සංචාරක ව්‍යාපාරය හා ආර්ථිකය

 සංචාරක ව්‍යාපාරය හා ආර්ථිකය    


    ශ්‍රී ලංකාව මුහුණ පා සිටින විදේශ ධන හිඟය නැතිකර ගැනීම පිණිස සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම මගින් උපකාර ලබා ගැනීමට  සම්පාදකයෝ බලාපොරොත්තු වෙති. දැනට තේ කර්මාන්ත අර්ථ ක්‍රමය හිමි ඒ ස්ථානයට සංචාරක ව්‍යාපාරය පත් කිරීමේ අභිලාෂයෙන් කටයුතු කරන රජය ඒ සඳහා මණ්ඩලයක් ද  අමාත්‍යාංශයක් ද පිහිටුවා ඇත. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම පිණිස පසුගිය අවුරුදු කිහිපය තුළ විශාල ආයාසයක් ගෙන ඇති බැව් පැහැදිලි සත්‍යයකි. මේ ආර්ථික අපහසුකම් වලින් මිදීම පිණිස ශ්‍රී ලංකාවට අනුගමනය කළ හැකි එක් ප්‍රධාන මාර්ගයක් බව පිළිගැනීමට සිදුවෙයි . වර්තමාන ලෝක තත්ත්වය අනුව බලන විට සංචාරක ව්‍යාපාරය මගින් ආදායමක් උපයා ගන්නට රජයක් උනන්දු වීම පුදුමයට කරුණක් නොවේ . නූතන ලෝකයේ ඇති විශාලම ව්‍යාපාරය සංචාරක කර්මාන්තයයි.

    විශාල ආදායමක් ලැබෙතත් සංචාරක කර්මාන්තය පහසු ව්‍යාපාරයකි.මෙය මඟින් ධනය උපයා ගැන්ම පිණිස වැඩි මූල ධනයක් හෝ එතරම් භූමි ප්‍රමාණයක් හෝ සියුම් ශිල්ප ඥානය අවශ්‍ය නොවේ.සංචාරක ව්‍යාපාරය සඳහා ශ්‍රී ලංකාව දියුණු කළ යුතු ආකාරය ගැන විමසීම උප මාතෘකා දෙකක් යටතේ කළ හැකිය. ඊට පිළිතුරු ඉදිරිපත් කළ විට සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතු ආකාරය අනායාසයෙන්ම පැහැදිලි වෙයි 

  1. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම පිණිස ශ්‍රී ලංකාවට ඇති අවශ්‍යතාවය කුමක්ද ? 
  2. සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ කුමන බලාපොරොත්තුවකින්ද ? 


                 ශ්‍රී ලංකාවේ කාර්මික සංවර්ධනයට උද්ගතවී ඇති ප්‍රධානම බාධකය විදේශ ධන හිඟයයි. පුළුවන්කම ඇති සෑම මාර්ගයක්ම උපයෝගී කරගෙන විදේශ ධනය වැඩි වැඩියෙන් උපයා ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වී තිබේ.මේ සඳහා උපයෝගී කරගත හැකි මාර්ග කිහිපයකට සංචාරක ව්‍යාපාරය ඇතුළත්ය. ස්විට්සර්ලන්තය , මොනාකෝ , මෝල්ටා .සයිප්‍රස් , බහාමා, බර්මූඩා, ශෙලි දූපත් වැනි රටවල ප්‍රධාන ආර්ථික කටයුත්ත සංචාරක ව්‍යාපාරයයි. ප්‍රංශය ,ඉතාලිය, යුගෝස්ලෝවියාව ,ග්‍රීසිය ,ඊජිප්තුව ,ලෙබනන්,ස්පාඤ්ඤ,බ්‍රිතාන්‍ය ,ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල ඇති ප්‍රධානම ව්‍යාපාර අතරට මෙයද අයත්ය. ඉන්දියාවේ තායිලන්තයේ සිංගප්පූරුව ඉන්දුනීසියාව ටීනියා වැනි අපගේ අසල්වැසි රටවල් ද මේ ව්‍යාපාරය වැදගත්කම අවබෝධ කරගෙන එයින් ධනය උපයා ගැනීමට පියවර ගෙන ඇත.ශ්‍රී ලංකාව ද මේ ක්‍රියා මාර්ගය අනුගමනය කිරීම කාලෝචිත වූවකි. එහෙත් මේ අතීත ශ්‍රී ලංකාවට වර්තමානයේ ලැබෙන තත්ත්වය අසල්වැසි රටවලට වඩා බෙහෙවින් සුළු වූවකි . 

        සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමෙන් සෑහෙන ජනතාවකට රක්ෂා සැලසෙයි .වර්තමාන රක්ෂා තත්වයේ හිගයෙහි  තත්ත්වය ද අනාගතයේ ඒ තවත් උග්‍රවිය හැකි ආකාරය ද සලකා බලන විට පුළුවන්කම ඇති සෑම මාර්ගයක්ම ප්‍රයෝජනයට ගෙන රටවාසීන්ට රක්ෂා සැලසිය යුතුව ඇති බව පැහැදිලි වෙයි.සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමෙන්,සමාජ ශාලා, තානායම් සහ ආපනශාලා පවත්වන්නටද ප්‍රවාහන ව්‍යාපාරවලටද ව්‍යාපාරවලටද කලාත්මක භාණ්ඩ සහ පෞරාණික භාණ්ඩ විකුණන්ට ද මාර්ග උපදේශකයන්ට ද විශාල ආදායමක් ලැබේ . 

                            සංචාරක ව්‍යාපාරයේ දියුණුව ජාතීන් අතර අවබෝධය වැඩි දියුණු වී ලෝක සාමය තහවුරු වීමට හේතුවන බැව් පිළිගත් කරුණකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය 1961- 1970 අතර දශකය ජාත්‍යන්තර සංචාරක දර්ශකය ලෙස නම් කර එම ව්‍යාපාරය දියුණුවට දියුණුව ට අනුබල දීමෙන් ම එය පැහැදිලි වෙයි.

             

  • තම රටවල සමහර සෘතුවලදී ඇති කටුක දේශගුණයෙන් මිදීමට.   
  • විවිධ රටවල චාරිකා කිරීමෙන් හා ස්වභාවික සෞන්දර්යය නැරඹීමෙන් විනෝද වීමට .
  • ආගම සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට .
  • යම් රටක ඓතිහාසික හෝ භූගෝලීය වැදගත්කමින් යුක්ත ස්ථාන නැරඹීමෙන් හා ජනතාවගේ ජීවන මේ හැදෑරීමෙන් උගැන්මක් ලැබීමට.
  • තමන් නිපදවන භාණ්ඩ අලෙවි කර ගැනීමේ මාර්ග සොයා බැලීමට. සහ යම් රටක නිෂ්පාදනය වෙන භාණ්ඩ මිලදී ගැනීමේ පහසුව සොයා බැලීමට.
  • තමන්ගේ රටවල විරල සුඛෝපභෝගී භාණ්ඩ ලාභයට මිලට ගැනීමට .
  • රත්‍රන් , මැණික්, දියමන්ති, අබිං , ගංජා, හෙරෝයින් වැනි දේ නීති විරෝධී ලෙස රටින් රට ගෙන යාමට.
  • ස්ත්‍රී ධූර්ත හැසිරීමට සංචාරකයන්ගේ සෑහෙන කොටසක් රටින් රට යන්නේ මේ සඳහා යැ යි පිළිගත් කරුණකි . 
  • සූදුවට ( මොන්ටිකාලෝ, ලාස් වේගාස් වැනි නගර වල නගර වල පැවැත්ම සුදු සඳහා එන එන සංචාරකයන් නිසා ම සිදු වෙයි ) 
  • විදේශ ආහාරපාන ආහාර පාන වර්ග වල රස බැලීමට මේවා සිය රටවල මිල අධික නමුත් වෙනත් රටවල ඉතා ලාභය. ( අඹ, අන්නාසි,කෙසෙල් ගෙඩි ,අරක්කු )
  • වෙනත් රටකට යාම සඳහා ගුවන් යානයෙන් හෝ නැවෙන් මාරු වීමට මෙසේ පැමිණෙන අය බඩු මිලට ගැනීම නිසා ශ්‍රී ලංකාවට විදේශ ධනය ලැබෙයි. ඒ නිසා සංචාරකයන් ලෙස සැලකීමට පුළුවන.
  • ඔත්තු බැලීමට  C.I.A    සහ  K.G.B ඔත්තු සේවා වලට සම්බන්ධ අය විදේශ වල තත්ත්වය විමසා බැලීම පිණිස සංචාරකයින් ලෙසින් රටින් රට යති .


                        සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම පිණිස ශ්‍රී ලංකාවට ඇති අවශ්‍යතාවය ද ශ්‍රී ලංකාවට පැමිණෙමින් සංචාරකයන් අපේක්ෂා කරන කරුණු ද සලකා බැලීමෙන් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුත්තේ කෙසේදැයි යන පැනයට පිළිතුරු සැපයේ .ඒ දියුණු කළ යුත්තේ මේ දෙපක්ෂයේම අවශ්‍යතාවලට යෝග්‍ය වන අයුරිනි .

                  සංචාරකයින් බෙහෙවින් ප්‍රිය කරන කරන වර්ෂය පුරා පැතිරී උෂ්ණය සෘතුවකින් යුත්  දේශගුණයක් ශ්‍රී ලංකාවේ තිබේ. එසේම කෙටි දුර ප්‍රමාණයක් තුළ විවිධ දේශගුණ වර්ග රාශියක් ද ශ්‍රී ලංකාවෙහි තිබේ. ඉතා කලාතුරකින් රටක ඇතිවන ඇති වන අන්දමින් දාර්ශනිකත්වය ද ශ්‍රී ලංකාවෙහි ලංකාවෙහි කඳු රටෙහි ඇත .කැනරි දූපත් වල හෝ බහාමා දූපත්වල හෝ හවායි දූපත්වල වෙරළ පරදවන අන්දමේ දර්ශනීය වෙරළක් ද ශ්‍රී ලංකාවේ තිබේ. අවුරුදු 2000කට අධික කාලයක් තිස්සේ තනන ලද ගොඩනැගිල්ල වුවද නටඹුන් සහ වැව් ද රාශියක් ශ්‍රී ලංකාවේ තිබේ .සංචාරකයන් ප්‍රිය කරන දේ  මෙහි ඇතත් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් කිසිවක් ප්‍රමාණවත් තරමින් නොමැත. වැඩි ධනයක් උපයා ගැනීමට නම් මෙම පහසුකම් දියුණු කළ යුතුය .මෙසේ දියුණු කළ යුත්තේ කුමන දේවල් දැයි දැන් ඊළඟට සලකා බැලිය යුතුය.

              සංචාරක ව්‍යාපාරය ව්‍යාපාරික කටයුත්තක් නිසා ඒ දේශීය හා විදේශීය වශයෙන් සංවිධානය කළ යුතුව ඇත.මෙයින් ලැබෙන විදේශ ධනය ධනපතියන්ගේ විදේශීය බැංකු ගිණුම් වලට නොව මහජනයා ට ප්‍රයෝජනවත් මේ ස්ථානවලට ලැබීමට කටයුතු කළ යුතුය.      

         ශ්‍රී ලංකාව ගැන යම් අවබෝධයක් ලැබෙන අයුරින් විදේශ වල මෙරට ගැන ද මෙහි අපි පහසුකම් ගැන ද ප්‍රචාරක කටයුතු කළ යුතුය .එමෙන්ම සංචාරකයන්ට සැලසිය යුතු අන්දම ශ්‍රී ලංකා වාසීන්ට අවබෝධ කරවා ගසා කන්නන් නැති කර දැමිය යුතුය.

                  වැඩි වැඩියෙන් ගුවන් යානා ගෙන්වා ගත යුතුය.අභ්‍යන්තර ප්‍රවාහන ක්‍රමය ද දියුණු කළ යුතු ය .ශ්‍රී ලංකාවේ මහා මාර්ග සංචාරකයන්ගේ ගමනාගමනයට යෝග්‍ය නොවේ.මං මාවත් දියුණු කරලීම තුළින් ගමනාගමනය නංවාලිය යුතු ය.පෞරාණික නටබුන් ඇති ස්ථානවල ද දර්ශනීයත්වයෙන් උසස් ස්ථානවලද පුළුල් වැලිතලා වලින් යුත් වෙරළවල් අසල ද නවාතැන් පහසුව ඇති කළ යුතුය .විශේෂයෙන් නැගෙනහිර වෙරලෙ දර්ශනළෙ දර්ශනීය ස්ථාන වල නවාතැන් ස්ථාන පිරිසිදුව තබා ගත යුතුවාක් මෙන්ම මහජන වැසිකිලි දියුණු කළ යුතුවේ.

                රේගු පරීක්ෂාවෙන් ලිහිල් කළ යුතුය.වීසා ලබා ගැනීම පහසු කළ යුතුය . සංචාරකයන්ට අවශ්‍ය භාණ්ඩ ඔවුන්ට පමණක් ලබාගත හැකි පහසුකම් ඇති කළ යුතු ය. අසල්වැසි රටවල සහයෝගය මෙහිදී වැදගත් වේ.රටවල් කිහිපයකම සංචාරකයන් යැවෙන චාරිකා සංවිධානය කළ යුතුය. එම රටවල් අතුරින් වැසියන්  මෙහි ගෙන්වා ගත යුතුය. එමගින් ගුවන් සමාගම්, ප්‍රවාහන සමාගම් , හෝටල්  , මාර්ගෝපදේශකයන්, රියදුරන් ආදීන්ගේ ආදායම් වැඩිකර ගත හැකිය. ශ්‍රී ලංකාව පිළිබඳ මනා ප්‍රචාරය ලොව පුරා ගෙන යා යුතු ය .අභ්‍යන්තර සාමය හා ස්ථාවරත්වය මෙහි දී වැදගත් වෙයි.

13 Comments

Post a Comment

Previous Post Next Post