විශ්වය රුධිරයෙන් තෙත් කළ පළමු ලෝක යුද්ධය



විශ්වය රුධිරයෙන් තෙත් කළ පළමු ලෝක යුද්ධය

       

           1914 - 1918 කාලයේ ලොව පුරා පැතිරී ගිය යුද්ධය පළවන ලෝක මහා සංග්‍රාමය ලෙස හඳුන්වයි . මෙම යුද්ධය යුරෝපයෙන් ආරම්භ වී පසුව යුරෝපා ජාතීන් ගොඩනගාගෙන තිබූ යටත් විජිත වලට පැතිර ගිය අතර අවසානයේ ඇමරිකා එක්සත් ජනපදය ද යුද්ධයට සම්බන්ධ වීමෙන් සියළු මහද්වීප කරා ව්‍යාප්ත වූ ලෝක මහා සංග්‍රාමයක් බවට පරිවර්තනය විය.


*පළමුවන ලෝක මහා සංග්‍රාමයට බලපෑ හේතු*

       

      1)ජර්මනිය එක්සත් කිරීමේ ව්‍යාපාරයේදී  ප්‍රංශය හා ජර්මනිය සතුරන් බවට පත්වීම.

    

        බිස්මාර්ක් 1870 වර්ෂයේ දී එක්සත් ජර්මනිය  පිහිටුවා එය බලවත් රටක් කිරීම සඳහා ප්‍රංශය සමග යුද්ධයකට පැටලුණු අතර එම යුද්ධයෙන් ප්‍රංශය අන්ත පරාජයක් ලැබීමෙන් එතැන් සිට අසල්වැසි රටවල් දෙකක් වූ ප්‍රංශය හා ජර්මනිය එකිනෙකට සතුරු  රටවල් දෙකක් බවට පත්විය.


      2) ජර්මන්  අධිරාජයා  වන දෙවන විලියම් ගේ ක්‍රියා කලාපය .

      

       බිස්මාර්ක් ගේ අරමුණු අරමුණු වලට පටහැනිව යමින් යටත් විජිත පිහිටුවා ජර්මන් අධිරාජ්‍යයක් පිහිටුවීම එම රජුගේ අරමුණ විය ,

එහිදී ජර්මනියෙ විදේශ ප්‍රතිපත්තිය ලෝකයේ සෙසු රටවල සැකයට භාජනය වූ අතර ජර්මන් අධිරාජ්‍යය පිහිටුවීම සඳහා ජර්මන් හමුදා ශක්තිය වැඩි කිරීමට කටයුතු කිරීම නිසා කනස්සල්ලට පත් බ්‍රිතාන්‍යය ද ජර්මනියට තරගකාරීව තම හමුදා ශක්තිය වැඩි කළ නිසා යුරෝපය තුළ යුදකාමී වාතාවරණයක් ගොඩනැගුණි .


      3)යටත් විජිත සඳහා වූ තරගය .

      4)අවි තරගය හා ජාතිවාදය වර්ධනය වීම.

     5)ප්‍රංශය යුරෝපය තුල තනි කිරීමට බිස්මාර්ක් අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තිය.

      6) ඕස්ට්‍රේලියාවේ ඔටුන්න හිමි කුමරු මරා දැමීම .


*පළමුවන ලෝක යුද්ධයට සම්බන්ධ වූ රටවල් **

මිත්‍ර පෙළේ රටවල් 

                     ප්‍රංශය .

              මහා බ්‍රිතාන්‍ය .

                  රුසියාව .


මධ්‍යම  බලවතුන්ගේ රටවල් ;

            * ජර්මනිය .                   

            * ඔස්ට්‍රියාව . 

            * ඉතාලිය .

            * තුර්කිය .

            * බල්ගේරියාව .

            * හංගේරියාව .


**පළමු වන ලෝක සංග්‍රාමයේ  ව්‍යාප්තිය***

         

       සරාජිවෝ සිද්ධියේදී  ඔස්ට්‍රියාව සර්බියාවට එරෙහිව යුද්ධය ප්‍රකාශ කිරීම, ඕස්ට්‍රියාවේ මිතුරු රටක් වූ ජර්මනිය ද අනුමත කළ අතර ඔස්ට්‍රියාව මෙන්ම සර්බියාව ද යුද්ධය සඳහා තම මිතුරන් ගෙන් ආධාර ලබා ගැනීමේ තත්ත්වයක් නිර්මාණය විය.

           

            ඒ අනුව ඔස්ට්‍රේලියාවේ යුද බලයට බිහිවූ සර්බියාව රුසියාවෙන් ආධාර ඉල්ලා සිටි අතර රුසියාව  ද ඒ සඳහා ආධාර ලබාදීමට සූදානම් විය.

           

         ඔස්ට්‍රියාවට හිතවත්ව කටයුතු කළ ජර්මනිය සර්බියාවට ආධාර නොකරන ලෙස රුසියාවෙන් ඉල්ලා  සිටියද එය ප්‍රතික්ෂේප වීම ඕස්ට්‍රේලියාවට පක්ෂ රටක් ලෙස ජර්මනියද යුද්ධයට අවතීර්ණ වීමත් සිදුවිය.

          

          එහි ප්‍රතිඵල වශයෙන් 1914 අගෝස්තු පළමු වන දින ජර්මනිය රුසියාවට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කිරීමක් සිදුවිය .

          

         ප්‍රංශය යුද්ධයට අවතීර්ණ වීමට පෙර පහර දීමට සිතූ ජර්මනිය බෙල්ජියම ආක්‍රමණය කරමින් එය හරහා ප්‍රංශයට පහර දීම ආරම්භ කළේය.

           

         ලොව පුරා  යටත් විජිත රැසක් හිමි කර ගෙන සිටි බ්‍රිතාන්‍ය යුද්ධයට අවතීර්ණ වීමත් සමඟ මෙම යටත් විජිත කරා ද යුද්ධයේ බලපෑම ව්‍යාප්ත විය.

         

            මේ වන විට බලවත් රාජ්‍යයක් ව  සිටි ඇමරිකා එක්සත් ජනපදය ද මුල දී මධ්‍යස්ථව සිටිය ද ඇමෙරිකාව සතු වූ  ලුසිටානියා නම් මගී නැව  ජර්මන් සබ්මැරීනයක් මඟින් ගිල්වා දැමීම නිසා ඇමරිකා එක්සත් ජනපදය ද යුද්ධයට අවතීර්ණ විය.

        

          ඇමරිකා එක්සත් ජනපදය සතුව පැවති විශාල ආහාර තොග යුද්ධයේ දී ඉතා ප්‍රයෝජනවත් වූ අතර මිලියන දෙකක් පමණ වූ පාබල හා නාවික හමුදාව සහ අති නවීන  යුධ ආයුධ සතුරු පිලට ප්‍රබල තර්ජන එල්ල කිරීමට සමත් විය .


පළමුවන ලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිඵල

    

        මධ්‍යම බලවතුන් පරාජයට පත්වී මිත්‍ර බලවතුන් ජය ගැනීම.  

    

        ගිනි අවි භාවිත කිරීම හේතුවෙන් අති විශාල ජීවිත හා දේපල දේපළ හානියක් සිදු වූ අතර ලක්ෂ සංඛ්‍යාත ජන සංඛ්‍යාවක් ආබාධිත තත්ත්වයට පත්වීම .

     

        වර්සෙල්ස් ගිවිසුම ඇති වීම .

    

         යුද්ධය අවසානයේදී සාම ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා 1919 ජනවාරි මාසයේ ප්‍රංශයේ  පැරිස් නුවර පවත්වන ලද සාකච්ඡා වලට රටවල් ගණනාවකින් ම  නියෝජිතයෝ සහභාගි වූහ.

      

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති,

( වුඩ්රෝ විල්සන් )  


බ්‍රිතාන්‍ය අගමැති,

(ලොයිඩ් ජෝර්ජ් )

 

ප්‍රංශ අගමැති, 

 ( ක්ලේමන් ශෝ )


 ඉතාලියේ අගමැති,                

( වික්ටෝරියෝ  ඔලැන්ඩෝ )        


       යුද්දයේදී චූදිතයා වශයෙන් ජර්මනියට වර්සෙල්ස් ගිවිසුමෙන් දැඩි දඩුවම් පැමිණ වීම.

     

1) ජයග්‍රාහී රටවලට විශාල වන්දි මුදලක් ගෙවීමට ජර්මනියට සිදුවීම.

    

 2) හමුදා තබා ගැනීම හා අවි ආයුධ නිෂ්පාදනය සඳහා ජර්මනියට සීමා පැනවීම .

     

3) ජර්මනිය ප්‍රංශයෙන් ඉල්ලා ගෙන තිබූ ඇල්සාස් ලොරේන් ප්‍රදේශ යළි ප්‍රංශයට පවරා දීම .

     

4) යුරෝපයෙන් පිටත ජර්මනිය සතු වූ යටත්විජිත ජයග්‍රාහි ජාතීන් අතර බෙදා ගැනීම .

    

   යුරෝපයේ පැවති ඒකාධිපති රාජාණ්ඩු බිදවැටීම .

         

        # මෙහිදී ජර්මන් අධිරාජ, ඕස්ට්‍රේලියා හංගේරියා අධිරාජ්‍ය ,තුර්කි අධිරාජ්‍ය වැනි ඒකාධිපති රාජාණ්ඩු බිද වැටුණු අතර එහි ප්‍රතිඵල වශයෙන් විවිධ ජන වර්ග පදනම් කරගනිමින් ෆින්ලන්තය , පෝලන්තය, චෙකොස්ලෝවැකියාව , හංගේරියාව වැනි නිදහස් රාජ්‍ය කිහිපයක් මෙම ප්‍රදේශවල බිහි විය .

       


**ජාතීන්ගේ සංගමය** 

    

         1919 පැවැත්වූ පැරිස් සාම සාකච්ඡාවල දී සාකච්ඡාවල දී ලෝක සාමය හා ආරක්ෂාව පවත්වා ගැනීම හා නැවත මෙබඳු යුද්ධයක් ඇතිවීම වළක්වා ගැනීම පිණිස ජාත්‍යන්තර සංවිධානයක් පිහිටුවා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ අතර ජාතීන්ගේ සංගමය බිහි වන්නේ එහි ප්‍රතිඵලයක් 

වශයෙනි .

     

        එහි දී ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වුඩ්රෝ විල්සන් මහතා ඒ සඳහා මුල් වී ක්‍රියා කළේය .

     

         ඒ අනුව 1920. 01.10 දින ජාතීන්ගේ සංගමය බිහි වූ අතර ආරම්භයේ දී මෙම සංවිධානයට රටවල් 42 ක් සම්බන්ධ විය .

ජාතීන්ගේ සංගමය පිහිටුවීමේ අරමුණු 

   

1) රටවල් අතර ඇතිවන වාද භේද සාමකාමීව විසදීම .

   

2) අනාගතයේ ලෝක යුද්ධ ඇතිවීම වැළැක්වීම .

   

3) ජාත්‍යන්තර අවබෝධය හා සහයෝගය ගොඩනැගීම .

   

4) කුඩා රාජ්‍යයන් ගේ නිදහස හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම .

   

5) විශ්ව සාමූහිකත්වය මගින් ලෝක සාමය සුරක්ෂිත කිරීම .



**ජාතීන්ගේ සංගමය සාමය සඳහා දැරූ ප්‍රයත්න සාර්ථක වූ අවස්ථා කිහිපයක් **


ස්වීඩනය හා පිල් ලන්තය , ජර්මනිය හා පෝලන්තය , ග්‍රීසිය හා බල්ගේරියාව , ඉරානය හා තුර්කිය වැනි රටවල් අතර ඇති වූ යුද ගැටුම් වැළැක්වීම .


සරණාගතයන් පුනරුත්ථාපනය සදහා මැදිහත්ව කටයුතු කිරීම .

පළමුවන ලෝක යුද්ධයෙන් පසුව ජාතීන්ගේ සංගමයේ භාරකාරත්වයට පත්කොට තිබූ යටත් විජිත පිළිබඳ අධීක්ෂණ කටයුතු සාර්ථකව සිදුකිරීම .


 නීති විරෝධී වහල් වෙළදාම හා මත්ද්‍රව්‍ය වෙළදාම අඩපණ කිරීමට අවශ්‍ය කටයුතු කිරීම.



**ජාතීන්ගේ සංගමය අසාර්ථක වීමට හේතු**


       1) ලෝකයේ ධනවත් රටක් මෙන්ම යුද්ධ බලවතෙකු වූ ඇමරිකා එක්සත් ජනපදය ජාතීන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබා නොගැනීම .


      2) ජාතීන්ගේ සංගමය ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා සාමාජිකයන් පොළඹවා ගැනීමේ දී සංගමය අසාර්ථක වීම .


      (3) ජාතීන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබා සිටි බලවත් රටවල් අතර එකමුතුකම නොතිබීම හා කිසියම් කරුණක දී ඔවුන් පොදු අවශ්‍යතාවයට මුල් තැන දී තමන්ගේ අරමුණු පිටුපසට ගැනීමට නොපෙළෙන සුලු වීම .


       (4) ලෝක සාමය කඩ වූ ඇතැම් අවස්ථාවලදී එම රටවලට විරුද්ධව කටයුතු කිරීමට සංගමය අපොහොසත් වීම .


       (5) ජපානය මැන්චූරියාව ආක්‍රමණය කළ අවස්ථාවේ ජපානයට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වීම .

23 Comments

  1. ඉගෙනගන්න ගොඩක් වැදගත්

    ReplyDelete

Post a Comment

Previous Post Next Post