විරැකියාව විසඳන මං

 

විරැකියාව විසඳන මං


              රැකීරක්ෂා ප්‍රශ්නය යනු සෑහෙන ජනකායකට සුදුසු ජීවනෝපාය මාර්ගයන්  නොමැති වීම නිසා එම ඉරණමට ගොදුරු වන පුද්ගලයන්ට ද පොදුවේ ජන සමාජයට ද රජයට ද  මුහුණ පෑමට සිදුවන දුෂ්කරතාව යැයි හැඳින්වීමට පුළුවන. මෙම ප්‍රශ්නයට ගොදුරු වී ඇති පුද්ගලයන් රක්ෂා කොහෙත්ම නොමැති ව අන්‍යයන්ගෙන් යැපෙන්නන් සහ සුදුසුකම් වල දක්ෂතාවෙහි ප්‍රමාණයට ගැළපෙන සුදුසු රක්ෂා නොමැති වූවන් යන වශයෙන් කොටස් දෙකකට අයත් වෙති.  මේ දෙකොටසටම අයත් අයගේ සංඛ්‍යාව කොතෙක් දැයි හරියට තවමත් ගණන් බලා නොමැති නමුත් ප්‍රශ්නය ස්වභාවය දළ වශයෙන් මැනීමට පුළුවන.

         ශ්‍රී ලංකාවේ රැකීරක්ෂා ප්‍රශ්නය දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ආරම්භ වී වර්ෂයෙන් වර්ෂයට ම බැරෑරුම්කමෙන් අධික වූ ප්‍රශ්නයක් ලෙස හැඳින්වීමට පුළුවන. මෙම ප්‍රශ්නය පැන නැගීම සඳහා හේතු වූ ප්‍රධාන සාධකය ජනගහනය වර්ධනය වන වේගය ට ප්‍රමාණවත් ලෙසින් ආර්ථික සංවර්ධනය සිදු නොවීමයි. තවත් කරුණු ගණනාවක් ම හේතු වූයේය. මෙම කරුණුවලින් මුල්තැන කරුණු වලින් මුල් තැන හිමි වන්නේ පාලක පක්ෂයේ අදූරදර්ශී භාවයට සහ නොසැලකිල්ලට ය. ශ්‍රී ලංකාවේ දේශපාලන තනතුරු සහ උසස් රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනා තමන්ගේ ද සහ තම ඥාතීන්ගේ සුභසිද්ධිය ම පමණක් අපේක්ෂා කළ අය වූහ. රාජ්‍ය තනතුරු දැරීම ඔවුන් සැලකුවේ තමන්ට පොහොසත් වීමට දෙවියන් දුන් වරප්‍රසාදයක් ලෙසිනි. පොදු ජනයා දුගී භාවයෙන් හිස ඔසවනු දැකීමට ඔහු නොකැමති වූහ. අධිරාජ්‍යවාදීන් සිය යටත්විජිත පාලනය කළේ දේශීය ජනතාවගේ නොව තමන්ගේ යහපත පිණිස බව ප්‍රකට කරුණකි.

       එහෙත් 1948 දී නිදහස ලැබීමෙන් පසු දේශීය නායකයන් ශ්‍රී ලංකාව පාලනය කිරීමට පටන් ගත්තේ පාලිත ජනතාවගේ නොව පාලක පන්තියේ අභිවෘද්ධිය ම අපේක්ෂාවෙනි. ඉන්දියාව මැලේසියාව ටැන්සානියාව කිනියාව වැනි රටවල් නිදහස ලබා ගත් වහාම සැලසුමකට අනුව අර්ථ ක්‍රමය සංවර්ධනය කිරීම ආරම්භ කළ නමුත් ශ්‍රී ලංකාවේ සිදුවූයේ වෙනත් දෙයකි.  කොරියානු යුද්ධය පැවතිය දී බලාපොරොත්තු නොවූ ලෙස උපයා ගත් විදේශ ධන සම්භාරය වැය කළේ දේශීය  ධනපති පන්තිය සඳහා සුඛෝපභෝගී රථ වාහන සහ පාරිභෝගික භාණ්ඩ ගෙන්වීම පිණිසයි.

                 රැකී රක්ෂා නොමැතිව දුක් විඳින ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියන්ට රක්ෂා ලබාදීම තම යුතුකමක් ලෙස පාලක පක්ෂය සලකන්නේ නම් ඒ සඳහා සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් ඇත.  ගැහුවා චන සංඛ්‍යාවකට ඉක්මනින් රක්ෂා ලබා දියහැකි කෙටි කාලීන පියවර මෙන්ම බොහෝ දෙනෙකුට අනාගතයේ රක්ෂා සැලසෙන දීර්ඝකාලීන වැඩපිළිවෙළ ද  මේ සඳහා අනුගමනය කර හැකිය. මෙම කෙටි කාලීන පියවර අතරට අතිකාල දීමනා ගෙවීමේ ක්‍රමය අතහැර ඒ වෙනුවට වෙනත් අයට රක්ෂා සැපයීමට ද සැපයීමටද රාජ්‍ය සේවයෙන් මහල්ලන් ඉවත්කර ඉවත් කර සුදුසුකම් ඇති වෙනත් අය එම පදවියට පත් පත් කිරීමට ද කිරීමටද රාජ්‍ය සේවයේ පුරවා නොමැති පුරප්පාඩු ඉක්මනින් පුරවාලීම ද අයත් වේ. දීර්ඝකාලීන වැඩපිළිවෙළ ලෙස නොයෙකුත් සංවර්ධන කටයුතු මගින් රාජ්‍ය අංශයේ ද පුද්ගලික අංශයේ ද සුළු කර්මාන්ත අංශයේ ද රැකිරක්ෂා සඳහා ඇති අවකාශය පුළුල් කිරීම කළ යුතුය.

             ශ්‍රී ලංකා අර්ථ ක්‍රමයේ බොහෝ අංශය තවමත් නොදියුණු තත්ත්වයක පවතින නිසා ඒවා නවීකරණය කිරීම මඟින් රක්ෂා සංඛ්‍යාව වැඩ කිරීමට ඇති අවකාශය බොහෝ ය. කෘෂිකර්මය අර්ථ ක්‍රමයේ පදනම වුවත් එය තවදුරටත් දියුණු කිරීමට ඇති ඉඩකඩ විශාල වේ. ශ්‍රී ලංකාවට අවශ්‍ය සහල් වලින් හා අතිරේක ආහාර වලින් විශාල කොටසක් පිටරටින් ගෙන්වීමට සිදුවී ඇති අතර වියළි කලාපයේ සාරවත් පසින් යුත්  ඉඩම් මැදින් ජලයෙන් පිරි ගංගා ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලා බසී. මහවැලි යෝජනා ක්‍රමය වැනි සංවර්ධන කටයුතු මඟින් දේශීය සම්පත් වලින් ප්‍රයෝජන ලබා ගැනීමෙන් විශාල ජනකායකට රක්ෂා සැපයීමට පුළුවන. ඉන්දියාවට යවන වතු කම්කරුවන් වෙනුවට ශ්‍රී ලාංකික කම්කරුවන් යෙදවීමෙන් ද විදේශ වල අලෙවි කළ හැකි අලුත් වාණිජ බෝග භෝග වගා කිරීමෙන් ද ද වතු වංශයෙන් රක්ෂා සැලසෙන ප්‍රමාණය වැඩි කිරීමට පුළුවන.

     ශ්‍රී ලංකාවට අවශ්‍ය මාළු ටින් මාළු සහ කරවල මෙහිම නිපදවා ගැනීම සඳහා ධීවර කර්මාන්තය දියුණු කිරීම මඟින් ධීවරයන්ගේ වර්තමාන ජීවන තත්ත්වය උසස් කළ හැකි මෙන්ම අළුතින් රක්ෂා විශාල සංඛ්‍යාවක් සැපයීමට ද පුළුවන. පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශ්‍රී ලංකාවේ පිහිටුවීම මගින් අලුතින්  රක්ෂා ලබා දිය හැකි සංඛ්‍යාව විශාල වේ. එමෙන්ම සුළු කර්මාන්ත දියුණු කිරීම මගින් වර්තමානයේ මෙන් කිහිප ගුණයක් වූ ජනකායකට රක්ෂා ලබා දිය හැකි අතර මෙම අංශයෙන් රක්ෂා සැපයීම පිණිස ආයෝජනය කළ යුතු මූලධන ප්‍රමාණය කාර්මික අංශයට වඩා බෙහෙවින් අඩු වූවකි.

        සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම මඟින්ද රක්ෂා විශාල සංඛ්‍යාවක් අළුතින් ඇති වේ. නිෂ්පාදන කටයුතු දියුණු කර එමඟින් රක්ෂා සපයන සංඛ්‍යාව වැඩි කළ විට වෙළඳාම සේවා සැපයීම වෘත්තිය කටයුතු වැනි අංශයන් නිරායාසයෙන්ම දියුණු වී එමගින් රක්ෂා සැලසෙන ප්‍රමාණය අධික වෙයි.

        ශ්‍රී ලංකාවේ රැකී රක්ෂා ප්‍රශ්නය දැනටමත් උග්‍ර තත්ත්වයක පවතින්නක් බව ඉහත සඳහන් කරුණුවලින් පෙනී යයි. ඉදිරි වර්ෂ කිහිපය තුළ දී විශ්වවිද්‍යාල කාර්මික විද්‍යාල පාසල් සහ වෙනත් අධ්‍යාපනික ආයතන වලින් රක්ෂා අපේක්ෂිත තරුණ තරුණියන් ලක්ෂ ගණනක් පිටවෙති. අර්ථ ක්‍රමය වර්ධනය වන වේගය අනුව බලන විට රක්ෂා ලබා දීමට පුළුවන්කම ඇත්තේ මේ අය අතරින් අතළොස්සකට පමණි. ඒ ටික දෙනා දැනටමත් වරප්‍රසාද ලබා සිටින බලවත් පවුල් වල අය වීමටද අවකාශ ඇත. මේ නිසා නුදුරු අනාගතයේදී නිසැකයෙන්ම ඇති වන අති උග්‍ර රැකීරක්ෂා හිඟයේ ප්‍රතිඵල වශයෙන් ශ්‍රී ලංකාවට කුමකින් කුමක් සිදු වේදැයි යන්න කාලය විසින් තීරණය කරන්නකි.

7 Comments

  1. තමන් ඉගන ගත් දෙයට සරිලන තමන් ප්‍රිය කරන රැකියාවක් නොමැතිකම හේතුවෙන් විරැකියාව යන ගැටලුව සමාජය තුල පවථී.

    ReplyDelete

Post a Comment

Previous Post Next Post