අල්තීනායිට ලියමි



අල්තීනායිට ලියමි



වේදනාවේ කදුලු බිදුවක්
මගේ නෙතු අග නොරැදුනානම්
අනේ අල්තීනායි නුඹ මට 
හමුනොවන්නට ඉඩත් තිබුණා...
කන්ද මුදුනේ පුංචි පොප්ලර්
අහස සිඹිමින් පෙම් කරද්දී
මගේ හිත කී බොහෝ දේවල් 
නුඹට කීමට එදත් සිතුනා...
බැදුණු සිත මගේ බිදී ගිය දා
වහන් වී ලෝකෙට හොරෙන් නුඹ 
 කාසි පණමට වෙන් කරද්දී 
අනේ සිත නැගි වේදනාවෝ
අයිලයේ පොඩි බිමත් රැදුණා...
යලිත් දවසක හමුවෙතොත් නුඹ 
එදා නුඹ හා නොකී දේවල්
කියන්නට මග බලන් ඉදියා 
ශීත සුළඟක් කුණාටුව වී
මේඝ ගර්ජන හඬ නගද්දී
වසන්තය එනකන්ම ලතැවුල්
විදන් මං මග බලා උන්නා...
 

18 Comments

  1. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    ReplyDelete
  2. වසන්තය එනකන්ම ලතැවුල්
    විදන් මං මග බලා උන්නා...

    ReplyDelete
  3. හරිම ලස්සනයි..😍😍😍😍😍😍

    ReplyDelete
  4. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    ReplyDelete
  5. ගුරු ගීතය ❤️❤️❤️

    ReplyDelete

Post a Comment

Previous Post Next Post