සංවර්ධන සන්නිවේදනය පිළිබඳ බටහිර කේන්ද්‍රීය අධ්‍යනයන්

සංවර්ධන සන්නිවේදනය පිළිබඳ බටහිර කේන්ද්‍රීය අධ්‍යනයන්



    සංවර්ධන සන්නිවේදනය පිළිබඳ බටහිර මතවාදය යනු, සංවර්ධිත රටවල වර්තමානයේදී දක්නට ලැබෙන දියුණුව බොහෝ දුරට ජනසන්නිවේදනයේ ප්‍රතිඵලයක් බවත් එය සංවර්ධිත රටවල් ගමන් කළ මාර්ගය ඔස්සේ පියවර නැඟීමෙන් සංවර්ධනය වෙමින් පවතින රට වලට ද දියුණුව ලඟා කරගත හැකි බවයි. ගුවන්විදුලිය, රූපවාහිනිය, පුවත්පත යන ප්‍රධාන ජනමාධ්‍යයන් රටක බහුතර පිරිසකගේ සමාජ, ආර්ථික සුභසිද්ධිය සඳහා යෙදවිය යුතුය, යන සංකල්පය බටහිර සන්නිවේදකයින් තුළින් ජනිත විය.  

    20 වන ශතවර්ෂයට පෙර ඊනියා 1 වන ලෝකය සහ 3 වන ලෝක රටවල් අතර ඇති විෂමතාව අවම කිරීම සඳහා සංවර්ධනය භාවිතා කරනු ලැබේ. සංවර්ධනය යනු තුන්වන ලෝකයේ රටවල් පළමු ලෝක රටවල් / බටහිර රටවල් අනුගමනය කිරීමට හේතු වූ ක්‍රියාවලිය බව විශ්වාස කෙරිණි.

    සංවර්ධිත රටවලට කර්මාන්ත, ප්‍රාග්ධන තීව්‍රතා තාක්ෂණය වැනි දේශපාලන හා ආර්ථික ක්‍රමවේදයන් අනුගමනය කිරීමට සිදුවිය. අනෙක් සියලුම රටවලට ඇතැම් විශේෂිත රටවල ක්‍රියාත්මක වූ එක් ආකාරයක සංවර්ධන ක්‍රියාවලියක් නැවත නැවත කිරීමට සිදුවිය. 

    මේ අනුව සංවර්ධනය බටහිරකරණය සමඟ බැඳී තිබුණි. සංවර්ධන සන්නිවේදනය මුලදී බටහිරකරණයේ සංවර්ධන න්‍යාය මත පදනම් වූ නමුත් පසුව නවීකරණ (1950 දශකයේ) සංවර්ධන න්‍යායට එහි ම පදනමක් තිබුණි.

    සංවර්ධන සන්නිවේදනයේ අර්ථ දැක්වීම කාලයාගේ ඇවෑමෙන් විකාශනය වී ඇත්තේ මිනිසුන් බලපෑම් කළ යුතු ප්‍රේක්ෂකයින් ලෙස (එක් ක්‍රමයක්) සහ එස්.එම්.සී.ආර්. ආකෘතියට මුල් බැස ඇති ක්‍රියාවලිය ලෙස ය. ඒකපාර්ශ්වික සන්නිවේදන ප්‍රවාහය සංස්කෘතික අධිරාජ්‍යවාදය විවේචනය කරන ලදී. ධනවත් ජාතීන්ගේ තත්වයන් උත්කර්ෂයට නැංවීමෙන් දුප්පත් රටවල සංස්කෘතිය පාලනය කිරීමේ ප්‍රචාරයක් සඳහා සමාජීය වශයෙන් නිර්මාණය කරන ලද පණිවිඩ ප්‍රචාරය කරන ලදී. න්‍යාය අවධානය යොමු කළේ සහභාගී නොවූ උදාසීන ප්‍රේක්ෂකයින් වෙත ය. සංවර්ධිත රටවල් මෙන් සංවර්ධනය ද එක් ආකාරයකින් බලපායි, යන මතය මෙයින් ලැබුණි. ඊට පසු, ප්‍රතිපෝෂණයේ අංගය එකතු කරන ලදී.

    එවිට සන්නිවේදනය තිරස් යැයි කියනු ලැබේ. අද, සංවර්ධන සන්නිවේදනය යනු දේශීය සංවර්ධනය සඳහා වැඩ කිරීම සහ අවස්ථාවන් නිර්මාණය කිරීමයි. සංවර්ධන සන්නිවේදනයේ මෙවලම් භාවිතා කරමින් ආර්ථික වශයෙන් පමණක් නොව සමාජීය, සංස්කෘතික, දේශපාලනික වශයෙන් ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම එහි අරමුණයි.

  1964 දී මහාචාර්ය විල්බර් ශ්‍රාම් විසින් රචනා කරන ලද ජනසන්නිවේදනය හා ජාතික සංවර්ධනය යන කෘතියත්, 1985 දී ඩැනියල් ලර්නර් විසින් රචිත සාම්ප්‍රදායික සමාජ නවීකරණය යන කෘතියත් මෙහි දී වැදගත් වේ.  බටහිර මතවාදය පෝෂණය කළ විද්වතුන්ගේ සහ ඔවුන්ගේ අදහස් ඇසුරින් මෙම මතවාදය අධ්‍යයනය කළ හැකිය.

  1. මහාචාර්ය විල්බර් ශ්‍රාම්
  2. එවරට් එම්. රොජර්ස්
  3. ඩැනියල් ලර්නර්
  4. ලූෂන් ෆායි
  5. ඉතියල් ද සෝලා ෆුල්

    මුල් දශකය තුළ මේ බටහිර සන්නිවේදන විශාරදයන් විසින් ගොඩනගන ලද සංකල්පීය පදනම හෙවත් සුසමාදර්ශය වූ ප්‍රමුඛ සුසමාදර්ශය යටතේ සංවර්ධන සන්නිවේදනය ගොඩනැගිණි. මේ මුල් කාලීන සංවර්ධන සන්නිවේදන ක්‍රියාදාමයට පදනම් වූ ප්‍රමුඛ සුසමාදර්ශය තුළ අවධානය යොමු කෙරෙන්නේ කරුණු දෙකක් කෙරෙහි ය. ඒ නවීකරණය සහ තොරතුරු ව්‍යාප්ත කිරීම යන කාරණා කෙරෙහි ය.  නවීකරණය යනු, කිසියම් රටක සම්පත් බුද්ධිමත් ලෙස උපයෝගී කරගනිමින් වර්තමාන ලෝක යථාර්ථයන්ට මුහුණ දීමට ශක්තියක් ඇති සමාජ බවට පත් කිරීමයි.  තාක්ෂණික ශිල්ප ඥාණයෙන් ප්‍රයෝජන ගැනීම, සමාජයේ විවිධ කොටස් අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇති වීම, පොදු අධ්‍යාපනයක් පැතිර යාම, නාගරිකත්වය කරා ගමන් කිරීම, සාම්ප්‍රදායික ආකල්ප බිඳ වැටීම, ප්‍රාදේශිය බැඳීම් වෙනුවට ජාතිකත්වය පිළිබඳ අදහස ඉස්මතු වීම ආදිය නවීකරණය වන සමාජයන්හි ලක්ෂණයන්ය. මොවුන් විශ්වාස කළේ සොබාදහම තමන්ට අවනත කර ගනිමින් ස්වභාවික පරිසරය හිතු සේ වෙනස් කරමින් දියුණුව සාක්ෂාත් කර ගැනීම ය. බටහිර මතධාරීන් සංවර්ධනය ලෙසින් හඳුනා ගත්තේ සමාජය නවීකරණය කිරීමයි. එනම්, කාර්මීකරණය ඔස්සේ සමාජය නවීකරණය කිරීම ඔවුන්ගේ පරමාර්ථය විය. එහිදී නාගරීකරණය ද තාක්ෂණික නියතිවාදය ඇතුළත් වේ. එනම්, තාක්ෂණිකත්වය නොමැතිව සංවර්ධනය කරන්නට නොහැකි බව මින් පැහැදිලි වේ. 

    සංවර්ධිත රටවල්වල ජනමාධ්‍ය නොමැතිව සංවර්ධනය කල නොහැකි යැයි, අදහසක් ගෙන ආවේ ය. තොරතුරු ව්‍යාප්තිය,  නවෝත්පාදන විසරණය, ආදී සංකල්ප මෙහිදී ඔවුන් අනුගමනය කර ඇත. 

මහාචාර්ය විල්බර් ශ්‍රාම් ජනමාධ්‍ය භාවිතයට ගත හැකි බව පිළිබඳව මෙසේ පවසයි.

මහාචාර්ය විල්බර් ශ්‍රාම් (Mass Media and National Development

 - 1964)

ජාතිකත්වය පිළිබඳව හැඟීම් තහවුරු කිරීම සඳහා ජනමාධ්‍ය භාවිතයට ගත හැකි බව.

ජාතික අපේක්ෂාවන් උසස් මට්ටමට පත්කරලීම සඳහා ජනමාධ්‍ය භාවිතයට ගත හැකි බව.

සාම්ප්‍රදායික සමාජයෙහි නව හැකියා ව්‍යාප්ත කරලීම සඳහා ජනමාධ්‍ය භාවිතයට ගත හැකි බව.

පොදු ජනතාව හැකිතාක් දුරට පාලන තන්ත්‍රයට යොමු කිරීම සඳහා ජනමාධ්‍ය භාවිතයට ගත හැකි බව.

රජයේ සංවර්ධන ඉලක්ක පිළිබඳව ජනතාව තුළ අවබෝධය වර්ධනය කරලීම සඳහා ජනමාධ්‍ය භාවිතයට ගත හැකි බව.

රටක ජාතික සංවර්ධනයේදී ආර්ථික නවීකරණය, කෘෂිකාර්මික නවීකරණය, කාර්මික නවීකරණය, සමාජ නවීකරණය කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.  එය ජාතික සංවර්ධනය ලෙස හඳුනාගත හැකි ය.  නවීකරණ සහ ජනසන්නිවේදනය අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව මහාචාර්ය විල්බර් ශ්‍රාම් දක්වා ඇති කරුණු ජාතික සංවර්ධනය සහ ජනමාධ්‍ය භාවිතය පිළිබඳව විග්‍රහ කර ගැනීමේ දී ආදේශ කරගත හැකි ය.

එසේම සංවර්ධනාත්මක අපේක්ෂාවන් මුදුන් පත් කිරීම සඳහා බටහිර සිට ක්‍රියාත්මක වූ ප්‍රමුඛ සංවර්ධන සංනිවේදන සුසමාදර්ශය විසින් යොදාගත් සන්නිවේදන මොඩලයන් වූයේ, 

පෙළඹවීම් මොඩලය  

නවෝත්පාදන විසිරණ මොඩලය 

විල්බර් ශ්‍රාම්ගේ සහභාගිත්වයෙන් ගොඩනැගුණු ඉහත සංවර්ධන සන්නිවේදන මොඩලය තුළින් ඉලක්ක කෙරුනේ ජනමාධ්‍ය යොදා ගනිමින් රාජ්‍ය මගින් ඉලක්ක කරන සංවර්ධන අපේක්ෂාවන් වෙත ජනතාව නැඹුරු කර ගැනීම යි. මේ සඳහා විල්බර් ශ්‍රාම් සහ එවරට් එම් රොජර්ස් හඳුන්වා දෙන සන්නිවේදන උපාය මාර්ගය වූයේ සමාජ අලෙවිකරණය දැන්වීම්කරණය සහ විනෝදාත්මක අධ්‍යාපන වැඩසටහන්කරණය යි.

සමාජ අලෙවිකරණය යනුවෙන් හඳුන්වන්නේ ජීවිතයට ගුණාත්මක වෙනසක් ඇති කිරීම සඳහා සංවර්ධනාත්මක පණිවිඩ ඇතුළත් දැන්වීම්කරණය යි. එවන් දැන්වීම් ලෙසට,

පවුල් සංවිධානය 

ඒඞ්ස් නිවාරණය

ගෙවතු වගාව

ඩෙංගු නිවාරණය

පරිසර සංරක්ෂණය ආදිය හඳුනා ගත හැකි ය.

විනෝදාත්මක අධ්‍යාපනයේ ද සිදුකරන්නේ චිත්‍රපට ගුවන්විදුලිය වැනි මාධ්‍ය යොදාගෙන සංවර්ධනාත්මක අගයන් සහිත නිර්මාණාත්මක වින්දනාත්මක සන්දේශ සම්ප්‍රේෂණය කිරීම ය. 

එවරට් එම්. රොජර්ස්  1962-1972 කාල වකවානුවෙහි දී අප්‍රිකානු රටවල්හි පර්යේෂණයක් තුළින් ජනමාධ්‍ය භාවිතයට ගත හැකි බව මෙසේ පවසයි. ඔහු හඳුන්වා දෙන පරිදි,

රටක සංවර්ධනය පිළිබඳ ජනතාව තුළ අවබෝධයක් ඇති කරලීම සඳහා ජනමාධ්‍ය භාවිතයට ගත හැකි බව.

ජනසන්නිවේදනය සහ අධ්‍යාපනය අතර ඉතා වැදගත් සම්බන්ධතාවයක් ඇති බව.

නවෝත්පාදන විසිරණය සඳහා ජනමාධ්‍ය භාවිතයට ගත හැකි බව.

ජනමාධ්‍ය මඟින් ජාතික න්‍යාය පත්‍රය සකස් කළහැකි බව.

ජනමාධ්‍ය මඟින් සංවර්ධනය පිළිබඳ විවිධ ගැටළු සාකච්ඡා කළහැකි බව.

ජනසන්නිවේදනය හා පුද්ගලාන්තර සන්නිවේදනය අතර ඇති සම්බන්ධතාවය ඵලදායි ලෙස භාවිතයට ගත හැකි බව.

එපමණක් නොව, 

ඩැනියල් ලර්නර් (මැද පෙරදිග රටවල සිදුකරන ලද පර්යේෂණ ඇසුරින්) සංවර්ධනය පිළිබඳ මෙසේ අදහස් දක්වා ඇත.

නාගරීකරණය

අක්ෂර ඥාණය

ජනමාධ්‍ය පරිහරණය 

දේශපාලන සහභාගිත්වය

සහවේදනය 

නාගරීකරණයේ ප්‍රතිඵලයක් වශයෙන් අක්ෂර ඥාණය පැතිරෙන බවත්, අක්ෂර ඥාණය වඩාත් පැතිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ජනමාධ්‍ය භාවිතය පුළුල් වන බවත්, ජනමාධ්‍ය භාවිතය පුළුල් වීමත් සමඟ පොදු ජනයාගේ දේශපාලන සහභාගිත්වය පුළුල් වන බවත් එම සියළු කරුණු සමාජ නවීකරණය සඳහා අවශ්‍ය බවත්, සමාජ නවීකරණයේදී පුරෝගාමීව ක්‍රියා කිරීමට හැක්කේ ජංගම පෞරුෂත්වයක් ඇති පුද්ගලයින්ට බවත්, ලර්නර් පෙන්වා දෙයි.

ලූෂන් ෆායිගේ මතවාදය අනුව,

පුද්ගලික මත, සංකල්ප, සාමාජික පදනමකින් යුක්තව ජනමාධ්‍ය මඟින් ඉදිරිපත් කළහැකි බව.

පුද්ගලික මත, සංකල්ප විග්‍රහ කිරීමට ජනමාධ්‍ය භාවිතා කළහැකි බව. 

ඉතියෙල් ද සෝලා ෆුල් පවසන ආකාරයට,

සමාජ නවීකරණය සඳහා ජනමාධ්‍ය භාවිතයට ගත හැකි බව.

දේශපාලන සහභාගිත්වය සඳහා ජනතාව පොළඹවාලීමට ජනමාධ්‍ය භාවිතයට ගත හැකි බව.

ආදි වශයෙන් විද්වතුන්ගේ සහ ඔවුන්ගේ අදහස් ඇසුරින් මෙම මතවාදය අධ්‍යයනය කළ හැකිය.


සංවර්ධිත රටවල් හි අභිප්‍රේරණ ක්‍රමවේද දක්නට ලැබුණි. එය අභිප්‍රේරණාත්මක සන්නිවේදනය ලෙසට ද  හැඳින්විය හැකි ය.  එහිදී මිනිසා ඇබ්බැහි කිරීමක් ද සිදු කර තිබේ. එනම් දිරි ගැන්වීම ආදිය මෙයින් අදහස් වේ. අභිප්‍රේරණය පුද්ගලයා තුළ ඇතිවන මානසික ක්‍රියාවලියකි. 

සංවර්ධිත රටවල් හි තොරතුරු ගමන් කරන්නේ ඉහළ සිට පහළට ය. එසේ ම සංවර්ධිත රටවල් හි යැපුම් මානසිකත්වය ප්‍රධාන වේ. 


7 Comments

Post a Comment

Previous Post Next Post