චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් ආරම්භ වූ covid-19 වෛරසය සංවර්ධන වූ යැයි සංකල්ප ඇති කරගත් රටවල් වලට පැතිරී ගිය මෙම වෛරසය හමුවේ එම රටවල් ආර්ථික, සමාජීය හා අධ්‍යාත්මික වශයෙන් කඩා වැටීමක් සිදු විය. චීනය යනු ලෝකයේ වැඩිම ජනගහනයක් ජීවත් වන රටකි. ඇතැම් විට මෙම වෛරසය චීනයේ ජනගහනය අඩු කිරීමට පරීක්ෂණාගාරයක නිර්මාණය කළ එකක් බව කෙනෙකුට සිතිය හැක. ආසියා මහාද්වීපයෙන් ආරම්භ වූ මෙම වෛරසය ආසියා මාද්වීපයේ පමණක් නොව ලෝකයේ සියලුම රටවල් වල ආර්ථිකය, අධ්‍යාපනය, සංස්කෘතිය බිද දැමීමට සමත් වුණා. මෙම covid-19 වෛරසය එක් පුද්ගලයෙකුට ආසාදනය වී ඇත්නම් එම පුද්ගලයාට මීටරයකට වඩා ආසන්නයෙන් සිටිය හොත් මෙම වෛරසය ආසාදනය වීමට පුළුවන. මෙරටින් ප්‍රථම වරට නව කොරෝනා වෛරසය ආසාදිතයෙකු වාර්තා වූයේ මාර්තු 11 දීය. දැඩි අවදානමකට ලක්ව තිබූ චීනය පසු කාලීනව අවසාන අසදිතයාද සුව විය. චීනයෙන් පසු දැඩි අවදානමකට ලක් වූ රට වන්නේ ඉතාලිය යි. ඉන් පසු දැඩි අවදානමකට ලක් වූ රට වන්නේ ඇමරිකාවයි. ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්රම්ට්ගේ විවිධ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිසා සියලුම රටවල් වල ජනතාවගේ සිත් තුළ හාස්‍ය හා උපහස්ය ජනනය කිරීමට ඔහුට හැකි විය.ඔහු පවසන්නේ තම රට තුළ covid-19 වෛරස අසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම තම රට ලබාගත් ජයග්‍රහණයක් බව ඔහු පැවසීය. එයින් ඔහු උපහාස්යටද ලක් විය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට covid-19 වෛරසය ආසාදිතයෙකු වාර්තා වූයේ මාර්තු 11 දාය. ඊට පසු දින ම ලංකාවේ සියලුම පාසල් වසා තැබීමට පැවති රජය කටයුතු කරන ලදී. මෙම පාසල් නිවාඩුවට හේතුව covid-19 වසංගතය නොව ඊට පසු සතියේ පැවත් වීමට නියමිතව තිබූ දින 3ක ගුරුවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් පැවති රජය අපහසු තාවයට ලක් වේ යැයි සැකයෙන් බව කෙනෙකුට සිතිය හැක.
උණ, කැස්ස, සෙම්ප්රතිෂ්යාව, උගුරේ වියළි බව, ගාද සුවද හඳුනා ගැනීමට අපහසු වීම නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණයන්ය. දිගින් දිගටම ශ්‍රී ලංකාවට විදේශ රටවල සිරවී සිටින ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට පැවති රජය කටයුතු කරන ලදී. නමුත් ගෝලීය වසංගතයක් වූ මෙම වෛරසයේ දැඩි අවදානම නොතකා විදේශ රටවල සිටින ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමෙන් පසුව දින 14ක නිරෝධායනයකින් අනතුරුව නිවෙස් බලා පිටත් කර හැරුණා. මෙසේ ශ්‍රී ලාංකික පිරිස් තම මව් රට අතහැර විදේශ රටවල සේවය කිරීමට යාම ම තරයේ ප්‍රතික්ෂේප කරමි. තම මව් රටේ ඉපදී තමාගේ රටට සේවයක් කර තම මව් රටේ මිය යාම කෙතරම් භාග්‍යක්ද? මේ බව නොදන්නා ශ්‍රී ලාංකික පිරිස් විදෙස් ගතව ඉතාමත් සුළු වැටුපකට සේවය කරන පිරිස් ද අප රටේ ඇත.
මෙම වෛරසයට “නව කොරෝනා” යන නම ලැබී ඇත්තේ 1960 වර්ෂ වලදී මෙවන් ම
වෛරසයක් ලෝකයට දරුණු බලපෑමක් එල්ල කළා. එම නිසා මෙම වෛරසයට නව කොරෝනා වෛරසය යැයි
කියනු ලැබේ. ප්‍රථම වරට
චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් මුල්ම covid-19 වෛරසය අසදිතයා වාර්තා වූ අතර එවිට ම ගුවන්
තොටුපොළවල් වසා දැමීමට තීරණය කළේ නම් මෙම වෛරසයේ ව්‍යාප්තිය යම් ආකාරයකින් හෝ
පාලනය කිරීමට හැකියාව ලැබෙනු ඇත. ශ්‍රී ලංකාවේ covid-19
වෛරසය ව්‍යාප්තිය
අනෙක් රටවලට සාපේක්ෂව තරමක අඩුවක් දැකිය හැක.
එයට හේතුව ශ්‍රී
ලංකාව සමකයට උතුරින් පිහිටීම හ නිවර්තන කලාපයේ පිහිටීමයි.
නිවර්තන
කලාපයේ covid-19 වෛරසය ව්‍යාප්තිය අඩු වීමට ප්‍රධාන හේතුවකි.
නිවර්තන
කලාපයේ ලක්ෂණය වන්නේ අවුරුද්ද මුළුල්ලේ ම ඉතා ඉහළ උෂණත්වයක් පවතින අතර සාමාන්‍ය
උෂ්ණත්වය 18°C කට වැඩිය.
එමනිසා නිවර්තන
කලාපයේ covid -19 වෛරසය ව්‍යාප්තිය තරමක අඩුවක් දැකිය හැක.
නිවර්තන
කලාපයට ඉහළින් පිහිටි සෞම්‍ය කලාපය නිවර්තන කලාපයට වඩා සාමාන්‍ය උෂ්ණත්වය අඩුය.
වර්ෂය පුරා
කාලයෙන් කාලයට උෂ්ණත්වය අඩු වැඩි වීම නිසා ඍතු භේදය පවතී.
එනම් පැහැදිලි
උණුසුම් ඍතුවක් සහ පැහැදිලි ශීත ඍතුවක් පවතී.
මේ නිසා මෙම
සෞම්‍ය කලාපයේ covid-19 වෛරස ව්‍යාප්තිය නිවර්තන කලාපයට වඩා තරමක වැඩි වීමක්
දැකිය හැක. සෞම්‍ය කලාපයට
ඉහළින් පිහිටි කලාපය වන්නේ ශීත කලාපයයි. ශීත කලාපය තුළ උෂ්ණත්වය ඉතා පහළ මට්ටමක
පැවතීම නිසා වසරේ වැඩි කාලයක් තුළ හිම පතනය සහ හිමෙන් වැසී තිබීම මෙම කලාපය තුළ
දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණ වේ. එම නිසා සෞම්‍ය
කලාපයට වඩා covid-19 පැතිරීම වැඩිය. මෙවන් වසංගතයක පැතිරීම අඩු නිවර්තන කලාපයේ
ඉපදීමට ලැබීම කෙතරම් භාග්‍යක්ද? ඉහත සදහන්
පරිදි දේශගුණික කලාප වලින් පැහැදිලි වන්නේ උෂ්ණ දේශගුණ පවතින රටවලට covid-19වෛරස ව්යාප්තියඅඩු බව
දැක ගත හැක. ශ්‍රී
ලංකාවෙන් covid-19 අසදිතින් දිනකට 10-15
ක් වාර්තා
වෙද්දී ඇමරිකාවෙන් covid-19 ආසාධිතයන් 3000-4000 පමණ වාර්තා වෙයි.
ඇමරිකාවෙන්
වාර්තා වන සාමාන්‍ය කොරෝනා ආසාදිත
මරණ 2400 පමණ සිදුවේ
යැයි සිතමු. දිනකට විනාඩි
1440 පවතී.එනම් සාමාන්‍යයෙන්
විනාඩි 3කට වරක් රෝගීන්
2කු මිය යයි.
ශ්‍රී ලංකාවට covid-19 වෛරසය පැමිණීමට ප්‍රථම ද ශ්‍රී ලංකාවේ නිරෝධායනයට යැයි මධ්‍යස්ථාන පිහිටුවා තිබුණි. නමුත් වෙනත් කිසිම රටක නිරෝධායනයට යැයි කියා නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා නොතිබුණි. මෙසේ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමේ අරමුණ විදෙස් ගතව සිට පැමිණි අයගේ සිරුරේ covid-19 ආසාදනය වී ඇත්දැයි දැන ගැනීමයි. නිරෝධායන කාල සීමාව දින 14කි. නිරෝධායන වී නිවෙස් බලා ගිය පුද්ගලයෙකුට covid-19වෛරසය ආසාදනය වී ඇති නිසා නිරෝධායන කාල සීමාව දින 21ක් විය.මෙසේ නිරෝධායනය වීමට දින 21 ක් ගත වේ. නමුත් ගුවන් තොටුපොළේ දී PCR පරීක්ෂණයක් සිදු කර පසුදා ලැබෙන ප්රතඵලය positive වුවහොත් එදිනම ඔහුට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවිය යුතුය. PCR පරීක්ෂණයේ ප්‍රතිඵලය positive යනු රෝග ලක්ෂණ නොමැතිව ශරීරයේ රෝගය පවතින බවයි. PCR පරික්ෂණයේ ප්‍රතිඵලය negative වුවහොත් ඔහුට නිවස බලා පිටත් විය හැකිය. PCR පරීක්ෂණයේ negative ප්‍රතිඵලය යනු වෛරසය ආසාදනය වී නොමැති බවයි.
කොරෝනා වෛරසයේ
රෝග ලක්ෂණ වන උණ, කැස්ස,
සෙම්ප්‍රතිශ්‍යාව,
උගුරේ වියළි
බව යන රෝග ලක්ෂණ තමන්ට වැළඳී ඇත්නම් ළගම ඇති රෝහලට යන ලෙස ජනමාධ්‍ය තුළින් ජනතාව
විටින් විට දැනුවත් කළා. ත්‍රිවිධ
හමුදාව හා පොලීසිය සීරුවෙන් සිටියා. ඇදිරි නීතියක් ක්‍රියාත්මක වූ අතර වුවද සමහර
මිනිසුන් තම තමන්ගේ පුද්ගලික කාර්යයන් ඉටකරගැනීමට නීතිය කඩ
කිරීමටද පෙළඹීය. මෙසේ නීතිය කඩ
කරන්නන් අත්අඩංගුවට ගැනීමටද වාහන නිරෝධායන
කටයුතු සඳහාද යොදා ගැණිනි. covid-19 යනු වෛරසයකි. වෛරස් ආසාදන සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේදී
ඖෂධ නැත. නමුත් සෙම්ප්රතශ්යාව
වැනි වෛරස් රෝග සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ඖෂධ ලබා දෙයි.
ඒ වෛරස්
ආසාදනයෙන් පසු ඇතිවන බැක්ටීරියා ආසාදන සඳහා ය. බටහිර වෛද්‍ය විද්‍යාවේ
නොමැති වුවත් දේශීය වෛද්‍ය විද්‍යාවේදී ඖෂධ ලබා දෙන්නේ වෛරස් ආසාදන සඳහා ය.
covid-19 වෛරසය හෙවත්
නව කොරෝනා වෛරසය සදහා දේශීය ඖෂධ
වට්ටෝරුවක් පහත දැක්වේ.
v
කොත්තමල්ලි
v
බිං කොහොඹ
v
කටුවැල් බටු
v
අමුකහ
v
පත්පාඩගම්
v
පාවට්ටා මුල්
v
දේවදාර මුල්
v
එළබටු මුල්
v
වෙනිවැල්ගැට
v
වදකහ
මෙම බෙහෙත් වට්ටෝරුව සමව ගෙන තම්බා දිනකට අඬු කෝප්පය බැගින් පානය කිරීමෙන් covid-19වෛරසය පාලනය කළ හැකි බව දේශීය වෛද්‍ය මතයයි.
covid-19 වෛරසයෙන් ආරක්ෂා වීමට ගත යුතු පියවර හා ගත යුතු ආහාර වර්ග ලෙස,
IDH රෝහලෙන්
උපදෙස්
1. විටමින් C-1000
පෙත්තක් ගන්න.
2.
විටමින් E
පෙත්තක් ගන්න.
3.
උදෑසන 10-11 අතර විනාඩි 10-15 හිරු එළියට නිරාවරණය
වන්න.
4.
බිත්තර එක්
වතාවක් ගන්න.
5.
විවේකයක් ගන්න.
(පැය
7-8කට වතාවක්)
6.
දිනකට ජලය
ලීටර් 1.5ක් පානය කරන්න.
7. සෑම ආහාර වේලක්ම
උණුසුම් විය යුතුය.(සීතල නොවිය
යුතුය.)
කොරෝනා වෛරසය
සඳහා pH අගය 5.5 සිට 8.5දක්වා වෙනස් වන අතර
කොරෝනා වෛරසය පරාජය කිරීම සඳහා අප කළ යුත්තේ වෛරසයේ pH
මට්ටම වඩා
වැඩි ක්ෂාරීය ආහාර පරිභෝජනය කිරීමයි.
ඒවායින්
සමහරක්:
Ø
ලෙමන් -2.34_1.8pH
Ø
දෙහි -1.8pH
Ø
අලිගැටපේර-15.6pH
Ø
සුදුළූණු -13.2pH*
Ø
අඹ -8.7pH
Ø
ටැංජරීන් -8.5pH
Ø
අන්නාසි -12.7pH
Ø තැඹිලි -9.2pH
ඔබට කොරෝනා වෛරසය වැළඳී ඇති බව දැන ගන්නේ කෙසේද?
උගුරේ වේදනාව
වියළි උගුර
වියළි කැස්ස
ඉහළ උෂණත්වය
හුස්ම හිරවීම
සුවඳ හා රසය නැතිවීම.
එබැවින් ඔබ මේ දේවල් කෙරෙහි අවධානය යොමු කරන විට ඉක්මනින් ලෙමන් සමග උණුසුම් ජලය ගෙන පානය කරන්න.මෙම තොරතුරු ඔබටම තබා නොගන්න. ඔබගේ සියලු පවුලේ අයට සහ මිතුරන්ට දෙන්න. පරිස්සම් සහ ආරක්ෂිතව සිටින්න.
ඉහත සඳහන් කරුණු පිළිපැදීමෙන් covid-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කළ හැකි බව මට සිතුනි. වියට්නාමය රටේ ආසදිතයින් වාර්තා වන්නේ අවම වශයෙනි. සුවය ලබා පිටව යන්නන් ඉන් අඩකටත් වඩා වැඩි ය. සිදුව ඇති covid-19 මරණ වාර්තා වන්නේ නැත.මෙයට හේතුව වන්නේ කුමක්ද? එයට හේතුව විනයයි. එනම්,මිනිසුන් මීටරයක පරතරයක් තබා ගැනීම, අනවශ්‍ය ලෙස සෙනඟ ගැවසෙන ස්ථානවලට නොයාම, තදබදය ඇතිවිට පොදු ප්‍රවාහන සේවා භාවිතයෙන් වැළකීම යන කරුණු විය හැක. මෙසේ ශ්‍රී ලාංකික මිනිසුනට විනයක් පවත්වා ගත නොහැක්කේ මන්ද?
ශ්‍රී ලංකාවට covid-19 වෛරසය පැමිණීමෙන් පසු එහි ව්‍යාප්තිය මුල් අවදියේදී තරමක අඩුවක් දැකගත හැකිවිය. පසුව දිනකට covid-19 ආසාදිත රෝගීන් 50-60 පමණ වාර්තා විය. වැලිසර යුධ හමුදා කඳවුරේ නිවාඩු ලබා සිටි සෙබළෙකු නැවත සේවයට වාර්තා කරද්දී උණ හා කැස්ස යන රෝග වැළඳී තිබූ නිසා ඔහුව PCR පරීක්ෂණයකට යොමු කළා. එහිදී ඔහුට covid-19ආසාදිත බව තහවුරු වුණා. ඉන් පසු වැලිසර යුධ හමුදා කදවුර හුදකලා ප්‍රදේශයක් බවට පත් කිරීමට කටයුතු කළ අතර එහි සිටි වීරෝධාර රණවිරුවන් PCR පරීක්ෂණ වලට යොමු කිරීමෙන් රණවිරුවන් 60 පමණ covid-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. නිවාඩු ලබා සිටි වීරෝධාර ත්‍රිවිධ හමුදා සෙබළුන් නැවත සේවයට ගෙන්වා ගැනුණා. ඉන්පසු ඔවුන්ව PCR පරීක්ෂණ සිදුකර ඔවුන්ට covid-19 ආසාදනය වී ඇත්දැයි සොයා බැලුණා. වැලිසර නාවික හමුදා සාමාජිකයින්ට covid-19 ආසාදනය වී තිබුණා. නාවික හමුදා සෙබළුන් 900කට පමණ covid-19 වෛරසය ආසාදනය විය. අප්‍රේල් මාසයේ සිට සමාජයෙන් covid-19 ආසාදිත රෝගීන් වාර්තා වූයේ නැත. වාර්තා වූ ආසාධිතයින් වැලිසර නාවික හමුදා කඳවුරේ වීරෝධාර සෙබළුන් හා ඔවුන් අසලින් ආශ්‍රය කළ පුද්ගලයින් වීම විශේෂත්වයකි. මාස 3කට අධික කාලයක් පාසල් වසා තැබීමට නව කොරෝනා වෛරසය හෙවත් covid-19 වෛරසය සමත් විය. 7ක්ව පැවති නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 11ක් දක්වා වැඩි වූ බව දැනගන්නට ලැබුණි. මෙම කොරෝනා මරණ සංඛ්‍යාව මුළු ආසාදිතයින්ට සාපේක්ෂව 0.8% කට වඩා අඩු ය. covid-19 ආසාදිත රෝගීන් වාර්තා වීම වැඩිම රට වන්නේ ඇමරිකාවයි. දෙවනියට කොරෝනා ආසාදිතයින් වාර්තා වීම වැඩි රට වන්නේ බ්‍රසීලයයි. පස් වෙනියට වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වීම වැඩි රට වන්නේ අසල්වැසි ඉන්දියාවයි. මිනිසුන් නිවෙස් වලම සිටි නිසා නිවසට පරිභෝජනයට අවශ්‍ය එළවළු ගෙවත්තේම වගා කළා. වෛරසයේ ආරම්භය සිදුවූ චීනයේ අවසාන රෝගියා සුව වුවද covid-19 වෛරසයේ දෙවන රැල්ලක් ඇතිවෙමින් පවතී. චීනය මෙම covid-19වෛරසයේ දෙවන රැල්ල සාර්ථකව පාලනය කළ බව චීන රජය පවසයි. covid-19 වෛරසය පාලනය කළ සාර්ථකම රට ශ්‍රී ලංකාව යන නාමය ලෝකයේ රැව් පිළිරැව් දෙනු ඇතැයි මට සිතේ. ඉතිහාසයේ රන් අකුරින් මෙසේ ලියවෙනු ඇතැයි මට සිතේ.
“එක පුංචි වෛරසයක් තිබුණා. ඒ වෛරසය මුළු ලෝකයම වෙලා ගත්තා. ඒ වෛරසය ලොකු ලොකු රටවල්වලටත් පාලනය කරගන්නට බැරි වුණා. ඉන්දියන් සාගරයේ එක පුංචි රටක් තිබුණා. ඒ රටේ මිනිස්සු නිවෙස් වලටම වෙලා සිටියා. ගෙදර හැමෝම ඉන්න නිසා සහයෝගය වැඩි වුණා. අතම්මල දරුවන්ට පරණ කතන්දර කියලා දුන්නා. මිනිස්සු නිහැඬියාව අතරින් සොබාදහමට කන් දුන්නා. පොලීසිය හා තිවිධ හමුදාව සීරුවෙන් සිටියා. එනිසා ඒ නිසා මේ වෛරසය මේ රටේ මිනිසුන්ට පැරදුනා.”
-නිමි-
Good Job 👌👌👌
ReplyDeleteNice work.. 👍👍👍
ReplyDelete👍👍👍👍👌
ReplyDelete👍👍👍👍👍
ReplyDeletegood job.keep it up💐
ReplyDeletewooow. 😘
ReplyDeleteNiyamaii🙂
ReplyDeleteFt
ReplyDeletePost a Comment