චීන සෙන් බුදුදහම
සෙන් බුදුදහම ආරම්භ වුයේ ඉන්දියාවේය. බෝධිධර්ම නම් මහායාන ඉන්දියානු හිමිනමක් අතිදුෂ්කර ගමනක් ගෙවා මහා පර්වත නැග බසිමින් චීන දේශයට පා ගමනින් සම්ප්‍රාප්ත වුයේ චීනයට සෙන් බුදුදහම ගෙන ඒමටය. මෙම පැමිණීම සිදුවුයේ ක්‍රි.ව.520 දී ඉන්දියාවේය. බෝධිධර්ම හිමි උපත ලැබුවේ ක්‍රි.ව.470 දීය. සංස්කෘත භාෂාවෙන් ලියන ලද ත්‍රිපිටක ග්‍රන්ථ රාශියක්ද ධර්ම ප්‍රචාරය සඳහා රැගෙන ආවේය. පසු කාලයේදී මෙම පොත් චීන බසට පරිවර්තනය විය.
එකල චීනයේ ලිංග් සුංග් රාජධානි යුගය ආරම්භ වී තිබුණි. එදා වුති නම් චීන අධිරාජයා චීන දේශය පාලනය කළේය. ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙකු වූ මෙතුමා බෞද්ධ විහාර රාශියක් ගොඩනගන ලදී. පසුව බෝධිධර්ම හිමි නැංකින් නුවරට වැඩමවා එහි ආරාමයක් සාදවා පූජා කළේය. අධිරාජයා දිනක් බෝධිධර්ම හිමිගෙන් විමසුවා බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීම කුමක්ද කියා. ගැඹුරුවූ ශුන්‍යතාවය කියා හිමිනම පිළිතුරු දුන් අතර එයින් කලකිරුණු රජතුමා අසතුට පල කළේය. සෙන් භාවනා ක්‍රම ඉගැන්වීම මෙහිදී තරමක් දුරට සිදුුවය.
සෙන් යනු ජපන් භාෂා වචනයකි. ධ්‍යාන යන සංස්කෘත වචනය චීනයේදී චාන් (chan) යනුවෙන් ශබ්ද විය. මෙම බුදුදහම ජපානයට ගියවිට චාන් සෙන් බවට උච්චාරණය විය. මේ අනුව භාවනා යන අරුත සෙන් (zen) වචනයෙන් පැහැදිලි වේ.
චීනයේ නැංකින් නුවර විහාරයක වැඩසිටි බෝධිධර්ම හිමි හෝහාන් පළාතේ වූ තායි පර්වතයේ පිහිටි ෂොරින් (ෂඔලින්) විහාරයට වැඩම කළේය. බොහෝ චීන ජාතිකයන් භාවනාව වැඩීම පිණිස මෙම විහාරයට රැස්වුහ. මෙහිදී සෙන් බුදුදහම ජනප්‍රිය බවට පත්විය. බෝධිධර්ම හිමි වූ තායි පර්වතයේ ඉතා උස පර්වත ශිඛරයක් ඉදිරියේ වාඩිවී පර්වතයට මුහුණලා වසර 9 ක්ම සිහිය පිහිටුවාගෙන පර්වතය අරමුණු කරමින් පුදුම සහගත භාවනාවක් කළේය. මෙසේ බිත්ති හෝ පර්වත හෝ අරමුණු කරමින් දිගු කාලයක් භාවනා කිරීම පීකුවාන් යනුවෙන් චීන භාෂාවෙන් පැවසේ. මෙම භාවනා ක්‍රමය චීන ජාතිකයන් අතර ජනප්‍රිය විය. මෙසේ භාවනා කිරීම මනස හිස් කිරීමට ආරම්භයක් බව බෝධිධර්ම හිමි පැවසීය. කල්යාමේදී සෙන් භාවනාව හා විනය ක්‍රම රටපුරා ප්‍රචලිත විය. විශාල වශයෙන් චීන ජාතිකයන් පැවිදි බිමට පත්විය. ටාන්ග් අධිරාජයා චීන ජනයාට අධ්‍යාපනය දීමට සෙන් භික්ෂූන්ට නියම කළේය. උසාවි කටයුතු හා රටේ සාමය පවත්වාගෙන යෑමද සෙන් ආරාමවල කාර්යභාර්ය විය. සෙන් භාවනාව ප්‍රගුණ කිරීමෙන් පහත සඳහන් ආධ්‍යාත්මික ශක්තිය සහ හැසිරීම් ජනතාව තුල වර්ධනය විය.
චීන ජන ජීවිතයේ සුවිසල් වෙනසක් ඇති කරලීමට මෙම සෙන් ඉගැන්වීම් රුකුලක් විය. ශුන්‍යතාවය වැඩීම මෙම භාවනා ක්‍රම වල මූලික අරමුණයි. ශුන්‍යතාවය ථෙරවාදී බෞද්ධයන්ට ආගන්තුක නොවේ. මෝඝරාජ සූත්‍රයේදී බුදුහිමියන් වදාළේ මෝඝරාජ ලෝකය පිළිබඳව ශුන්‍යතාවයෙන් බැලු විට තමා යන ආත්ම දෘෂ්ටිය අතහැර ගතහැකි බවයි. එවිට මරුගේ බැම්මෙන්ද මිදිය හැකිය යනුයි.
සෙන් බෞද්ධ සම්ප්‍රදායේ සූත්‍ර දේශනා අතර ලංකාවතාර සූත්‍රය ප්‍රධාන ඉගැන්වීමකි. මෙම සූත්‍රයට ලැඛෙන ගෞරවය අති මහත්ය. බුදුහිමියන් රාවණා රජුගේ ආරාධනයෙන් ලංකාවේ ගෝකණ්ණ පර්වතයේදී දේශනා කළ මෙම සූත්‍රය ලංකාවතාර සූත්‍ර ලෙස හැඳින්වේ. පැරණි ජපන් උගතෙක් වූ ඩි.ටි. සුසුකි මහතා මෙය ඉංග්‍රීසියට පරිවර්තනය කළේය. එකල චීනයේ සෙන් බුදුදහම හැඳින්වුයේ ලංකා සම්ප්‍රදායේ බුදු දහම යන නමිනි.
ඉන්දියාවේදී බෝධිධර්ම හිමියන් ඉන්දියාවේදී 28 වන සංඝරාජ හිමි වශයෙන් ගෞරවයට පාත්‍ර විය. චීන වාර්තා අනුව එරට සෙන් ශාසනයේ පළමු සංඝරාජ පදවියද මෙම හිමියන්ට ලැබුණි. මෙසේ සුවිශාල ධර්මදූත කාර්ය්‍යක යෙදුනු බෝධිධර්ම හිමියන් ක්‍රි.ව.543 දී අපවත් විය. පසුව හියුකෝ නම් භික්ෂුවක් සෙන් බෞද්ධ ශාසනයේ දෙවන සංඝරාජ හිමි බවට පත්විය. මෙසේ සියවස් ගණනක කාලය පුරා මෙම සෙන් භාවනා ක්‍රමය රටපුරා ව්‍යාප්ත වී සුවිශේෂ දියුණුවකට පත්විය.
කල්යාමේදී චීනය තුළ සෙන් සංඝරාජ හිමිවරුන් 5 නමක් පිළිවෙලින් බිහිවුහ. 6 වන සංඝරාජ හිමියන් තේරීමේදී විශාල පරිවර්තනයක් සිදුවිය. භික්ෂු පරම්පරාවට අනුව 5 වන සංඝරාජ හිමිගේ පැවිදි ගෝලයාට එය ලැබිය යුතුවිය. ෂෙන් සියු නම් වු එම හිමිනමට සෙන් දැනුම පිහිටියේ නැත. සෙන් අදහස් ඇතුලත් හොඳම කවිය ලියු තැනැත්තා 6වන සංඝරාජ පදවියට පත්කරන බව හ්‍යුන්ග් ජෙන්ග් සංඝරාජ හිමි පැවසුවේය.
ෂෙන්-සියු ගෝල හිමිගේ මෙම කවියෙන් සෙන් සිතුවිලි අර්ථවත් නොවීය. මුළුතැන්ගෙයි සේවය කරන හියුනෙන්ග් නම් සේවකයා මෙයට පිළිතුරු වශයෙන් මෙම කවිය ලියුවේය,
සැබෑ සෙන් අදහස හියුනෙන්ග් සේවකයාගේ කවියෙන් අර්ථවත් වේ. 5 වන සංඝරාජ හිමි සභාව මැදට සේවකයා ගෙන්වා පැවිදි කොට සංඝරාජ තනතුර දී, සිවුරු පිරිකර ලබාදී වහාම උතුරු චීනයට ගොස් සෙන් ශාසනික කටයුතු කරනසේ ඉල්ලීය. හියුනෙන්ග් සංඝරාජ පොඩි හාමුදුරුවෝ වහාම ආරාමයෙන් පිටවී ගියේය. ෂෙන් සියු හිමි කඩුවක් රැගෙන නව සංඝරාජ හිමි පසුපස ගොස් කඩුව පෙන්වා මරණ තර්ජනය කොට පාරම්පරික සංඝරාජ ඇඳුම් කට්ටලය (සිවුර) ඉල්ලා ගත්තේය. සිවුරු නැති නව සෙන් ශාසනයක් උතුරු ප්‍රදේශයේ ආරම්භ කළේය.
පැරණි සෙන් නිකාය අභිබවා නව සම්ප්‍රදාය වේගයෙන් ව්‍යාප්ත විය. බොහෝ ආරාමද පැවිදි පිරිස්ද බිහිවිය. හියු නෙන්ග් ජනප්‍රියතම සංඝරාජ හිමියන් බට පත්විය. වර්තමානයේ මහායාන භික්ෂුන් අඳින අළුපාට ඇඳුම එදා හියු නෙන්ග් සංඝරාජ හිමි පරිහරණය කළ පැරණි ජාතික ඇඳුමයි. එහෙත් විශේෂ පූජා වලදී මෙම භික්ෂූන් කසාවෝ නම් සිවුර පොරවා ගනිති. සිවුර නිතරම පරිහරණය නොකරන්නේ සිවුරට ඇති සුවිශේෂී ගෞරවය නිසාය.
මෙසේ සුවිශේෂී සේවයක් කළ හියු නෙන්ග් සංඝරාජ හිමියෝ සීලයෙන්ද භාවනාවෙන්ද දියුණු වුහ.ක්‍රි.ව.713 දී උන්වහන්සේ පිරිනිවන් පෑමට සූදානම්ව විශාල කලගෙඩියක් තුලට වී එහි මූඩිය වසාගත් අතර කලගෙඩිය තුලදී හොඳ සිහියෙන් යුතුව ධ්‍යානවලට සමවැද පිරිනිවන් පෑහ. හියු නෙන්ග් රහතන් වහන්සේ නමක් වශයෙන් අදද ගෞරවයට පාත්‍ර වේ. අදත් එම කලගෙඩිය තුල එම රහතන් වහන්සේගේ ශ්‍රී දේහය නොදිරා පවතී. එම අසිරිමත් බෞද්ධ ආරාමයෙදී, කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියෝ මෙම පූජනීය වස්තුව දැක වැඳ පුදා ගත් බව අපහට පැවසීය.
දකුණු චීනයේ තුවා ආන් පළාතේ ෆාහ් සින්ග් විහාරයට මෙම දේහය වන්දනා කිරීමට ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනයා ඇදී එති.
චීන ජපන් කොරියන් සෙන් බෞද්ධ ආරාමවල ධර්ම දේශනා පැවැත්වීම ඉතා අඩුය. හැමදිනකම භාවනා වැඩසටහන් මගින් ජීවිතය සකස් කරනු ඇත. දිනපතා උදැසන අලුයම හතරට රෝගීන් හැර සියළුදෙනා බුද්ධ වන්දනාව කල යුතුය. භාවනාව වැඩීම ජීවිතයේ අනිවාර්ය අංගයකි. සෙන් බෞද්ධ හිමිවරු විවාහා නොවේ. ආහාර පවා ඉතා සරලව ගනී. ලෞකික ආශාවන්ගෙන් ඈත්ව චාම් ජීවිතයක් ගත කරයි.
සාසෙන් (sazen) යනු භාවනා කරන ශාලාවයි. බිත්තියට මුහුණලා භාවනා යෝගීන් වාඩි විය යුතුය.දැඩිව කය ඍජුව තබාගෙන සූදානම් විය යුතුය.භාවනාවේදී යම් මන්දෝත්සාහි බවක් දුටුවොත් භාවනාව මෙහෙයවන භික්ෂුව (sense)- අතේ ඇති උණ දණ්ඩෙන් භාවනා යෝගියාට පාරක් දෙන්නේ ඔහු දිරිගැන්වීමටය. ගුරුවරයා භාවනා යෝගීන්ට කර්මස්ථාන ලබාදේ. කොආන් (koan)- යනු කර්මස්ථානයන්ය. උදාහරණ වශයෙන් කොආන් කිහිපයක් විමසා බලමු.
1.සියල්ල එකට යයි. එක යන්නේ කොහෙද?
2.සුදු දේ කුමක්ද? කලු දේ කුමක්ද?
3.හරකෙක් ලිං ගැට්ටක එල්ලී සිටියොත් සිදුවන්නේ කුමක්ද?
මෙම කමටහන් දිගු කාලයක් සිහි කිරීමෙන් ක්ෂණික නුවණක් පහළ වේ. එය සතෝරි (satori) - නම් වේ. සතෝරි පහළ වන විට තමා තුල කිසිදු බරක් නැති තත්වයක් පහළ වේ. මෙතෙක් ඔහු තුල තිබු මානය බිඳී යයි. මනසින් අල්වා ගත් දේ ගිලිහී යයි. සිත පිරිසිදු වේ. මනසේ තිබු තනතුරු මායාවක් බවට පත්වේ. ධනවත්කම් දුප්පත්කම් මනසින් ගිලිහී යයි. ඔහු යථාවබෝධය ලබාගනී.
Anehh godak watina lipiyak👍👍
ReplyDelete👌👍
ReplyDeleteGGood article
ReplyDeleteGood article ❤️👌
ReplyDelete👍👍👍
ReplyDeleteElaa
ReplyDeleteGood
DeleteNice informations... 😊😊😊
ReplyDelete👍👍👌👌
ReplyDeleteබොහොම වැදගත් කරුණු ටිකක්
ReplyDeleteWedagath article ekk...
ReplyDelete👌👌👌👌👌👌
ReplyDeletePost a Comment