තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න
තොල් පෙති විතරක්
පළමු හාදුවෙන් තෙමන්න
සේපාලිකා මලකට
රෑ තනියම හිනාවෙන්න
පුරහඳ එක්ක එන්න නිල් අහසට...
තොල් පෙති විතරක්
පළමු හාදුවෙන් තෙමන්න
සේපාලිකා මලකට
රෑ තනියම හිනාවෙන්න
විරහී හදවත් සඳුන් උලා
සිහිලැල් කොට
නෙතු වියන් අගට පළඳා සුදු
මුතුලැල් පොට
පුරහඳ එක්ක එන්න නිල් අහසට.....
තොල් පෙති විතරක්
පළමු හාදුවෙන් තෙමන්න
සේපාලිකා මලකට
රෑ තනියම හිනාවෙන්න
කටු පවුරු කම්බි පදනම්
නොපෙනී සදහට
එක යායක් වෙයි මුළු ලෝකය
සද එළියට.....
"තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න
සේපාලිකා මලකට රෑ තතියම හිනාවෙන්න.."
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පන්හිදෙන් තමයි මේ ගීතය ලියවෙන්නේ. හදවතට අමතන කටහඩකින් ඇහෙද්දී එකවිට මතකයට නැගෙන සිපගැනීමක් ගැනනම් නෙවෙයි මේ කියන්නේ.. රාත්‍රී සද එළිය සේපාලිකා මලේ පෙති මතට වැටී නැගෙන අමුතු වූ සුන්දරත්වය ගැනයි..
ඒක හරියට තම ආදරවන්තයාගේ සුමුදු සිපගැනීමකින් පෙම්වතියක් ලබන තෘප්තිය, අනුරාගය, ඇගේ අමුතු වූ සුන්දර සිනාවකින් පෙනෙනවා වගෙයි..
සේපාලිකා මලත් සද එළියෙන් දිලෙන්නේ ඒ තරම් කෝල බවකින් සුන්දරත්වයකින්...
වේදනාවෙන් මුසපත් වෙච්ච විරහ හදවත් සිහිලැල් කරන්න හද එළියට අමුතු ශක්තියක් තියනවා. ජීවිතේ හැම ප්‍රශ්නයක්ම හද පායපු මැදියමක කල්පනාවට නැගෙද්දි ඇස් වලට කදුලක් ඉනුවත් හදවත සුවපත් කරන ඒ අමුතු විශ්ව ශක්තිය නිසයි,පුර හද නිල් අහසට එක්ක එන්න කියලා කියන්නේ....
විවිධ වූ අදහස් ඇති මිනිසුන් මේ ලෝකේ ජීවත් වුනත් සද එළියෙන් මුළු ලෝකයම එක යායක් කරනවා.. මොන තරම් වූ වෙන් කිරීම තිබුනත් පවුරු තිබුනත් සද පායන්නේ මුළු ලෝකයම එකම විදියට ආලෝකමත් කරමිනුයි...
ඇගේ හඩින් මේ ගීතය ඇහෙද්දි, දැනෙන සැනසීමත් ඒ හද එළිය වගෙයි..
ගායනය - ශශිකා නිසංසලා
පද - රත්න ශ්‍රී විජේසිංහ
👌👌💞💞
ReplyDeletelassanai...
ReplyDeleteAdai hari theruma denagaththe....
ReplyDeleteNiyamaii👍👍
ReplyDeletewow
ReplyDeletePost a Comment