*මහජන සම්බන්ධතා*
මහජන සම්බන්ධතාවය සන්නිවේදන කාර්යයේදී අතිශය වැදගත් අංගයක් ලෙසට හැඳින්විය හැකිය. රටින් රටට , විවිධ සමාජ අනුව මහජන සම්බන්ධතාවල සුවිශේෂී ලක්ෂණ ද දැකිය හැකිය. ලාංකික සමාජයේ විවාහ උත්සව , අවමංගල්‍යය උත්සව , විවිධ සමාජ උත්සව , ආගමික උත්සව ආදියේ දී මෙලෙස මහජන සම්බන්ධතාවය ඉතා අපූරුවට යොදා ගැනෙයි. නිෂ්පාදනයක් , සේවාවක් හෝ අදහසක් ජනතාව වෙත ගෙන යාමේදී මහජන සම්බන්ධතාවය යොදා ගැනීම තුළින් ප්රශස්ත මට්ටමේ ප්‍රතිඵල ලබා ගත හැකිය. අලෙවිකරණය ක්‍රියාවලිය සම්බන්ධ ප්‍රවර්ධන කටයුක්තක් ලෙසට මහජන සම්බන්ධතාවය මැනවින් යොදා ගත හැකිය. තම ව්‍යාපාරය හෝ සේවාව කෙරෙහි මහජන කැමැත්ත හා ප්‍රසාදය ඉතා ඉහළින් ලබා ගැනීමට මෙය ප්‍රයෝජනවත් වෙයි. විවිධ අවශ්‍යතා සදහා ඊට ගැලපෙන ආකාරයට මහජන සම්බන්ධතාවයේ ක්‍රම වෙනස් කරමින් යොදා ගනු ලබයි. මේ සදහා හොඳ අවබෝධයකින් උපක්‍රම සැලසුම් කර භාවිතයට ගැනීමෙන් එහි උපරිම ප්‍රයෝජන ලබා ගත හැකිය.
*මහජනයා අර්ථ ගැන්වීම*
මෙහිදී මහජනයා යනු සමස්ථ මහජනයා නොව ඒ අතරින් තෝරා ගත් පිරිසකි. මහජන ( publics ) යන්න බහුවචනයෙන් යුක්තව අර්ථකථනය වන අතර සෑම සංවිධානයකටම තෝරාගත් මහජන කණ්ඩායමක් සිටියි.
උදා : පාසල.
රෝහල.
පන්සල.
පොලිසිය.
සංවිධානයට අයත් මහජන කණ්ඩායම සංවිධානය තුළ ( අභ්‍යන්තර මහජනයා ) මෙන්ම සංවිධානයෙන් පිටතද ( බාහිර මහජනයා ) සිටිය හැකිය. එක් එක් සංවිධාන වලට අයත් මහජන කණ්ඩායම් වෙනස් වේ.
උදා :- ප්‍රජාව.
සේවක පිරිසක.
බැංකු වැනි මූල්‍ය ආයතන.
ආයෝජකයන්.
බෙදාහරින්නන්.
පාරිභෝගිකයන්.
උපදේශකයන්.
*මහජන සම්බන්ධතා නිර්වචන*
මහජන සම්බන්ධතාව යනු දැන්වීම්කරණය නොවේ. දැන්වීම්කරණය භාවිත නොකරත් සෑම සංවිධානයකටම මහජන සම්බන්ධතාව අත්‍යවශ්‍යය. මහජන සම්බන්ධතාව යනු අලෙවිකරණය නොවේ. එහෙත් එය අලෙවිකරණයේ අංගයකි. මහජන සම්බන්ධතාව අලෙවිප්රචාරණයෙන් හා ප්‍රවර්ධනයෙන් වෙනස් වේ. මහජන සම්බන්ධතාව තුළින් පුද්ගලයකුගේ / ආයතනයක ප්‍රතිරූපය (කීර්ති නාමය හා ප්‍රසාදය) වර්ධනය වේ. එහෙත් ප්‍රසිද්ධිය හා කීර්තිය අපේක්ෂාවෙන් කරන සෑම කටයුක්තක්ම මහජන සම්බන්ධතා නොවේ. මෙහිදී දැන්වීම්කරණයේ හා මහජන සම්බන්ධතාවයේ මූලික වෙනස හදුනා ගැනීම වැදගත්ය. මහජන සම්බන්ධතාව ආයතනය සහ ඉලක්ක ජනතාව යන දෙපාර්ශවයේම සුබ සාධනය සහ යහසබදතාව සඳහා කටයුතු කරයි. නමුත් දැන්වීම්කරණයේ අරමුණ වන්නේ ආයතනයේ ප්‍රවර්ධනය හා ලාභ ලැබීම පමණි. දැන්වීම්කරණය තුළ ආයතනයේ හෝ ඉලක්ක ජනතාවගේ සුබ සාධනය සහ යහසබදතාව ගැන සැලකිල්ලක් නොදක්වයි. ඒ අනුව විවිධ පර්යේෂකයන් විසින් මහජන සම්බන්ධතාව විවිධ අයුරින් අර්ථනිර්වචනය කර ඇත. එහෙත් ඒවායේ සමස්ත අර්ථය තුළ සමානත්වයක් ඇත.
*# නිර්වචන*#
( බ්‍රිතාන්‍ය මහජන සම්බන්ධතා ආයතනයේ නිර්වචනය. )
මහජන සම්බන්ධතාව යනු , කිසියම් සංවිධානයක් එයට අදාළ ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය ස්ථාපිත කර පවත්වා ගැනීම සදහා සිතාමතා, සැලසුම් සහගතව ඉවසීමෙන් කරනු ලබන ප්රයත්නයකි.
( ඉන්දියානු මහජන සම්බන්ධතා ආයතනයේ නිර්වචනය. )
මහජන සම්බන්ධතාව යනු , යම් සංවිධානයක් එයට අදාල මහජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය හා කීර්ති නාමය ගොඩනැංවීම පවත්වා ගෙන යාමට ගනු ලබන සැලසුම් සහගත සහ කල්පවත්නා සියලු ප්රයත්නයන් ය.
ඒ අනුව, යම් පුද්ගලයකු ,සංවිධානයක් හෝ ආයතනයක් විසින් තමා හා සම්බන්ධවන සියලු පිරිස් සමග වඩා යහපත් අන්තර් සම්බන්ධතාවක් පවත්වා ගැනීම *මහජන සම්බන්ධතාව* ලෙස හදුනා ගත හැකිය. මේ සියලු කරුණු කාරණා අනුව ඉස්මතු වන ප්‍රදාන කරුණු 3 ක් වේ.
1) සංවිධානයකට අදාල සියලු පිරිස් සමග පවත්වන සබඳතා.
2) යහපත් සබඳතා ඇති කර ගැනීමට යොදා ගන්නා ක්‍රම හා විදි.
3) සබඳතා වල තත්ත්වය/ගුණාත්මක බව.
මහජන සම්බන්ධතා භාවිතය ( SriLanka )
1948 සොල්බරි කොමිසමේ උපදෙස් මත රජයේ ප්‍රවුර්ති දෙපාර්තමේන්තුව පිහිටුවන ලදි. එහි ආරම්භක අරමුණු ලෙස ,
1) රජය හා ජනතාව අතර මහජන සම්බන්ධතා ඉහළ අදියරක නැංවීම.
2) විවිධ ප්‍රකාශන , අත්පොත් , නිවේදන ආදිය නිකුත් කිරීම. 3) රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල මහජන සම්බන්ධතා කටයුතු භාරව සිටින නිලධාරීන් හැදින්වෙන නාමයන් ;
✔ මහජන සම්බන්ධතා නිලධාරී.
✔ මාධ්‍ය නිලධාරී.
✔ මාධ්‍ය ලේකම්.
( මහජන සම්බන්ධතා මෙවලම් හා විදි )
1.මුද්‍රිත මාධ්‍ය .
2.ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය .
3. ඡායාරූප .
4. ප්‍රදර්ශන .
5. මාධ්‍ය සම්බන්ධතා .
6. අනුග්‍රාහකත්වය .
7. පාරිසරික මෙවලම් .
*මුද්‍රිත මාධ්‍ය*
පිටපත් වැඩි සංඛ්‍යාවක් සඳහා වන මුද්‍රණ කාර්යයකදී සමතල මුද්‍රණය ( offset printing ) ද පිටපත් අඩු සංඛ්‍යාවක් සඳහා වන මුද්‍රණ කාර්යයකදී අංකිත මුද්‍රණය ( Digital printing ) ද භාවිතා කරනු ලබයි. ඩිජිටල් මුද්‍රණ ක්‍රම යොදා ගෙන බැනර් , පෝස්ටර් , අත්පත්‍රිකා මුද්‍රණය කල හැකිය. ඒ අනුව මුද්‍රිත මාධ්‍ය මෙවලම් දිගු කාලයක් ළඟ තබා ගත හැකිය , ආකර්ෂණීය ලෙස සැකසිය යුතුය , එක් එක් මාධ්‍ය නිශ්පාදන වල ගුණාත්මක / ගුණාංග වෙන් වෙන්ව සැලකිය යුතුය , එක් එක් මාධ්‍ය වෙන් වෙන් අරමුණු සදහා යොදා ගත හැකිය. ඒ අනුව මුද්‍රිත මාධ්‍ය නිපුණතා වල සදහන් වන ආකාරයට මුද්‍රණ කටයුතු වලදී තාක්ෂණික වශයෙන් එකිනෙකට වෙනස් වූ මුද්‍රණ ක්‍රම කිහිපයක් භාවිතයට ගැනේ. ඒවා නම් ,
උත්තල මුද්‍රණය( *Letter press* )
සමතල මුද්‍රණය ( *Offset*)
තිර මුද්‍රණය ( *Screen printing* )
අංකිත මුද්‍රණය ( *Digital printing*)
ඉහත කරුනු නිදසුන් නම් වේ.
*මහජන සම්බන්ධතා සැලසුම්*
ඕනේම සංවිධානයකටම , ආයතනයකටම හෝ පුද්ගලයකුටම හොද මහජන සම්බන්ධතාවයක් පවත්වා ගෙන යාම යහපත් හා දිගු කාලීන පැවැත්ම සදහා අත්‍යවශ්‍යය වේ. මහජන සමග ගනුදෙනු කිරීමේදී මෙම සම්බන්ධතාවය දෙයාකාරයකින් බල පවත්වයි.
☑️ කීර්ති නාමය රැක ගැනීම.
☑️ සෑම වර්ගයකම ගනු දෙනු කරුවන් ප්‍රසාදයට පත් කිරීම.
සෑම වර්ගයකම ගනු දෙනු කරුවන් යනු , බාහිර පුද්ගලයන් හා අභ්‍යන්තර (කාර්යය මණ්ඩලය) පුද්ගලයන් ය.
වාණිජ ආයතන ගත් කල කීර්ති නාමය ගොඩ නැංවීම හා ප්‍රසාදය අත්පත් කර ගැනීම සදහා දැන්වීම්කරණය ද යොදා ගැනෙයි. නමුත් ඊට වඩා ඉහල කීර්ති නාමය හා ප්‍රසාදයක් මහජන සම්බන්ධතා මගින් ලබා ගත හැකිය. එහෙයින් යම් සංවිධානයක වාර්ශික සැලසුම් තුළට මහජන සම්බන්ධතා වැඩසටහනක් ද ඇතුලත් කිරීම සිදු කෙරේ. මේ සදහා පිරි වැයක් දැරීමට ද සිදු වේ.මහජන සම්බන්ධතා වැඩසටහනක් ක්‍රියාත්මක කල යුතු ආකාරය අදියර 4 ක් යටතේ හැදෑරිය හැකිය. එනම් ,
1) තත්ව විශ්ලේෂණය හා ග්රාහකයන් හදුනා ගැනීම .
2) මහජන සම්බන්ධතා ඉලක්ක හා අරමුණු ගොඩනැගීම .
3) ක්‍රම විදි හා උපාය මාර්ග තීරණය .
4) මහජන සම්බන්ධතා සැලැස්ම සම්පාදනය .
5) පෙර ඇගයීම .
මහජන සම්බන්ධතා *සැලැස්මක්* සදහා භාවිතා කල හැකි නිදසුන් ආකෘතියක් මෙසේ දැක් විය හැකිය .
◾ මහජන සම්බන්ධතා සැලසුමේ නම.
◾ ත්ත්ව විශ්ලේෂණය.
◾ ඉලක්ක ග්රාහක කණ්ඩායම.
◾ දිගු කාලීන හා කෙටි කාලීන අරමුණු.
◾ කාල රාමුව.
◾ උපාය මාර්ග හා ක්‍රියාකාරකම්.
◾ වැය ඇස්තමේන්තුව (මානව මූල්යසම්පත්
◾ ක්‍රියාකාරී සැලැස්ම.
◾ අපේක්ෂිත ප්‍රතිඵල හා ප්‍රතිඵල කෙරෙහි බලපෑ හැකි කරුණු.
◾ නියාමනය හා ඇගයුම් ක්‍රමය.
Good
ReplyDeleteBest
ReplyDeleteGreat👌👌
ReplyDeleteWell done
ReplyDeleteGreat
ReplyDeletegood
ReplyDeletePr❤
ReplyDeleteGood Article
ReplyDeleteGreat 👌
ReplyDelete👌👌
ReplyDelete👍👍👍
ReplyDelete🖤🙏
ReplyDelete👌👌👌
ReplyDelete👍👍👍
ReplyDeleteමුද්‍රිත මාධ්‍ය වල කොටස් ටිකත් තව විස්තර උනානම් ගොඩක් හොදයි. ඊලග ලිපියෙන් පුලුවන්නම් දාන්න.
ReplyDeleteහරී....
Deleteගොඩක් වටිනවා මේ කරුනු අපට. thankyou... 😍
ReplyDeleteSuper 👍
ReplyDeleteවටිනවා👍👍
ReplyDeleteGreat
ReplyDeleteGreat
ReplyDelete💖💖
ReplyDeletegodak watina pahadili karunu tikak
ReplyDelete👌👌👌
ReplyDelete❤❤❤
ReplyDelete👌👌👌
ReplyDeletevery super bligger akke mama malli senindu aluthgama
ReplyDeletePost a Comment