හන්තාන සිහිනේ... ❤

හන්තාන සිහිනේ... ❤


බලා වැලපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ

දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන ළදුනේ
සංසාර සිහිනේ

වැහි පබළු යට
රගමඩල මැත
ඔබේ... දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැර ගිය
ලසෝ රග හළ
අමාවක අදුරේ...
නොඑනු මැන ළදුනේ

වඩින තුරු සද
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොදුරු ඒ සද දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අරණේ

     මෙම ගීතය සරසවි ඇදුරුවරයෙකු හා සරසවි ශිෂ්‍යයාවක අතර හටගන්නා ප්‍රේමයක් රූපණය කෙරෙන ගී නිර්මාණයකි.මේ ගීතය හා බැඳුණු සුවිශේෂී බවක් ඇත. ඒ මෙම ගීතය ගායනා කරනු ලබන්නේ නවක පරපුරේ ගායිකාවක වන උමාරියා සමඟින් මහා ගායක පණ්ඩිත් අමරදේව මහතා වීමයි. එසේම මෙම ගීතයේ ඇති නිර්මාණ ගුණයට අමතරව මා මෙම ගීතයට ඇලුම් කිරීමට තවත් හේතුවක් ඇත. ඒ මා අධ්‍යාපනය ලබමින් සිටින පේරාදෙණි සරසවිය පසුබිම් කරගත් ගීතයක් වීමයි.


      මදකට ඔබේ මතකයට නඟා ගන්න පේරාදෙනිය සරසවිය. හන්තාන කඳු වැටියට මායිම් වූ මනස්කාන්ත පරිසරයක පිහිටි එය නිසැකවම අතිශය සුන්දර රූ පෙලක් ඔබ මනසේ මවනු ඇත. සුන්දර අසුන්දර කොතෙකුත් දේ නම් මේ භූමිය තුල සැඟව තිබෙනවා ඇතිද? හන්තාන යනු ප්‍රේමයට පාරදීසයක් බඳු ස්ථානයකි. එහි ඇති ලතා මඩුලු ප්‍රේමයට අත වනයි. සරසවිය පුරා හමන්නා වූ පුෂ්පයන්ගේ සුගන්ධය ප්‍රේමනීය හැඟුම් අවදි කරවයි.එසේම හන්තාන ගීත රචකයන්ට තම නිර්මාණ උදෙසා වස්තු බීජ සපයන කදිම ස්ථානයකි.මෙම ගීතය අපූර්ව ගුරු සිසු පෙමක් ගැන කියන්නකි..මෙය තරුණ පෙම්වතිය හා වැඩිහිටි පෙම්වතා අතර සිදුවන කතාබහක් මෙන් දිග හැරේ.


බලා වැළපෙමි 
නෙලාගනු බැරි 
හන්තාන සිහිනේ..“

      ඇයට තම ප්‍රේමය කිසිඳු කලෙක නෙලාගත නොහැක. මන්ද, එය අසම්මත යැයි සමාජය ඇයට ගරහනු ඇත. නෙලා ගනු නොහෙන පෙමක් හෙයින් ඇය රහසේ ම වැළපෙනුයේ එබැවිනි.
.
“දරා නෙත් අග
දොවා සිත් මල 
ගොතනු මැන ළඳුනේ
සංසාර සිහිනේ“

      සංසාරය නම් දීර්ඝ වූ ගමන තුළ කවදා හෝ හමුවූ හුරුව ඇතිව, මතු සසර තුළ නැවත හමුවීමේ බලාපොරොත්තුව ඇතිව එතෙක් ඉවසා දරා සිටින ලෙස ඇයට ඔහු ආරාධනා කරයි.
.
“වැහි පබළු යට
රඟ මඬල මැද
ඔබේ දෑතේ තුරුළු වෙන්නට“

      ඇගේ ඇත්තේ අවිහිංසක ආශාවකි. සරසවි රඟ මඬල මතුයෙහි ඔහුගේ දෑතෙහි තුරුළුව සැතැපීමට ඇය ආශා කරයි.
.
“බිසෝ හැර ගිය 
ලසෝ රඟහල
අමාවක අඳුරේ
නොයනු මැන ළඳුනේ“

      ඔහුගේ බිිරිඳ ඔහු හැරගොස් ය. එබැවින් ඔහුගේ හදවත නම් රඟහල දැන් ඇත්තේ අඳුරේය.එය හුදු අන්කාධරයක් පමණක් නොව, ‘අමාවක අඳුරකි. මේ රූපකයෙන් රචකයා ගීතයේ දැක්වෙන පුර්ෂයා තුළ පවතින භාවාත්මක හුදෙකලාව විග්‍රහ කිරීමට සියුම් ලෙස උත්සහ ගෙන ඇත. ඒ හුදෙකලාව මැකීමට පැමිණී අනාරාධිත අමුත්තිය වෙත ඔහු දැන් බැඳී ඇත. ඔහු ඇයට නොයන ලෙස ආයාචනය කරයි.
.
“වඩින තුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්

      ඇයට ප්‍රකාශිතවම සිය ප්‍රේමය හැඟවිය නොහැක. එබැවින් ඇය ඔහුට දුරින් හිඳ ආදරය කරයි. ස්වකීය තරු ඇඳුරිඳුගේ ඇමතීම ඇයට පෙම් ගී වැනිය.

“සොඳුරු ඒ සඳ දියේ එන්නම් 
හිඳිනු මැන සොඳුරේ 
හන්තාන අරණෙ“

      තමා එනතුරු හන්තාන අරණෙහි හිඳින ලෙස ඔහු ඇයට ආරාධනා කරයි. ඒ ආරධනය වඩා ප්‍රේමණිය වන්නේ සෞම්‍ය එලියක් සේ ඇය වෙත පැමිණෙන වග දැක්වීම තුළිනි.


      මෙම ගීතය රචනා කොට ඇත්තේ නව පරපුරේ ගීත රචකයකු වන ජානක සිරිවර්ධනයන්ය.නාද රටා අරුණ ගුණවර්ධනයන්ගෙන්ය.කලකට පසුව සිංහල ගීත සාහිත්‍යයට සාහිත්‍යයට එක් වූ අපූර්වතම ගීතයක් ලෙසින් පෙන්වා දිය හැකිය.



https://youtu.be/fuJRbIFjWfY

7 Comments

Post a Comment

Previous Post Next Post