නුඹ රකීවා දෙවි සිව් වරම්

 නුඹ රකීවා දෙවි සිව් වරම්



නිල් අහස සොදුරුද මොන තරම්
මට නුඹත් සොදුරුයි ඒ තරම්..
මහ සයුර ගැඹුරුද මොන තරම්
මගෙ සිතත් ගැඹුරුයි ඒ තරම්..
මද පවන සිසිලද මොන තරම්
නුඹෙ සිතත් සිසිලයි ඒ තරම්..
මගෙ සෙනෙහෙ නොදනිමි මොන තරම්..
නුඹ පමණි දැනුනේ මේ තරම්..
නුඹ රකීවා දෙවි සිව් වරම්...

4 Comments

Post a Comment

Previous Post Next Post