නව මාධ්‍ය ඉතිහාසය

 නව මාධ්‍ය  ඉතිහාසය   


         ජන මාධ්‍ය භාවිතයේ ඇති නවීන ප්රවණතාව නව මාධ්ය ලෙස හැඳින්විය හැකිය. මාධ්‍ය තාක්ෂණය දියුණුව ගෝලීයකරණය වැනි සමාජ ක්රියාවලින් බලගැන්වීම හා ජාලගත සන්නිවේදනය ආරම්භය සමග නව මාධ්‍ය දැවැන්ත ක්රියාවලියක් බවට පත්විය. නව මාධ්‍ය යනු හුදෙක් සරල මාධ්‍යයක් පමණක් නොවේය. එය බහු විට මාධ්‍ය ක්රියාවලියකි. එසේම එය දැවැන්ත සමාජ හා ආර්ථික ක්රියාවලීන් සමගද සම්බන්ධ වේ. එබැවින් එබැවින් ජන සමාජ වල විප්ලවීය පරිවර්තනයක් ඇති කිරීමට නව මාධ්‍ය බලපා ඇත . 

   

          නව මාධ්‍ය තර්කානුකූල ලෙස වීිමසා බැලුවහොත් සකලවිධ මාධ්‍යයන් සමඟ සම්බන්ධ වේ. ප්‍රමුඛ  වශයෙන් නව මාධ්‍ය විධි ලෙස ගැනෙන ක්රම කිහිපයකි. 

  • වෙබ් අඩවි    [Web site ] 
  • විද්යුත් තැපෑල  [email ]
  • ජංගම දුරකථන  [Mobile phone  ]
  • කෙටි පණිවිඩ   [ SMS- MMS]      
  • සමාජ ජාල   [ Social Network ] [ FB, Twitter, My space, google ]
  • බ්ලොග්ස් [ Blogs ]
  • යූ ටියුබ් [ You tube ]
  • දුර සම්මන්ත්‍රණ [ Tele conference ]

               ආදි වශයෙනි. 


            එදිනෙදා නව මාධ්‍ය තාක්ෂණය නවීකරණය වේ. පරිඝනක‍ය හා ජාලගත සන්නිවේදනය නව මාධ්‍ය සමග සම්බන්ධතා ආසන්න පූර්වතම සොයා ගැනීම වේ. සංඛ්‍යාංක විප්ලවයන්  ලෙස වර්ධනය වීමට බොහෝ වූ මාධ්‍ය තාක්ෂණික විධික්‍රමවල වර්ධනය බලපා ඇති බවට ප්‍රකට කරුණකි. නව මාධ්‍ය ඉතිහාසය පිරික්සීමේදි අවම තරමින් එය බෝලරාමුව සිට පරිඝනක‍ය දක්වා එන ගමනේ සන්දිස්ථානීය සොයා ගැනීම කවර ලෝකයකින් හෝ සම්බන්ධවන බව ප්‍රකට වේ. ඒ තරමට නව මාධ්‍ය අන් සියලුම සන්නිවේදන තාක්ෂනික විධික්‍රම සමග සබැදේ.

           

           අකේත සන්නිවේදනය තාක්ෂනයේ ආරම්භය ඈත අතීතයට දිව යන්නකි. මහා ශිෂ්ටාචාර අවධිවලට සම්බන්ධව යම් යම් ගණිත මිනිත ක්‍රම හා සැලසුම් සැලසුම්කරණය සංවිධානය ප්‍රමාණය ආදිය පැවති බවට සාක්ෂි හමුවේ. පසුව ග්‍රීක  රෝම ශිෂ්ටාචාර ආශ්‍රිතව ද ගණනය ආශ්‍රිතව ව්‍යවහාර පැවතී ඇත නූතන ලෝකයේ සංඛ්‍යා ක්‍රමය පුරාණ ගණිතඥයන්ගේ නිර්මාණයක් වේ. එහිදී  ක්‍රිස්තු වර්ෂ  475- 550 අතර කාලයේ ජීවත් වූ ආර්ය භාග  ක්‍රිස්තු වර්ෂ 1114- 1185 අතර කාලයේ ජීවත් වූ බාස්කර ගණිතඥයින් බෙහෙවින් වැදගත්ය.  එහිලා වඩාත්ම වැදගත් සේ දැක්විය හැකිය. ඔහු ලියන ලද ලීලාවතී සිද්ධාන්තය ශිරෝමණී ව්ජ ගණිතය ගෝලධිය ආදි  කෘතීන් වලින් නූතන සංඛ්‍යා ක්‍රමයෙනි. පදනම හා ඒවා භාවිත කරන ආකාරයන් ගැන දක්වා ඇත. දහය පාදක කරගන්නා මෙම සංඛ්‍යා ක්‍රමයට නම් දහයක් හා සංකේත දහයක් තිබීම විශේෂත්වකි. එය රෝම ඉලක්කම් ක්‍රමයට වඩා පහසු වූවකි. ලොව පුරා භාරතයේ පහළ වූ මෙම  සංඛ්‍යා  ක්‍රමය ව්‍යාප්ත වීමට හේතුව එයයි. 

              

           ඉන්දීය සංඛ්‍යා ක්‍රමයේ බලපෑම බටහිර යුරෝපයේ ඇති වූ විද්‍යා හා තාක්ෂණික දියුණුව සමග අත්වැල් බැද ගැනීමත් සමග පරිඝණකය බිහිවීමට අදාළ පදනම වැටුණි.  මේ සදහා ඇරිස්ටෝටල්ගේ තර්ක මූලධර්ම ද බලපෑවේය. පසුව කෝලෝඩ් ෂැනොන්  වැනි අය මෙම පරිඝණකයේ උපයුක්ත ස්ව්චින් පරිපත ක්‍රමය ආදියට ද උපයුක්ත විය 17 වන සියවසේ සිට පරිඝණකයේ ආරම්භයට බලපෑ යාන්ත්‍රික කැල්කියුලේටරය බටහිර යුරෝපයේ භාවිතයට ගෙන ඇත. එසේම ලඝුගණක යන්ත්‍රය - ස්කොට්ලන්ත ජාතික ජෝන් නේපියර් සහ එංගලන්තයේ එඩ්මන්ඩ් ගන්ටර් යන අය විසින් සොයා ගෙන ඇත. නෙපියර්ගේ සර්පන රූල [ slide rule ] ද වැදගත් සොයා ගැනීමකි. 1792- 1871 කාලයේ ජීවත් වූ එංගලන්ත ජාතික චර්ල්ස් බැබේජ් නිර්මාණය කළ ඩිෆර්න්ස් එන්ජිම හා ඇනටිකල් එන්ජිම පරිඝණකයට අදාළ සොයා ගැනීම්වල    මූලාර්ම්භය වේ. එසේම නූතන පරිඝනකයේ එංගලන්තයේ , යුරෝපයේ මෙන්ම  ඇමරිකා එක්සත් ජන පදයේ විද්වතුන් ගණනාවකගේ සොයා ගැනීම්   පර්යේෂණ බෙහෙවින් බලපා ඇත.     

                   

         1945- ඇමරිකාවේ ජේ ප්‍රොස්පර්   එකර්ඩ් සහ ජේ ඩබ් මෝචිලි    enivac   නමින් පරිඝණක තාක්ෂණය ආරම්භ කරන විට එංගලන්තය  MARk 1  නමින්    පරිඝණක‍යක් සාදා ඇත. පසුව EDVAC   නමින් ද  UNI VAC නමින් ද දියුණු කර ඇත. 1952 ඇමරිකාවේ IBM 701 නමින් ද ප්‍රථම ඉලෙක්ට්‍රොනික පරිඝණකය නිර්මාණය ඇත. ඇමරිකාවේ විශාල වශයෙන් පරිඝනකයේ දියුණුව සදහා පර්යේෂණ කර ඇත. 1965- 1980 කාලය වන විට තුන්වන පරම්පරාවේ පරිඝනකය හදුන්වා දීමට ඇමරිකාව සමත් විය. 1981- 1985 වන විට හතරවන පරම්පරාවේ පරිගනය නිපදවවීමට සමත් වූ අතර 1981 සයිබර් 205 සුපිරි පරිගනකය නිපදවා ඇත. 1988 වන විට ඉන්දියාවේ විජය හත්කාර් සුපිරි පරිගනකයක් නිපදවීමට සමත් විය. 1995 පසු මයික්‍රොසොෆ්ට් හා ඇපල් වැනි සමාගම් පරිගනක මාධ්‍යයේ සංවර්ධනයට ඇපකැප වී කටයුතු කර ඇත. විශේෂයෙන් ස්ටීව් ජොබ්ස්  වැන්නවුන්ගේ නිර්මාණාත්මක චින්තනය මගින් පරිගනකය ස්වකීය සේවය වඩාත් පුලුල් තලයට ගොස් ඇත.


           ලෝකයේ විශාලතම පරිගණක jalaya අන්තර්ජාලය වේ.  එය ව මාධ්‍ය භාවිතයේ දැවැන්ත සන්නිවේදන මෙහෙයුමකි. සන්නිවේදන තාක්ෂණයෙ මහිමයෙන් විශ්ව ගම්මානයක් [universal village]  හෝ විශ්ව පවුලක් [universal family] බවට පත්වන ලෝකය ගොඩනඟාගැනීමට අන්තර්ජාලය මගින් නොමද මෙහෙයක් සැලසේ. ආචාර්ය ආතර් සී ක්ලාක්ගේ පුරෝගාමි සංකල්පයට අනුව බිහිවූ චන්ද්‍රිකා සන්නිවේදනයේ  කාර්යභාරයද ව   නව  මාධ්‍ය මඟින් තවදුරටත් පෙරට ගෙන ගොස් තිබේ.  ගුවන් විදුලිය රූපවාහිනිය පමණක් නොව සිනමාව වැනි විද්‍යුත් හා තාක්ෂණික මාධ්‍ය වල කාර්්යභාරය  නව මාධ්‍ය මඟින් හසුරුවන බැව්  ප්‍රකට වෙයි. මාධ්‍ය කරුවන් සතුව තිබූ  වෘත්තීය  ආධිපත්‍ය වඩාත් ‍ ප්‍රජාතන්ත්‍රීකරණය වීම හරහා තොරතුරු  මූලාශ්‍රය ජනතාව වෙත වේගයෙන් සමීප වේ.

     

               මුද්‍රිත මාධ්‍ය සන්නිවේදනය ද නව මාධ්‍ය කර ඇත. පුවත්පත්- සඟරා -   පත්‍රිකා දී ක්‍රම අන්තර්ජාලය හෝ ඩිජිටල් හා තාක්ෂණය ඔස්සේ ්වර්ධනය වී තිබේ . විශේෂයෙන් අන්තර්ජාලය හේතුකොට හේතුකොටගෙන එකී මාධ්‍ය  ව්‍යුහාත්මකව මෙන්ම අන්තර්ගතමය වශයෙන් ද පියවර  ගණනාවක් ඉදිරියට ගියේය. අන්තර්ජාලය 1969 ඇමරිකාවෙන් ආරම්භ වී 1970 මැද භාගයේ ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ARPANET යනුවෙන් ප්‍රායෝගික භාවිතයට ගෙන එන ලද්දේය. [ Advanced Reaserch Projects Agencies Network ] යන්න කෙටිකර ARPANET යන ජාලය සකසා ඇත. 1980 අගභාගය වන විට  NSF  [ National science foundation ] ලෙස තවත් ජාලයක් සක්‍රීය කර ඇත. 1990 වන විට ජපානය ,යුරෝපය ඇතුලු රටවල් ගණනාවක්ම අන්තර්ජාලයට සම්බන්ධ වූ අතර මුල් කාලීනව අධ්‍යාපන ආයතනය [ විශ්ව ව්ද්‍යාල- උසස් පාසල්] අතර දැනුම හුවමාරු මාධ්‍යයක් වුවද පසුව ව්‍යාපාරික , සමාජ  සංස්කෘතික ක්ෂේත්‍රවලට ව්‍යාප්ත විය. e- mail ඇතුලු සියලු නව මාධ්‍ය සේවාවන් 1992 න් පමණ පසුව ආරම්භ වේ. www [ wolld wide web ] 1992 සිට ක්‍රියාත්මක වේ. 1991 මෙම තාක්ෂණය ටීම් බර්න්ස්ලි විසින් හදුන්වා දෙන ලදි. 1995 සිට  ලංකාවේ  එන්නෙ  learn නැමැති  ජාලයටයි. මුල් කාලීනව ව්ශ්විිද්‍යාල හා අධ්‍යාපන ආයතන සම්බන්ධ වූ අතර පසුව බැංකු රක්ෂණ සමාජ සංස්කෘතික ඇතුළු  සකලවිධ ක්ෂේත්‍ර වෙත ව්‍යාප්ත ඇත. මෙය දුරකථන සම්බන්ධතා හා සේවාවන් ඔස්සේ ප්‍රවර්ධනය වන මාධ්‍යයක් වූ බැවින් ජංගම දුරකථන වැනි  ක්‍රමවේදයන් පැමිණි  පසු සීඝ්‍ර ව්‍යාප්තිය ඇතිවූවකි.  මාධ්‍ය අන් සියලු මාධ්‍ය ආක්‍රමණය කරමින් පෙරට පැමිණීමට බලපා ඇත්තේ එහි පවත්නා සුවිශේෂී ගුණාංග කීපයකි. 


  • අතිශය කාර්යක්ශම සන්නිවේදන  මාධ්‍ය  ක්‍රමයක් වීම
  • වේගවත්   බව
  • බහුල ව්‍යාප්තියක් සහිතවීම
  • බහුමාධ්‍ය කාර්යභාරයක් ඉටුකිරීමට
  • තොරතුරු ,බහුලීකරණය වීම

            

        තොරතුරු රැස් කිරීම, ගබඩා කිරීම් මෙන්න විශ්ලේෂණය මෙන්ම ප්‍රතින නිර්මාණ කාර්යක්ශම කළ හැකි වීම.

  

            මේ නිසා   නව මාධ්‍ය ක්‍රම වේගවත්ව පෙරට පැමිණ තිබේ ය අන් සියලු මාධ්‍යයන්ට අභියෝගයකි. එහෙත් නව මාධ්‍ය වල පවත්නා තාක්ෂණික සුමට බව ආකර්ෂණීය හා නිර්මාණාත්මක ක්‍යතා ශක්‍යතා හේතුකොටගෙන නෙකුත් මාධ්‍යන්ට ප්‍රතික්ෂේප කළ නොහැකියි මාධ්‍යයක් බවට පත්ව තිබේ.

6 Comments

  1. නව මාධ්‍යන් නිසා පරණ TV , රේඩියෝ දෙන අහාවයට ගිහිල්ලා. දැන් තරුණ පරපුරේ බොහෝදෙනා TV බලනවා වෙනුවට youtube තම ජිවිතයේ කොටසක් කරගෙන හාමරයි.

    අර්ථාන්විත post එකක්.

    ReplyDelete

Post a Comment

Previous Post Next Post