ශ්‍රී ලංකාවේ වටිනා මැණික් වර්ග ඔබ දන්නවාද...


ශ්‍රී ලංකාවේ මැණික්

           අතීතයේ රත්නදීපය ලෙස හැඳින් වූ ශ්‍රී ලංකාවේ මැණික් නිශ්පාදනය 70,80,90 දශක වල සීඝ්‍රයෙන් වර්ධනය විය. නමුත් වර්ථමානය වන විට මැනික් නිෂ්පාදනය වේගයෙන් පහත වැටී ඇත.  ක්‍රමයෙන් ක්ෂය වන  දුලබ සම්පතක් නිසා ඉදිරියේදී මැනික් නිෂ්පාදනය තවත් අඩුවනු ඇත.

          ලංකාවේ හමුවන මැනික් නිධි ප්‍රධාන කොටස් දෙකකට වර්ග කෙරේ; 

  • ප්‍රාථමික නිධි  
  • ද්විතියික නිධි වශයෙි. 

ප්‍රාථමික නිධියක් යනු මවු පාෂාණය සහ මැනික් එකට පිහිටා තිබීමයි. ද්වීතීක නිධියක් යනු මවු පාෂාණයෙන් වෙන්ව ජලයත් සමඟ සේදී ගොස් වෙන්ව පැවතීමයි. පතල් කරුවන් මේවා හඳුන්වන්නේ ඉල්ලම් පස් ලෙසයි. හොඳ ඉල්ලමක් පෑදුනා යනුවෙන් ජනවහරේ භාවිත වෙන්නේත් මේ නිසයි.

              ශ්‍රී ලංකාවේ බහුලවම හමුවන්නේ ද්විතීයික මැනික් නිධි වේ. ඒ මිණිපුරය සහ තෙත් කලාපයේ විවිධ ප්‍රදේශ වලින්. රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල, රක්වාන, නිවිතිගල, කලවාන, රඹුක, ඇහැළියගොඩ, කිරිඇල්ල, අයගම , බළංගොඩ සහ දෙණියාය එම ප්‍රදේශයි. ප්‍රාථමික මැණික් නිධි සුලුවශයෙන් පිහිටා ඇත්තේ ඕපනායක, ඇලහැර, බකමූණ, ඔක්කම්පිටිය සහ මහදොළ වැනි ප්‍රදේශ වලයි. 
.
            ශ්‍රී  ලංකාවෙන් හමුවන මැණික් ප්‍රධාන කොටස් දෙකකට වර්ග කෙරේ; වටිනා මැණික් (Precious gems) සහ අර්ධ වටිනා මැණික් (Semi- precious gems) වශයෙන්. මේවා පතල් කරන ගැමියන් හඳුන්වනුයේ “ජාති ගල්” සහ “පජාති ගල්” වශයෙන්. 
වටිනා මැණික් ද  ප්‍රබේධ දෙකකි. එනම් කුරුවින්ද (Corundum) සහ කණක (Chrysoberyl) වර්ගයි.

                 කුරුවින්ද පවුලට අයත් වනුයේ, නිල් කැට (Blue Sapphire),  පුෂ්පරාග (Yellow Sapphire), ආරුනූල් (Star Sapphire), පද්මරාග (Orange Sapphire )  සහ රතු කැට (Ruby) යි. මේවා වැඩිපුරම රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල වැනි ප්‍රදේශ වලින් හමුවේ.  ආර්නූල් මැණික් ගල් කපා ඔප දැමීමෙන් පසු නූල් 06 ක හැඩයක් ගලතුලින් නිර්මාණය කරගත හැක. නිල් ආරුනූල්, රතු ආරුනූල්, සුදු ආරුනූල් වශයෙන් ආරුනූල් වර්ග කිහිපයක් ඇති අතර, නිල් ආර්නූල් හා සුදු ආර්නූල් වලට වැඩි වටිනාකමක් හිමිවේ.
.
                       කණක පවුලට අයත් වනුයේ  වෛරෝඩි (Cat’s eye), පසිංගල් (Alexandrite) වැනි මැණික් වර්ගයි. මේවා වැඩිපුරම හමුවන්නේ කලවාන, දෙණියාය වැනි ප්‍රදේශ වලින්. වෛරෝඩි සහ පසිංගල් සෑදෙනුයේ තෝරමල්ලි යනුවෙන් හැඳින්වෙන ප්‍රාථමික අවස්ථාවේ කණක වර්ග තවදුරටත් විකිරණ ක්‍රියාවලියට ලක්වීමෙන්. ඒම නිසා කොල පැහැයට හුරු පච්ච වෛරෝඩි /පච්ච කණක, කහ පැහැය හා කොල පැහැය මිශ්‍ර සූර්ය වෛරෝඩි, ලා කහ පැහැයට හුරු කෘෂ්ණ වෛරෝඩි හා සුදු පැහැයට ක්ශීර වෛරෝඩි ලෙස වෛරෝඩි වර්ග කෙරෙනවා. වෛරෝඩි වැනි මැණික් මත ඇති දිලිසෙන ඉරක් වැනි ස්වභාවය “පාසානම” හෝ “කෝවංගුව” හෝ “නූල” ලෙස හඳුන්වයි. නූල හරියට නැත්නම් වෛරෝඩියේ වටිනාකම අඩුය.  
.
               අර්ධ වටිනා මැණික් වර්ග වන්නේ රබහ (Garnet), තරිප්පු (Beryl), පළිගු (Quartz), පූනක්කන් (Moonstones), තෝරමල්ලි (Tourmaline), කිරිංචි (Spinel), කලු කට්ට ආදියයි. එසේම දිය රත්තරන් නැමති රන් හා සමාන නමුත් කැඩෙන සුලු ඛනිජයක්ද හමුවේ. වටිනා මැනික් වුවක් විවිධ විකිරණ ක්‍රියාවලීන්ට ලක්වීමෙන් හෝ ක්‍රියාවලිය සම්පූර්ණ නොවීමෙන් අර්ධ වටිනා මැනික් බවට පත්වේ. ගෙවුඩ සහ කාක නිල් ඒවාට නිදසුන් ය. 
.
ගෙවුඩ විකිරන ධාරාවන්ට ලක්කිරීමෙන් හෝ අධි උශ්ණත්වයේ පිළිස්සීමෙන් වටිනා මැනික් බවට පත්කර ගත හැක. පැහැදිලිව විනිවිධ දැකිය නොහැකි ගෙවුඩ දුම් ගෙවුඩ නම් වේ. නිල් මැණික් වැනි වටිනා මැණික් මත විවිධ වර්ණයන් ගෙන් යුත් පැල්ලම් ඇති විට ඒවා “ඔට්ටු” ලෙස හඳුන්වයි. අඩක් මියගිය නිල් මැණික් “නිල් කොට්ටර” නැතහොත්‘මලූක්කම්’ ලෙස හඳුන්වයි. කාක නිල් කළුවට හුරු නිල් පැහැයකින් යුත් නිල් මැණික් විශේෂයකි.  අපල උපද්‍රව වලින් මිදීම සඳහා මෙම ගල් ඇල්ලූ ආභරණ පළඳිනු ලැබේ. 
.

3 Comments

Post a Comment

Previous Post Next Post