2021 සිංහල / හින්දු අලුත් අවුරුදු සාම්ප්‍රදායික සිරිත් විරිත් හා චාරිත්‍ර වාරිත්‍ර පිළිපැදීමට සුබ කාල
පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 12 වැනි සඳුදා දින දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවී.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වෙනි අඟහරුවාදා අපර භාග 08.09 සිට 14 වන බදාදා පූභා. 08.57 දක්වා පුණ කාලය බැවින් අප්‍රේල් මස 13 වෙනි අඟහරුවාදා දින අපර භාග 08.09 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම මැනවි.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වෙනි බදාදා දින පූර්ව භාග 02.33 ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ.
ආහාර පිසීම
අප්‍රේල් මස 14 වෙනි බදාදා පූර්ව භාග 06.17 ට ලා කොළ වර්ණ (පලාවන්) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා එළකිරී මිශ්‍ර කිරි බතක් ද මුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවී.
වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වන බදාදා උදේ 7.41 ට ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දෙස බලා වැඩ ආරම්භ කිරීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභවය සිදුකරන මැනැවි.
නව සඳ බැලීම
නව සද අප්‍රේල් මස 16 වන සිකුරාදා දර්ශනය වේ.
හිසතෙල් ගෑම
හිස තෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් 17 වන සෙනසුරාදා උදේ 7.16 ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට නුග පත්ද පයට කරද පත් තබා නුග මිශ්‍ර නානු ගා හිස තෙල් ගා මැනවි.
රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 19 වෙනි සඳුදා පූර්ව භාග 06.39 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දී කිරි සහ ගිතෙල් මිශ්‍ර කිරි බතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යාම මැනවී.
පැළ සිටුවීම
අප්‍රේල් මස 16 වැනි සිකුරාදා පුර්වභාග 06.40 ට නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි.
👌👌👌👌
ReplyDeleteGood
ReplyDeleteWoow godak watinawa.
ReplyDelete👍👍
ReplyDelete👍
ReplyDeleteImportant
ReplyDeleteGood 👍
ReplyDelete💐💐
ReplyDeletePost a Comment