නින්ද පිළිබඳව විද්යාත්මක ඇසින්….


නින්ද පිළිබඳව විද්යාත්මක ඇසින්….



              නින්දෙන් අපිට ලැබෙන එක වාසියක් වශයෙන් අපේ දරාගැනීමේ ශක්තිය වැඩිවීම හදුනා ගත හැකි ය. අධ්‍යයන වලින් හෙළිවී ආකාරයට කාලයක් පුරාවට පුද්ගලයෙකුගෙ නින්ද 50%කින් කපා හැරිය හොත්  ඔහුට දරාගත හැකි උපරිම වේදනාවත් සීඝ්‍රයෙන් අඩු වීම සිදු වේ . නමුත් එයට නිශ්චිත හේතුවක් තවමත් විද්‍යාඥයො හොයාගෙන නැත. නින්ද කෙතරම්  අත්‍යවශ්‍යද කිව හොත්   පුද්ගලයෙක් වැඩිම කාලයක් එක දිගට නිදි රහිතව සිටිය  කාලයට හිමි ලෝක වාර්තාව දින 11ක් පමණි . ඒ 1964දි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ රැන්ඩි ගාඩ්නර් විසින් පිහිටුවන ලද වාර්තාවයි. ඒ වාර්තාව ආසන්නයට පැමිණීමට  උත්සහ කරපු සියල්ලන්ට ම  සිද්ධවුනේ වාර්තාව කඩන්න කලින් අකාලයේ ජීවිතයෙන් සමු ගැනීමට ය . ඒ තරමට නින්ද ශරීරයට අත්‍යවශ්‍යයි. වාර්තාව පිහිටුවපු රැන්ඩිත් ජීවත්වෙන්න වාසනාව ලැබුවද පසු කාලීනව දැඩි මානසික රෝග වලට  මුහුණ දුන් බව කිව යුතු ය.

     
            නින්දෙන් වෙන තවත් ඉතාම ප්‍රයෝජනවත් ක්‍රියාවලියක් ලෙස මොළය පිරිසිඳු වීම  හඳුනා ගත හැකි ය. එනම්  අනවශ්‍ය මතකයන් ඉවත් කර මොළය clear කිරීම යි. අපේ නින්දෙ ගැඹුරුම වෙලාවෙදි එනම් හීන පෙනෙන වෙලාවේදි  මේ මොළය පිරිසිඳු කිරීමේ ක්‍රියාවලිය උපරිමයෙන් සිදුවේ. ඒ නිසා නිවැරදි නින්දක් ලබාගැනීම හැම කෙනෙකුටම අත්‍යවශ්‍යයි. එහෙම නැතිවුනොත් විවිධ මානසික ව්‍යාකූලතාවයන් හා ඒ නිසාම විවිධ කායික රෝගත් ඇති වීමට පුළුවනි.

       
              සාමාන්‍ය නින්දක්වත් ලබා නොගත්තොත් නැත්තම් නිදිවරණ පුද්ගලයින්ගේ මොලය සම්බන්ධ ක්‍රියාකාරකම්වලට තදබල බලපෑමක් එල්ල කරයි. ඔබ එක දිගටම නිදි වරණ පුද්ගලයෙකු නම් ඔබ වහා කිපෙන , නිතර කේන්තියෙන් සිටින , වහා අමතක වන , දවස පුරාම අලසව සිටින පුද්ගලයෙකු විය හැකිය. එක රැයක් නිදි වරපු පුද්ගලයකුගේ මානසික ඒකාග්‍රතාවය (concentration ) අඩු වීමත් සිදුවිය හැකි ය. එවැනි පසු ආබාධ සිදු වීමට මුලිකම හේතුව මොලයේ අකර්මන්‍ය ක්‍රියාකාරිත්වය යි. පුද්ගලයෙකුගේ ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම නිසි අයුරින් පවත්වා ගෙන යාමට වගේම වේගවත් ප්‍රතිචාර වලට ද නින්ද යම්කිසි බලපෑමක් කරන බව පර්යේෂණ මගින් සොයාගෙන තිබේ.

       නින්ද ඇති වන්නේ විනාඩි 90ක් 110ක් ඇතුලත ආවර්ථියව සිදුවන චක්‍රයක් (recurrence cycle ) නිසාවෙනි. එසේ ම  නින්ද  කොටස් දෙකකට  බෙදිය හැකි ය.

එනම්,

  1. REM sleep සහ
  2. NON -REM leep ලෙසටයි.

      REM sleep යනු rapid eye movement ය.මෙම අවස්තාව ඇති වන්නේ අපි නින්දට ගොස් විනාඩි 70ක් 90ක් අතරදියි. අප නොදන්නවා වූවාට සාමාන්‍යයෙන් නින්දකදී REM තුනේ සිට පහක් පමණ තෙක් ඇතිවෙන බව සොයා ගෙන තිබේ. පුද්ගලයෙකු අවදි වී සිටිනවාට වඩා මොලයේ ක්‍රියාකාරිත්වය වැඩි වන්නේ මේ අවස්ථාවේදී ය. ඒ වගේම අප හීන දකින්නෙත් මේ අවස්ථාවේදී ය.

      NON – REM sleep  මෙහිත් තව අතුරු අවස්ථා හතරක් තිබේ.



stage one – light sleep

     මේ අවස්ථාවේදී  පුද්ගලයෙකු නින්ද සහ නොනින්ද අතර සිටී. එනම් අඩ නින්දේ  පුද්ගලයෙකු සිටින්නේ මේ අවස්තාවෙදියි. පුද්ගලයෙකුට ඉක්මනින් අවදි වීමට හැකිවන්නේ මේ අවස්ථාවේදී ය.

stage two – true sleep

     light sleep එකෙන් විනාඩි 10කට පසු ව  පුද්ගලයෙක් එළඹෙන්නේ දෙවැනි අවස්තාව හෙවත් true sleep stage එකටයි. ආශ්වාස ප්‍රශ්වාස වේගය වගේම හදවතේ වේගයද ටික ටික අඩු වීමටද පටන් ගනී. මෙම අවස්තාව සැලකෙන්නේ පුද්ගලයෙකුගේ නින්දේ වැඩිම වෙලාවක් සමන්විත කොටස හැටියටයි.

stage three and four – deep sleep

       තුන්වෙනි අවස්ථාවේදී මොලයෙන් ඩෙල්ටා තරංග ( delta waves ) පිට වීමට පටන් ගනී… එම තරංග විශාල විස්තාරයකින් වගේම කුඩා සංඛ්‍යාතයකින් සමන්විත වේ… එසේම මෙම අවස්ථාවේදී ආශ්වාස ප්‍රශ්වාස වේගය වගේම හදවතේ වේගයද ඉතාම අඩු ප්‍රමාණයකින්  පවතියි.

                හතරවෙනි අවස්ථාවේදී යම්කිසි රිද්මයකට අනුව ආශ්වාස ප්‍රශ්වාසය සිදුවෙනවා සේම සීමාසහිතව පේශි ක්‍රියාකාරිත්වයක් පවතී. මෙවැනි අවස්තාවක ඔබ අවදි වුවහොත් එක් වරම පියවි ලොවට අනුගත වීමට නොහැකි වේ. එසේම බොහෝ වෙලාවට අලස ගතියක්, කෝප ගතියක් විනාඩි කිහිපයක් යනතුරු පවතී. කුඩා ළමුන් නින්දෙන් ඇවිදීම වගේ කාර්යන් සිදු කරන්නේ මේ සිවුවෙනි අවස්තාවෙදියි….

අපට කොපමණ වෙලාවක් නින්ද අවශ්‍යද ?

           අපට නින්ද සඳහා නිශ්චිත කාලයක් නීර්ණය කිරීමට නොහැකිය. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකිය. sleep profile   අනුකුලව පුද්ගලයින් පැය 5ක් 11ක් අතර ප්‍රමාණයක නින්දක් ලබා ගැනීමට රුචිකත්වයක් දක්වයි. එය සාමාන්‍යයක් ලෙස ගත්තොත් පැය 7.75ක් වේ.

නින්ද කෙතරම් වටිනවාද යන්න මෙයින් පැහැදිලි වේ.
   

12 Comments

Post a Comment

Previous Post Next Post