පර්යේෂණ යෝජනාවලියක් යනු කුමක් ද?

පර්යේෂණ යෝජනාවලියක් යනු කුමක් ද? 



        පර්යේෂණ යෝජනාවලියක් යනු තමන් ඉදිරියට සිදු කිරීමට නියමිත පර්යේෂණයේ දළ සැලැස්ම ඉදිරිපත් කරනු ලබන කෙටි පත‍්‍රිකාවයි. එමඟින් ඔබ ඉදිරියට සිදු කිරීමට නියමිත පර්යේෂණය හඳුන්වා එහි වැදගත්කම, පර්යේෂණ ගැටලූව, අරමුණු සහ පරමාර්ථ, පර්යේෂණය සිදු කරනආකාරය, භාවිත කරනු ලබන පර්යේෂණ ක‍්‍රමවේදයන් ආදිය ඇතුළත් වන පරිදි පිටු 10 - 15 ත් අතරසංඛ්‍යාවකින් යුතු පර්යේෂණ යෝජනාවලිය සකස් කළ යුතුය (පර්යේෂණ යෝජනාවලියේ වාක්‍යපේළි අතර පරාසය 1.5 ක් විය යුතු අතර පර්යේෂණය සිංහල භාෂාවෙන් යතුරු ලියනය කරන්නේ නම් FM Abhaya අක්ෂර රටාව ද, පර්යේෂණය ඉංග‍්‍රීසි භාෂාවෙන් යතුරු ලියනය කරන්නේ නම් Times New Roman  අක්ෂර රටාව ද අදාළ අක්ෂරයන්හි ප‍්‍රමාණය 12 ක් වශයෙන් ද පැවතිය යුතුයි. පර්යේෂණ යෝජනාවලියක් සකස් කිරීමේ දී ඊට අදාළ වූ ආකෘතියක් ඇති අතර එය පහත සඳහන්පරිදි විය යුතුය.

  • කරුණු සරළව සහ පැහැදිළිව ඉදිරිපත් කළ යුතුය.
  • නිවැරදි භාෂා රීතිය, අක්ෂර වින්‍යාසයන් සහ රචනා ශෛලිය භාවිත කළ යුතුය.
  • පර්යේෂණ ගැටලූව නිවැරදිව හඳුනාගෙන එයට අදාලව අධ්‍යනය සිදු කළ යුතුය.

Components Of Research Proposal
  • පර්යේෂණ මාතෘකාව
  • පසුබිම / හැදින්වීම
  • පර්යේෂණ ගැටලුව පිළිබද ප්‍රකාශය
  • අරමුණු සහ අධ්‍යනය පිළිබද ලිවිම.
  •  පර්යේෂණය සිදු කිරීමේ වැදගත්කම
  •  අධ්‍යනයේ  සිමාව
  •  සාහිත්‍ය විමර්ශනය
  •  පර්යේෂණ  ක්‍රමවේදය
  •  පර්යේෂණ සැලැස්ම / කාල රාමුව
  •  ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය 

පර්යේෂණ මාතෘකාව

1. මාතෘකාව කෙටි විය යුතුය
2. ඔබගේ පර්යේෂණය පිළිබද සිත් ඇද ගන්නා සුළු බවක් තිබිය යුතුය.
3.මාතෘකාවේ අපැහැදිලි බව හා හාස්‍යජනක බවක්  නොවිය යුතුය. 

පසුබිම / හැදින්වීම

        මෙම පසුබිමෙන් හැදින්වීමේ පහසුව කියවන්නා,  කියවන්නාටම කිසියම් අදහසක් ඇති වන සේම ඔබට කුමක් කිරීමට අවශ්‍යද යන්න තේරුම් ගැනීම පමණක් නොව , ඒ පිලිබදව හැගීමක් ඇතිවනවා සේම , අශාවක්ද ඇති වේ. පර්යේෂණය සිදු කිරීමෙන් පසුව ලැබෙන ප්‍රතිපල පිළිබද ඔහු තුල කැමැත්තක්ද  ඇතිවිය යුතුය.

පර්යේෂණ ගැටලුව තෝරා ගැනීමේදී , වටිනාකමක් ඇති කාරණාවක් බව ඒත්තු ගැන්විය යුතුයි
පුළුල් ආරම්භයක් සහිත මාතෘකාවක් විය යුතුයි .
පහත  කාරනා පසුබ්ම යටතේ පෙන්වා දිය යුතුයි.
                     I.            සංකල්ප
                    II.            ප්‍රයෝගික උවමනාව 

·         පර්යේෂණ ගැටලුව දෙසට ඒමේ , පටු රාමුව තුලට ආ යුතුයි.

     I.   ගැටලුව නිරුපනය කිරීම.
    II.වඩා ගැලපෙන සාහිත්‍ය විමර්ශනයක් ආරම්භ කල යුතුයි

     මෙම පසුබිම ප්‍රශ්න කිරීමට අවශ්‍ය දෙයක් පමණක් බවත් , ඒ සදහා පිළිතුරක් නොලැබූ ගැටළුවක් බවත් පෙන්විය යුතුයි. 

පර්යේෂණ ගැටලුව පිළිබද ප්‍රකාශය

පැහැදිලි ප්‍රකාශයක් විය යුතු වීම හා ගැටලුව පර්යේෂකයා විමර්ශනය කිරීමට බලාපොරොත්තු වීම.
දැනට පවතින දැනුමෙහි අඩුපාඩු විස්තර කල යුතුයි.
වර්තමානයට ඇති අවශ්‍යතාවය පෙන්වා දිය යුතුයි.
දැනට සොයා නොගත් දැනුම සෙවිය යුතුයි. 
ප්‍රශ්නකාරී ලෙස හෝ විස්තර කල යුතුයි.

අරමුණු සහ අධ්‍යනය පිළිබද ලිවිම.

1.පැහැදිලි පෙන්වා දීමක් හා ඉලක්ක ගවේෂණය කල යුතු පිළිවෙල මෙහි අඩංගු විය යුතුයි.
2.පොදු අරමුණු / ප්‍රධාන අරමුණ  පෙන්විය යුතුයි.
3.අධ්‍යනය තුලදී හදුනාගත් අරමුණු පෙන්විය යුතුයි.
4.අරමුණු කීපයක් ඇත්නම් එය ක්‍රමානුකුලව පෙළ ගැස්විය යුතුයි.


පර්යේෂණය සිදු කිරීමේ වැදගත්කම

       විෂයානුබද්ධ හා ප‍්‍රායෝගික ආදී වශයෙන් මේ පර්යේෂණයේ ඇති වැදගත්කම විවරණය කළ යුතුයවර්තමානයට ගැලපෙන කාලින අව්ශ්‍යතාවයක් ඇති පර්යේෂණ කිරීමට වටිනා දෙයක් බව තර්කානුකුලව පැහැදිලි ලෙස පෙන්නුම් කල යුතුය.සමාජය තුල පවතින දැනුම වර්ධනයක් සිදුවීම, දැනුම ඉදිරිපත් කිරීම හෝ වැරදි දැනුම ඉවත් කිරීම හා  ලැබෙන ප්‍රයෝජන පෙන්වා දිය යුතුය.පර්යේෂණ ගැටලුව න්‍යායාත්මක  හා ප්‍රයෝගිකභාවය  යන දෙවර්ගයම නිර්වචනය කල යුතුයි.

අධ්‍යනයේ  සිමාව

       පර්යේෂණය සඳහා වෙන් කළ හැකි මූල්‍ය වැය කිරීම්, නියැදි සකස් කිරීම හා වෙනත් ප‍්‍රායෝගික සීමාකම් කෙටියෙන් දැක්විය යුතුය

 සාහිත්‍ය විමර්ශනය

       ඔබගේ පර්යේෂණ මාතෘකාවට අදාළව සිදුකරන න්‍යායාත්මක හා සාහිත්‍ය විමර්ශනයට අමතරව ඊට අදාළ කේෂ්ත‍්‍රයේ මෙතෙක් සිදුවී ඇති ඔබ හඳුනාගත් පර්යේෂණ පිළිබඳවත් එ ්වායින්  ආවරණය නොවුණුවූ පර්යේෂණ හිඩැස ඔබගේ පර්යේෂණයෙන් සපුරා ගතහැකි ආකාරය  සංක්ෂිප්තව ඉදිරිපත් කළ යුතුය.

පර්යේෂණ  ක්‍රමවේදය

න්‍යායාත්මක රාමුව 

       සමාජීය විද්‍යා පර්යේෂණ, මාතෘකාව හා අරම ුණු පරමාර්ථ ආදිය අනුව ඓතිහාසික විස්තරාත්මක විවරණාත්මක අත්හදාබැලීම ආදී වර්ග ගණනාවකින් සමන්විත වේ. ඔබගේ පර්යේෂණය මේ අතුරින් කුමන වර්ගයකට අයත් වන්නේ ද යන්න සාධාරණීකරණය කළ යුතුය. 

මූලාශ‍්‍රය (ප‍්‍රාථමික සහ ද්විතීය)
 
      පර්යේෂණය සිදුකිරීම සඳහා ලබාගතයුතු දත්ත අන්තර්ගත වන්නේ ලිඛිත මූලාශ්‍රය  වන පතපොතෙහි හා අලිඛිත මූලාශ‍්‍රය වන සමාජයේ හා මිනිසුන් අතරය. ඔබගේ පර්යේෂණයට අදාල වන ආකාරයට මේ මූලාශ‍්‍රය ප‍්‍රාථමික ද්වීතීක ලෙස වර්ග කරමින් විස්තර කළ යුතුවේ. 
උදාහරණයක් වශයෙන් කිසියම් ගැමි කර්මාන්තයක් පිළිබඳව ඔබ පර්යේෂණයක් සිදුකරන්නේනම් එහි නිරතවන්නවුන් හා විවිධාකාරයෙන් එයට දායකවන්නවුන් ඔබට දත්ත සපයන අලිඛිත මුලාශ‍්‍රයන් වන්නේය. ඔවුන් ඔබට අවශ්‍ය දත්ත දායකයන් බවට පත්කර ගතහැකිය. භෞතික මානව විද්‍යාත්මක පර්යේෂණවලදී මූලාශ්‍රය  අදාළ පරිදි හඳුනාගෙන ඇතිබව දැක්විය යුතුය. උදාහරණයක් ලෙස බොහෝවිට කාලයෙන් හා පසින් වැසී ගිය සත්ත්ව අවශේෂ හෝ කෙෂ්ත‍්‍රයේ දී හමුවන සතුන් ද එහිදී මූලාශ‍්‍රයන් බවට පත් විය හැක.
 
දත්ත රැස්කිරිම සඳහා යොදා ගන්නා ක‍්‍රමවේදය 

   මෙහිදී විශේෂයෙන් පැහැදිලි කළ යුතු වන්නේ ඔබ තෝරාගත් නියැදියෙහි ඇති ඉහත දැක්වූ ආකාරයේ අලිඛිත ම ූලාශ‍්‍රයන් පරිශීලනය කරමින් දත්ත ලබාගැනීම සඳහා යොදාගැනිමට සුදුසු යැයි ඔබ යෝජනා කරන ප‍්‍රශ්නාවලී සම්ම ුඛ සාකච්ඡුා නිරීක්ෂණය හෝ වෙනත් ප‍්‍රක්ෂේපණ ක‍්‍රම ආදීවූ දත්ත රැුස්කිරීම සඳහා යොදාගන්නා ක‍්‍රමවේද පිළිබඳවයි. උදාහරණයක් වශයෙන් යම්යම් මානසික හෝ භාවාත්මක දේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න ඇසිම හෝ සාකච්ඡුා කිරීමට වඩා සාර්ථකව පින්තූරයක් හෝ එවැනි සුදුසු දෙයක් පෙන්වීම ම`ගින් ප‍්‍රතිචාර ලබාගත හැකිය. භෞතික මානව විද්‍යාත්මක පර්යේෂණවලදී විවිධ ශුද්ධ විද්‍යාත්මක ක‍්‍රමවේදයන් යොදාගැනිමට බලාපොරොත්තු වන ආකාරය පැහැදිලි කළ යුතුය.

නියදිය සහ අධ්‍යයන කෙෂ්ත‍්‍රය 

     සමාජීය විද්‍යා පර්යේෂණවලදී යොදාගන ්නා සසම්භාවි අසම්භාවී ආදී වශයෙන් ඇති නියැදීම් ක‍්‍රම අතුරින් ඔබට සුදුසුවන්නේ කුමන ක‍්‍රමයක්ද, යොදාගැනීමට බලාපොරොත්තු වන නියැදියේ ‍ප්‍රමාණය ආදිය විස්තර කළ යුතුය. අධ්‍යයන කෙෂ්ත‍්‍රය සිතියම් හෝ වෙනත් සටහන් යොදාගෙන පැහැදිලි කළ හැක.

දත්ත විශ්ලේෂණ ක‍්‍රමවේදය 

      දත්ත විශ්ලේෂණය සඳහා යොදාගැනීමට බලාපොරොත්තු වන සංඛ්‍යාන හා ශුද ්ධ විද්‍යාත්මක 
ක‍්‍රමවේදයන් මෙහිදී විස්තර කළ හැකිය.

පර්යේෂණ සැලැස්ම / කාල රාමුව

    පර්යේෂණය සිදුකිරීමෙන් අනතුරුව අදාළ නිබන්ධය සකස් ක්රීිමේදී පරිච්ඡේදකරණය, හැඳින්වීම සාහිත්‍ය විමර්ෂණය පර්යේෂණ ක‍්‍රමවේදය දත්ත විශ්ලේෂණය සාකච්ඡුාව හා නිගමන සහ යෝජනා මෙන්ම ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය හා වෙනත් ඇම්ණුුම් වශයෙන් පෙළගස්වීමට බලාපොරොත්තු වන ආකාරය මාතෘකා උප මාතෘකා ඔස්සේ දැක්විය යුතුය.

     මාතෘකාව තෝරාගැනීම හා අනුමත කරගැනීම, පර්යේෂණ සැලැස්ම සකස් කිරීම හා ඉදිරිපත් කිරීම, ක්‍ෂේත‍්‍ර අධ්‍යයනය දත්ත ගොනු කිරීම හා විශ්ලේෂණය, නිබන්ධනය සැකසීම, ස්වාධීන නිබන්ධනය භාරදීම ආදී කාර්යයන් ඔබගේ අධ්‍යයන වර්ෂය තුළ සිදුකිරිමට බලාපොරොත්තු වන ආකාරය දැනටමත් ඔබට සපයා ඇති කාල සටහන ද පදනම් කරගනිමින් ඉදිරිපත් කළ යුතුය.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය 

      දැනටමත් ඔබ පරිශීලනය කර ඇති හා ඉදිරියේදී පරිශීලනයට අපේක්ෂිත මූල ග‍්‍රන්ථ, පර්යේෂණ ලිපි හා වෙබ් අඩවි ඇතුළත් නිසි පරිදි පර්යේෂණාත්මක ලිඛිත මූලාශ‍්‍ර සියල්ල විද්‍යාත්මක ක‍්‍රමවේදයක් අනුව පෙළගැස්වූ නාමාවලියක් දැක්විය යුතුය.


9 Comments

Post a Comment

Previous Post Next Post