රූපවාහිනි වෙළද දැන්වීම්

                              රූපවාහිනි වෙළද දැන්වීම්

 


    ප්‍රාග් මිනිසා කිසියම් තොරතුරක් සමූහය වෙත දැනුම් දීම සදහා භාවිතා කළ ක්‍රියාවලිය තුල නූතන වෙළද දැන්වීම් කලාවේ මූල ධර්මයන් ද පවති. දුම, හූ හඩ, බෙරය යනාදි ඇසුරෙන් ප්‍රාථමික සන්නිවේදනය සිදු වූ අයුරු මානව සන්නිවේදනය හැදෑරීමෙන් හදුනා ගත හැකිය. කාර්මික විප්ලවයත් සමග මුද්‍රිත මාධ්‍ය ප්‍රධාන සන්නිවේදන නාලින් බවට පත්විණි. මුද්‍රිත මාධ්‍යයේ ප්‍රමුඛයා වූ පු වත් පත් දැන්වීම් කලාවේ ප්‍රධාන වාහකයා බවට පත්විණි. මුලින්ම දැන්වීම් ලෙස අත් පත්‍රිකා සහ මුද්‍රිත පුවරු භාවිතයට පැමිනුනි. ඇමරිකාව , එංගලන්තය වැනි රටවල මෙවැනි ප්‍රකාශන ඉතා ප්‍රචලිත වූ අතර ක්‍රි.ව 1800 පමණ විට ඒවා දහස් ගණනින් බිහිවිය.

    ශ්‍රී ලංකාවේ මධ්‍ය කාලීන යුගවල '' දැනුම්දීම්'' සදහා විවිධ ක්‍රම භාවිත කොට ඇත. ඒ සදහා සතුන්  යොදා ගැනීම කර ඇති බව සංදේශ සාහිත්‍යයෙන් පැහැදිලි වේ. '' දැනුවත් කිරීම '' අරමුණුකොට බිහිවුණු දැන්වීම් නොව පසුකාලීනව ලන්දේසි හා ඉංග්‍රීසි යුගවල ව්‍යපාරික අරමුණින් රාජ අණපනත්, වෙළද මිල ගණන් හා බදු යනාදිය දැනුම්දීම සදහා අත් පත්‍රිකා සහ විවිධ දැන්වීම් යොදා ගෙන ඇත. කෙසේ වුවද ලෝකයේ වෙළද දැන්වීම් කලාවේ ව්‍යාප්තියට හා දියුණුවට බලපෑ ප්‍රධාන  සාධකය වූයේ පුවත්පතේ වර්ධනයයි.

    වෙළද දැන්වීම් හා මහජන සබධතාවය අතර දැඩි සමීපතාවක් පවති. කෙතරම් උසස් මට්ටමක වෙළද දැන්වීමක් වුව සංවිධානාත්මක හා නිර්මාණාත්මක  නොවේ නම් එමගින් ලැබෙන ප්‍රයෝජන අල්ප වේ. එයට හේතුව වෙළද දැන්වීම් හා මහජන සබධතාව, පණිවිඩ ව්‍යාපාරයට අයත් එකිනෙකට සම්බන්ධිත කාර්යයන් වීමයි.[ Advertising and public Relation are message businesses]  ඒ අනුව පුවත්පත් , ගුවන් විදුලිය, රූපවාහිනිය වැනි මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රේක්ශක සංඛ්‍යාවක්  සදහා  සැලසුම් ගොඩනගා ගනු ලැබේ. එබැවීන් වෙළද දැන්වීමකින් තොරතුරක් ග්‍රාහක අවධානයට යොමු කරනවාට වැඩියෙන් කාර්යයක් සිදු වේ. එයට හේතුව වෙළද තොරතුරු මගින් මිනිසාගේ දෛනික චර්යාවන්ට ආකල්ප විශ්වාස යනාදියට බලපෑම් කල හැකි වීමයි. ලෝකයේ සිදුවූ වෙළදාම  පිළිබද ක්‍රමවත් දියුණුවත් , ප්‍රවාහන පහසුවත් සමග ප්‍රචාරණයේ සීමා මායිම් පුලුල් විය. වෙළද  ප්‍රචාරණයෙහි ව්‍යාප්තියට ද බලපානු ලැබීය. ඒ හේතුවෙන් ව්‍යාපාරිකයන්ට වෙළද භාණ්ඩ පිළිබද ප්‍රචාරක කටයුතු කිරීමේ අවශ්‍යතාවය මෙන්ම කැපී පෙනුණි

    එවන් අරමුණු ඔස්සේ 1841 දී ඇමරිකාවේ දී  Volney palmer නමින් වෙළද දැන්වීම් ආයතනයක් ආරම්භවිණි.  මුල්කාලීන මෙවැනි දැන්වීම් ආයතන මඟිහඬ යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය  නිෂ්පාදනය ව්වී ඇති බව පමණක් ප්‍රචාරය කරන ලදි. ලෝකයේ වෙළද ආර්ථික ක්‍රමයේ ව්‍යාප්තියක් සමගම වෙළද වෙළද දැන්වීම් ේකේ වදින්න  ශීඝ‍යෙන් දියුණු විය. මුල් කාලීන නිශ්පාදන ආයතන විසින්  වෙළද දැන්වීම් පළකිරීම සදහා වැඩියෙන් අලෙවි වන පුවත්පත් පිළිබද සොයා බැලීය.

    එසේම වෙළද දැන්වීම්; වෙළද භාණ්ඩයක් පමණක් නොව කිසියම් සංකල්පයක් අලෙවි කිරීමට ද උපයෝගි කර ගත හැකි බව අවබෝධ විණි. මහජන සම්බන්ධතාවයක් සහිත ව්‍යාපාරයක් හෝ කිසියම් සමාජ , දේශපාලනික , සංකල්පයක් අලෙවිකිරීම කරනු ලබන්නේ එවැනි ව්‍යාපාර හා සංකල්ප පිළිබද ව පවත්නා දුර්මත පහකිරීමට හෝ ඒ පිළිබදාව අවබෝධයන් වර්ධනය කිරීමට හෝ    ඒ කෙරෙහි පොළබවාලීම හෝ සදහාය.

    නිශ්පාදන භාණ්ඩයනට සම්බන්ද වෙළද දැන්වීම් කරනු ලබන්නේ ඉලක්ක පාරිභෝගිකයින් සංඛ්‍යාවකටය. බෙන්ස් කාර් පිළිබද දෙනු ලබන වෙළද දැන්වීම් යැපුම් මට්ටමේ අදායම් ලබන ජනතාවට අදාළ නොවේ. නිෂ්පාදන භාණ්ඩ පිළිබද සියලු ප්‍රචාර සිදු වන්නේ එවැනි විශේෂ පිරිස් ඉලක්ක කොට ගනිමිනි. ලෝකයේ සිදු වූ වෙළදාම පිළිබද ක්‍ර්මවත් දියුණුවත් ප්‍රවාහන පහසුවත් සමග ප්‍රචාරණයේ සීමා මායිම් පුලුල් විය. එය වෙළද ප්‍රචාරනයේ ව්‍යාප්තියට ද බලපානු  ලැබීය. ඒ හේතුවෙන් ව්‍යාපාරිකයට වෙළද භාණ්ඩ පිළිබද ප්‍රචාරක කටයුතු කිරීමේ අවශ්‍යතාවය වෙන වෙනම කැපී පෙනුණි.

එවන් අරමුණු ඔස්සේ 1841 දී ඇමරිකාවේ දී volney palmer නමින් වෙළද දැන්වීම් ආයතනයක් ආරම්භවිණි. මුල්කාලීන මෙවැනි දැන්වීම් ආයතන මගින් කිසියම් භාණ්ඩයක් නිශ්පාදනය වී ඇති බව පමණක් ප්‍රචාරය කරන ලදි. ලෝකයේ වෙළද ආර්ථික ක්‍රමයේ ව්‍යාප්තියක් සමගම වෙළද දැන්වීම් ව්‍යාපාර දියුණු විය. මුල්කාලීන නිශ්පාදන ආයතන විසින් වෙළද දැන්වීම් පළකිරීම සදහා වැඩියෙන් අලෙවි වන පුවත්පත් පිළිබද සොයා බැලීය.

    එසේම වෙළදා දැන්වීම්; වෙළද භාණ්ඩයක් පමණක් නොව කිසියම් සංකල්පයක් අලෙවි කිරීමට ද උපයෝගි කර ගත හැකි බව අවබෝධ විණි. මහජන සම්බන්දතාවයක් සහිත ව්‍යාපාරයක් හෝ කිසියම් සමාජ දේශපාලනික , සංකල්ප්‍යක් අලෙවිකිරීම කරනු ලබන්නේ එවැනි ව්‍යාපාර හා සංකල්ප පිළිබද ව පවත්නා දුර්මත පහකිරීමට හෝ ඒ පිළිබදාව අවබෝධයන් වර්ධනය කිරීමට හෝ    ඒ කෙරෙහි පොළබවාලීම හෝ සදහාය. නිශ්පාදන භාණ්ඩයනට සම්බන්ද වෙළද දැන්වීම් කරනු ලබන්නේ ඉලක්ක පාරිභෝගිකයින් සංඛ්‍යාවකටය. බෙන්ස් කාර් පිළිබද දෙනු ලබන වෙළද දැන්වීම් යැපුම් මට්ටමේ අදායම් ලබන ජනතාව ජනතාවට අදාළ නොවේ. නිෂ්පාදන භාණ්ඩ පිළිබඳ සියලු  වෙළඳ   ප්‍රචාර සිදුවන්නේ එවැනි විශේෂ පිරිස් ඉලක්ක කොට ගනිමිනි.

    1900 පමණ වනවිට වෙළද ආර්ථික ක්‍ර්මය වඩාත් තදින් ලෝකයේ ව්‍යාප්‍ත වන්නට විය. ඒ අනුව නිශ්පාදන ආයතන , නිශ්පාදන භාණ්ඩ අතර මෙන්ම වෙළැද දැන්වීම් ආයතන අතර ද තියුනු තරගයක් හට ගැනුණි. මේ තරගකාරිත්වය තුළ අසත්‍ය ප්‍රචාර , අතිශයෝක්තිය මායාකාරි ප්‍රචාර , අශිශ්ට , අශ්ලීල ප්‍රචාර යනාදිය වෙළද දැන්වීම්වලින් ප්‍රකාශ වන්නට විය. (මෙය වඩාත් සිදුවූයේ රූපවාහිනිය පැමිණීමෙන් පසුවය. )

    1910 පමණ වන විට වෙළද දැන්වීම් තුළින් සමාජ බලපෑම් සිදු කෙරුණු හේතු කාරක වඩ වඩාත් බිහිවන්නට වූ විට වෙළැද දැන්වීම් සදහා සීමා පැනවීම්වල අවශ්‍යතා මතුවිය. ඒ අනුව විවිධ ආයතන වෙළද දැන්වීම් සදහා ආචාරධර්ම පද්ධතීන්  සකස් කිරීමට පෙළඹුණි. ගුවන්විදුලිය හා රූපවාහිනිය වෙළද දැන්වීම් ප්‍රචාරකයින්ට අසත්‍ය, මායාකාරී , අතිශයෝක්ති ප්‍රචාරයන්ගෙන් වැළකි සිටීමට බලකර සිටීමත් අශිෂ්ට වෙළද ප්‍රචාර තහන්ම් කිරීමටත් පසුකාලීනව ඇති කරනු ලබන ආචාර ධර්ම පද්ධති  හේතුවුණි.

    නූතන රූපවාහිනී වෙළද දැන්වීම්වලින් ඉතා බලවත් ලෙස මිනිසාගේ චින්තනයද ජීවන රටාව නතු කරගෙන සිටි. විශේෂයෙන් භාණ්ඩයක ඇති ගුණාත්මක බව වෙළද දැන්වීම් කරුවාගෙත් නිශ්පාදකයාගෙත් ප්‍රශ්නය නොවන තරමට ප්‍රමාණාත්මක ප්‍රචාරණය ඉහළ ගොස් තිබේ.භාණ්ඩ අලෙවියේ තරගකාරිත්වය ජය ගැනීමට භාණ්ඩ නිශ්පාදකයාත් , වෙළද දැන්වීම් කරුවාත් මහන්සි ගනිති. මේ සදහා සියලු නිර්මාණශීලි ප්‍රවේගයන් ද වෙළද දැන්වීම් නිර්මාණකරුවා භාවිතා කිරීමට බැදී සිටියි. වරක් ඇමරිකාවේ රූපවාහිනිය ඔස්සේ ඩොස්ටවොට්ස්කිගේ '' අපරාධය හා දඩුවම'' නවකතාව ඇසුරෙන් තැනූ රූපවාහිනි චිත්‍රපටය ප්‍රචාරය වෙමින් තිබිණි. එකවරම රස්කොල්නිකොව් විසින් මහලු මන්ත්‍රකාරිය මැරීම සදහා සිත සාදා ගන්නට උත්සහ කරමින් සිටියදී දර්ශනය නතර කර ඒ වෙනුවට මෙවැනි දැන්වීමක් ප්‍රචාරය විය. තරබාරු මිනිහෙක් තිරයට පැමිණ රස්කොල්නිකොව් සිත හදා ගන්නට නොහැකිව සිටියේ මන්දැයි ඔබ දන්නවාද? ..ඒ ඔහු අපගේ ස්නානු දමනය කරවන බෙහෙත් පෙති තොගයක් නිසායි.'' යනුවෙන් පැවසීය.

ෆෙඩ්රිකෝ ‌‌ ෆෙලිනි ඇමරිකානු රූපවාහිනියෙන් ප්‍රචාරය වුණු ඔහුගේ චිත්‍රපට අතරතුර වෙළද දැන්වීම් ඇතුළත් කිරීම නිසා ඊට විරුද්ධව නඩු පවරන ලදී. එසේම ස්ටීවන්ස් නමැති අධ්‍යක්ෂකවරයා ද එලෙස ඔහුගේ ච්ත්‍රපටයක් අතරතුර වෙළද දැන්වීම් 33 වරක් යෙදීමට විරුද්ධව නඩු පවරා ඇත. වෙළද දැන්වීම් පිළිබද මෙවැනි සිද්ධි විවිධ රටවලින් වාර්තා වේ. 1914 දී ලෙනාඩෝ ඩාවින්චිගේ අති විශිෂ්ට නිර්මාණය වූ මොනාලිසා ච්ත්‍රය ප්‍රදර්ශනයක් සදහා ජපානයට ගෙන යන් ලදී. විවිධ අයුරින් මෙම ප්‍රදර්ශනයෙන් ගත් වෙළද ව්‍යාපරිකයන් අතර රූපවාහිනි ව්‍යාපාරිකයෝ ද වූහ. එක්  රූපවාහිනි වෙළද දැන්වීමක කතානායකයා සිහිනයක් දකී. ඒ ඔහුගේ නිදා සිටී ඇද සමීපයෙහි වූ මොනාලිසා රූපය තුළින් මතු වී එන සුරූපි ළදක් ඇද වටා අඩ නිරුවතින් රඟයි . මෙවැනි වෙළද දැන්වීම් මගින් නොදැනුවත්වම පුද්ගලයාගේ හරවත් වීය . ,,,, බිදෙන බව මනෝවිද්‍යාත්මක ව හදුනාගත හැකි කරුණකි.

     විශේෂයෙන් වර්තමානයේ නිර්මාණශිලී හැකියාව ඇත්තවුන් මෙකී වෙළද රාමුව තුළට ඇතුළුවිය යුතුම වේ. එසේ නොමැතින්ම් අප්‍රකට පුද්ගලයන් සේ හෝ නිර්මාණ කළ නොහැකි වුන් සේ හෝ ලද දෙයින් සතුටු වීම හෝ සිටීමට මෙම වෙළද දැන්වීම් කලාව විසින් අණකර සිටී. නිර්මාණකරුවන්  ද ව්‍යාපාරිකයින් ද වෙළද දැන්වීම් ප්‍රචාරකයින් ද එකිනෙකා තරග වැදීම වර්තමාන වෙළද රාමුවේ විශේෂ ලක්ෂනයයි. එ ඒ රටවල අනුව එකී ස්වරූපයන් වෙනස් වේ. ලෝකයේ විශාල වශයෙන් අලෙවි ව්‍යාපාර ( Marketing Campaing) සිදු වේ. ආචාර්ය රාකේෂ් කුරානා දක්වන පරිදි වෙළද දැන්වීම් මාධ්‍යය අද ලෝකයේ විශාලම ප්‍රශ්නයකි. විශේෂයෙන් ඇමරිකාවේ උතුරායන  වෙළද දැන්වීම් ප්‍රවාහයක් පවති. නමුත් ඇතැම් රටවල එසේ නොවේ. ජර්මනියේ රූපවාහිනිය මගින් වෙළද දැන්වීම් ප්‍රචාරය කරනු ලබන්නේ දවසේ සන්ධ්‍යාභාගයේ පැයක පමණ කාලයකි. එම කාලය තුළ වෙළද දැන්වීම් ප්‍රචාරය කිරීම සදහා වෙන් කර ගැනීමට මාස ගාණනකට කලින් සූදානම් විය යුතුය. ස්වීඩනයේ රූපවාහිනිය වෙළද දැන්වීම් ප්‍රචාරය නොකිරිම ප්‍රතිපත්තියක් කොට සිටි. ප්‍රංශයේ සහ ස්කැන්ඩිනේවියාවේ ගුවන් විදුලිය මගින් වෙළද දැන්වීම් ප්‍රචාරය නොකෙරේ. ඉතාලිය වඩාත් වෙළද දැන්වීම් දැක ගත හැක්කේ සගරා තුළිනි. එසේම ඕස්ට්‍රේලියාවේ ද වෙළද ප්‍රචාරක දැන්වීම් ඉතා අඩුය.

     කැනඩාව සහ ඇමරිකාව සමීපව පිහිටා ඇති රටවල් දෙකකි. එබැවින් ඇමරිකානු රූපවාහිනි වෙළද දැන්වීම් කැනඩානුවන්ට නිතර දැක ගත හැකිවේ. ඒ නිසා කැනඩානු ව්‍යාපාරිකයන්ට ජාත්‍යන්තර වෙළද පොළ තබා තම රටේ වෙළද පොළද අල්ලා ගැනීම අසීරු කරුණක් වී ඇත. ඒ තරමට ඇමරිකානු වෙළද දැන්වීම් කැනඩාවට බලපා ඇත. මෙම ප්‍රශ්නය දිනෙන් දින සංකීර්ණත්වයට පත්වන්නකි. මේ නිසා විවිධ වෙළද ප්‍රශ්න මතු වී ඇත. කැනඩාවට වෙළදාම සදහා අවසරය ඇත්තේ එක් රටකටය. එය වෙළද දැන්වීම් කෙරෙහි පෙලඹවීමෙන් සිදුවන්නකි. කැනඩාවේ විදේශ ව්‍යාපාරික ආයතන වඩාත් සාර්ථකව ක්‍රියා කරනුයේ ගෘහීය වෙළද පොළ අරමුණු කොට ගනිමිනි. එහෙත් ඇමරිකානු නිශ්පාදනය ද පැමිණ ඇති හෙයින් දේශීය ව්‍යාපාරික ආයතන නගා සිටුවීම අපහසු කරුණක් බවට පත්ව ඇත.

     විශේෂයෙන් වාණිජ වෙළද ප්‍රචාර ප්‍රධාන වූ රූපවාහිනි මාධ්‍ය ග්‍රහණය නැතහොත් ආක්‍රමණය ක්‍රියා කරනුයේ හැමවිටම පිටස්තර වෙළද පොළ අල්ලා ගැනීම සදහාය. දේශීය වශයෙන් ද මෙහි විපාක හදුනා ගත හැකිය. කොකාකෝලා බීම ප්‍රචාරණය සමග බිහිව ඇති ව්‍යාපාරික රටාව අපගේ පිපාසය පිලිබද වූ අරමුණු විදේශීය වෙළද ආධිපත්‍යයට බිලිදීමකි. මෙවැනි අති සංකීර්ණ ක්‍රියාදාමයක් ඔස්සේ පවතින රූපවාහිනි වෙළද දැන්වීම් ලෝකයේ (Globalization) අධ්‍යයනයෙන් හදුනා ගත යුතු වේ. වෙළද දැන්වීමක් මගින් සිදුවන පොළඹවාලීම දෙආකාර වේ. ඉන් ප්‍රධාන වන්නේ කිසියම් භාණ්ඩයක් හෝ මතයක් කෙරෙහි අනිවාර්ය ලෙස පොළඹවාලීමයි. දෙවැන්න භාණ්ඩය හෝ මතය පිළිබදව පාරිභෝගික අවබෝධ නියම තත්වයෙන් මගහැර තැබීමට සලස්වා නැවත එම භාණ්ඩය හෝ මතය කෙරෙහි වක්‍රය පොළඹවාලන්න සේ අනුබල දීමයි.

ඒ අනුව වෙළද දැන්වීමෙහි සංදේශය ව්‍යාජයක් හෝ මායාවක් වටා සකස් කරනු ලබයි. වෙළද දැන්වීම් ඔස්සේ පොදු ප්‍රේක්ෂකයා නොමග යැවීමක් ලෙසද එය හදුන්වා දිය හැකිය.

13 Comments

  1. මිට වසර මිලියන ගානකට පෙර මිනිසා පරිණාමය උන අවදියේ පටන් මෑත ඉතිහාසය දක්වා (පුනරුදය සහ කාර්මික විප්ලවයට පෙර) මිනිසාගේ මුලික අවශ්‍යතා අතේ ඇගිලි ගන්නටත් අඩුවෙන් පැවතිනි.

    පුනරුදය සහ කාර්මික විප්ලවයට පසුව බිහිවන නව ආර්ථික සංකල්ප සහ වියාපාර නිසා මුලික මිනිස් අවශ්‍යතාවයන් සංකීර්ණ විය. අද වන විට නවීන උපකරණ යාන වාහන , කෑම බීම, ඉදුම් හිටුම් පවා නවීකරණය වි හමාරය. ඒ සඳහා නව වියාපාර, භාණ්ඩ සහ සේවා ජනතාව අතරට වේගයෙන් ලගාවීම පෙන්වාදිය හැකිය. එසේම වෙළදන් විසින් පලකරන දැන්වීම් මගින් මිනිසුන්ගේ අවශ්‍යතා සහ උවමනාවන් වලට එහාගිය ආශාවක් සහ කැමැත්තක් මිනිසා තුල උපදවා තමන් වෙත ආකර්ෂණය කොට කෙසේහෝ තමන්ගේ භාණ්ඩය හෝ සේවාව අලවි කරගැනීම ඔවුන්ගේ පරමාර්ථයයි. එම නිසා විවිද වර්ගයේ වෙළද දැන්වීම් පල කිරීම මීට හේතුවයි. මෙම වෙළද දැන්වීම් නිසා සමාජයට හොද වගේම නරක ආදර්ශද ලබාදෙයි. සමහර වෙළද දැන්වීම් නිසා කුඩා ලමුගේ මනසට නොගැලපෙන දේවල්ද එකතුවෙයි.

    ReplyDelete
    Replies
    1. අද ප්‍රධාන අරමුණ වෙන්නේ වාණිජත්වය....

      Delete
  2. වටිනා post එකක්. ගොඩක් වටින blogger එකක්.

    ReplyDelete
  3. වැදගත් ලිපියක් 👌

    ReplyDelete

Post a Comment

Previous Post Next Post