20 වන සියවසේ පුවත්පත් කලාව හා කර්මාන්තය
මෙසේ විකාශය වෙමින් 20 වන සියවස ආරම්භ වන විට, සිංහල පුවත්පත් මහජනයා පිළිගත්, රට තුළ ව්‍යාප්ත වූ ජනමාධ්‍යක් බවට පත් වෙමින් තිබිණ. පුවත්පත් මඟින් ලැබිය හැකි ප්‍රයෝජනය පිළිබඳ ව සිංහල පාඨකයන් ද එයින් සැලසිය හැකි සේවාව පිළිබඳව පත්‍ර කර්තෘවරුන් දැන සිිටි බව කිව යුතු ය. එච්.එස්. පෙරේරාගේ කර්තෘත්වයෙන් 1909 දෙසැම්බර් 17 වනදා ආරම්භ වූ දිනමිණ පුවත්පතෙන් ඒ බව තහවුරු වේ.
20 වන සියවස ආරම්භයේ දී සිංහල ජාතිය හා බුද්ධාගම මුල් කර ගත් ජාතිකවාදී හැඟීම් සිංහල බෞද්ධ ජනතාව අතර කාවැදී තිබීම නිසා, සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම, 1906 ඇරඹි සිංහල බෞද්ධයා සහ 1910 සිංහල ජාතිය වැනි පුවත් පත් මඟින් අවධාරණය කෙරිණි. අනගාරික ධර්මපාල තුමා ගේ මූලිකත්වයෙන් ලංකා මහාබෝධි සමාගම මඟින් සිංහල බෞද්ධයා පුවත්පත ආරම්භ කරන ලදි.
1914 දිනමිණ පත්‍රය මිලයට ගෙන සිංහල පුවත්පත් පළ කිරීමේ කාර්යයට පිවිසි ඞී. ආර්. විජේවර්ධන මහතා රට තුළ නව දේශපාලන නායකත්වයකට අවශ්‍ය පසුබිම ඇති කිරීමට මෙන්ම ලංකාවට නිදහස ලබා ගන්නට පුවත්පත යොදා ගෙන තිබේ. පසුව කොළඹ ලේක්හවුස් ආයතනය පිහිටුවීමත් සමඟ පුළුල් ව්‍යාපාරයක් බවට පත් වූ විජයවර්ධනගේ පත්‍ර කර්මාන්තය සිංහල පුවත්පත් කලාවේදීන්ට වැදගත් වන්නට විය. ලේක්හවුස් ආයතනය හැරුණු කොට මෙකල තිබූ අනෙක් ප්‍රධාන ප්රවෘත්ති පත්‍ර ආයතනය වූයේ ටයිම්ස් ඔෆ් සිලෝන් සමාගම යි.
20 වන සියවසේ මුල් දශකවල දී, සිංහල පුවත්පත් බොහෝමයක් පළ වූයේ විවිධ ආගමික, සමාජීය, දේශපාලන සමාගම් සහ පුද්ගලයන්ගේ මූලිකත්වයෙනි. මෙම කාලය වන විට සිංහල පාඨකයන් අතර ප්‍රචලිතව තිබුණු සිංහල පුවත්පත් වූයේ 1906 සිංහල බෞද්ධයා , 1909 දිනමිණ , 1910 සිංහල ජාතිය , 1912 ලක්මිණ , 1924 ස්වදේශ මිත්‍රයා ආදිය යි. 1930 පමණ වන විට, මුද්‍රිත ජනමාධ්‍යක් වශයෙන් සිංහල පුවත්පත් සැළකිය යුතු වර්ධනයක් අත්කර ගෙන තිබුණු බව පැහැදිලි වේ.
1930 මාර්තු 23 වන දා ඞී. ආර්. විජේවර්ධන මහතා ලේක්හවුස් සමාගම මඟින් අලූත් ඉරිදා පත්තරයත් සිළුමිණ නමින් ආරම්භ කර ඇත. එසේම 1931 මාර්තු 27 සත්‍යවාදී නම් සතිපතා පුවත්පතක් ආරම්භ කර තිබේ. 1933 අපේ‍්‍රල් 1 වැනිදා ඩබ්. ඒ. සිල්වා විසින් මහජන ප්රවෘත්ති පත්‍ර සමාගම වෙනුවෙන් පළ කරන ලද ලංකා සමය පුවත්පත විශේෂයෙන් සඳහන් කළ යුතු ය.
සිංහල පුවත්පත් අතර පැරණි ම පුවත්පතක් වූ ලක්මිණි පහන 1934 ජුනි 26 සිට මුනිදාස කුමාරතුංග මහතාගේ සංස්කාරත්වයෙන් පළ වන්නට විය. 1936 මන්ත්‍රණ සභා මැතිවරණ සමයේ ඉළපත නමින් පත්‍රයක් ද පළ කරයි. මෙකල ප්‍රාදේශික පුවත්පත් කිහිපයක් පළ වී තිබේ. 1932 උඩරට, 1933 රුහුණු හඩ, 1934 උඩරට තරුණයා, 1936 දකුණු තරුව, 1947 මොරටු හඩ යන පුවත්පත් වැදගත් වේ.
ප්‍රධාන පුවත්පත්වලට අමතරව ළමා හා තරුණ පිරිස් වෙනුවෙන් ද පුවත්පත් පළවිය. 1934 ළමයින්ගේ පත්‍රය, 1932 තරුණ හඩ, 1933 තරුණයා, 1933 තරුණෝදය වැනි පුවත්පත් පළ විය. 1936 ජූලි 10 ආරම්භ වූ සමසමාජය සතිපතා පුවත්පත මෙරට දේශපාලන පුවත්පත් කලාවේ ආරම්භයට හේතු විය. එකල ඇරඹි 1939 වීරයා, 1940 ජනශක්ති, 1941 කම්කරුවා පුවත්පත් සහ මව්බිම නමැති සතිපතා පුවත්පත ආදිය වාමාංශික ව්‍යාපාරයට සම්බන්ධව පළවුණු වැදගත් ප්රවෘත්ති පත්‍ර කිහිපයකි.
1942 ජාතික සංගමයේ සතිපතා පුවත්පත වශයෙන් පෙරමුණ පත්‍රය ඞී. ආර්. ජයවර්ධනගේ කර්තෘත්වයෙන් ආරම්භ විය. 1944 දී එච්. ශී‍්‍ර නිශ්ශංකගේ හෙළදිව පත්‍රයත් චන්ද්‍රරත්න මානවසිංහගේ සිතුමිණ පත්‍රයත් ආරම්භ විය. එසේම 1947 අපේ‍්‍රල් 18 සියරට පත්‍රය ආරම්භ විය.
1947 ඔක්තෝබර් 29 ටයිම්ස් ඔෆ් සිලෝන් සමාගම විසින් ප්‍රථම වරට සිංහල පුවත්පතක් නිර්මාණය විය. එය ලංකාදීප පත්‍රය යි. ජුලියස් ලැනරෝල් මහතා එහි ප්‍රධාන කර්තෘ ධුරය දැරූ අතර පසුව ඞී.බී. ධනපාල මහතා කර්තෘ බවට පත් විය. 1953 දී ජනතා නමින් සවස පුවත්පතක් ලේක් හවුස් ආයතනය මගින් ආරම්භ විය. 1957 වනිතා විත්ති නමින් ද පත්‍රයක් ආරම්භ කෙරිණි. 1961 අගෝස්තු 14 දවස පුවත්පත ආරම්භ විය. 1961 අගෝස්තු 20 සතිපතා ඉරිදා පත්‍රයක් රිවිදින නමින් පළ විය.
ලේක්හවුස් ආයතනයෙන් 1963 සරසවිය , 1964 මිහිර , 1965 බුදුසරණ , 1969 තරුණි , 1969 සුබසෙත ආදී වු පත්‍ර කිහිපයක් බිහි විය.
ලංකාවේ පුනත්පත් ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයකට මුල පිරූ දශකයක් ලෙස 1970-80 වකවානුව හැඳින්විය හැකි ය. අද 1974 , අරමුණ 1971 , දිනපති 1974 , ඇස 1975 , දිරිය 1974 , නිර්ධනයා 1973 ආදි පුවත්පත් රැුසක් ආරම්භ කර ඇත. විජය ප්‍රකාශන සමාගම මගින් 1980 සතුට පුවත්පත ද විජය පුවත්පත ද සිරිකත පුවත්පත ද 1983 තරුණයා පුවත්පත ද ආදි වශයෙන් සතිපතා පුවත්පත් ආරම්භ විය.
උපාලි පුවත්පත් සමාගම මගින් ප්‍රථමව 1981 දී චිත්‍රමිත්‍ර නමින් විත්රකතා පුවත්පතක් ආරම්භ විය. 1982 පෙබරවාරි 4 දිවයින ඉරිදා සංග්රය පුවත්පත ඇරඹිණි. 1982 නවලිය පුවත්පත, බිංදු ළමා පුවත්පත විදුසර පුවත්පත ආරම්භ විය. 1987 ලිට්ල් රෝස් සමාගම විසින් පත්‍ර ගණනාවක් ආරම්භ කර ඇත.
(සිංහල පුවත්පත් කලාවේ මෑත ඉතිහාසය, සඳගෝමී කෝපරහේවා*)
මෙයට අමතර ව විසිවන සියවස ජාතික ව්‍යාපාරයට සමගාමීව දමිළ හා මුස්ලිම් පුවත්පත් ගණනාවක් පිළිවෙලින් ආරුමුගනවලර්, බදි උදීන් යන ජන නායකයන් ගේ මූලිකත්වයෙන් ආරම්භ වී තිබේ. මේ අතර අද පවා දක්නට ලැබෙන තිනකරන්, තිනකරන් වර මංජරී , වීරකේසරී පුවත්පත් ඉතාමත් ජනප්‍රිය දමිළ පුවත්පත් ලෙස දක්නට ලැබේ.
(මාධ්‍ය හා නවමාධ්‍ය ඉතිහාසය, මනෝජ් පුෂ්ප කුමාර ජිනදාස*)
90 දශකය වන විට සිංහල පුවත්පත් කලාවේ විකල්ප පුවත්පත් බිහිිවිය. 1990 රාවය , ලක්මිණ , යුක්තිය, 1992 ලක්දිව, සුළඟ ආදි විකල්ප පුවත්පත් බිහිිවිය. සුමති පුවත්පත් සමාගම 1994 ඔක්තෝබර් සිට ලක්බිම නමින් නවතම ඉරිදා පුවත්පතක් ආරම්භ කර ඇත.
ඉහත ආකාරයට 20 වන සියවස පුරාවටම පුවත්පත් කලාවේ වර්ධනය සිදු විය.
Very useful... Nice work.. 👏👏👏
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete👍👍👍
ReplyDelete👌👌
ReplyDeleteWedagath lipiyak
ReplyDelete👍❤️
ReplyDeleteEla❤
ReplyDeleteWadagath deyak❤️👌
ReplyDelete👍👍👍
ReplyDeletewow... 🔥
ReplyDeleteDigatama liyanna...
ReplyDelete❤️❤️❤️❤️
ReplyDelete❤
ReplyDelete❤
ReplyDeletePost a Comment