තාරීය විවිධත්වය සහ තාරීය පරිණාමය (Stellar Diversity and Stellar Evolution)
⭐තරුවක් යනු ස්වයං-ආලෝකමත් (Self Luminous) වායු ගෝලයකි. ( ball of gas ) ශීත,ඝණ,වායු වලාවකින් තරුවක් උපත ලබයි .
විශ්වය තරුවලින් පිරී පවතී. සූර්යයාද තරුවකි. එය විශ්වයේ ඇති කෝටි සංඛ්‍යාත තාරකා අතරින් එකක් පමණි. සූර්යයාට වඩා විශාල තාරකා 10 පමණ දැනට සොයාගෙන තිබේ. තරු අතර දුර අතිවිශාලය. මෙම දුර මැනීම සඳහා විශේෂ ඒකකයක් භාවිතා කරනු ලැබේ. එය හඳුන්වන්නේ ආලෝක වර්ෂ ( light year ) නමිනි. ආලෝක වර්ෂයක් යනු තත්පරයකට කිලෝමීටර් 3,00,000 වේගයකින් වර්ෂයක් තුළ ආලෝකය ගමන් කරන දුර ප්‍රමාණයයි.එය දළ වශයෙන් කිලෝමීටර් 95,00,000,000,000 යැයි සැලකේ.
තාරකා අතර දුර මනින තවත් ඒකකයක් ලෙස පාර්සෙක් (parsec) හැඳින්වේ. පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර මෙන් 2,00,000 වාරයක දුරක් එයින් නියෝජනය වේ. ඒ නිසා පාර්සෙක් එකකින් මීටර 3.0857✖️10 හෝ ආලෝක වර්ෂ 3,2616 පෙන්නුම් කරයි. දැනට වැඩි වශයෙන් නිරීක්ෂණය කර ඇති තරු 50 පිහිටා ඇත්තේ පාර්සෙක් 5 ක් ඇතුළතය.පාර්සෙක් 20 ඇතුළත තරු 1000 සොයාගෙන ඇත.
සූර්යයා හැරුණු විට කිට්ටුම තාරකාව ආලෝක වර්ෂ 4 ක් පමණ දුරකින් පිහිටා ඇත. එය ප්‍රොක්සිමා සෙන්ටෝරි (Proxima centauri) යනුවෙන් නම් කර ඇත. එහි දීප්තිමත් බව අඩුය . ඒ නිසා පියවි නෙතට නොපෙනේ.එමෙන්ම සූර්යයාගේ විශ්කම්භය මෙන් තුන්සිය ගුණයකටත් වඩා විශාල තාරකා ද ඇත. නිදසුනක් ලෙස ඇන්ටාරෙස් තාරකාව (Antares) හැඳින්විය හැකිය. එහි විශාලත්වය සූර්යයා විශ්කම්භය මෙන් තුන්සිය අනූ ගුණයකි. (වර්ණාවලි දර්ශය = ( MI .5 Iab )
තරු අතර අවකාශය අන්තර්තාරීය අවකාශය (interstella space) නම් වේ. මූලික වශයෙන් හයිඩ්‍රජන් ඇති අතර ඝණ ධූලි අංශු ද සොයාගෙන ඇත. ඝණ මීටරයකට හයිඩ්‍රජන් පරමාණු 106 ක ප්‍රමාණය ක් සොයාගෙන ඇත.
***ප්‍රභාවත්ම තරු ***
(The Brightest stars)
1) සිරියස්
( Sirius )
2) කැනෝපස්
( Canopus)
3) ඇල්පා සෙන්ටෝරි
( Alpha centauri )
4) වීගා
( Vega )
5) කැපෙලා
( Capella )
6) රිජෙල්
( Rigel )
7) ප්‍රොසයොන්
( procyon )
8) ඇක්නර්
( Achernar )
9) බෙටල්ජූස්
( Betelgeuse )
10) ඇල්පා ක්‍රසීස්
( Alpa crucis )
11) පෝමල්හවුට්
( Formal Haut )
12) බිටා ක්‍රසීස්
( Beta crucis )
***හර්ට්ස්ප්‍රං-රසල් සටහන [ The Hertzsprung-Russell Diagram ]***
තාරකා වල උෂ්ණත්ව , දීප්තිමත් බව , නිරපේක්ෂ විශාලත්වය සහ වර්ණාවලිය පදනම් කරගෙන මෙම සටහන නිර්මාණය කර තිබේ. එය නිර්මාණය කරන ලද්දේ ඇමෙරිකානු ජාතිකයෙකු වන හෙන්රි නොරිස් රසල් ( 1877 -1957 ) විසින් 1913 දීය. සමකාලීනව එම සටහන ඩෙන්මාර්ක් ජාතිකයෙකු වන හර්ට්ස්ප්‍රං එග්නර් ( 1873 -1967 ) විසින් ද නිර්මාණය කර තිබීම නිසා දෙදෙනාටම ගරු කිරීමක් වශයෙන් එම " හර්ටිස්ප්‍රං - රසල් සටහන " ලෙස නම් කර ඇත.
සටහනේ වම් සිරස් තීරුවෙන් දීප්තිමත් බව ( Luminosity ) සටහන් කරන අතර දකුණු සිරස් තීරුවෙන් නිරපේක්ෂ විශාලත්වය (Absolute magnitude) දැක්වේ. පහළ තිරස් තීරුවෙන් උෂ්ණත්වය ( Temperature ) කෙල්වින් අංශක වලින් පෙන්වාදී ඇත. ඉහළ තිරස් තීරුවේ සටහන් වෙන්නේ වර්ණාවලි දර්ශය යි.( Spectral Type ) O,B,A,F,G,K,M,R,N හා S වශයෙන් වර්ණාවලි කාණ්ඩ 10 කි.
මේ අනුව සූර්යයා G2v කාණ්ඩයට අයත් වේ.මෙහි ,
G = වර්ණාවලි දර්ශය
2 = වර්ණාවලි දර්ශ උප කාණ්ඩය
v = දීප්ති පන්තිය
ලෙස අර්ථ දැක්වේ.
⭐ තරුවක උපත ⭐
අන්තර්තරීය ධූලි හා වායු ඝනීකණය වීමෙන් සකස් වන වලා පටලයක තරු උපත ලබයි .සූර්යයාගේ ස්කන්ධය මෙන් මිලියන ප්‍රමාණයක ස්කන්ධයක් ද පළලින් ආලෝක වර්ෂ සිය ගණනාවක් විශාලත්වයෙන් වැඩි වලා පටල පවතී. ඔරායන් තාරකා මණ්ඩලයේ පිහිටි මහා නිහාරිකාව තරු වලට උපත දෙන තැනක් සේ හදුනාගෙන තිබේ.
මෙම වලාපටලය අසල සුපර්නෝවා පිපිරීමක් ඇති වේනම් ව
වලාපටලය අස්ථිර තත්වයකට පත් වේ. වලාපටලය කඩා වැටීමත් සමඟ ම ඝනත්වය ඉහළ යයී. එවිට අණු කේන්ද්‍රයට ඇඳ ගැනීම වේගවත් වේ. විශාල ලෙස පැතිර තිබූ වලාපටලය කොටස් වලට බිඳී යයි.
මෙම සිදුවීමෙන් වසර 1,00,000 කාලයකින් පසු කැඩී වෙන්ව වලාපටලයේ හැම කොටසකින් ප්‍රාග් තරුව ( Protostar ) බැගින් නිර්මාණය වේ. එහි විශ්කම්භය k.m.දශ ලක්ෂ 100 ක් පමණ වේ. ආරම්භයේදී ප්‍රාග් තරුව දීප්තියක් නැති වස්තුවකි. හර්ටිස්ප්‍රං - රසල් සටහනේ ප්‍රාග් තරුව සලකුණු වන්නේ ඉහළ කොටසේ දකුණට වන්නට. එහෙත් අභ්‍යන්තරයේ සිදුවන කඩා වැටීම් ඉහළ යත්ම ප්‍රාග් තරුව හර්ටිස්ප්‍රං - රසල් සටහනේ ඉහළ කොටසේ දකුණේ සිට මාධ්‍ය කොටසට ගමන් කරනු ලෙබේ. මෙලෙස ප්‍රභවය වන නව තරු "TTauri" තරු ලෙස හඳුන්වයි.මෙම තරු වටා වලාපටල ද දක්නට ලැබේ.ඒ නිසා පියවි ඇසින් තරුව දැකීම අතිශය දුෂ්කරය. වර්ණාවලීක්ශ ( spectroscopes )වැනි උපකරණ වල පමණක් සටහන් වේ. එහෙත් මෙම තරුවල දීප්තියක් පවතී.එය වෙනස් වනසුලු දීප්ති යකි.
තාරීය ප්‍රභව ස්ථාන වලින් බිහි වන්නේ කුඩා තරු පමණක් නොවේ. විශාලත්වයෙන් වැඩි තරු ද මෙම ස්ථාන වලින් බිහිවේ. එමෙන්ම කණ්ඩායම් ලෙස පවතින තරු ද දක්නට ලැබේ. ඒවා තරු සංගම් ( star associations ) නමින් හැඳින්වේ. විශාල සංගම් වල O හා B කාණ්ඩයේ තරු ඇති නිසා එවැනි කණ්ඩායමක් OB සංගමය (OB associations ) ලෙස නම් කර ඇත. අඩු ස්කන්ධයක් ඇති T සංගම් ( T associations ) ලෙස හඳුන්වයි.
ඉහත විස්තර කළ සෑම සංගමයක ම අවට වායු හා ධූලි දක්නට ලැබීම කැපී පෙනෙන ලක්ෂණය කි.
ඒකනම් නියමයි...
ReplyDeletewoow
ReplyDeleteMe wage dewal denaganna lebena ekath gidak hodai. Digatama liyanna.
ReplyDeleteNiyamaii👍👍
ReplyDeleteEka ft
ReplyDeleteBest
ReplyDeleteNice
ReplyDeleteBest
ReplyDeleteGreat
ReplyDelete👍👍
ReplyDeletePost a Comment