වැඩි වන ජීවන වියදම
ශ්‍රී ලාංකික ජනගහනයෙන් ඉතා වැඩි කොටසකට ඉතාමත්ම වැඩි පීඩනයක් ලබා දෙන ප්රශ්නය බවට ජීවන වියදම පත් වී ඇත. ජීවන වියදමෙහි වැඩි වීම වෙනත් ජාතික ප්‍රශ්න මෙන් නොව රට වාසින්ගේ උදරයටම බලපාන්නකි. ඒ නිසා මේ ගැන මිනිසුන්ගේ උනන්දුව අධික වන අතර එය දේශපාලන ප්‍රශ්නයක් බවට ද නිරායාසයෙන්ම පත් වෙයි. එහෙත් මෙය මූලික ආර්ථික ප්රශ්නයකි. විදේශගත කරන වෙළද භාණ්ඩ වෙනුවෙන් ලැබෙන ආදායම අඩු වීම ද ජනගනය සීඝ්‍ර ලෙස වර්ධනය වීමද නොමනා පාලනයද හේතු කොට ගෙන පැන නැගී ඇති ප්‍රධාන ආර්ථික ප්‍රශ්නයට ප්‍රශ්නයට මෙය ද සම්බන්ද ය. ජීවන විදමෙහි ඉහළ යාම පහළ යාම නිර්ණය කරනු සදහා භාවිතා කරන මිනුම් දණ්ඩ ජීවන අංකයයි.ජීවන වියදම ඉහළ යාම පිණිස හේතු වී ඇති සාධක කොටස් කිහිපයකට බෙදා විස්තර කිරීම පහසුය.
විදේශ විනිමය උපයා ගැනෙන ප්‍රමාණය අඩු වූ
හෙයින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණ කිරීම
හා ව්ව්හිස ක්‍රමය නිසා වීදේශවලින් ගෙන්වන සමහර භාණ්ඩවල මිල ඉහළ ගියේය. ආනයනය
පිළිබදව සීමා නීති පනවනු ලබූ නිසා දැනට සමහර භාණ්ඩ ගෙන්වනු ලබන්නේ අවශ්‍ය ප්‍රමාණයෙන්
කොටසක් පමණි.ඉල්ලුම සැපයුමට වඩා බෙහෙවින් අධික හෙයින් මේ භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකාවේ ම නිපදවන ආහාර පාන හා වෙනත්
පාරිභෝගික භාණ්ඩවල මිල පසු ගිය අවුරුදු කිහිපය තුළ සීඝ්රයෙන් වැඩි වී ඇත.
සංවිධානාත්මක විය්‍යාපාර හිමි වී ඇති දේශීය ධනවතුන් , සම්මත තත්වයක් නොමැති භාණ්ඩ නිශ්පාදන
වැය මෙන් කිහිප ගුණයක් වූ මුදලකට විකිණීමද
එළවලු පළතුරු , මාලූ වැනි
ආහාර පිළිබද බෙදා හැරීම තැරැවුකාරයන්ගේ ග්‍රහණයට හසු වී තිබීමද මෙයට හේතු වී ඇත.
ශ්‍රී ලංකා මුදල අවප්‍රමාණය කළ නිසා පිටරටින් ගෙන්වන අමුඩ්රව්යවලට වැඩිපුර වැය වීම නිදහසට කරුණු ලෙස දක්වා
නිශ්පාදකයෝ සිය නිශ්පාදනවල මිල වැඩි කළහ. එහෙත් අමුඩ්රව්යෙවල මිල වැඩි වුවද
අනෙක් නිශ්පාදාන වියදම්වල වැඩි වීමක් සිදු වී නොතිබුණි. ඔවුන් භාණ්ඩ අළ්රෙවි කරන
මිල ,නිශ්පාදන වැය
සමග කිසි ලෙසකින් සම්බන්ධ වූවක් නොවේ.
රාජ්‍ය සංස්ථා පිහිටු වූයේ ජීවන වියදම අඩු
කරලීමේ පරමාර්ථයකින් යුක්තව වූවත් මේවා නිසා සිදු වී ඇත්තේ ජීවන වියදම තවත් ඉහළ
යාමය. සංස්ථාවල පවතින අකාර්යක්ෂමතාව , නාස්තිය හා දූෂණය නිසා සිදුවන පාඩුව මකා ගැනීම පිණිස
පාරිභෝගිකයන් ගසා කෑම සම්මත ප්‍රතිපත්තිය බවට පත් වී ඇත. පාරිභෝගිකයන් ගසා කෑමේ
දක්ෂතාව අතින් නම් රාජ්‍ය සංස්ථා පුද්ගලික වියාපාරිකයන් ද පරදවන බව ප්‍රකට කරුණකි.
ශ්‍රී ලංකාවේ වෙළෙන්දෝ බඩු මිල වැඩි කිරීම සදහා නිදහසට කරුණක් සොයමින් නිතර කාලය
ගත කරති. යම් සුලු හේතුවක් නිසා හෝ ඔවුහු ඕනෑම භාණ්ඩයක මිල වැඩි කරති. වෙනත්
හේතුවක් නැතිනම් බඩු සගවා බොරු හිගයක් මවා පා මිල වැඩි කර විකුණති. සූවස් අර්බුදය
පිලිබද ආරංචි මාත්‍රය ලැබුණු විගස වෙනත් භාණ්ඩ තබා උඩරටින් ගෙන එන එළවලු මිල පවා
වැඩි කරන ලදි.
ජනගහනය හා නාගරීකත්වය අධික වන ප්‍රමාණය
සමානව නිවාස ඉදි කිරීමක් සිදු නොවන හෙයින් නාගරික ප්‍රදේශවල ගෙවල් කුලිය සාපරාධි
ලෙසින් වැඩි කර ඇත. මූලික සනීපාරක්ශක අවශ්‍යතා ඇති ගෙයක් සොයා ගැනීමටනම් රක්ශාවක්
කරන තැනැත්තෙකුට සිය මුලු වැටුප ම පාහේ වැය කිරීමට සිදු වේ. පාලන , වෙළද කාර්මික හා
සංස්ක්ර්තික යන සියලු කටයුතුවල මධයස්තානය කොළඹ නගරය නිසාද බස් සේවයේ හා දුම්රිය
සේවයේ ඇති දුබලතාව නිසාද පිට පළාත්වල පදිංචි වූවන්ට රක්ශා සදහා පැමිණීම අපහසු නිසා
ද අධ්‍යාපන හා සෞක්‍ය පහසුකම් ප්‍රමාණවත් තරමින් ඇත්තේ නගරයේ පමණක් වීම නිසා ද මිනිසුන්ට කොළඹ නගරයෙන්
ඉවත පදිංචියට යාම අපහසු වී ඇත.
ඉහත සදහන් සාධක සහ වෙනත් කරුණු හේතු කොටගෙන
සිදු වූ ජීවන වියදමෙහි ඉහළ යාම තරමක් දුරට පාලනය කිරීමට ක්‍රියාමාර්ග දෙකක් අනුගමනය
කිරීමට පුලුවන් වේ. ප්‍රථම ක්‍රියාමාර්ගය වැඩිවන වියදමට සමාන ව රටවාසින්ගේ ආදායම
වැඩි කිරීමයි. වේතනලබන්නන්ගේ වේතනය වැඩි කිරීමෙන් ද වේතනනොලබන්නන්ට ඔවුන්ගේ
නිශ්පාදනවල මිල වැඩි කිරීම මගින් ආදායම් වැඩි
කිරීම මගින් ද මෙය කළ හැකිය. එහෙත් පාරිභෝගිකයන්ට ලැබෙන ආදායම වැඩි වන වන
විට වෙළෙන්දන් බඩු මිල තවත් ඉහළ දමනු ඇත. අනෙක් අතට , වේතන වැඩි කිරීම සදහා රජයේ හෝ සේව්‍ය පක්ෂයේ
ආදායම ද වැඩි කල යුතුය.
දේශීය නිෂ්පාදනවල මිල වැඩි කිරීමට නම් ශ්‍රී
ලංකාවේන් විදේශ ගතවන නිශ්පාදන වල මිල වැඩි කල යුතුය. එය ශ්‍රී ලංකාවට පාලනය කිරීමට
අපහසු කටයුත්තකි. මේ නිසා මෙම ක්‍රමය මගින් ජීවන වියදම අඩු කල හැකි වේ යයි අපේක්ශා
කළ නොහැකිය.දෙවෙනි ක්‍රියා මාර්ගය මිල පාලනයක් සහ භාණ්ඩවල සම්මත තත්වය ආරක්ෂා
කිරීමක් ක්‍රියාවට නැංවීම ය. මෙය සමහර රටවල සාර්ථක ලෙස ක්‍රියාවට නංවා ඇත.
මෙවැන්නක් නොව පාරිභෝගිකයන්ගේ යහපත හා
ආරක්ෂාව සදහා හේතු වන මිල පාලනයක් ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍ය කටයුත්තක්
බවට පත් වී ඇත.
ශ්‍රී ලංකාවේ විදේශ වත්කම් පහළ යාමෙන්
විදේශවලින් භාණ්ඩ ගෙන්වීමට අපහසු තත්වයක් උදා වීම නිසා දේශීය වෙළදපොළ ශ්‍රී ලාංකික
නිශ්පාදකයින්ට ආරක්ෂා කර දීමට ද පියවර ගනු
ලැබිණි. නිශ්පාදනය පිළිබද ඒකාධිකාරයක් උරුම වූ නිසා අඩු වියදමින් නිපදවන
බාල භාණ්ඩ ගිනි ගණන්වලට විකුණා මඩිය තර කර ගැනීමේ අවස්ථාවක් මෙයින් ව්‍යාපාරිකයන්ට
සැලසුනු අතර පාරිභෝගිකයන්ට සිදු වූයේ කබලෙන් ලිපට වැටීමටයි. භාණ්ඩ සාධාරණ මිලකට
පාරිභෝගිකයන්ට විකුණන ලෙස නිශ්පාදකයින්ට බල කිරීමට පුලුවන්කමක් රජයට ඇති මූත් ඒ
බලය ප්‍රයෝජනයට ගෙන නොමැත්තේ ව්‍යාපාරිකයන්ගේ බලයට රජය යට වීම නිසාය.
ජනගහනය වැඩි වීම ද ඊට ප්‍රමාණවත් තරමින්
දේශීය නිශ්පාදනය කාලයක් තිස්සේම වැඩි නොවීමද විදේශ ගත වන ද්‍රව්‍ය සදහා ලැබෙන මිල
අඩු වීම ද නිසා ජීවන වියදමෙහි වැඩි වීම සම්පූර්ණයෙන්ම පාලනයක් ද භාණ්ඩවල තත්වය
පිළිබද පාලනයක් ද සේවා සදහා අය කිරීම් පිළිබද පාලනයක් ද ගෙවල් කුලී පාලනයක් ද ක්‍රියාවට නැංවීමෙන් ජීවන වියදම තව දුරටත්
පාලනය කළ හැකි වෙයි. දැනට ඇති තත්වය නම් නිශ්පාදකයන්ගේ ද වෙළදුන්ගේ ද වෙනත් ව්‍යාපාරිකයන්ගේ
ද නිර්දය ගසා කෑමට ලක් වැසියන් ගොදුරු වී සිටීමයි. රජයට අවශ්‍ය නම් මේ ගසා කෑම
වළක්වා ජීවන වියදම මදක් වත් අඩු කිරීමට පුලුවන්කම සහ බලය තිබේ.
Best
ReplyDeleteBest
ReplyDeleteBest
ReplyDeleteBest
ReplyDelete👍👍👍👍
ReplyDeleteGreat 👍
ReplyDelete👍👍
ReplyDeleteBest 👍👍
ReplyDelete❤️🥂
ReplyDeletethanks all
ReplyDelete👍👍
ReplyDelete❤
ReplyDelete💜️💜️💜️💜️💜️💜️
ReplyDeleteGreat
ReplyDeletegood
ReplyDeletegood article
ReplyDeleteරට තුල නිෂ්පාදනය කළහැකි භාණ්ඩ හා සේවා රට තුලම නිෂ්පාදනය කරමින් ඒවා ආනයනය සීමාකොට බදු සහන තුලින් නිෂ්පාදකයා දිරිගන්වමින් අපනයනය කිරීමට භාණ්ඩ සකස්කරන නිෂ්පාදකයන් හට සුවිශේෂී සහන ලබාදෙමින් ප්‍රති අපනයනය සඳහාද රජයේ අවදානය නිසි පරිදි කාර්යක්ෂමව යොමු උන දවසට අපරටේ ජීවන වියදම පාලනය කල හැකිය.
ReplyDeleteඉතාමත් වටිනා post එකක්.
ReplyDeletePost a Comment