පුවත් පත් රජයේ පාලනයට ගැනීමට උත්සාහ කිරීම නිසා 1964 වර්ෂය අවසානයේදී එවකට ශ්‍රී ලංකාවේ බලයේ සිටි ආණ්ඩුව පවා බිඳ වැටීමෙන් පෙනී යන්නේ මෙය වැදගත් ප්‍රශ්න කිහිපයෙන් එකක් බවය. පුවත්පත් පිළිබඳ රජයේ පාලනය තිබිය යුතු යැයි ප්‍රකාශ කිරීමට හේතු රාශියක් ඇතත් එසේ කිරීමෙන් පුවත්පත් නිදහස වැළලී යාම නම් නිසැකයෙන්ම සිදුවෙයි.
පුවත්පත් නිදහස ශ්‍රී ලංකාවට අනවශ්‍ය දැයි යන්න විමසීමට පෙර මේ නිදහස වශයෙන් හැඳින්වෙන්නේ කුමක්ද යන්න විග්රහ කර ගත යුතුය. පුවත්පත් පළ කරන ආයතන වලට බියෙන් තොර ව ස්වාධීන අදහස් පළ කිරීම සඳහා ඇති අයිතිවාසිකම පුවත්පත් නිදහස යනුවෙන් හැඳින්වේ. පුවත්පත් අයිතිකරුවන්ට සහ ඒවායේ කර්තෘවරුන් ට නීතියේ රැහැනට හසු වන්නේ නැතිද හිතුමනාපේ තමන්ගේ අභිවෘද්ධියට හේතුවන පරිදි පුවත්පත මෙහෙයවීම සඳහා තිබිය යුතු බලය සහ වරප්‍රසාදය පුවත්පත් නිදහස යනුවෙන් හැඳින්වෙන්නේ යැයි විග්රහ කළ හැකිය.
පුවත්පත්වලට මෙවැනි නිදහසක් තිබීම අත්‍යවශ්‍ය දැයි යන්න විමසීමේ දී පෙනී යනුයේ ශ්‍රී ලංකාව වැනි ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක ට මෙවැනි නිදහසක් වශයෙන්ම තිබීම අවශ්‍යතාවයක් බවය. රටවාසීන් ලෝකයේ සිදුවන දේ දැනගන්නවා දැන ගන්නා ප්‍රධානතම මාර්ගය පුවත්පතයි. ඇසූ දේට වඩා කියවූ දේ ධාරණය වන නිසා තමන්ට විවේක ඇති අවස්ථාවක අවබෝධ කරගෙන පුවත් පත කියවා ගත හැකි නිසාද විද්‍යුත් මාධ්‍යන්ට වඩා පුවත්පත බෙහෙවින් ජනප්‍රිය වේ.
ස්වාධීන මධ්‍යස්ථ අදහස පල කරතොත් ඒ සඳහා ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කිරීම සඳහා රජයේ හා මහජන ආයතන වල ඇති දූෂණ සහ අයථා කටයුතු සොයා බලා මහජනයාට දැන්වීම සඳහා ලේඛකයන්ගේ හා පුවත්පත් කලාවේදීන්ගේ නිදහස් අදහස් ස්වෛරී ලෙස පළ කිරීම සඳහා පුවත්පත්වලට රජයේ බලපෑමකින් තොර නිදහසක් තිබිය යුතුය. රජයේ පාලනයට ගත හොත් රාජය කරවන්නන් ප්‍රිය නොකරන රජයට අවාසි සිදුවන විවේචන පළ කිරීම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ද ඒ සමග සමඟ වැලලී ගොස් පුවත්පත් රජයේ හොරණෑවක් බවට පත්වීම පත්වීම වැළැක්විය නොහැකිය.
ප්රජාතන්ත්රවාදි සමාජයක ප්රවෘත්ති පළ කිරීමේ අයිතිවාසිකම් ඉතා බලගතු අවියක් වන අතර , පුවත්පත්වලට අවශ්‍ය නම් එය අනිසි ලෙස පාවිච්චි කිරීමටද පුලුවන. සමාජයේ වැඩි දෙනා විචාර බුද්ධියෙන් යුතු උගතුන් නොවන හෙයින් යම් සිද්ධියක් සම්බන්ධව ප්රක්ෂගාහි ලෙස ප්රවෘත්ති සැපයීම මගින් මහජනයා නොමග යවා අනිසි උද්ඝෝෂණ ඇති කිරීමට ද සාධාරණ උද්ඝෝෂණ මොට කිරීමට ද ජනතාව භේද කරවීමට ද පුද්ගලයන්ට මඩ ගැසීමට ද ආණ්ඩු පෙරලීමටද පුවත්පත්වලට පුලුවන්කම තිබේ. මැතිවරණ පැවැත්වෙන කාලයේ දී තමන් සහයෝගය දක්වන කණ්ඩායමට වාසිදායක ප්‍රවෘත්තිවලට ප්‍රමුක ස්ථානයක් දී ඔවුන්ට අවාසි සිදුවන ප්රවෘත්ති යටපත් කිරීමෙන් ද අනෙක් පක්ෂවලට වාසි සිදුවන ප්‍රවෘත්තිවලට සුලු ස්ථානයක් දී අවාසි සිදුවන ඒවාට ප්‍රමුක ස්ථානය දීමෙන් ද පක්ෂග්රාහි ලෙස ක්‍රියා කිරීමටද පුවත්පත්වලට පුලුවන. පුවත්පත් නිදහස අනිසි අයුරින් පාවිච්චි කිරීමට එරෙහිව තදබල නීති පැනවිය හැකිය. අසාධාරණ ලෙස කටයුතු කරන පුවත්පත්කරුවන් අධිකරණය ඉදිරියට පමුණුවාලීමට පුලුවන.
පුවත්පත් නිදහස අනිසි ලෙස භාවිතා කිරීම හේතු කොට ගෙන පුවත්පත් රජයේ පාලනයක් යටතට ගත හොත් සිදුවන්නේ කබලෙන් ලිපට වැටීමකට සමාන වූ දෙයකි. මහජනයාට සත්‍ය පුවත් දැන ගැනීමට අවකාෂය නොලැබී යයි. රජයේ හපන්කම් විදහා දක්වන ආරංචි ද වන්දිබට්ටකම් කරනවුන්ගේ ලිපි ද පමණක් පළ කරනු ලබන හෙයින් මහජනයා පුවත්පත් කියවීමට ද අතහැර දමනු ඇත.
👍👍👍
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDeleteGood
ReplyDeleteGreat 👍
ReplyDeleteNodanna de bohomayk danagaththa.
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDelete👍👍
ReplyDeleteVeleuble ❤️
ReplyDeleteGood
ReplyDeletegreat
ReplyDelete💜️💜️💜️💜️💜️
ReplyDelete👍
ReplyDeleteniyamai
ReplyDelete❤❤❤
ReplyDelete👌👌👌👌👌
ReplyDelete👌👌👌👌👌
ReplyDeleteSuper weldone akkaaaaaaaa
ReplyDeletePost a Comment