සිංහල ජන කවිය
කාලයේ වැලි තලාවෙන් වැසී ගිය අතීතයේ නටබුන් සොයා ගන්නා පුරා විද්‍යාඥයා ඒ යුගයේ ජීවත් වූවන්ගේ වගතුග අනුමානයෙන් තීරණය කරයි. එහෙත් එම යුගයේ ජීවත් වූ මිනිසුන්ගේ සිතුම් පැතුම් සජීවී අයුරින් කියා පෑමට ඔහු පොහොසත් නොවේ. ජන කවිය අපට වැදගත් වන්නේ මෙහි දී ය. ජනතාවගේ නැවුම් සිතුම් පැතුම් ඉතා සියුම් අන්දමින් ප්‍රකාශ වන මාධ්‍යයක් ලෙස බොහෝ දෙනා ජන කවිය සලකති.
ජන කවිය බිහි වූයේ සුවිසල් රජ මැදුරු හෝ සිටු මැඳුරු වැනි සුව පහසු පරිසරයක නොවේ. හේන, පැල, වෙල් එළිය. වන පෙත මැණික් පතල, ගැල ජන කවියාගේ නිකේතන විය. සොබා දහමේ ආශ්චර්යය ජනක සිදුවීම් මෙන් ම ජීවන අත් දැකීම් ඔහුගේ විෂය ක්ෂේත්‍රය විය. අපේ ජන කවි සාහිත්‍යය දෙස බලන විට ඊට හිමි සුවිශේෂතා කීපයක් දක්නට ලැබේ. ජන කවිය ගැමියාගේ මුවග රැඳෙමින් මුඛ පරම්පාරාගත ව අද දක්වා පැවතියේ එහෙයිනි.
කවි තැනීමේ දී බොහෝ විට උපයෝගී කරගන්නා ඡන්දස් විරිත්, අලංකාර ආදී නීති රීති පිළිබඳ සැලකිල්ලක් ජන කවියා විසින් දක්වන ලද බවක් නොපෙනේ. ජන කවියා උගතෙක් නොවේ. එහෙත් සමාජය නැමැති ජීවන තක්සලාවෙන් ලබා ගත් දැනුමත්, සහජ නිර්මාණ ශක්තියක් තුළින් අපේ ගැමි කවියන් දක්වා ඇති කුශලතාව හා ප්‍රතිභාව ඉතා වැදගත් වේ. ජීවන ගමනේ දී හමුවන දහසකුත් එකක් අත්දැකීම් අනුවේදනීය අන්දමින් ප්‍රකාශ කිරීම සඳහා ඔහු වෙතින් ජන කවි ගැයුණේ තතන තතනා නොවේ. පණ්ඩිතමානී බව හුවා දැක්වීම සඳහා කවි තැනීමේ නිසි රහි පිළිසදිමින් එක්තරා සීමිත රාමුවක් තුළ හැ කවි වලට වඩා ජන කවි හදවතට සමීප වන්නේ එබැවිනි. අක්ම සියමයකින් යුක්ත බොහෝ ජන කවින් පිවිසයේ දී ලබන අත් දැකීම් දෙස බැලුවේ පරින බුද්ධියකිනි.
විදේශ ආක්‍රමණයන් ඇති වීමට පෙර අප රටේ පැවතුණේ සාමකාමී සහජීවනයෙන් යුත් නිහඩ වාතාවරණයකි. මහින්දාගමනයෙන් අප ලැබූ ආගමික ප්‍රබෝධයන් කලා ශිල්ප ඥානයත්, දැහැම් සංකල්පනාක් එසේ සුවදායක සමාජයක් ගොඩ නැගීමට ඉවහල් වූ බව පෙනේ. එම සාමකාමී සමාජයෙහි අප මුතුන් මිත්තන් ජීවත් වී ඇත්තේ සැකයෙන් හා බියෙන් තොර ව ය. බුදු සමය විසින් පෝෂණය කරනු ලැබූ ආධ්‍යාත්මික ගුණ වගාවකින් යුතු ව කල් ගෙවූ ඔවුන් තුළ නිරායාසයෙන් ජනනය වුයේ නිදහස් නිවහල්, රසාලිප්ත කාව්‍ය සංකල්පනා ය.
සොබා දහමේ ඉමිහිරි දායාදයන් වන ඉර හඳ තාරකා, තුරුලිය, වනපෙත්, මල්, කුරුලු ගීත වෙල් එළිය, ඇළ දොළ, ගංගා තුළින් විහිදුණු සෞන්දර්ය ප්‍රවාහය ඔවුන්ගේ නිදහස් චින්තාවලින් සමග සංකලනය වී ගිය අතර මේ නිසා ඔවුන් තුළ පහළ වූයේ ජිවිතයේ හා විශ්වයේ යථාර්ථය පිළිබඳ ව ගැඹුරු දාර්ශනික හැගිම් ය. ගැමි කවියෙහි රිද්මය හා ගීතවක් බව තුළින් විහිදෙන ආශ්චර්ය ජනක ආකර්ෂණය සහෘදයා ඇද බැඳ තබා ගැනීමට සමත් වෙයි. ජන කවියෙන් රසිකයා මුසපත් වීමට එහි ඇති නිර්ව්‍යාජත්වය හා සජීවි ගුණය ද ඉවහල් වෙයි.
නෙළුම් කවි, පැල් කවි, පාරු කවි, පතල් කවි ආදී වෘත්තියමය අවස්ථා සිහි ගැවෙන නිර්මාණ මෙන්ම ජීවිතයේ ප්‍රභාසය දැනවීමට ඒ ඒ අවස්ථාවල ගැයුණු කවිවලින් ද ජන කවිය. සමන්විත වේ. යසෝදරාවත, වෙස්සන්තර කාව්‍යය වැනි කෘතීහු ජන කවියාගේ නිර්මාණයෝය ඔහු විසින් තරුණ රසයට හා ශාන්ත රසයට දී ඇති ස්ථානය "යසෝදරාවත" තුළින් මනා ට පිළිබිඹු වෙයි. පහත පළ වන්නේ එහි පැදියකි.
සිදු හත් කුමරු තමා අතහැර යාමෙන් යසෝදරාවට ඇති වූ අව්‍යාජ විරහ වේදනාව අහිංසක ගැමි කතක ලෙස දරාගත් ඇගේ හද පතුලින් එන නිමල පැතුම් දැඩි සංයමයෙන් ව ඉදිරිපත් කිරීමෙන් පාඨකයා තුළ කරුණ රසය හා ශාන්ත රසය කුළු ගැන්වීමට ජන කවියා සමත් වන ආකාරය මෙම පද්‍යය කළින් වුව ද නිරූපණය වෙයි.
නිරතුරුව රස ගී ගැයීමෙන්ම පමණක් ජන කවියා නොනැවතුණි. වැඩවසම් සමාජ ක්‍රමය තුළ ගැමියා හමුවේ බල පැවැත්වුණු ගැටලු ද, සමාජ පීඩනයද සියුම් ලෙස විවේචනය කිරීමට ද ඔහු බිය නොවුණි. පහත සඳහන් පද්‍ය කිහිපය ඒ බව සනාථ කරයි.
ප්‍රේමය ද ජන කවියාගේ විෂයයක් විය. ගැමි සමාජ රාමුව තුළ මෙහි දී කවියා ඉතා සංයමයෙන් තම අදහස් නිරූපණය කළ බව පෙනේ. පහත පළ වන්නේ එවැනි පැදියකි.
👌👌
ReplyDelete👍👍👍👍👍👍👍👍 good
ReplyDeletegood article
ReplyDeleteGood article
ReplyDeletePost a Comment