භාෂාව බිහිවීම

භාෂාව බිහිවීම


 

        භාෂාව පහළවීමට ගතවූ කාලය නම් අති දීර්ඝ ය. අප කිසිවෙකු නොදත් සමයෙක අප නොදත් තැනක කවුරු හෝ මනුෂ්‍යයෙකු භාෂාවේ මුල්ම වචනය මුවින් පිට කළේ ය. ඒ පිළිබඳ කිසිම තොරතුරක් අප හමුවේ නැත. වසර දහස් ගණනක් පුරා විද්වත් මනුෂ්‍යයෝ භාෂාවේ සම්භවය පිළිබඳව විවිධාකාර අනුමාන උපකල්පන සහ න්‍යාය ඉදිරිපත් කොට ඇත. එහෙත් එය තවමත් මුළුමනින්ම අනාවරණය නොවූ අභිරහසක්ව පවතී. භාෂාව පිළිබඳ ප්‍රථම ගවේෂණ භාෂාව පිළිබඳ ප්‍රථම ගවේෂණයන් සිදු කළේ මිසර ජාතිකයෙකි. නූතන විද්‍යාත්මක අර්ථයෙන් නම් එය සැබවින්ම පාලනය කරන ලද තත්ත්වයන් යටතේ සිදු වූ සම්පරීක්ෂණයකි. මේ පිළිබඳව ග්‍රීක ඉතිහාසඥ හෙරඩෝටස් තම ග්‍රන්ථයක සඳහන් කරයි. ඒ අනුව සම්මැටික්ස් නම් මිසර රජු සම වයසේ පසු වූ කුඩා බිලිඳුන් දෙදෙනකු සොයා ගත්තේ ය. ඉන්පසු ඔවුන් කවර මිනිස් කටහඬක් වත් නොඇසෙන ලෙස හුදෙකලා කොට හදා වඩා ගත්තේ ය. එසේ කළ ඔවුන් නිසි වයසේ කථා කිරීම පටන් ගත් විට තමන්ට ආවේණික භාෂාවෙන් කථාකරනු ඇත. යන විශ්වාසය ඇතිවය. එයින් එක් බිලිඳෙක් නිසි වයසේ දී මුලින්ම ඊෑණධී යන ශබ්දය නැඟී ය. වහාම එම වචනය පිළිබඳව තම රටෙනුත් විදේශයන්ගෙනුත් තොරතුරු සෙවූ රජුට එය එවකට තම රටට යාබදව පැවති ෆ්‍රීජියා යෙදෙන වචනය බව දැන ගන්නට ලැබිණි. ඒ අනුව ඔහු අර දරුවාට ආවේණික බස ෆ්‍රීජියන් බස යැයි නිගමනය කළේ ය. අනෙක් දරුවා ගැන හෙරඩෝටස් කිසිවක් කියා නැත. භාෂාවේ උපත මෙසේ සිදු විය.

භාෂාව යනු මානවයා විසින් ඔවුන් අතර අදහස් හුවමාරු කර ගන්නා වූ ප්‍රධානත ම මාර්ගය වේ. එය මානවයා අන්‍ය සත්වයන් ගෙන් සුවිශේෂ තත්ත්වයට පත් කරන්නකි. භාෂාව කෙදින කෙසේ ඇති ඇති වී ද යන්න පිළිබඳ ව ශිෂ්ට සමාජය මානවයා ගේ  විචාරාක්‍ෂිය ඉතා ඈත අතීතයේ සිට යොමු වූ බවට සාධක පවතී. වාග් විද්‍යාවේදී භාෂාව ලෙස අදහස් කරන්නේ “ශබ්ධ උච්ඡාරණය හා ශ්‍රවණය මගින් මිනිසුන් අතර අන්‍යෝන්‍ය වශයෙන් අදහස් හා හැඟීම් හුවමාරු කර ගන්නා මාර්ගය” ලෙසයි. මිනිසා සොයා ගෙන ඇති ප්‍රබලම උපකරණය භාෂාව යි. එමෙන්ම භාෂාව මිනිසාගේ සිතීමේ උපකරණය ලෙසද සැලකිය හැකිය. ප්‍රථම ලිඛිත භාෂා ක්‍රමය වුයේ නීලංකාරයයි. නමුත් කථාකරන භාෂාව ලිවිම ඇරඹිමට අඩු වශයෙන් අවුරුදු දසදහස් ගණනක් ගත වු බව විශ්වාස කෙරේ. 

එසේ ම භාෂාව යන්නෙන් අදහස් කෙරෙනුයේ කුමක් ද යන්න  විවිධ විද්වත්හු විවිධ න්‍යායන් තුළින්ද නිර්වචනය කළහ. “භාෂාව නම් හැඟීම් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයකි”, “භාෂාව නම් අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයකි”, “භාෂාව නම් මිනිසුන් අදහස් හුවමාරු කර ගන්නා මාර්ගයකි”, “භාෂාව නම් මිනිසුන් සන්නිවේදනය සඳහා යොදා ගන්නා මාර්ගයකි” යනාදිය ඒ අතර ප්‍රමුඛ වේ. මේ සියල්ල නිවැරදි වන නමුදු සම්පූර්ණ අර්ථනිරූපණයන් වශයෙන් හඳුනා ගැනීම උගහට ය. භාෂාවක මනෝමූලික පාර්ශවය මෙන් ම ආකෘතිකමය පාර්ශවය ද භාෂාව අරභයා වන නිර්වචනයක අත්‍යවශ්‍යයෙන් ම ඇතුළත් විය යුතු කරුණු කාරණා ය. 

භාෂාව බිහිවන්නේ යම් සමාජ කාර්යයභාරයක් ඉටුකර ගැනීම සඳහා ය. ඒ අනුව භාෂාව සතු සමාජ කාර්යයභාරය ඉතා පුළුල්ව සාකච්ඡාවට බඳුන් වේ. ඒ හැම කාර්යයක් මඟින්ම පුද්ගල යහපැවැත්ම හා සමාජ කාර්යභාරය සලකා බලයි. භාෂාව මගින් වඩා සංකීර්ණ වූ ද, දීර්ඝ වූ ද පණිවුඩ අන්‍යයන් වෙත පැමිණවිය හැකි ය. මෙවැනි හැකියාවක් මනුෂ්‍ය භාෂාව සතුවීම නිසා එකිනෙකා අතර අදහස් හුවමාරුවෙන් සමාජ සහයෝගීතාව ජනිත කර ගැනීමට මිනිසාට හැකි විය. මේ අනුව සාමූහික ප්‍රයත්න සැලසුම් කිරීමටත්, එමඟින් එක් පුද්ගලයෙකු තනිව කරන ප්‍රයත්න මෙන් නොව බොහෝ දෙනෙකුගේ සහයෝගීතාවයෙන් කෙරෙන ප්‍රයත්න මගින් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ද ඉඩ සැලසුණි. යම් යම් කරුණු පිළිබඳව දිගින් දිගට සිතීමටත්, වඩා සංකීර්ණ අන්දමින් ඒවා සලකා බැලීමටක් භාෂාව මිනිසාට උපකාරී විය. ඒ අනුව ප්‍රාකෘතික තත්ත්වයේ සිට සංවර්ධිත ශිෂ්ටාචාරයක් කරා පිය නැගීමට භාෂාව උපකාරී වූ බව පෙනේ. දැනුම් සම්භාරය තැන්පත් කිරීමට ආධාරක වූ හෙයින් ද භාෂාව මානව ශිෂ්ටාචාරයේ ඉදිරි ගමනට රුකුලක් විය.

එපමණක් නොව, එක් පරම්පරාවක් විසින් සිය අත්හදාබැලීම්වලින් සොයා ගත් දේ අනෙක් පරම්පරාවට ප්‍රදානය කිරීම සඳහා භාෂාව උපයෝගී කර ගත්තේ ය. පළමුවෙන් මෙම පාරම්පරික ඥාන ප්‍රදානය සිදු වූයේ මුඛ මාධ්‍යයයෙනි. මුඛ පරමිපරාව යනුවෙන් පැවසෙනුයේ එසේ පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන දැනුමයි. මුලදී එම පාරම්පරික දැනුම කටපාඩමින් දිගින් දිගට පවත්වාගෙන එන ලදී. බෞද්ධ දාර්ශනික චින්තනය මුල් අවුරුදු පන්සියයක් පමණ කාලය මුළුල්ලේ පවත්වාගෙන එන ලද්දේ එබඳු සූත්‍ර මගිනි. ඒ සඳහා උපකාරී වූයේ ද භාෂාව යි. 

භාෂාව මානව සංස්කෘතියෙහි පදනම වශයෙන් සලකනු ලබයි. භාෂාව භාවිත කරන මිනිසා සත්ත්ව ලෝකයෙහි අන්‍ය සත්ත්වයන්ට වඩා අසහාය තත්ත්වයක් අත්පත් කර ගෙන ඇත්තේ ද භාෂා ශක්‍යතාව නිසා ම ය. සෑම සත්ත්වයෙක්ම මුඛය හා අංගෝපාංග ආශ්‍රයෙන් නොයෙක් පණිවුඩ හුවමාරු කර ගන්නා නමුදු, මානව භාෂාවේ ඇති හැකියාව නිසා සංකීර්ණ අදහස් හුවමාරු කරගැනීමට, සංකීර්ණ සමාජයක් හා පෘථුල ශිෂ්ටාචාරයක් ගොඩනැගීමට මානවයාට හැකි විය. භාෂාවේ බලමහිමය උපයෝගි කර ගත් මිනිසා ජීව ලෝකය මෙන් ම ද්‍රව්‍ය ලෝකය ද පාලනය කිරීමේ ශක්තියක් ලබා ගෙන තිබේ. මේ නිසා ම මානව සංස්කෘතියේ පදනම භාෂාව බව අද අවිවාදයෙන් පිළිගෙන ඇත.
සංස්කෘතයෙහි ‘ව්‍යක්ත වචන’ අර්ථයෙහි යෙදෙන භාෂ් ධාතුවෙන් නිපන් කරණ කාරක කෘදන්තයක් වන ‘භාෂා’ යන්නෙන් ‘භාෂණයට හෙවත් කථා කිරීමට උපකරණ වන්නක්’ යන අර්ථය ලැබේ. මෙයට සමානාර්ථවත් ව ඉංගිරිසියෙහි යෙදෙන ‘ක්බටම්ටැ’ නැමැති යෙදුම ලතිනයෙහි ‘ජිව්හාව’ (දිව) යන අර්ථය දෙන ‘කසබටම්’ යන්නෙන් තද්භව වූවකි. ‘කසබටම්’ යන්න ඉන්දු-යුරෝපීය මූල භාෂාවේ (ඡරදඑද ෂබාද-ෑමරදචැ්බ) ෆාබටයම- යනුවෙන් යෙදෙන්නට ඇතැයි සැලකේ. භාෂ් ධාතුවෙන් නිරූපිත ‘ව්‍යක්ත වචන’ යන්නෙන් ගම්‍ය වන්නේ ‘ස්වර - ව්‍යඤ්ජන වශයෙන් පැහැදිලි ශබ්ද සහිත වීම’ යන්න යි. ඒ අනුව මානවයා අතර භාවිත වන සන්නිවේදන මාධ්‍යය ‘භාෂාව’ යනුවෙන් හැඳින්වෙන අතර ස්වර - ව්‍යඤ්ජන වසයෙන් පැහැදිලි නො වන, එනම් ‘අව්‍යක්ත’ ශබ්ද හැඳින්වීම සඳහා යෙදන්නේ නද් ධාතුවෙන් නිපන් ‘නාද’ යන කෘදන්තය යි.

භාෂාව යනු කුමක් දැයි හඳුන්වාදීම සඳහා ඒ පිළිබඳ වී පර්යේෂණ කළ වාග් විද්‍යාඥයන් සමාජ හා මානව විද්‍යාඥයන් මෙන් ම වියරණ ඇදුරන් ද විවිධ මතවාද ඉදිරිපත් කර තිබේ. ඇතමකු ගේ මතය වන්නේ සිතිවිලි උසුලන්නා හෙවත් ප්‍රවාහනය කරන්නා භාෂාව නම් වන බවයි. මෙහි දී භාව යනු උච්චාරණය හා ශ්‍රවණය යන දෙකින් සමන්විත වන අදහස් උදහස් හුවමාරු කර ගන්නා වූ ශබ්ද සමූහයක් බව කියවේ. ඒ නිසා ම භාෂාව සමාජයේ ජීවත් වන ජනතාව අතර අනෙත්‍යය සම්බන්ධකම් පවත්වා ගැනීම පිණිස යොදා ගනු ලබන වාගාලාප සමූහයකින් සැදුණ බව නිගමනය කළ හැකි ය.

භාෂාව යනු මූලික වශයෙන් ඉන්ද්‍රිය සමූහයක් ක්‍රමානුකූල ව චලනය කිරීමෙන් නිපැදවෙන ශබ්ද සමූහයකින් සමන්විත වූවකි. මෙය තවත් වාග් විද්‍යාඥයකු ගේ මතයකි. ශබ්ද නිපදවීමේ දී පෙණහලු, වායු ධාරාව, ඝෝෂ තන්තු කණ්ඨය, දිව, දත්, තොල් හා නාසිකා රන්ධ්‍රය වැනි ඉන්ද්‍රියන් චලනය කිරීමෙන් භාෂාමය ශබ්ද උපදී. මෙසේ උපදින ශබ්ද උපයෝගි කර ගෙන මිනිසුන් අදහස් ප්‍රකාශ කිරීමට පෙළඹෙයි.

1968 දී ආර්.ඒ. හෝල් :ඍග්ග ්‍ය්කක* නම් විද්වතා ප්‍රකාශ කළේ, 

“භාෂාව යනු, මානව වර්ගයා විසින් සන්නිවේදනය ද, අන්‍යෝන්‍ය සම්බන්ධය ද පවත්වා ගැනීම සඳහා යොදා ගන්නා ඇබ්බැහිකම් පදනම් කොට භාවිත කරන වාචික, ශ්‍රව්‍ය, සංකේත සමූහයකින් යුත් ක්‍රම පද්ධතියකි.” 
යන්න යි.

සන්නිවේදන යන වචනයෙන් ගම්‍යමාන වන්නේ ප්‍රකාශ කිරීම, මනා සේ ඇඟවීම, දැන්වීම යන අදහස්ය. කෙනෙකු ගේ සිතෙහි ඇති වන හැඟීම්, අදහස් උදහස් තවත් කෙනෙකුට දැනෙන පරිදි හෙළිදරවු කිරීම සන්නිවේදනයේ ප්‍රධාන කාර්යය යි. සන්නිවේදනයේ දී අප කරන්නේ විවිධ තොරතුරු, ආකල්ප හා ආරංචි, පුද්ගලාන්තර ව බෙදා හදා ගැනීම යි. මිනිසා තම සිත තුළ පහළ වන විවිධ සංකීර්ණ සිතිවිලි සමුදාය පැහැදිලි කර ගැනීමේ දී උපයෝගි කරගනු ලබන්නේ භාෂාවයි. මිනිස් සන්තානය තුළ පහළවන හැඟීම් කෙබඳු එකක් දැයි පැහැදිලි වන්නේ ඒ හැඟීම් භාෂා මාධ්‍යයට පෙරළීමෙනි. අන්‍යෝන්‍ය සම්බන්ධය ද පවත්වා ගැනීම සඳහා ද භාෂාවෙන් කරනු ලබන කාර්යය අති විශාල වේ.

නූතන ලෝකයේ විවිධාකාර සන්නිවේදන මාධ්‍ය දක්නට ලැබෙතත් එයින් වඩාත්ම ප්‍රබලතම මාධ්‍ය වන්නේ භාෂාව යි. මේ නිසාම සමාජ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට අප යොදා ගන්නා රුධීකෘත අර්ථවත් වාංමය සංකේත පද්ධතිය භාෂාව වශයෙන් හඳුන්වා දීමට නූතන වාග්වේදීහු කැමැත්තක් දක්වයි.
“භාෂාව යනු - මිනිසුන්, සමාජීය සම ූහයක (ප්‍රජාවක) සාමාජිකයින් සංස්කෘතික කොටස්කරුවන් ද වශයෙන් අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්ව හා සන්නිවේදනය සඳහා යොදා ගන්නා සම්මුතික වූ වාග් සංකේත පද්ධතියකි.” 
 (බි්‍රටැනිකා විශ්ව කෝෂය) 
 
“භාෂාව යනු ලෝකය දෙස බලා අත්දැකීම් අර්ථ නිරූපණය කිරීමේ විශේෂ ක්‍රමයකි.” 
 (ක්ලයිඩ් ක්ලක්හෝන්) 

“මානව භාෂාවේ ප්‍රභවය සිදුව ඇත්තේ මුල් මානවයා අතර ලිංගික අවශ්‍යතා මුල් කරගෙන ඇති වූ ආදර හැඟීම් මුල් කරගෙන යි.” 
(වාග් විද්‍යාඥ ජේස් පර්සන්)
භාෂාවේ ස්වභාවය පිළිබඳ ව අදහස් දක්වන මහාචාර්ය ජේ.බී. දිසානායකයන් ගේ මතයට අනුව භාෂාව සතු ගුණාංග දහයකි.

1. භාෂාව විශිෂ්ටතම මානව නිර්මාණය යි.
2. භාෂාව ප්‍රබලතම සන්නිවේදන මාධ්‍යය යි.
3. භාෂාව මුඛ්‍යතම සංස්කෘතික අංගය යි.
4. භාෂාව චින්තනයේ මූලික උපකරණය යි.
5. භාෂාව වාර්ගිකත්වයේ මූලික සංකේතය යි.
6. භාෂාව සමාජ තත්ත්ව දර්ශකයකි.
7. භාෂාව අනූපම ශක්ති ප්‍රවාහයකි.
8. භාෂාව සංකේත සමුදායකි.
9. භාෂාව රටා සමුදායකි.
10. භාෂාව රීති පද්ධතියකි.


මේ ආකාරයට බලන කල භාෂාව එකවර හදිසියේ බිහි වූවක් නොව, එය ක්‍රමයෙන් මිනිස් පරිණාමයත් සමග වර්ධනය වූ සාධකයක් බව මනාව පැහැදිලි වේ. භාෂාව සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍යම අංගයක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි ය. ලෝකයේ ඇතැම් කොටස් වචන මඟින් තම අදහස් හුවමාරුව සිදුකර ගන්නා අතර, තවත් කොටසක් අංග චලන මගින් තම අදහස් හුවමාරු කර ගැනීම සිදු කරනු ලබයි. මේ සියල්ල ම “භාෂාව” භාවිතයේ විවිධ ස්වරූපයන් ය.

මේ හැම විග්‍රහයකින් ම පැහැදිලි වන්නේ භාෂාව යනු මූලික වශයෙන් ශබ්ද සමූහයක් වන බවත්, එය මිනිසුන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධකම් පවත්වා ගැනීමටත්, අදහස් උදහස් හුවමාරු කර ගැනීමටත්, සංකීර්ණ හැඟීම් ප්‍රකාශ කිරීමටත්, මානව වර්ගයා විසින් භාවිත කරනු ලබන ප්‍රබලතම මාධ්‍යයක් වන බව යි.

4 Comments

Post a Comment

Previous Post Next Post