ප්‍රබන්ධ සාහිත්‍ය තුළ පැනෙන තුන්වන ප්‍රබන්ධ අවධිය වූ
නවකතාව
නවකතාව යනු ගද්‍යමය ප්රබන්ධයකි. එය කිසියම් කතා වස්තුවක රාමුවක් තුළ සිදුවන අවස්ථාවන්ගේ හා චරිතයන්ගේ නිරූපණයක් වේ.
ඒ අනුව,
- චරිත හා අවස්ථා නිරූපණය
- ප්‍රබන්ධ හෙවත් කල්පිත කතාන්තර ස්වරූපය
- ගද්‍ය ලේඛනයක් වීම
ශ්‍රී ලංකාවේ සිංහල පාඨකයන්ට නවකතාව නමැති කලා මාධ්‍යය පිළිබඳව පළමු වරට දැනගන්න ලැබෙන්නේ 19 වැනි සියවසේදී ය. ආදි ම සිංහල නවකතාකරුවන්ට ස්වකීය මාධ්‍ය අවබෝධ කරගැනීමට කර ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිණ. එසේ ම සිංහල පාඨක ජනයාට ද නවකතා මාධ්‍ය වටහා ගැනීමට මහත් ව්‍යායාමයක් යෙදීමට සිදුවිය. මුල් ම සිංහල නවකතා කරුවෝ ඉංග්‍රීසි නවකතාවේ ස්වරූපය ඒ හැටියෙන්ම අනුකරණය කිරීමට අසමත් වූහ. කෙසේ වුව ද සිංහල නවකතාවේ විකාශනය ගැන සිතා බලන විට මුල් ම අවධිය පහළ වූ නවකතාකරුවන්ගේ ඉමහත් සේවයක් සිදු වූ බව නම් පැහැදිලිය. සිංහල නව කතාවේ වර්තමාන ස්වරූපයෙහි මූල බීජය දක්නට ලැබෙන්නේ 1905 වසරේදී අලුත්ගමගේ සයිමන් ද සිල්වා විසින් පළ කරන ලද මීනා නමැති කෘතිය ත ව පියදාස සිරිසේන ඩබ්ලිව් ඒ සිල්වා , ඩබ්ලිව් ඒ සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ,කේ. ජයතිලක ආදි කර්තෘවරුන් ඔස්සේ නව කතාවේ ගමනාරම්භය සනිටුහන් විය.
නවකතාව පිළිබඳ ගැඹුරු ශාස්ත්‍රීය විග්රහයන් සිංහල භාෂාවෙන් පළව ඇත්තේ අල්පයකි. නවකතා විග්‍රහය කෘතියේ කතුවරුන් ද දක්වා ඇති පරිදි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ සිංහල නවකතා ඉතිහාසය හා විචාරය, සරච්චන්ද්‍ර වික්රමසූරියගේ නවකතා විවරණය, මහාචාර්ය ඒ. වී. සුරවීරගේ නවකතා නිර්මාණය හා අවබෝධය ඉන් ප්‍රධානයි. මේ ග්රන්ථ පළවී දශක කිහිපයකි. ඒ අතරතුර නවකතාව අරභයා විවිධ පතපොත පළවුවද විවිධ සංවාද කතිකා දියත් වුවද මේ සාහිත්‍යාංගයේ සියලු පැතිකඩ පිළිබඳව - විශේෂයෙන්ම එහි වර්තමාන හැඩතල පිළිබඳව විවිධ දෘෂ්ටිකෝණවලින් විමසා බැලෙන ගැඹුරු විවරණයක අවශ්‍යතාව පැවතිණි.
චරිත, කතා වින්‍යාසය, සංස්තිථිය, පසුතලය, පසුබිම, තේමාව, ඉෂ්ටාර්ථය, සංකේත හා සංකල්ප රූප, භාෂණය හා දෙබස් යන තේමා යටතේ මේ හැඩතල විවරණය කෙරේ. නවකතාවේ ස්වතන්ත්‍ර ලක්ෂණ විමසීමේදී කතුවරු ප්‍රබන්ධනාත්මක පරිස්ථිතිය කෙරේ විශේෂ අවධානයක් යොමු කරති." ප්‍රබන්ධනාත්මක පරිස්ථිතියේ විශේෂත්වය කොපමණ වැදගත් වේද යන්න හොඳින් පැහැදිලි වන්නේ නවකතාවක් නාට්‍යයකට හෝ චිත්‍රපටයකට නැඟීමේදීය. ජෝශප් කොන්රඩ් ඔහුගේ කෘති කිහිපයක්ම නාට්‍යයට ගන්නට උත්සාහ කළ බවත් ඒ හැම අසාර්ථක වූ බවත් විචාරකයෝ පවසති. එයට මූලික හේතුව වන්නේ නාට්‍යය ප්‍රබන්ධනාත්මක නොව නාට්‍යාත්මක වීමයි. මේ වෙනස නවකතාවකින් ප්‍රතිනිර්මාණය වන චිත්‍රපටයක ද දැකගත හැකියි." නවකතාංග විවරණයේ අනෙක් වැදගත් ලක්ෂණය වනුයේ නිදර්ශන දේශීය නවකතාවෙන්ම උපුටා දැක්වීමයි. මේ නිසා පෙරදිග අපරදිග සිද්ධාන්ත අපගේ නවකතාව විෂයයෙහි බලපාන ආකාරය පිළිබඳ විද්‍යාර්ථීන්ගේ දැක්ම පුළුල් වෙයි.
Superb👌👍👍
ReplyDeleteMeena harima lassanai potha
ReplyDeleteInteresting... 👍👍👍
ReplyDeleteGreat
ReplyDeleteSuper 👍
ReplyDeleteGreat
ReplyDeleteniyamai
ReplyDeleteInteresting 👌
ReplyDeleteNiyamai
ReplyDeleteVeleuble
ReplyDelete💜️💜️💜️💜️
ReplyDeleteBest 👍👍
ReplyDeleteSuper 👍
ReplyDelete❤️
ReplyDelete❤️
ReplyDelete❤️
ReplyDeleteGood
ReplyDeleteSuperb👌👌
ReplyDeleteala
ReplyDeleteSupiri
ReplyDeleteGreat
ReplyDelete👍👍
ReplyDelete👍👍
ReplyDeleteNiymai
ReplyDeleteSuper 👍
ReplyDeleteVery gooda
ReplyDeleteWell weldone
ReplyDeletePost a Comment