සුදු ඇඳගෙන කළු ඇවිදින්
අපිනං තෙමෙයි වැස්සට 😏❤️
සහය අධ්‍යක්ෂණය තරංග නිරිඇල්ල, නිෂ්පාදන කළමනාකරණය මලිත් පීරිස්, සංගීතය දිනේෂ් සුබසිංහ, ගී පද නුවන් ලියනගේ, ගී තනු හා ගායනය අජිත් කුමාරසිරී, ඇඳුම් නිර්මාණය ලක්මා වීරසේකර, වේෂ නිරූපණය ශාලිත ගුණවර්ධන, කලා අධ්‍යක්ෂණය අජන්ත අලහකෝන්, සංස්කරණය ශාන් අල්විස්, කැමරාව සිසිකිරණ පරණවිතාන, නිෂ්පාදනය මංජුල කැකුලාවල, නදුනි රෝස්මරිනා සහ ධනුෂ්ක කරුණාතිලකය. ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ රචනය සහ අධ්‍යක්ෂණය සුනිල් කෝස්තාය.
ඇත්තටම මේ කතාව ගැන කියනවා නම්.....
“සුදු ඇදගෙන කළු ඇවිදින්” ටෙලි නාට්‍ය දෘෂ්ටිමය වශයෙන් ඉතා ඉදිරිගාමී ආස්ථානයක පැවතීම ද වැදගත්ය. පවතින සිස්ටම් එකට අභියෝග කිරීම බොහොම ලෙහෙසි පහසු කාර්යකි. "සුදු ඇදගෙන කළු ඇවිදින් " ටෙලි නාට්‍ය පවතින සිස්ටම් එකට කුළුගෙඩි පහර දුන්නත් ඒ සියල්ල ඉතා සෞම්‍ය විය, මිහිරි විය, සිනහවෙන් මිරිකී ගියේ ය. බ්ලැක් කොමඩි ලක්ෂණ මෙකී නිර්මාණයෙහි දැකිය හැකිය. අසම්මත නාට්‍යමය ලක්ෂණ බහුල විය. වේදිකාවත් රූපවාහිනී තිරයත් අතර යම් නාවාතැන් පොළක නිර්මාණය නතර වී තිබුණි. නිරන්තරයෙන් අලුත් විය. කුතුහලට රදවා තබා ගැනීමට සමත් විය. ඉතා රසවත්ව, වින්දනාත්මකව රසවිදීමට හැකියාවක් පැවතුණු නිර්මාණයෙහි දෘෂ්ටිමය තලය කිසිලෙසකින් පහත හෙළිමක් නිර්මාණකරු විසින් සිදුනොකර සිටීම අගය කළ යුත්තකි. පළමු කොටසේ සිට අවසන් කොටස දක්වාම යම් ඒකමිතියක් දැකිය හැකි විය. ඇතැම් දේ දේශපාලනික විය. ඇතැම් දේ හාස්‍යජනක විය. ඇතැම් දේ ඛේදාන්ත විය. විනාඩි කිහිපයක් රූපවාහිනී තිරය සමග සිනහ සළමින් සිටින ප්‍රේක්ෂකයාට තමන්ගේ හදවත සමගම සරදම්කාරී සිනිහවක නිමග්නව සිටි බව සිහිපත්වන්නේ නාට්‍ය නැරැඹීමෙන් පසුවයි.
“සුදු ඇදගෙන කළු ඇවිදින් ” අපේ රට වගේ යනුවෙන් හදුන්වා දීම ඉතාමත් නිවැරැදිය. වැලි ජාවාරම්, අධ්‍යාපනය විකිනීම, ජාතිවාදය, වර්ගවාදය, කුලවාදය, මෝඩකම, රැවටීම, ප්‍රේමය, විදදරා ගැනීම මේ ආදී එකී මෙකී සෑම මනෝභාවයක්ම මෙහි දකින්නට හැකි විය. නාට්‍යයට වස්තු විෂය වන්නේ කොළඹින් ඉතා ඈත වූ පිටිසර ගමක් වුවද එහි සාකච්ඡා කරන දෑ කිසි ලෙසකින් අපගෙන් දුරස් ථ දේ නොවීය. ප්‍රේමය සොයා යාම, ප්‍රේමය හමුවූ මොහොතේම විරහව ඇති වීම, ජීවිතයේ අවසන් මොහොත දක්වාම අපේක්ෂා සහගත වීම, එහෙත් ඒවා ඉටු නොවීම යනාදිය අප නිරන්තරයෙන් අත් දකින, විදින සාමාන්‍ය ජීවිතයේ ඛේදාන්තය සිනාමුසු මුහුණින් නැරැඹීට අවකාශ සකස් කර දී තිබුණි. එය වස බදුනක් අතට දී එය සිනාමුසු මුහුණින් බොන්නට යැයි කියන කුරිරු විහිළුවක් මෙන් ය.
ආකෘතිමය වශයෙන් ද ඉතා වෙනස් අත්දැකීමක් බවට “සුදු ඇදගෙන කළු ඇවිදින් ” පත් විය. සෑම ප්‍රේක්ෂක පිරිසකටම ගෝචර වන අයුරින් නිර්මාණය ගලා යමින් තිබුණි. කලා භාවිතාව පිළිබදව සාම්ප්‍රදායික මතවාද බිදවැටෙමින් බිහිවෙමින් පවතින යුගයක රූපවාහිනී තිරයක් අභිමුව සිටිමින් කලාව පිළිබදව සාකච්ඡා කිරීමට ලැබීමත් ඉතාමත් මහගු කාර්යක් වනු ඇත.
ඒ විතරක් නෙමෙයි... වත්මන් සහ අනාගත පරම්පරාවේ රස වින්දනයේ යහපත උදෙසා 'යහපත් කලාවක් ' සමාජගත කිරීමේ ගංකාරයින්ගේ ප්‍රයත්නය අති සාර්ථක කරවමින් සුමති සම්මාන උළෙලේදී ඉතිහාසයේ වැඩිම ජනතා මනාප ප්‍රමාණයක් වන ඡන්ද 1,199,219 ක් ලබා ගනිමින් සියලු ටෙලි නාට්‍ය අභිබවා වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය බවට පත් වූ "සුදු ඇඳගෙන කලු ඇවිදින්" ටෙලි වෘතාන්තය, රයිගම් සම්මාන උළෙලේදී ද වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ලෙසින් ද කිරුලු පළඳවා තිබේ.
ජනප්‍රිය සියල්ලම හොද වන්නේ නැත. හොද සියල්ලම ජනප්‍රිය වන්නේ ද නැත. විජයකුමාරතුංග මෙන්ම එච්.ආර්. ජෝතිපාල යන දෙදෙනාම මිනිසුන් හදවත්තුළ රැදෙන්නේ ජනප්‍රිය පුද්ගලයින් වශයෙන් ය. පණ්ඩිත අමරදේවයන් ජනප්‍රිය රැල්ලේ ගායකයෙක් නොවීය. කේමදාස මාස්ටර්ගේ සංගීතය ශාස්ත්‍රීය වශයෙන් වැදගත් වුව ද ජනප්‍රිය රැල්ලේ එකක් නොවීය. ජනප්‍රිය වීමේ ගුණය එකකි. ගුණාත්මක වීම තවත් ගුණයකි. මෙම ගුණයන් දෙකම එකම නිර්මාණයක දක්නට හැකිනම් එය දුර්ලභ වාසනා ගුණයකින් යුක්ත විය යුක්තකි.
Keep it up Good Luck 😍
ReplyDeleteGreat
ReplyDeleteSuper
ReplyDeleteNiyamaai..
ReplyDeleteEla❤
ReplyDeleteGreat ❤️
ReplyDelete👍
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👍
ReplyDelete😍😍👌👌
ReplyDeleteGreat article 😍
ReplyDeleteKeep it up.
Good job!❤️
ReplyDelete😍🎉️🎉️🎉️❤️
ReplyDelete🤟😍
ReplyDeleteNiyamaii
ReplyDelete😍👍
ReplyDeleteNice 👌👌👌
ReplyDelete👍👍👍👍👍
ReplyDeleteNiyamai
ReplyDelete👍👍👍👍
ReplyDelete💪❤️💪
ReplyDeleteKiyanna deyak ne Supirima Drama ekak...
ReplyDeleteNiyamay akka
ReplyDeletePost a Comment