නවීන විද්‍යාවේ දියුණුව ලෝක පැවැත්මට හිතකරද?

නවීන විද්‍යාවේ දියුණුව ලෝක පැවැත්මට හිතකරද?


     නවීන විද්‍යාවේ දියුණුව නිසා ලෝකය වේගයෙන් අලුත් වේ. විශ්වය මත වෙසෙන කෝටි සංඛ්‍යාත මිනිසාගේ ජිවිත වල පැවැත්ම නවීන විද්‍යාවේ මහිමයෙන් වඩා පහසු කොට ඇත. ඈත අතීතයේ සිට සඳ දේවත්වයෙන් පිදූ මිනිසාගේ අල්ප දැනුම අභිබවමින් සඳ තරණය කිරීමට මිනිසා සමත් වී බොහෝ කල්ය. ඉන් නොනැවතී විශ්වයේ පිහිටි කෝටි ප්‍රකෝටි ග්‍රහලෝක හා තාරකා ජය ගැනීමට මිනිසා අර අදි. විශ්වයේ, මහා සාගරයේ හා පෘථිවි ගෝලයේ සෑම අහලම අතැඹුලක් සේ ප්‍රත්‍යක්ෂ කර ගැනීමට නූතන මිනිසා වෙර දරයි. මේ සියල්ලම නවීත විද්‍යාවේ දියුණුව නිසා මිනිසා ලද ජයග්‍රහණයෝ ය.

             

           මිනිසාගේ යහපත සඳහා නවීන විද්‍යාවේ බලපෑම අද ලොව සෑම මිනිසෙක් ම භුක්ති විඳී. රූපවාහිනිය, ගුවන් විදුලිය හා විදුලි පණිවුඩ සේවාවන් මගින් රටවල් අතර ඇති දුරස් ස්ථභාවය නැති කොට මුළු ලෝකය ම ලෝකයේ ජාතීන් හා එකම පවුලක් වන තරමට සමීප කොට තිබේ. අධිවේගී නාවික හා ගුවන් යාත්‍රා මගින් සීමිත කාලයක් තුළ ලොව පුරා සැරි කිරීමට ඉඩ ලැබී ඇත. පරිගණක තාක්ෂණය, සංවර්ධන කාරයන්හි දී නැති ව ම බැරි අංගයක් බවට පත්ව ඇත. ඉන් නොනැවසුණු මිනිසා තමා විසින් නිපදවන ලද කෘත්‍රිම මිනිසා හෙවත්  රොබෝ යන්ත්‍රවලට තම වැඩ කටයුතු පවරා දී ඇත.

 

             නවීන විද්‍යාත්මක දියුණුව නිසා මිනිසා විසින් ලබා ඇති වෛද්‍ය විද්‍යාවේ ජයග්‍රහණයන් ද සුළුපටු නොවේ. ඒ අනුව මිනිස් සංහතියට වසංගතයක් ව තිබූ වසූරිය වැනි රෝග සදහට ම මිහිමතින් තුරන් කොට ඇති අතර මිනිසාට තර්ජනයක් වන අති බිහිසුණු රෝග පවා මර්දනය කිරීමට සමත් ඖෂධ සොයා ගැනීමටත්, හෘදය වස්තු බද්ධ කිරීම වැනි ශල්‍ය කර්ම කිරීමටක් අද මිනිසා සමත් වී තිබේ. මේ සා විශාල ප්‍රගතියක් මානව වර්ගයා ලබා ඇත්තේ නවීන විද්‍යාවේ බල මහිමය නිසා ය.

                      

               මිනිසාගේ සුව පහසුව සඳහා නවීන විද්‍යාත්මක දියුණුව විශාල මෙහෙයක් කොට ඇති බව මින් මනාව පැහැදිලි ය. එහෙත් නවීන විද්‍යාත්මක දියුණුව නිසා මිනිසාගේ ජීවිතයේ පවැත්මට එල්ල වී ඇති තර්ජනය ද ඉමහත් ය. විද්‍යාත්මක දියුණුව නිසා ඉතා වේගයෙන් කාර්මීකරණය වෙමින් පවත්නා ලෝකයෙහි සිදු වන පරිසර දූෂණය වළක්වා ගැනීමට විද්‍යාව අසමත් වී ඇත. විශේෂයෙන් රසායනික කර්මාන්තවලින් නිකුත් වන විෂ වායු ධාරා මගින් හිරු රැස්වල පාරජම්බුල කිරණ නම් වූ මාරක වායුව පෘථිවියට පතිත වීමට නොදී ආවරණයක් වී පවත්නා ඕසෝන් වායු පටලය විනාශ වී යාමේ තර්ජනයකට මුහුණ පා ඇත. මෙම පාරජම්බුල කිරණ ඉතා සුළු වශයෙන් හෝ පෘථිවියට ළඟා වුවහොත් පොළොව මත ජීවින්ගේ පැවැත්මට විශාල තර්ජනයක් විය හැකිය. ඉන්දියාවේ බෝපාල් නුවර යූනියන් කාබයිට් කෘෂිනායක කම්හලේ විෂ වායු කාන්දු වීමෙන් 2500 කට වඩා අහිංසක ජනයා මරණයට පත් වූහ. මෙය නවීන විද්‍යාවේ අහිතකර ඵල විපාක සඳහා මෑත කාලීන නිදසුනකි. අද අවේද්‍ය විද්‍යාව කෙතරම් දියුණු වුව ද විද්‍යාවේ අකුරු ඵල වශයෙන් මිනිසාට වැළඳෙන නොයෙක් රෝගාබාධයන්ට ප්‍රහාර සොයා ගැනීමට නොහැකි ව සිටී පෘථිවිය මත විහිදී ඇසි ඝාත හා ජීවීන්ගේ පැවැත්මට අතිශයින් අහිතකර රසායනික හා අල වර්ග මානව සංහතියට විශාල අභියෝගයක්ව පවතී. මේ මේ වන විට ඉතා ශීඝ්‍රයෙන් පැතිරී යන කොවිඩ්19 වෛරස සදහා නිසි ප්‍රතිකාරයක් තවමත් සොයාගෙන නොමැත.


               අද නවීන විද්‍යාවේ පිහිටෙන් විශ්වය ජය ගැනීමට ප්‍රබල රටවල් සැරසී සිටී. එහි දී අනෙකුත් රටවල් අභිබවා ම යුද ශක්තිය තර කර ගැනීමට මහ බලවතුන් සූදානමි වන බැව් පෙනේ. ලොව පුරා ඇතිවන ගැටුම්, යුද්ධ හා අරගලවල දී අදා විශාල වශයෙන් ප්‍රයෝජනයට ගැනෙන්නේ නවීන විද්‍යාවේ මහිමයෙන් නිපදවන ලද අතිනවීන අවි ආයුධ යි. මොහොතක් පාසා ලොව අහිංසක ජීවිත බිලි ගන්නා අධිබලැති බෝම්බ අද. නිපදවා ඇත. මහ බලවතුන් තම යුද කටයුතු පෘථිවිස මතු පිටට පමණක් සීමා නොකොට අභ්‍යවකාශය දක්වා ද ගෙන ගොස් ඇති බැව් තාරකා යුද සැලැස්මෙන් පැහැදිලි වේ. එමෙන් ම අද ලෝකය පුරා න්‍යෂ්ටික යුද භීතියක් ද හටගෙන ඇත. එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති වුණොත් මිහිමතින් ජීවින් සහමුලින් ම වැනසී යනු ඇත. මේවා නවින විද්‍යාව මිනිසාට අහිත කර අන්දමින් බලපෑම පිළිබඳ සාධක වේ.

                      

        විද්‍යාවේ මහිමයෙන් අප ලැබූ ජයග්‍රහණය වඩා අර්ථවත් කළ හැක්කේ විද්‍යාව හමුවෙහි අප ලබා ඇති පරාජයන් නැති කර ගන්නා තරමටය. නවීන විද්‍යාත්මක දියුණුව ලෝකයේ පැවැත්මට වඩා හිතකර අන්දමින් යොදා ගැනීම බෙහෙවින් වැදගත් වෙයි. යුද කටයුතුවල දී විශාල ජන ජීවිත ප්‍රමාණයක් නයි යන්නේ විද්‍යාවේ නාමයෙන් ලෝකයේ බලවත් රටවල් විසින් නිපදවනු ලබන භයානක අවි ආයුධ නිසාය. මෙම අවි ·ඉයුව සඳහා වැය කරන මුදල් සංහතිය ලෝකයේ සාගින්න දුරු කිරීමටත්, සෞඛ්‍යය යහපත් කිරිමටත් සංවර්ධන කටයුතු සඳහාත් වැය කරන්නේ නම් එය වචනයට නොනැගිය හැකි සේවයකි. මානව වර්ගයාගේ යහපත ඉන් සහතික වනු ඇත.

8 Comments

Post a Comment

Previous Post Next Post