විදේශීය ආයෝජන හිතකර ද
විදේශීය සමාගම් වලට ශ්‍රී ලංකාවේ වියාපාරික කටයුතු ආරම්භ කිරීමට ඉඩ දීම ශ්‍රී ලංකවේ ආර්ථික සංවර්ධනයට හිතකර ද යන්න මතභේදයට තුඩු දී ඇති ප්රශ්නයකි. යම් විදේශීය වියාපාරික සමාගමක් ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටක කාර්මික හෝ කෘෂිකාර්මික සේවා සැපයීම් කටයුත්තක මුදල් ආයෝජනය කිරීමට ඉදිරිපත් වන්නේ මූලික වශයෙන් ම එම සමාගමේ අහිමතය තකාගෙන බැව් ප්‍රකට කරුණකි. එහෙත් මෙවැනි සමාගම් වලට මුදල් ආයෝජනය සදහා අවසර දීමෙන් රටකට ලබා ගත හැකි වාසි කිහිපයක් ද වෙයි. විදේශීය සමාගම් වලට ග්රී ලංකාවේ මුදල් ආයෝජනය කර වියාපාරික කටයුතු කිරීමට ඉඩ සැලැස්වීම තුලින් ග්රී ලංකාවට සිදුවිය හැකි යහපත් ප්‍රතිඵල හා අයහපත් ප්‍රතිඵල තුලනය කර බලා යහපතකට වඩා අයහපත සිදුවන්නේ නම් එය හිතකර කටයුත්තක් වශයෙන් ද තීරනය කිරීම බුද්දිගෝචරය.
විදේශීය රටවල මුදල් ආයෝජනය කිරීමට ඉදිරිපත් වන්නේ ද මෙම සමාගමේ සතුව ඇත. ආරම්භක අදියර තුල පසුවන හෙයින් ලංකාවේ නිශ්පාදකයන්ට ඒ තරම් පළපුරුද්දක් නොමැති නිසා ද , විදේශීය වෙළෙඳපොළ තුල මුල් බැස ගත් ප්‍රසිද්ධියක් නොමැති නිසාද පැරණි ප්‍රසිද්ධ සමාගම් වල නිශ්පාදන සමග තරග කිරීමට සිදු වන නිසාද සිය නිශ්පාදන විදේශ වල අළෙවි කර ගැනීමට අපහසු වේ. මෙයින් ලංකාවට අතිරේක විදේශ ධනයක් උපයා ගැනීමට ද මග සැලසෙ යි. ලංකාවේ සමාගම් වලට වඩා අඩු වියදමක් යොදා ගනිමින් , එයට වඩා උසස් පන්තියේ නිෂ්පාදන නිපදවා ඔවුනට වඩා අඩු මිලකට දේශීය පාරිභෝගිකයන්ට සැපයීමට මෙම සමාගමේ වලට හැකි බැවින් එය ජීවන වියදම අඩු වීමට ද තරමකින් හේතු වෙයි.
මෙයින් පෙනෙන්නේ රටක ආර්ථික දියුණුව ඇති කරලීමේ පහසු මාර්ගය වැඩි වැඩියෙන් විදේශ ආයෝජන ලබා ගැන්ම බව ය. හොංකොං , සිංගප්පූරුව , මලයාසියාව , තායිලන්තය ,පකිස්තානය , පිලිපීනය , කොරියාව , තායිවානය වැනි සෙසු ආසියාතික රටවල් අනුගමනය කර ඇත්තේද මෙම පහසු මාර්ගය යි. විශ්මය වන කාර්මික දියුණුවක් යුද්දයෙන් පසුව ඇති වූ ජර්මනිය හා ජපානය අනුගමනය කළේ ද එම ප්‍රතිපත්තිය යි.
බ්‍රිතාන්‍ය සමාගම් ලංකාවේ තේ වතු පිහිට වීමට එකල ඉදිරිපත් නොවිණි නම් ලංකාව දැනට පවතින තත්වයට වත් දියුණු නොවීමට ඉඩ තිබූ බව සහතික ය. වතු පිහිටු වීම සදහා වැය කල මුදල මෙන් සිය දහස් ගුණයක් වන ස්කන්ධයක් ලාභ වශයෙන් ලංකාවෙන් පිටරටට ගෙන ගොස් ඇත. ජර්මනිය සහ ජපානය යන රටවල පුනරුත්ථාපනය සඳහා අමෙරිකානු මූල ධනය බොහෝ උපකාරී වුවත් දැනට පවතින තත්වය හමුවේ පරපෝෂකයෙකු බවට පත් වී ඇත.
දේශීය දේශපාලන කටයුතුවලට ඇඟිලි ගසා රූකඩ ආණ්ඩු පිහිටුවීමට ඔවුන් ගේ අවශ්‍යතා වලට හිස නොනමන අවස්ථාවල දී ආණ්ඩු පෙරළා දමා වෙනත් පුද්ගලයන් බලයට පත් කිරීම ද , තමන්ට රිසි සේ රටවල් නිර්දය ලෙස සූරා කෑමට ද පුරුදු වී ඇති බැව් ප්‍රකට කරුණකි. විදේශීය සමාගම් යම් රටක් තුල පමණට වඩා බලවත් වීමෙන් මෙම විපතට මුහුණ පෑමට සිදු වෙයි.
විදේශික සමාගම් වලට ආයෝජන කටයුතු සඳහා අවකාශය ලබා දීමෙන් ලංකාවට යහපතක් සිදු වේ ද , අයහපත් සිදු වේ ද යන්න සමස්ත වශයෙන් ගෙන අදහසක් ප්‍රකාශ කිරීම අපහසු දෙයකි. විදේශීය සමාගම් වල ප්‍රතිපත්තිය ද ඉදිරිපත් කරන කොන්දේසි ද සමාගමෙන් සමාගමට වෙනස් වන නිසා මෙසේ පොදුවේ ප්‍රකාශයක් කිරීම අපහසු ය. ඉන්දියාවේ කර්මාන්තශාලා පිහිටු වීමට අයි.සී.අයි. සමාගමට අවසර දෙනු ලැබුවේ මෙනිසා ය. සාධාරණ කොන්දේසි ඉදිරිපත් කර ඉතාම මුහුකුරා ගිය ශිල්ප දැනුම යෙදිය යුතු භාණ්ඩ නිෂ්පාදනය කිරීමට ඉදිරිපත් වන සමාගම් ද ලෝකයේ ඇත. එවැනි සමාගම් වලට ඉඩ දීමෙන් රටකට පාඩුවකට වඩා අත් වන්නේ ලාභය කි.
👍👍
ReplyDeleteBest
ReplyDeleteGOOD 👍
ReplyDelete👍
ReplyDeletePost a Comment