වෙසක් සද යට වෙසක් පහනක වසන් වූ තතු නව ඇසින්


වෙසක් සද යට වෙසක් පහනක වසන් වූ තතු නව ඇසින්...



     චායාරූපයක් ගත් කල එය විවිධ අංශයන් යටතේ වර්ගීකරණය කෙරේ. එනම් වාර්තාමය චායාරූප, නිර්මානාත්මක චායාරූප සහ කලාතමක චායාරූප වේ. මේ චායාරූපය කලාතමක චායාරූපයක් ලෙස හදුනා ගත හැකිය. මන්ද එය  ආද්‍යාත්මික ස්වරූපයක් ගනු ලබන අතර රසිකයාගේ ආද්‍යාත්මය සමග සෘජුවම ගනුදෙනු කර සිතුවිලි වලට සියුම්ව අතපොවන්නා වූ  වූ බැවිනි.  සැබවින්ම කලාත්මක ඡායාරූප ශිල්පිය දෘශ්‍ය කලා ඉතිහාසය, වර්ණ සිද්ධාන්ත, සම්පිණ්ඩණය,ආදී දෘෂ්‍ය කලා රීති,මනාව ප්‍රගුණ කළ යුතුයි.

මෙම චායාරූපය ගත් කල වෙසක් සමයේ බහුලවම ලොකු කුඩා සියල්ලන්ගේම නෙතට හසුවන වෙසක් කුඩුවක දර්ශනයක් දැකිය හැකිය. නමුත් එය චායාරූපයට හසු කරගත් කලාකරුවා වෙනස් වූ කෝණයක් උපයෝගී කරමින් කලාත්මක බව ඔප් නැන්වීමට කටයුතු කර ඇති බව පෙනේ..

කොතරම් හොඳින්අවස්ථාවට ගැලපෙන අයුරින්කැමරාව සකස් කරගන්නටයම් ඡායාරූප ශිල්පියෙකු දක්ෂ වුවද කැමරාවේ දසුන් කවුලුවෙන් දකින දර්ශනයෙහි අනවශ්‍ය දේ කැපී ඉවතට යන ලෙසත්,ඒ දර්ශනයෙහි, වර්ණ, හැඩතල, රේඛා ආදිය රිද්මයකට අනුකූලව මතු කරගෙන එහි සුන්දරත්වය නිරූපනය කරන්නටත් ඔහුට නොහැකි නම් ඔහුගේ ඡායාරූපය මනා ආලෝක තත්වයෙන් යුතු නීරස දසුනක් වනු ඇත.

රාත්‍රී ආලෝකය සමග විද්‍යුත් ක්ශනික ආලෝකය මුසු කරමින් මෙම චායාරූපය ගෙන ඇති අතර හුරු පුරුදු දේ
නුහුරු නුපුරුදු ලෙස දකිමින් සහ භාවයන් උත්තේජනය වන අයුරින් මෙන්ම උද්දීපනයෙන් හැඟීම් කුලුගැන්වීමට සමත් චායාරූපයක් හැටියට මෙය හදුනා ගත හැකිය.

දෘශ්‍ය කලා රිතීන් අතර ස්වර්ණමය රීතිය යනු මිනිසා ඇසෙන් තොරතුරු ලබා ගන්න ආකාරයට බලපාන
ස්වභාව ධර්ම නීති ඇසුරෙන් සකස් වුණ සම්මතයකි. ඡායාරූපයක තියන වැදගත්ම කොටස, නිතැතින්ම අපේ ඇහැ යන ස්තානයට යොමු කල යුතුය. මෙහිදී  ස්වර්නමය රීතිය නොහොත් golden point ‍යොමු වී ඇත්තේ වෙසක් පහන් කූඩුවෙහි උඩ සහ යට විවර වූ හිස් අවකාශය වෙතය. 

මේ චායාරූපය දුටු විගසම නිසැක වශයෙන්ම නෙත් සිත් පහන් සංවේගයට පත් වේ.. මන්ද  මේ රැලි සමූහයෙන් කිසිදා නිමා නොවන සංසාර චක්‍රය සනිටුහන් කරන බැවිනි. එපමණක් නොවේ. අටපට්ටමක් ලෙසට නිර්මාණය වූ මෙම වෙසක් කූඩුවෙහි සමචතුරස්‍රාකාර හැඩ සතරින් උතුම් වූ ආර්‍ය සත්‍ය සතර පෙන්නුම් කෙරේ.. ත්‍රිකෝණාකාර හැඩ අටෙන් අටලෝ දහම දර්ශනය කරවයි.. එසේම මෙහි උඩ සහ යට ඇති හිස්වූ ස්වරූපය සැමටම පොදු ධර්මතාවයක් වන උප්පත්තිය සහ මරණය පිලිබදව සහෘදයා හට පසක් කර දෙයි. මරණය සියළු සත්ත්වයාට පොදු ධර්මතාවකි. බෞද්ධ දර්ශනයට අනුව සවිඤ්ඤාණික සියලූ සත්වයා මැරෙමින් ඉපදෙමින් කෙළවරක් නොමැති සංසාරයේ ගමන් කරයි. සත්වයා ඉපදීම ද මරණය ද ස්වභාවය කොට ඇත්තාහ. නොමැරී ජීවත් වන සදාකාලික සත්වයකු සොයා ගැනීමට නොහැකි ය.

ඇස මුල් කරගෙන දෘශ්‍ය රූප රස විඳින විට වර්ණ වලට ප්‍රධාන  තැනක් හිමිවෙයි. මෙම චායාරූපයෙහි බැලූ විගසම කහ වර්ණයෙන් නෙත් පිනා යයි.
වර්ණාවලියේ කහ වර්ණයට ප්‍රතිවිරුද්ධ වර්ණයක් වන කලු පැහැය පසුබිමේ තිබෙන නිසා කහ වර්ණය මතු වී පෙනේ. සදහම් ගුණ කද , උතුම් වූ නිර්වානය පිලිබදව  නැවත නැවතත් මනසේ තැන්පත් කරන්නට කහ වර්ණය සමත් වී ඇත. දැවෙන දුක් ගිනි නිවන නිවනට පින්සිතුවිලි පහදා  දෙමින්  බුදු සමිදු දෙසු බණ  කැටි කොට ධර්මයේ ප්‍රතිමූර්තියක් විලසින් වෙසක් කූඩුව  චායාරූපයට හසුකර ගෙන තිබේ..

16 Comments

Post a Comment

Previous Post Next Post