විද්‍යාව යන වචනාර්ථය දැනුම යන්න වුවද විද්‍යාත්මක දියුණුව වශයෙන් අදහස් කරනුයේ කාර්මික විප්ලවයත් ඒ හා සමග ලෝකයේ ඇතිවූ ඇති වූ නවීන විද්‍යා පිළිබඳ දියුණුව යි. මේ ස්වභාවික පරිසරයේ යම් යම් අය පිළිබඳව මිනිසුන් සතු දැනුම සහ අවබෝධය වර්ධනය වීමක් සහ මිනිස් වර්ගයාගේ ක්‍රම ශිල්ප පිළිබඳ ඥානය දියුණු වීමක් වශයෙන් වුව ද විග්රහ කර ගැනීමට පුළුවන. නියත විග්‍රහයක් දැක්වීම අපහසු වුවත් නවීන විද්‍යා දියුණුව යන්නෙන් අදහස් කරන්නේ මිනිසුන්ට ද්‍රව්‍යමය සහ ශාරීරික වශයෙන් ප්‍රයෝජනවත් වන විශේෂ විශේෂයන්ට විෂයයන්ට අදාළව මෑත යුගයේදී දැනුම වැඩි වීමයි.
විද්‍යාවේ දියුණුව මිනිසාගේ ප්‍රගතියට ඉවහල් වේ යැයි යන්න විමසීමේ දී මිනිසාගේ ප්‍රගතිය යනු කුමක්දැයි විග්රහ කර බැලීමට සිදුවේ. මිනිසාගේ ප්‍රගතිය ලෞකික හා අධ්‍යාත්මික යන වශයෙන් ප්‍රභේද දෙකකට බෙදා දැක්වීමට පුළුවන. ලෞකික ප්‍රගතිය යනු මිනිස් වර්ගයාට සිය පරිහරණය පිණිස අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමේ පහසුකම් වැඩි දියුණු වීම සහ පරිභෝගයට ගන්නා භාණ්ඩ ප්‍රමාණය අධික වීම ලෙසින් හැඳින්විය හැකිය. අධ්‍යත්මික ප්‍රගතිය යනු මනුෂ්‍යයන් තුළ ඇතිවන ඇතිවන මානසික සංතුෂ්ටිය ලෙසින් සහ මිනිස් වර්ගයා තුළ ගුණධර්ම වර්ධනය වීම ලෙසින් හැදින්විය හැකි වේ. මෙම අංශ දෙකෙහි වර්ධනය පිණිස විද්‍යාත්මක දියුණුව හේතු වී හේතුවී තිබේ දැයි යන්න තුලනාත්මක වශයෙන් බලන විට විද්‍යාත්මක දියුණුවෙන් මිනිස් වර්ගයාට වැඩියෙන් සිදු වී තිබෙන්නේ යහපතක්ද අයහපතක්ද යන්න මෙහිදී විමසීම වැදගත්ය.
විද්‍යාත්මක දියුණුව විශේෂය ක්ෂේත්රයන් කීපයක් ඔස්සේ සිදු වූවකි. සමහර ක්ෂේත්රයන් මිනිස් වර්ගයාගේ ද්‍රව්‍යමය ප්‍රගතිය පිණිස කෙලින්ම හේතු වන අතර වෙනත් ක්ෂේත්‍ර එසේ එසේ වී දැයි යන්න සැක සහිත ය. කෙසේ වෙතත් පොදු වශයෙන් විද්‍යාත්මක දියුණුව සිදු වුයේ වුයේ මිනිසුන් ගේ අවශ්‍යතාවන් ආශ්‍රිතව නිසා එයින් මිනිසාගේ ආර්ථීක ප්‍රගතිය පිණිස ඉතා විශාල සේවයක් සිදු වී ඇති බව අවිවාදයෙන් යුතුව පිළිගත යුතුව ඇත.
විද්‍යාත්මක දියුණුව සමඟ ලෝකයේ ඇතිවූ කාර්මික ඇති වූ කාර්මික සංවර්ධනය හේතුකොටගෙන මිනිසුන්ට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ඉතා පහසුවෙන් නිපදවා අඩු මිලට සැපයිය හැකි වූයේය. එසේම රැකිරක්ෂා සංඛ්‍යාව ද සංඛ්‍යාවද ව්‍යාපාර වෘත්තීන් සඳහා වූ අවකාශය ද වැඩි වීම නිසා මිනිස් වර්ගයාගේ ජීවන තත්ත්වය උසස් වූයේය. කාර්මික කටයුතු හැරුණු විට කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය සඳහා ද ප්‍රවාහන කටයුතු සහ පණිවුඩ හුවමාරුව සඳහා ද සෞඛ්‍ය කටයුතු සහ අධ්‍යාපන කටයුතු සඳහා නේවාසික කටයුතු සහ ගොඩනැංවීම සඳහා වෙනත් බොහෝ අවශ්‍යතා සඳහා විද්‍යාත්මක දියුණුව මගින් විශාල සේවයක් සිදු වී ඇත. මේ නිසා විද්‍යාවේ දියුණුව මිනිසාගේ ද්‍රව්‍යමය හෙවත් ආර්ථික ප්‍රගතිය විවාහ වී ඇති බව සැකයක් නොමැත.
විද්‍යාවේ දියුණුව මිනිසුන්ගේ ප්‍රගතියට මෙන්ම මෙන්ම විනාශයටද හේතු වීමට අවකාශයක් ඇති බව ප්‍රකට කරුණකි. විද්‍යාව දියුණු වත්ම දියුණුවත්ම ලෝක නිෂ්පාදනය කරන යුද්ධායුධ වල දරුණු භාවය වැඩි වූයේ ය. විද්‍යාත්මක දැනුම වැඩි වශයෙන් භාවිතයට ගැනෙන්නේ යුද්ධ කටයුතු සඳහා යුද්ධය ආයුධ තැනීම සඳහා ය. විද්‍යාත්මක දියුණුවක් නොතිබූ යුගයේ යුද්ධ වලින් මියගිය මිනිසුන්ගේ සංඛ්‍යාව මෙන් සිය දහස් ගුණයක සංඛ්‍යාවක් දෙවැනි ලෝක යුද්ධයේදී මිය ගියහ. දුනුවායෙක් උගෙ ඊතලයකින් සිදුවිය හැකි විනාශය මිසයිල ආයුධ රැගෙන ශබ්දයටත් වැඩි වේගයෙන් පියාඹන ජෙට් යානයකින් සිදුවන විනාශයත් අතර ඇති වෙනස ට වගකිවයුත්තේ විද්‍යාත්මක දියුණුව යි. යුද්ධයකදී පාවිච්චි කිරීමේ ඉඩකඩ හැරුණු විට මේ න්‍යෂ්ටික ආයුධ ගබඩා කර ඇති ස්ථානයක ප්‍රමාද දෝෂයකින් ගෙනාපු වෙනත් අනතුරක් සිදු වුවහොත් සිදුවුවහොත් එය මුළු ලෝකයම විනාශ වීමට හේතු වන බව පැහැදිලි කරුණකි. ඒ නිසා න්‍යෂ්ඨික ආයුධ ගබඩා කර ඇති ස්ථානවල වැනි අනතුරු සිදු වූ නො වන්නේම යැයි ප්‍රකාශ කිරීමට නුපුළුවන.
නිදසුන් වශයෙන් සාලාව අවි ගබඩාව පිපිරීම ගත හැකිය.
විද්‍යාවේ දියුණුව නිසා අනිසි ප්‍රතිඵල කිහිපයක් ඇති වී තිබෙන නමුදු පොදු වශයෙන් එය මිනිසාගේ ප්‍රගතිය පිරිස් ඉතා විශාල සේවයක් කර ඇති බවද බව ද අනාගතයේ දී එය මිනිස් වර්ගයාගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වූවක් බවට පත්වීමට ඇති ඉඩකඩ ද පුළුල් වූවකි. විද්‍යාත්මක දියුණුව අනිසි ප්‍රතිඵල නැති කළ යුත්තේ ද යුත්තේ ද විද්‍යාත්මක දියුණුව උපයෝගී කරගෙන වීම තවත් වැදගත් කරුණකි.
Best
ReplyDeleteBest
ReplyDeleteSuper
ReplyDelete❤️❤️👍
ReplyDeleteNiyamai💛
ReplyDeleteGreat
ReplyDeleteNiyamayyy
ReplyDeleteGreat 💛🥂
ReplyDeleteවටින ලිපියක්
ReplyDeleteBest
ReplyDeleteNiyamai👌👌
ReplyDeletesuper😍
ReplyDeleteNiyamai❤️
ReplyDeleteවිද්‍යාවේ දියුණුව කෙසේ වෙතත් බටහිර ලෝකය බලාපොරොත්තුවන පිටසක්වල ජීවී තාක්ෂනය සහ නවීන විද්‍යාවට පිවිසීමට මිනිසාට තවත් වසර දහස්ගනනක් ගතවනු ඇත.
ReplyDeleteදිනෙන් දින දියුණුවන විද්‍යාව නිසා සිදුවන අනිසි ප්‍රතිපල පාලනයටද විද්යාවෙන්ම පිළිතුරු සොයාගත යුතුය. එසේ ඇතිවන අනිසි ප්‍රතිපල පාලනය නොකළහොත් මිනිසා විසින්ම මිනිසා විනාශවන දවස වැඩි ඈතක නොවේ.
ReplyDeleteඉතාමත් වැදගත් සහ කාලින ලිපියක්.... GOOD LUCK...!
This comment has been removed by the author.
DeleteBEST 👌
Delete👍👍
ReplyDelete❤️❤️❤️❤️
ReplyDeleteWeldone
ReplyDelete😄👍👍👍👍👍
ReplyDeletemaru
ReplyDeletemaru✌👏✍👍
ReplyDeleteSuperb 👍👍👍
ReplyDeletePost a Comment