යවරයාගෙන් පෙරළා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන ආකාරය වැඩසටහනින් ප්‍රචාරය වුව ද අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට මහත් උනන්දුවෙන් යුතුව අනුබල දුන් බව දැන්වීම් ප්‍රචාරය සඳහා ලබා දෙන කෙටි විවේකය තුළ දී නිවේදකයා විසින් තහවුරු කරනු ලබන ආකාරය ප්‍රසිද්ධියට පත් වී තිබේ. මෙවැනි සිදුවීම් දැඩි පිළිකුල් සහගත වේ.


වෛරසය ආසාදිත  පුද්ගලයින් රෝගීන් මිස අනෙක් අයට රෝගය පතුරුවන පුද්ගලයින් ලෙස හැඳින්වීමෙන් වළකින්න. යනුවෙන් කොවිඩ් 19 වාර්තාකරණයේදී අනිල් ජාසිංහ මහතා විසින් නිර්දේශ කළ තෙවැනි නිර්දේශය ලෙස ඉදිරිපත් කර තිබේ.  මෙසේ නිර්ණායකයක් පැනවුව ද එය කඩ කරන අවස්ථා බොහෝමයකි.

ආසාදිතයන් කිසිම ආකාරයකින් වරදකරුවන්, චූදිතයන් හෝ සමාජ විරෝධීන් නොවෙයි. සැබවින්ම මේ දිගින් දිගට ඇදී යන ආපදාවේ ප්‍රධාන වින්දිතයන් ඔවුන් ය. එහෙත් මාධ්‍යවල අප දකින්නේ කොරෝනා ආසාදිතයන් අපකීර්තියට සහ අවමානයට පත්වන ආකාරයෙන් කරන සාහසික වාර්තාකරණයකි. නිරෝධායනය කරන පුද්ගලයන් ආසාදිතද නැද්ද යන්න තහවුරුවීමටත් කලින්, සමහර ජනමාධ්‍ය විසින් ඔවුන් රෝගීන් ලෙස හැඳින්වීම ද සිදු කරයි. මාධ්‍ය විසින් ආසාදිතයන් මෙසේ හංවඩු ගැසීම රෝග මර්දන කටයුතුවලට බෙහෙවින් අහිතකරයි. සමාජ අපකීර්තියට බියෙන් සමහර ආසාදිතයන් ප්‍රතිකාර පැතීමට ඉදිරිපත් නොවී සැඟවී සිටින්නට ඉඩ තිබේ. එයින් සිදුවන්නේ වසංගතය තව තවත් පැතිර යාමයි. දැනටත් සමාජයේ කොන්වීමට ලක්වී සිටින ජන කොටස් අතර ආසාදිතයන් සිටියහොත් මේ සාධකය ප්‍රබලව ඔවුන්ට බලපෑ හැකියි.

ඔක්තෝබර් 4 වනදා දිවුලපිටිය ප්‍රදේශයේ ඇඟලුම් සේවක සේවිකාවන් අතරින් නව ඣඪෂෘ-19 ආසාදිත පොකුරක් මතු වීමෙන් පසු යළිත් වරක් ආසාදිතයන් මත වරද පැටවීමේ සහ ඔවුන්ට දැඩි ලෙස නින්දා කිරීමේ අශිෂ්ට මාධ්‍යකරණයක් ඉස්මතු වී තිබෙනු දක්නට ලැබුණි. පසුව ඇගේ දියණියට ද මෙම රෝගය ආසාදනය වී ඇති බව සොයා ගනී. ඇතැම් ජනමාධ්‍ය මේ සිදුවීම් වාර්තාකළේ එම ආසාදිත කාන්තාව හා ඇගේ දියණිය සිදු කළ “අපරාධයක්” ලෙස හුවා දක්වමිනි. රාජ්‍ය මාධ්‍යයක් වන ෂඔභ ශ්‍රී ලංකා ප්‍රවෘත්ති නිවේදකයා 2020 ඔක්තෝබර් 5 වනදා 12.00 ප්‍රවෘත්ති විකාශයේ සිරස්තල ඉදිරිපත් කළේ “දිවුලපිටිය කාන්තාව නිසා 69කට කොරෝනාව බව පී.සී.ආර් ඔප්පු කරයි” යනුවෙනි. එම කාන්තාවට වෛරසය ශරීරගත වීමේ මූලාශ්‍රය සොයා ගැනීමට මේ දක්වා සෞඛ්‍ය බලධාරීන්ට හැකි වී නැතත්, ඇගේ චරිතය ඝාතනය වන පරිද්දෙන් නොයෙක් ආකාරයේ අනුමානයන් සහ ප්‍රබන්ධයන් ලෙස සමහර මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති ලෙස ඉදිරිපත් කර තිබුණි. 


තවද 2020.10.14 දින දෙරණ අරුණ වැඩසටහනේ දී අරුණ පුවත්පතේ තිබු වා්රතාවක මෙසේ සඳහන් කර තිබුණි. එහි සඳහන් වූයේ කෝවිඩ් හෙදිය නිසා මඩකළපුව රෝහලේ ඒකකයක් වසා දැමිීමට සිදු වූ බව මෙහිදී වා්රතා කර තිබුණි. කෝවිඩ් වැළඳුණු හෙදිය යන වචනය නොව කොවිඩ් හෙදිය යන වචනය භාවිතා කිරීමෙන් ඔවුන්ට අපහාසයක් සිදුවේ.  ඔවුන් කොන් කිරීමත් එසේම රෝග බෝ කරන පුද්ගලයන් ලෙස හංවඩු ගැසීමත් මාධ්‍යවේදීන් ලෙස නොකළ යුතුය. ඉහත මාර්ගෝපදේශ වලට අනුකූලව කටයුතු කිරීම වැදගත් වේ.

ග්‍රාහක පිරිසවැඩි කර ගන්න මාධ්‍ය අතර තිබෙන දැඩි තරගකාරීත්වය (විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍යවල රේටින් පොරය), ප්‍රාග්ධනය සහ හිමිකාරීත්වය වැනි සාධක නිසාවෙන් අපේම සහෝදර පුරවැසියන් ගැන පරපීඩකයන් හැටියට ක්‍රියා කරමින් නිර්දය ලෙසින් මාධ්‍යකරණයේයෙදීම ගැන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මෙන්ම මාධ්‍ය ප්‍රධාන කාර්යාලවල තීරක මට්ටමේ සිටින කතුවරුන්ට සහ පුවත් අධ්‍යක්ෂකවරුන්ට කිසිම ලැජ්ජාවක නොමැතිව වාර්තාකරණයේ නියැලෙයි. 


කොවිඩ් මාර්ගෝපදේශ අතර සිව්වන නිර්දේශය නම් අවදානමේ ප්‍රමාණය තාක්ෂණික සහ විද්‍යාත්මක කරුණු මත පමණක් පදනම් කර වාර්තා කරන්න. විවිධ පුද්ගලයින්ගේ පෞද්ගලික මත සමාජගත කිරීමෙන් වළකින්න. යන්නයි. 

වහාම ක්‍රියාත්මක වන පරිදි පිළියන්දල පොදු වෙළෙඳ සංකීර්ණය වසා දැමීමට කටයුතු කර තිබුණේ එම වෙළඳ සංකීර්ණය සහ ආශ්‍රිතව සිදුකරන ලද අහඹු පරීක්ෂණ වලින් 101 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම නිසාවෙනි. අහඹු පරීක්ෂණ 300ක් පමණ සිදු කළ බවත් එහි ප්‍රතිඵල අද දිනයේ ලැබුන බවත් ඒ අනුව මෙම ආසාදිතයන් හඳුනාගත් බවත් පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරයි. පිළියන්දල පොලිස් බල ප්‍රදේශය වසා දැමූ අවස්ථාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාද නොදැනුවත්ව එය නැවත විවෘත කිරීමට කටයුතු කර තිබිණි. ඒ සඳහා තමන් ඉල්ලීමක් කළ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ද සඳහන් කරන ලදී. මේ ආකාරයට සිතූ පමණින් තීරණ ගැනීම කළ නොහැකි ය. මේ අවස්ථාවේ තීරණ ගත හැක්කේ දේශපාලන අධිකාරියට නොව සෞඛ්‍ය බලධාරීන්ට ය. එබැවින් එම නිර්දේශයන් කඩ  නොකළ යුතු ය. 

2021.05.04 දින දෙරණ  නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයන්  තුළින් ගාමිණී ලොකුගේ මහතාගෙන් මේ පිළිබඳව විමසන ආකාරය මෙසේ විකාශනය විය.


කොවිඩ් මාර්ගෝපදේශ අතර පස්වන නිර්දේශය නම් නිරෝධායනයට ලක් වන පුද්ගලයින් සහ රෝගීන් ගේ ඡායාරූප/වීඩියෝ පට ඔවුන්ගේ අවසරයකින් තොරව ප්‍රදර්ශනය කිරීමෙන් වළකින්න.


නිරෝධායනයට යොමු කළ යොමුකළ සුදුවැල්ල ප්‍රදේශයේ පිරිස සමඟ ආශ්‍රය කළ පුද්ගලයින් 19 දෙනෙකු ස්වයං  නිරෝධායනයට යොමු කල බව දක්වමින් ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි වන ආකාරයට රූපරාමු පළකරමින් 2020.04.18 අද දෙරණ 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය  ඔස්සේ දක්නට ලැබුණි.


තවත් මේ ආකාරයට 2021.05.13 අද දෙරණ රාත්‍රී 06.55 ප්‍රධාන පුවත් විකාශය  සිදුවීමක් නිරෝධායනයට ලක් වන පුද්ගලයන්ගේ අනන්‍යතාවය හෙළි වන ලෙස දර්ශන යොදා තිබිණි.

 කොවිඩ් වෛරසය හේතුවෙන් ඥාතියෙකු මිය යාම නිසා නිරෝධායනයට ලක් කර ඇති වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක සෙසු සාමාජිකයන් නිරෝධායනය  නීති උල්ලංඝනය කරමින් නිවසින් පිටව යාම සම්බන්ධයෙන් ප්‍රදේශ වාසීන් සෞඛ්‍ය අංශය දැනුවත් කර තිබුණි. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී  එම ස්ථානයට යන විටත් නිරෝධායනයට ලක් කර සිටි  ඇතැම් පුද්ගලයන් නිවසේ සිට නැත.

මාධ්‍ය ආයතන ලාභ ලැබීම හා ඒ ලාභාපේක්ෂාව ඉටුවන දේශපාලන පක්ෂපාතීකම් පවත්වාගෙන යන ආයතනයි. එය ඒ ආයතන හෝ ඒවායේ හිමිකරුවන්ගේ පුද්ගලික දෝෂයක් නොව පුද්ගල ලාභය ඒකායන අරමුණ කරගෙන පවතින සමාජයේ ස්වාභාවයයි. වෙළදපල අල්ලාගැනීම වෙනුවෙන් එකම නිෂ්පාදනය කරන ආයතන අතර ඇත්තේ මහත් වූ තරගකාරීත්වයකි.  මාධ්‍ය ආයතන අතරද පවතින මේ තරගකාරීත්වය ජය ගත යුතුය. ඒ අනුව ප්‍රවෘතියක වැදගත් කම හෝ සත්‍යාසත්‍ය බව ඉක්මවා එය තෙම්පරාදුකර, නැතිනම් විවිධ රසකාරක මගින් පාරිභෝගිකයන් ඇද ගැනීම සදහා මේ වැඩසටහන් සකසන්නන් පුහුණු කර ඇත.


කොවිඩ් මාර්ගෝපදේශ අතර සයවන නිර්දේශය නම් මිය ගිය අයගේ අවසන් කටයුතු පිළිබඳ සංවේදී ඡායාරූප හෝ වීඩියෝ පට ප්‍රදර්ශනය කිරීමේ දී එම දර්ශන බොඳ කොට භාවිතය වඩාත් යෝග්‍ය වේ. යන්නයි.

කොළඹ ජම්පටා වීදියේ අවුරුදු 77ක පිරිමි පුද්ගලයෙක් කොවිඩ් ආසාදනය වීමත් දියවැඩියා තත්ත්වයක් හේතුවෙන් ලේ විෂ වීමකට ලක්ව මරණයට පත් ව තිබේ. ඔහුගේ ආදාහනය සිදු කිරීම සඳහා දේහය ආදාහනාගාරයට රැගෙන යන අවස්ථාව හිරු නාලිකාව 2020.12.08 දින හිරු 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මගින් බොඳ කර විකාශනය කෙරිණි. 


සත්වන කරුණ නම් ජනතාව තුළ වෛරය ඇති වන ලෙස තොරතුරු වාර්තා කිරීමෙන් වළකින්න. යන්නයි.

සිංහල ජනතාවට මෙවර සුපුරුදු පරිදි අවුරුදු කෑමට නොහැකි වුණේ අවසන් වරට වාර්තා වූ රෝගීන් තිදෙනෙකුගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා 2020.04.10 දින දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ වැඩසටහනකදී ප්‍රකාශ කළේය. 

එහිදී එම වැඩසටහනේ නිවේදකයා ලෙස කටයුතු කළ චතුර අල්විස් මහතා එම රෝගීන් පදිංචි ප්‍රදේශ සඳහන් කරන්නැයි විශේෂයෙන් ඉල්ලා සිටි අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නාත්තන්ඩිය, අකුරණ සහ කලුතර වශයෙන් සඳහන් කරද්දී චතුර අල්විස් මැදිහත්ව එය බේරුවල වශයෙන් අවධාරණය කළේය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ කතාවෙන් පසු චතුර අල්විස් පැවසුවේ ”ඔබට එක පාරට කේන්තියක් එනවා ඇති නේද අපට අවුරුදු කන්න තිබිච්ච අවස්ථාව නැතිකළානෙ මේ අවසන් රෝගීන් තුන්දෙනා කියලා. මට ඒ කේන්තිය ආවා, ඔබටත් එනවා ඇති. ඉතිං ඒ කේන්තිය අපට ආපහු මෙතනින් එහාට ගෙනියන්න ඕනෙ නෑ” යනුවෙනි. මෙවන් තොරතුරු ජනතාව අතර වෛරී භාවයන් ඇතිකරලීමට සමත් වේ. එබැවින් මෙවැනි ආකාරයේ ප්‍රකාශයන් නොකළ යුතු ය. 


අටවන කරුණ නම් මෙම ජදඩසා - 19 තත්ත්වය ජන මනසට ආතතිය සහ ඉච්ඡාභංගත්වය ඇතිවන ලෙස නොව අනාගතය සම්බන්ධයෙන් ධනාත්මක බලාපොරොත්තු සහ එකිනෙකා අතර සහයෝගය ඇති වන ලෙස ප්‍රවෘත්ති සහ දැනුවත් කිරීම් ලබා දෙන්න. යන්නයි.


ඉන්දියාව මේ වන විට විශාලා මහ නුවරක් බවට පත්ව තිබේ. අදින් වසර දෙදහස් පන්සියයකට පෙර දීද ඉන්දියාවේ විශාලා මහ නුවර යනුවෙන් හැඳින්වූ භූමි ප්‍රදේශයක මෙවැනිම මහා රෝගයක් පැතිරෙමින් මහා ව්‍යසනයක් සිදුවිය. අදවන විට ද එවැනි තත්ත්වයක් උදා වී පවතී. දිනකට ආසාදිතයන් ලක්ෂ තුන ඉක්මනා වාර්තා වන පසුබිමක රෝහල් ධාරිතාව ඉක්මවූයේ ඉතා පහසුවෙනි. ඉන්පසුව ඇති වූයේ ඔක්සිජන් හිග වීමේ ගැටලුවයි. මහා රාශ්ඨ ප්‍රාන්තයේ රෝහල්වලට අවශ්‍ය ඔක්සිජන් නොමැති වීමෙන් රෝගීන් අපා දුක් විඳින්නට වූ අතර මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන්නට විය.කොවිඩ් තත්ත්වය යටතේ දැඩි සේ පීඩාවට පත්වූ සෞඛය අංශ මේ වන විට දරා ගත නොහැකි තරම් රෝගීන් සංඛ්‍යාවක් හමුවේ තවත් පීඩාවට පත්ව සිටින අතර කොවිඩ් වැලඳීමෙන් අසාධ්‍යව සිටින තම සමීපතමයන්ට කිසියම්ම හෝ ප්‍රතිකාරයක් ඉල්ලා රෝහල් දොරටු අබියස පැය ගණන් හඬමින් වැළපෙමින් සිටින ජනතාව ලක්ෂ ගණනක් වී තිබේ. 

ජන මනසට ආතතිය සහ ඉච්ඡාභංගත්වය ඇතිවන මෙවන් දර්ශන පෙන්වීම මඟින් මිනිසුන් දැඩි ආතතීන්ට ලක් වේ. 


මීට අමතරව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ද කොවිඩ් 19 වාර්තාකරණය පිළිබඳ ව ප්‍රධාන නිර්ණායක 5ක් ඉදිරිපත් කර තිබේ. ඒවායින් කිහිපයක් පහත පරිදි උදාහරණ සහිතව  සාකච්ඡා කළ හැකි ය.


covid - 19 ආසාදිත රෝගියෙකු මිය ගිය අවස්ථාවේ දී විශේෂයෙන්ම විශේෂයෙන්ම ආදාහනය සිදුකරන දර්ශන පෙන්වීමේදී පෙන්වීමේ දී අදාළ දේහය ආදාහනාගාරයට රැ කරන දර්ශන පෙන්වීමේ දී අදාළ දේහය ආදාහනාගාරයට රැගෙන යන අයුරු පෙන්වීම මගින් සහ ආදාහනය කිරීමට සූදානම් වන අවස්ථාවේ දී එම මෘත ශරීරය බහාලූ පෙට්ටිය ආදාහනාගාරයට ඇතුල්කර යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට පෙර අදාල පිරිස් ඇඳ සිටි ආරක්ෂිත කබා සහ අත්වැසුම් ආදිය ඉවත් කර ඒ තුළට දමන දර්ශන මගින් මියගිය පුද්ගලයාට යම් අගෞරවයක් සිදු වන බැවින් එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා අත්‍යවශ්‍ය නම් දේහය සුසාන භූමිය වෙත රැගෙන එන දර්ශන පමණක් විකාශය කරන ලෙස කරනු ලබන ඉල්ලීම.


එය එසේ වුවත් මාධ්‍යයන් මෙම ආචාර ධර්මවලට පටහැනිව ක්‍රියා කරනු ලබයි.


covid --19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ දෙවන මරණය පිළිබඳව මීගමුව මහ රෝහලෙන් වාර්තා විය. මියගිය පුද්ගලයා මීගමුව පෝරුතොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 64ක අයෙකු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය. මොහු මුස්ලිම් ජාතිකයෙකු වුවත් දේහය භූමදානය කිරීමට අවසර තිබුණේ නැත. මුස්ලිම් ජාතිකයෙකුගේ මරණයකදී අනුගමනය කරන චාරිත්‍ර තිබේ. එය කණගාටුවට කරුණකි. නමුත් දේහය ආදාහනයට ගෙන ආ අවස්ථාවේ සිට ආදාහනය කිරීමට සූදානම් වන අවස්ථාවේ දී එම මෘත ශරීරය බහාලූ පෙට්ටිය ආදාහනාගාරයට ඇතුල්කර යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට පෙර අදාල පිරිස් ඇඳ සිටි ආරක්ෂිත කබා සහ අත්වැසුම් ආදිය ඉවත් කර ඒ තුළට දමන දර්ශන සියල්ලම 2020.03.31 දින දෙරණ 6.55 ප්‍රවෘත්ති විකාශය ඔස්සේ විකාශනය විය.


ආදාහන අවස්ථාවන්ට සහභාගී වන පවුලේ ඥාතීන්ගේ අනන්‍යතාවයන් කිසිදු අයුරකින් හෙළි නොවන ආකාරයට දර්ශන යොදා ගන්නා ලෙස කරනු ලබන ඉල්ලීම. 


කොවිඩ්-19 ආසාදිත තෙවන මරණය වාර්තා වීමත් සමඟ එය ආදාහනය සම්බන්ධයෙන් විශාල ගැටලුවකට මුහුණ දීමට සිදුවිය. ඒ සියල්ල ම 2020.04.02 දින අද දෙරණ රාත්‍රී 06.55 ප්‍රධාන පුවත් විකාශය  ඔස්සේ විකාශය  වූ අතර ආචාර ධර්මවලට පටහැනි ආකාරයෙන් මිය ගිය දේහය ආදාහනාගාරය තුළට ඇතුළත් කිරීමේ දර්ශන මෙන්ම ඔහුගේ ඥාතීන්ද ඔහු ජීවත් වූ මරදාන නිවස සමීපව පෙන්වීම දක්නට ලැබුණි. කොවිඩ්-19 පසුතලයේ මෙවැනි නිර්දේශ කඩ නොකිරීමට මාධ්‍ය වගකීම් සහගත විය යුතු නොවේද? ඒ අනුව ආදාහනාගාරයට ගෙන යන මෘතදේහයන් සහ ගෙනයෑමට සූදානම්ව තිබෙනා මෘතදේහයන් පෙන්වීම මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනයන් නොවේද? 


ඇතැම් අවස්ථාවන්හිදී ප්‍රායෝගික තත්වයන් මත නිරෝධායනයට ලක්වන ප්‍රදේශ සහ නිරෝධායනයට යොමු කිරීමට උත්සාහ දරන පුද්ගලයන් හා සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ද ඇතුළත්ව යම් ගැටුම්කාරී මතභේදාත්මක තත්ත්වයන් ඇතිවීමේ ඇතිවීමේ හැකියාවක් පවතී එම දර්ශන විකාශය අත්‍යවශ්‍ය නම් සියලු පාර්ශ්වයන්ගේ ගෞරවය ආරක්ෂා වන ආකාරයට එම දර්ශන විකාශය කරන ලෙස කරනු ලබන ඉල්ලීමක් නිර්නායක අතර පවතී.


අද දෙරණ 2021.05.13 රාත්‍රී 06.55 ප්‍රධාන පුවත් විකාශයහි දී ’දදප සන්නිවේදන ජාලය ඔස්සේ දේවගැතිවරයෙකු විසින් වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක පැවැත්වූ සමූහ යාඥාවකට සහභාගි වීමට පැමිණි කාන්තාවකට කොවිඩ් වෛරසය ඇතැයි තහවුරු වී තිබෙන අතර අදාල කාන්තාව දේව මෙහෙය සඳහා නිවසට පැමිණ තිබෙන්නේ පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්ව ප්‍රතිඵල ලැබෙන්නට පෙරදී ය. ඇගේ සැමියාට ද වෛරසය ආසාදනය වීම හේතුවෙන් අදාල දේව මෙහෙය පවත්වා ඇත. ඒ සඳහා එක් වූ පවුල් 6කට අයත් සාමාජිකයන් දින 14ක නිරෝධනයකට යොමු කිරීමට සෞඛ්‍ය අංශයන් කටයුතු කල බවට මෙහිදී ප්‍රාකාශයට පත් කලේ ය. ’දදප ඔස්සේ දේව මෙහෙය සිදුකල දේව ගැතිවරයා ද එම ස්ථානයට කැදවා ගෙන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරී විසින් ඔවුන්ට ගැටුම්කාරිව බැනවදින ආකාරය දක්නට ලැබුණේ ඉහත ආකාරයට ය.

ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මෑතදී ලහිරු මුදලිගේ සමග කළ ශදමඔමඉැ සම්මුඛ සාකච්ඡාවකදී මේ ගැන හොඳ විග්‍රහයක් කළා. ඔහු කියන හැටියට “ඡ්‍යෂ මහත්තයා කොරෝනා ආසාදිතයි කියා සැක කරන අයකුගේ ගෙදරට එන විට, එන්නේ මාධ්‍ය එක්කර ගෙන. ඒ තමයි පසුගිය දවස්වල අපි දැකපු දේ. මාධ්‍ය ගෙදරට එන පාර පෙන්වනවා. ගේ ඇතුළේ තිබෙන දේ පෙන්වනවා. ගෙදර ඉන්න දරුවො පෙන්වනවා. මේ ආකාරයට පෞද්ගලිකත්වය ගැන කිසිම තැකීමක් නැතිව රටටම පෙන්වනවා.”එසේ කරන්නට කිසිදු සදාචාරමය හෝ නීතිමය අයිතියක් මාධ්‍යවලට නොමැති බව ඔහු අවධාරණය කර තිබේ. “මේක රෝගී තත්ත්වයක්. සමාජයේ හැම පුද්ගලයෙක්ටම පෞද්ගලිකත්වය කියා දෙයක් තිබෙනවා. අප අද දකින්නේ මාධ්‍ය පෞද්ගලිකත්වයට උපරිම අන්දමින් හානි කරන ලෙස හැසිරෙන සැටියි.”


යම් රෝගියෙකු හෝ රෝගී බවට සැක අයකු ගිලන්රථ ආදිය මඟින් යම් ප්‍රදේශයකින් රැගෙන යන අවස්ථාවන්හි දී කිසිදු අවස්ථාවක ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි නොවන ආකාරයට දර්ශන යොදා ගන්නා ලෙස කරනු ලබන ඉල්ලීම.

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිතයා ගේ පියා සහ සහෝදරිය කොරෝනා වෛරස් රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල්ගත කරන අවස්ථාව 2020.03.28  දින දෙරණ මාධ්‍ය නාලිකාව 6ග55 ප්‍රවෘත්ති විකාශය මගින් බොඳ කොට පෙන්වීමත් එදිනම හිරු මාධ්‍ය නාලිකාව මගින් විකාශය කළ 6.55 ප්‍රවෘත්ති විකාශය මගින්  කිසිදු බොඳ කිරීමක් නොමැතිව පෙන්වීමත් දක්නට ලැබුණි.  හිරු නාලිකාව මාධ්‍ය  ආචාර ධර්ම උල්ලංඝණය කර තිබීමත් ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි වන ආකාරයට දර්ශන ගැනීම මගින් ඔවුන් දැඩි අපහසුතාවයකට ද  ලක් වන බව කිව යුතු යග

ඉහත ආකාරයට බලනකල බොහෝමයක් රූපවාහිනී මාධ්‍ය මඟින් කොවිඩ් මාර්ගෝපදේශයන්ට පටහැනිව ක්‍රියා  කරන ආකාරය ඉහත දැක්වූ නිදර්ශන අනුසාරයෙන් තහවුරු වේ.

covid -19 වසංගතයට මුහුණ දුන් බොහෝ පිරිස් සමාජයෙන් යම් අපහසුතාවයකට කොන් කිරීමකට ලක් වී තිබේ. කොරෝනා වැළඳුණු ආසාදිතයින්ට පමණක් නොව ඔවුන්ගේ හිතවතුන්ට නෑදෑයන්ට පවා එවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවන සම්භාවිතාවය අප සමාජය තුළ වැඩිය. බොහෝවිට එම පිරිස් සමාජයෙන් සැඟවී සිටීමට උත්සාහ කරන්නෙත් එම නිසා විය යුතුයි. මේක සමාජයටම බෝවන රෝගයක් වුවත් කොරෝනා යනු ලිංගික රෝගයක් නොවන බව ඔබ අප සෑම දෙනාම තේරුම් ගත යුතු ය.

රට තුළ මේ වනවිට තවත් කොවිඩ්-19 රැල්ලක් හමා යන මොහොතේ දී, මෙම වසංගතය මර්දනය කිරීම සේම, ආසාදිතයන් සහ ආශ්‍රිතයන් කොන් කිරීමේ ආකල්පයක් ඇතිවීම වැළැක්වීම ද වැදගත් බව පැවසිය යුතුම වේ. මන්දයත්, එවැනි කොන් කිරීම් සිදුවන්නේ ද වසංගතය මර්දනයට බාධා එල්ල වීම නිසැක වශයෙන් ම සිදු වන බැවිනි. නමුත් අවස්ථාවන් කිහිපයකදී ම දිවයින කතුවරයා සිරස්තල ඉදිරිපත් කර ඇත්තේ මෙවන් ආකාරයේ පුවත්පත් සිරස්තලයන් ය. කොරෝනා ගැබිනි මව, කොරෝනා සිවිල් ආරක්ෂකයා යනුවෙන් කොරෝනා විශේෂණ පදයක් ලෙස යොදා ගෙන එම පුද්ගලයන්ව හඳුන්වා තිබේ. එය කෙතරම් දුරට සදාචාර සම්පන්න ද යන්න අපට පාඨකයින් ලෙස නැවත නැවතත් සිතා බැලීමට සිදු වේ. මෙහිදී අපට තේරුම් ගත හැක්කේ රූපවාහිනී මාධ්‍ය තුළ පමණක් නොව පුවත්පත් මාධ්‍ය ඔස්සේ ද මෙවන් වූ  මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝණය කර පුවත් වාර්තාකරණය සිදු කරන බවයි. 


2 Comments

Post a Comment

Previous Post Next Post