ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු...

 ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු...


ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබඳ 70 දශකයේ සිට වර්ධනය වූ සංකල්පයකි. ඈන් ඔස්ලේ වැනි සමාජ විද්‍යාඥයින් විසින් ආරම්භ කරන ලද මෙම විෂය පසු කාලීනව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ වර්ධනය විය. එක් ලිංගයකට අයත් අයෙක් තවත් ලිංගයකට අයත් අයෙකුගෙන් වෙනස් වීම ප්‍රධාන වශයෙන් ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වය ලෙස හැඳින්වේ. මිනිසා ස්ත්‍රී හා පුරුෂ ලෙස තවත් අයෙක්ව හඳුනාගන්නේ ලිංගිකත්වය පදනම් කොටගෙනය. මේ අනුව ස්ත්‍රීයක් හා පුරුෂයෙකු ශරීර අංගෝපාංග අනුව බෙදා දැක්විය හැකිය. කාන්තාවක් යන්න ඉතාමත් මට සිලිටු තැනැත්තියක් යන්න අතීතයේ පටන් පැවති අදහසකී. පුරුෂයන් යන්න ශක්ති සම්පන්න හා බල සම්පන්න අයෙක් බවත් පැරැන්නන් විශ්වාස කරන ලදී. මෙම හේතූන් නිසා අතීතයේ පටන්ම කාන්තාව හා පුරුෂයාට වෙන්වූ සමාජ භූමිකාවන් විවිධ විය. සරලව දක්වන්නේ නම් ස්ත්‍රි පුරුෂ සමාජභාවය යනුවෙන් අදහස් කරන්නේ ස්ත්‍රිය පුරුෂයා වීම හෝ නොවේ කාන්තාව පුරුෂයාට යටත් වීම හෝ පුරුෂයාට පරයා ගැහැණිය ඉහළට ඒමද නොවේ. ඇයට අවශ්‍ය වන්නේ සම සාධාරණත්වය ලබා දීමයි. ඇය පිළිබඳ සමාජය තුළ ධනාත්මක සංවේදීතාවක් ඇති කිරීමයි. 

ජීව විද්‍යාත්මකව ස්ත්‍රීයට සහ පුරුෂයාට ලැබී ඇති ලිංගික වෙනස මත සමාජය විසින් දීර්ඝ කාලයක සිට වෙනස් වූ සමාජ තත්ත්වයන් මෙම දෙපක්ෂය සඳහා නිර්මාණය කර දී ඇත. ස්ත්‍රීන්ට සහ පුරුෂයන්ට එකිනෙකට වෙනස් වූ ගති ලක්ෂණ , අන්‍යතා ,හැසිරීම් රටා , භූමිකා සහ වෘතීන් පවා සමාජය විසින්ම නිර්මාණය කර දී තිබේ. මෙය ලිංගික බව මෙන් ස්වභාවධර්මයෙන් ලැබුණු දෙයක් නොවේ. සංස්කෘතිය, ආගම, විශ්වාස, ඇදහිලි සහ සිරිත් විරිත් මගින් මෙම සමාජ තත්ත්වය ස්ථාපිත කර තිබේ.

ස්ත්‍රී පුරුෂ සමාජ භූමිකාව අතීතයේ පටන් අද දක්වා ක්‍රමයෙන් විකාශනය වී ඇත. ස්ත්‍රි පුරුෂ සමාජභාවය පවුල තුළ සලකා බැලීමේ දී ස්ත්‍රීයට අප්‍රධාන තැනත් හිමි වේ. පුරුෂයාට පවුල තුළ ආධිපත්‍ය බලය හිමි වේ. පවුලක් ලෙස ගත් විට අඩු වරප්‍රසාද, අඩු නිදහස, අඩු අයිතිවාසිකම්, අඩු දේපල, අඩු කීර්තිය හෝ අඩු බලය හමි වන්නේ කාන්තාවට යි. වැඩි බලය හෝ ආධිපත්‍ය හිමි වන්නේ පුරුෂයාට යි. මේ අසමාන වූ බල බෙදීම පදනම් වී ඇත්තේ ස්ත්‍රි පුරුෂ සමාජභාවය නිසා යි. කාන්තාවක් නම් ඇය ගෙදර දොර වැඩ කටයුතු කරමින් ස්වාමියා හා දරුවන් රැකබලා ගනිමින් සිටිය යුතු බවටත් පුරුෂයා රැකියාවක නිරත විය යුතු බවටත් මතයක් පැවතුනී. බ්‍රාහ්මණ ආගමට අනුව කාන්තාවකට කිසිදු අයිතිවාසිකමක් භුක්ති විදීමට අවසර නොතිබුනු අතර ඇය කුඩා කාලයේදී පියා යටතේ ද තරුණ අවදියේ ස්වාමි පුරුෂයා යටතේ ද මහ`ළු වියේදී තම දරුවන් යටතේද සිටීම අනිවාර්ය කරන ලදී. ස්ත්‍රියට කෙදිනකවත් ස්වතන්ත්‍රව ජීවත් වීමටඅවසර ලැබුණේ නැත.  

‘’බාලේ්‍ය පිතූර් වශේ තිශ්ඨෙත්  -  ප්‍රාණිග්‍රාහස්‍ය යෞවනේ

පුත්තාණං භර්තරී ප්‍රේතේ    -  නභජේත් ස්ත්‍රී ස්වතන්ත්‍රතාම්’’ 


තවද කාන්කාවකගේ මුහුණ පද්මයකට සමාන බවත් කාන්තාවකගේ වචන සීතල සදුන් බවත් කාන්තාවක් ඇසුරු කිරීම මඟින් ඇගේ සිතේ ඇති සිතුවිලි හා හදවත හළාහල විෂට සමාන බවත් බමුණන්ගේ මතය විය.

‘’මුඛ පද්ම දාලාකාරං - වාචා චන්දන සීතලං

 මධු තිෂ්ඨති ඡිව්හාග්‍රේ - හර්ධයේසූ හළාහලං’’

නමුත් මෙම තත්ත්වය අදවන විට වෙනස්ම මුහුණුවරක් ගනී. කාන්තාවන් හා පුරුෂයින් එකිනෙකාට නොදෙවෙනි ලෙස වෘත්තීය ජීවිතය පමණක් නොව අධ්‍යාපනික ක්ෂේත්‍රය තුලත් සාර්ථක වී ඇති ආකාරය හදුනාගත හැකි ය. සංවර්ධනය වී ඇති රටල්වල කාන්තාවන් බහුතරයම උපාධිධාරීන් ය. එම රටවල ඔහුන් සදහාම වෙන් වූ රැකියා අවස්ථාවන්, සමාජ සේවාවන් ඇත. පරිපාලන ක්ෂේත්‍රයෙහි 6% ම සිටින්නේ කාන්තාවන්ය. එම රටවල අනාගත වෙළඳපොළ ඉලක්කයන් මු`ළුමනින්ම කාන්තාව ප්‍රධාන කොටගෙන ඇතිබව ඔහුන් විශ්වාස කරයි. එම නිසාවෙන්ම ඔහුන් අවිවාහක භාවයෙන් සිටීමට බොහෝවිට උත්සහා කරයි. අද වන විට විවාහක යුවල් තම ගෙදර දොර කටයුතු හා දරුවන් බලාගැනීමේ කටයුතු දෙපාර්ෂවය විසින්ම සිදු කරයි. 

ජාතික කාන්තා කම්කරු වෘර්තීය සමිතිය විසින්  2005 මාර්තු මස 08 වන දින බංගලාදේශයේ ඩකා නඟරයේදී පැවැති කාන්තා දිනය සැමරීමේ උත්සවයේදී͵ ස්ත්‍රීවාදය, කාන්තාව හා ගැහැණු, ආගමික සංකල්පය තුළ නිරූපිත කාන්තාව, ස්ත්‍රීය සතු බලය, කාන්තාවකගේ අයිතිවාසිකම් තහවුරු කිරීම, කාන්තාවල පෞද්ගලික දේපළ හා රාජ්‍ය, කාන්තාව හා ලිංගික දේශපාලනය, ලිංගික අපචාර, ස්ත්‍රී පුරුෂ ගැට`ළු, ක`ළු ස්ත්‍රීවාදී අදහස්, ස්ත්‍රීවාදය හා ස්වභාවධර්මය පිළිබඳව විශාරදත්වය, යන කරුණු පිළිබඳව ස්ත්‍රී දර්ශණය පිළිබඳව ප්‍රධාන න්‍යායාචාරීන් වන බාර්කි බොවෝයර්ල බට්ලර් කොලින්ස්, ඩාලි ඬේවිස්, වොල්සන් කැට් මාර්ටින් යන තැනැත්තන් විසින් පුළුල්ව සාකච්ඡා කර ඇත. 

වර්තමාන චිත්‍රපට කර්මාන්තය 70% ක් කාන්තාව පදනම් කරගෙන ඇතැයි කිව හැකිය. ස්ත්‍රීවාදී චිත්‍රපට මූලික වශයෙන්ම පෙනී සිටින්නේ ස්ත්‍රීවාදී දෘශ්ටිය පෙරදැරි කරගෙනය. 60 හා 70 දශකය පමණවනවිට ස්ත්‍රීවාදී චිත්‍රපට න්‍යායාත්මකව වර්ධනය විය. දේශපාලන විවාද හා ලිංගික විමුක්තිය මෙන්ම 60 දශකයේදී රැඩිකල්වාදයේ අසමත්කම ජනවාර්ගිකව නැගී එන කණ්ඩායම් සෑදීමටත් විවිධ දෘශ්ටිකෝණයන්ගෙන් කාන්තාවන්ගේ ප්‍රධාන සිනමා නිර්මාණයන් මඟින් කාන්තාවන් විශ්ලේෂණය කිරීමටත් සමත්විය. අත්ලාන්තික් සාගරය දෙපසින්ම ස්ත්‍රීවාදය ව්‍යාප්තවන්නට විය. වර්ෂ 1972 දී ඇමරිකාවෙහි හා එන්ගලන්තයේදී පළමු ස්තීවාදී සිනමා උළෙල හා පළමු ස්ත්‍රීවාදී සඟරාව වන කාන්තාව හා සිනමාව යන කෘතිය එලිදක්වන ලදී. එඩින්බරෝ සිනමා උළෙලේදී ස්ත්‍රීවාදී චිත්‍රපටයට ප්‍රබල බලපෑමක් ඇති වෙනත් අය විසින් දර්ශනවාදයේ හා මනෝවිශ්ලේෂණ ප්‍රවේශයන් මඟින් ස්ත්‍රීවාදී චිත්‍රපට විවේචනය හා බෙදාහැරීම ප්‍රබල විය. 

ස්ත්‍රී පුරුෂ සමාජ භාවය අපූර්ව ආකාරයට නිරූපණය වන සිනමා නිර්මාණයක් ලෙස ඇගේ ඇස අග චිත්‍රපටය හඳුනා ගත හැකි අතර ඒ පිළිබඳව පහත ආකාරයට විචාරයට ලක් කළ හැකි ය.


4 Comments

Post a Comment

Previous Post Next Post