සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ
තත්පරයෙන් තත්පරය මොහොතින් මොහොත දියුණුවන්නා වූ මේ ලක් ධරණි තලය අතිශයින්ම සුන්දර වූ මාතෘ භූමියකි. එවන් වූ මාතෘ භූමියක ජන්මලාභය ලැබීමට ද අප වාසනාවන්ත වී ඇති බව සැබෑ වුවත් දියුණුවේ අන්තය කරා දිව යන්නා වූ මේ ලක්දිව් තලය දිනෙන් දිනම විනාශ මුඛය කරා අද වන විට පත්ව ඇති බව කීම අතිශයින්ම කණගාටුදායක කරුණකි. පරිසරය යනු මුළු මහත් විශ්වයේම ජීවය යි. පරිසරයෙන් තොර මානව ප්‍රජාවක් ලොවෙහි නැත. අද වන විට මුළු මහත් ලෝකය ම පරිසරය පණ මෙන් රැකීමට පෙළඹී ඇත්තේ සැබැවින් ජීව පණ සේ ම පරිසරය වැදගත් වන්නා වූ බැවිනි. පරිසරය විනාශය යනු මානව ප්‍රජාව ගේ අවසානය යි. එම නිසාම මුළුමහත් ලෝකයම පරිසරය රැකීමට රිසි ලෙස අවසානයක් නීති මගින් ද සම්පාදනය කොට හමාරය.
ජුනි 05 දිනය කවරක්දැයි ඔබ කවුරුත් නිසැකයෙන් ම දන්නා කරුණකි. හුදෙක් එය ලාංකීය ජනයා සැමරීමේ දිනයක් ලෙසින් නම් කර තිබුණත් ඒ පාරිසරික දිනය වූ කලී නිබඳවම අප පරිසරය ආරක්ෂා කිරීමට යොදාගත් දිනයක් මිසක සැමරීමේ දිනයක් නොවෙයි. ජුනි 5 වශයෙන් පාරිසරික දිනයක් පැවතුණත් ඒ දිනට හෝ පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් දායක වන්නේ කීයෙන් කී දෙනා ද කියා සැක සහිතය.
මිහිතලය මත ජීවත් වන ප්‍රබලතම සත්ව විශේෂය ලෙස මිනිසා දිනෙන් දින සුඛෝපභෝගී ජීවිත අපේක්ෂාවෙන් විවිධ නිෂ්පාදන කරමින් දියුණු වීමට ගනු ලබන උත්සාහය නිබඳවම මීට හේතු කාරණා වේ. ස්වභාවික සම්පත් උපයෝජනය පමණ ඉක්මවා යන විට පාරිසරික ගැටලු උද්ගත වේ. ජනයාගේ අවශ්‍යතා හා වුවමනා දිනෙන් දින වැඩිවන විට නිෂ්පාදනයන් ද අතිරික්තයක් දක්නට ලැබෙයි. කර්මාන්ත ශාලාවලින් නිෂ්පාදනය වන්නා වූ මිනිස් අවශ්‍යතාවයන්ට වුවමනා දේ පරිසරයට කෙතරම් බලපෑම් කරනවාද කියා ඔබ දන්නවාද?
සමාජ විද්‍යාඥයින් පෙන්වාදෙන පෙන්වාදෙන ආකාරයට 2050 වන විට ලෝක ජනගහනයෙන් බිලියන 9.6 පමණ වන අතර ඊට සාපේක්ෂව ජලය, වායුව, පස සේ ම ගහ කොළ ද ප්‍රමාණවත් නොවේ. මිනිසා විසින් තිරසර පදනම් නොමැති අති පරිභෝජනයක් පරිසර සම්පත් විනාශයක් නිසා මෙම මිහිතලයේ ජීවත් වීම අනතුරුදායක තැනක් බවට පත් වෙමින් තිබේ.
මිනිසුන් විවිධ කෘෂිකාර්මික කටයුතු සඳහා බෙහෙවින්ම කෘමිනාශක ආදිය යොදා ගන්නා අතර කෙතරම් හානිකර ද්‍රව්‍යයක් දැයි ඔවුන් සිතන්නේ නැත. ඒවා ජලයට එක්වී කෙතරම් මිනිස් ජීවිත ප්‍රමාණයක් දැනට අහිමි වී ඇත්ද...පානීය ජල සම්පත් ප්‍රමාණයෙන් පිරිසුදු ජලය ඇත්තේ 2.3 කි. එපමණක් නොවෙයි වන විනාශය ද සීඝ්‍රයෙන් පැතිරෙන බව ඔබ අපට නොරහසකි. ලංකාවේ වනගහනය ගතහොත් 29%කි. අනෙක් ප්‍රදේශ එළිපෙහෙළි කර නිවාස තනා නගර බවට පත්කරගෙන ඇත.
පරිසරයේ තුල්‍යතාවය රැකදෙන කාබන් චක්‍රය, ඔක්සිජන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය, ජල චක්‍රය ක්‍රමානුකූලව වෙනස් වෙමින් පවතී. එම නිසා පරිසරයේ තුල්‍යතාවය පවත්වා ගැනීමට වායුගෝලයේ සහ ජලය හා පෘථිවි පෘෂ්ඨයේ සංයුති වැදගත් වෙයි. එය බිඳ වැටීම තුළින් මිනිසාගේ සෞඛ්‍ය පිරිහීම ශාකවලට හානි පැමිණීම, ලවණතාවය වැඩි වීම, පාෂාණ ජීරණය, නියග, ගංවතුර, සමේ පිලිකා ඇති වීම, ඇස් අන්ධවීම, සුළි සුළං, සුනාමි වැනි දෑ දිගින් දිගටම සිදු වේ. එසේ ඇතිවන දේශගුණික විපර්යාසයන් ලෝකයේ බලවත් රාජ්‍යවල ඇමරිකාව. සෝමාලියාව. රුවන්ඩාව වැනි දූපත් රටවලට භේදයකින් තොරව එකසේ බලපා ඇත.
අන් රවලට වඩා ලංකාවේ පරිසර දූෂණය වීම අති ප්‍රබලය. ලංකාවේ ඇල ඇළ දොළ ගංගා වැව් සහ ස්වභාවික ස්ථානයන් විනාශ කර තමා හෝටල් නිවාස උද්‍යාන ආදී ඉදිකර ඇත. නැගෙනහිර උතුරු ආදී පළාතේ මේ සිදුවීම සීඝ්‍රයෙන් සිදු වී පවතී. මෙයින් ජනතාවට අයහපතක් සිදු වනවා මිසක යහපතක් සිදු නොවේ. වර්ෂාව නොමැතිවීම නිසා නියගය ඇති වීම, ආහාර හිඟය ආදිය ද මෙයින් සිදු වේ. මෙයට වග උත්තරකරුවන් ලෙස ආයතන රාශියක් පිළිබඳව සඳහන් කළ හැකිය.
- පරිසර හා මහවැලි සංවර්ධන අධිකාරිය
- මධ්‍යම පරිසර අධිකාරිය
- ජලපවහන මණ්ඩලය
- වාරිමාර්ග අමාත්‍යාංශය
- වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
- වනජීවී දෙපාර්තමේන්තුව
ආදී සියලුම ආයතන මේ සඳහා එක් වී පරිසර හානි වළක්වා ගෙන ජනතාවගේ අයහපත් ආකල්ප චර්යාවන් දුරු කර දමා දැඩි නීති මාලාවක් ගොනුකොට උපදේශන සේවා පවත්වාගෙන යමින් මේ විලම්භීත වූ දේශපාලන රටාවෙන් මිදී යථාර්තය තේරුම් ගෙන අතීතයේ මෙන් ඉතාමත් සෞභාග්‍යමත් සුන්දර වූ දේශයක් ලෙසින් ලක් ධරණී තලය විරාජමාන කරන්නට උත්සාහ දැරීම ඔබ අප කාගේත් පරම යුතුකම වන්නේ ය.
මලකට කවදාවත් තමන්ව දරාගෙන ඉන්න නටුවට ද්‍රෝහි වෙන්න බෑ. ගගකට කවදාවත් තමන්ව රකින ඉවුරු දෙකට ද්‍රෝහි වෙන්න බෑ . එහෙම උනොත් ඉවුර බිදිලා ගිහින් ගග විනාශ වෙනවා. මේ නීතිය අපි හැමෝටමත් පොදුයි.. ඒ නිසා කවදාවත් තමන්ට පන වගේ ආදරේ කරන තමන් වෙනුවෙන් ජිවත් වෙන හිතකට ද්‍රෝහි වෙන්න එපා . කවදාවත් එපා.....
දුල්මිණි...☝
Good artical
ReplyDelete👍👍
ReplyDelete👍👍👍
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteniyamaiii
ReplyDeletedigatama liynna
ReplyDeleteවැදගත්
Delete💚💚💚💚
ReplyDeleteGood💜️💜️
ReplyDeletegreat
ReplyDeleteBest
ReplyDeletePost a Comment